Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් &#34

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් &#34

    Android දුරකථන බිලියනයක් අනතුරේ
    ඔබේ දුරකථනයත් ඒ අතරදැයි දැනගන්න


    android-44.jpg




    Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්‍රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් වල සිටම වෙනත් වෙබ් අඩවි පිරික්සීමට හැකියාව ලැබෙන නමුත් මේ දෝෂය නිසා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හැකර් ප්‍රහාරයකට නතුවීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ.

    ඇන්ඩ්‍රොයිඩ් නව මෙහෙයුම් පද්ධති සංස්කරණ වන 4.4 (Kit Kat) හා 5.0 (Lollipop) සඳහා මේ දෝෂයේ බලපෑමක් නොමැති වුවත් දැනට 60%කට ආසන්න පිරිසක් භාවිත කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.3 හෝ ඊට ප්‍රථම සංස්කරණ නිසා මේ දෝෂයේ බලපෑම බිලියනයකට ආසන්න පිරිසකට බලපානු ඇත. කෙසේ නමුත් මේ දෝෂය පිළිබඳව අදහස් දක්වමින් Google පවසා සිටින්නේ තම සමාගමට මේ දෝෂය නිරාකරණය කිරීම අපහසු බවත් ඒ සඳහා ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතු යුතු බවත් ය. මන්ද යත් 4.3 හෝ ඊ්ට පෙර සංස්කරණ සඳහා Patches ලබාදීමට Google සමාගමට නොහැකි නිසායි.

    පැරණි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණය වල WebView අංගය මෙහෙයුම් පද්ධතිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන නමුත් නව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණ වල එය Play Store App සමඟ සම්බන්ධ කර ඇති නිසා පහසුවෙන් Google සමාගමට updates ලබාදිය හැකියි.


    ඉතින් මේ අවධානමෙන් මිදීමට නම් ඔබට හැකි ඉක්මනින් 4.4 හෝ 5.0 සංස්කරණ වලට update කර ගැනීමට සිදුවන බවයි Google සමාගම පවසන්නේ. කෙසේ නමුත් Samsung සමාගම හා LG සමාගම වැනි ප්‍රධාන සමාගම් මේ දෝෂය සඳහා පිළියම් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසෙනවා.


    උපුටාගත්තේ - Tech Guru
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මගේ ඩු.ක 4.4 කලින් එකක්. මම මේ දැන් ඒක විසික් කරා. හෙට අලුත් එකක් ගන්නව