ජීවිතය අහිමි කරගත් නව නිපැයුම්කරුවෝ

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ජීවිතය අහිමි කරගත් නව නිපැයුම්කරුවෝ

    තමන්ගේ නිර්මාණ නිසාම ජීවිතය අහිමි කරගත් ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරුවෝ
    Invendfd-790x437.jpg




    ඔබ දන්නවාද, තමන්ගේ ජීවිතය පවා අවධානමකට ලක්කරගනිමින් ලෝකයට නව නිර්මාණ බිහිකරන්නට පෙළඹුනු නව නිපැයුම්කරුවන් මේ ලෝකයේ සිටිනවා. අයිෆල් කුළුණෙන් බිමට පනින්නට, අන්තරායකාරී විකිරණ වලට නිරාවරණය වෙන්නට වගේ දේවල් වලට මේ අය බය වුනේ නැහැ. මේ පහතින් දැක්වෙන්නේ ඒ වගේ තමන්ගේම නිර්මාණ නිසා ජීවිතය පවා අහිමිකරගත් නව නිපැයුම්කරුවන් කිහිප දෙනෙක් ගැනයි.


    1. Henry Smolinski

    ඔහු ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔහු පියාඹන කාරයක නිර්මාණකරුවෙක්. Ford Pinto මෝටර් රථයකට Cessna Skymaster ගුවන් යානයක බඳ කොටස සම්බන්ධ කර නිර්මාණය කල AVE Mizar යානයේ නිර්මාතෘ ඔහුයි. නමුත් අවාසනාවකට ඔහු ගමන් ගත් AVE Mizar යානය අනතුරට ලක්වීමෙන් හෙන්රි සහ ඔහුගේ සහායකයා 1973 දී මියගියා.

    1.AVE-Mizar-1973-N68X-XL.jpg


    2. Franz Reichelt

    ඕස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ නිමැවුම්කරුවෙකු වන ෆ්‍රාන්ස් සිය විවේක කාලය ගත කලේ පියාඹන පැරිෂුටයක් නිර්මාණය කිරීමටයි. ඇඳුමක් ලෙස ඇඳගෙන ඉහළ තැනක සිට පියාඹාගෙන එන්නට මේ අපූරු පැරිෂුටයට හැකියාව තියෙනවා. නමුත් අවාසනාවකට එම පැරිෂුටය අත්හදා බැලීම සඳහා අයිෆල් කුළුනේ සිට බිමට පනින අවස්ථාවේදී පැරිෂුටය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු එතැනම මියගියා. 1912 වසරේ පෙබරවාරි මාසයේදී සිදුවූ මේ අනතුරේ වීඩියෝ පටයයි පහතින් දැක්වෙන්නේ.



    3. Horace Lawson Hunley

    ඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී ඔහු නාවුක ඉංජිනේරුවරයෙක්. ඔහු තමයි අතින් ක්‍රියාත්මක වන ප්‍රථම සබ්මැරීනයේ නිර්මාතෘ ඔහුයි. නමුත් 1863 සිය සබ්මැරීනය අනතුරට පත්වීමෙන් ඔහු ඇතුළු 7 දෙනෙක් වූ කාර්යමණ්ඩලය ජීවිතක්ෂයට පත්වුණා.

    Sub.jpg


    4. Marie Curie

    මාරි කියුරි විකිරණ ශිල්පය පිළිබඳව පර්යේෂණ කල රසායන විද්‍යාඥවරියක්. පොලෝනියම් හා රේඩියම් යන මූලද්‍රව්‍ය සොයාගැනීම පිලිබඳවත් විකිරණශීලතාව පිළිබඳ මූලද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳවත් ඇයට ගෞරවය හිමිවනවා. කෙසේ වෙතත් 1934 දී විකිරණ ශරීරගත වීම නිසා ඇතිවන Aplastic Anemia නම් රෝගී තත්වය නිසා ඇය ජීවිතක්ෂයට පත්වුනා.


    4.madame-curie2.jpg

    5. Valerian Ivanovich Abakovsky

    අධිවේගී රේල් කාරය (Aerowagon) නිර්මාණය කල මොහු රුසියානු ජාතික නිපැයුම්කරුවෙක්. ගුවන් යානා එංජිමක් හා තටු සහිත මේ යානය සෝවියට් නිළධාරීන් රැගෙන යාම සඳහා භාවිත කල වේගවත් මෝටර් රථයක්. කෙසේ වෙතත් එම මෝටර් රථය පුපුරා යාමෙන් ඇබකොව්ස්කි ඇතුළු 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

     
    Last edited:

    Similar threads