මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට



    ටිකක් දුෂ්කර ගමනක් යන්න ගොඩ කාලයක ඉඳන් මට ලොකු ආසාවක් තිබ්බා. ඉතින් යන්න ඕනේ කොහෙද කියන ගැටලුවට විසඳුමක් හොයමින් ඉන්නකොට තමයි cj live22 ගේ උඩමාලිබොඩින් ශ්‍රී පාදයට කියන thread එක හම්බවුනේ. ඒ නිසා මුලින්ම ඔහුට මම ඉස්තුතිවන්ත වෙන්න ඕනේ. ගමනට අපි යොදා ගත්තේ දෙසැම්බර් මාසේ 25 වෙනිදා. ගමන යන්නේ නැතුව ඉන්න හේතු ගොඩක් අපිට තිබ්බා. එක දිගමට තිබ්බ අයහපත් කාලගුණය, නාය යාම් නිසා මුලදී පැකිලුනත් අන්තිමේදී ඕනේ දෙකට මූණ දීලා ගමන යන්න අපි පිටත් වුණා. අපි 3 දෙනෙක් ගමනට සහභාගී වුනා.

    අපි ගමන පටන්ගත්තේ පන්නිපිටියෙන්. යාලුවෙක්ගේ car එකක අපි පිටත් වුනේ උදේ 5.30ට. දැරණියගලින් බහිනකොට 7.30 - 7.45 වගේ ඇති. අපිව බස්සලා යාලුවා ගියා. දැරණියගලින් මාලිබොඩට අපි ගියේ බස් එකේ. එකත් මාලිබොඩටම ගියේ නෑ. අපි මගකින් බැහැලා තේවත්තක් මැදින් මාලිබොඩට පයින් ඇවිද්දා.


    මේ අපි යන අතරේ ගත්ත එකක්.
    IMG_6406.jpg


    විනාඩි 40කට විතර පස්සේ මාලිබොඩට එන්න අපිට පුළුවන් වුණා.

    මේ මාලිබොඩ
    IMG_6408.jpg


    අපේ ඊළඟ තැන වුනේ මාලිබොඩ තේ කම්හල. ඒක තියෙන්නේ මාලිබොඩ ඉඳලා උඩ මලිබොඩට යන අතරමග. එතනට අපි ගියේ ටුක් එකක.
    IMG_6411.jpg


    මේ තමයි මාලිබොඩ තේ කම්හල
    IMG_6414.jpg

    IMG_6417.jpg


    එතන ඉදන් තමයි අපේ ගමන හරියටම පටන් ගත්තේ. අපි උඩ මාලිබොඩ, දික් ඇල්ලකන්ද හරහා පන්දෙනිය පැත්තට ඇවිද්දා. මම හිතන්නේ අපි 3km විතර ඇවිදින්න ඇති. යන අතරේ අපිට ගමේ අය තුන් හතර දෙනෙක් මුණගැහුණා. ඒ අය පුදුම වුණා අපි ඒ අයහපත් කාලගුණයක් තියෙන දවසක මේ පැත්තෙන් යනවා කිව්වම. කැලේ යනකොට වැස්ස නිසා ඇතිවෙන අපහසුවත්, තවමත් පාර කොටලා නැති නිසා පාර හොයා ගන්න වෙන අමාරුවත් ඒගොල්ලෝ අපිට පැහැදිලි කරලා දුන්නා. සමන් දෙවි කරුණාවෙන් ගිහින් එන්න. හැමෝම කිව්වේ එහෙමයි.

    මේ යන අතරේ ගත්ත පින්තූර ටිකක්
    IMG_6415.jpg

    IMG_6419.jpg

    IMG_6423.jpg

    IMG_6438.jpg

    IMG_6452.jpg

    IMG_6446.jpg

    IMG_6427.jpg

    IMG_6439.jpg

    IMG_6462.jpg

    IMG_6461.jpg

    IMG_6471.jpg

    IMG_6460.jpg


    උදේ 9.50 විතර වෙනකොට ශ්‍රී පාද රක්ෂිතයට ඇතුලුවන තැනට එන්න අපිට පුළුවන් වුනා. එතන තියෙන ගෙදර පිටිපස්සෙන් තමයි පන්දෙනිය ඔයටත්, කැලයටත් ඇතුල්වෙන්නේ.
    IMG_6483.jpg


    මේ පන්දෙනිය ඔය
    IMG_6492.jpg

    IMG_6491.jpg

    IMG_6489.jpg


    මේ පන්දෙනිය ඔයෙන් කැලේට ඇතුල් වෙන තැන
    IMG_6497.jpg


    ගමනෙ අමාරුම හරිය පටන් ගත්තේ එතනින්. අපි 8km විතර කැලේ ඇතුලෙන් ගියා. leech Socks දාගෙන ගියත් කූඩැල්ලොන්ගෙන් බේරෙන්න හරිම අමාරු වුනා. සමහර තැන් වල අඩිපාර හොයාගන්න නෑ. ඒ තරමට කැලේ වැවිලා. ලොකු ගස් කඩන් වැටිලා. තැන් දෙක තුනකදීම වැටිච්ච කඳන් වලින් පැනලා යන්න වුනා. අතර මගදී වැස්ස පටන් ගත්තා. කරකියා ගන්න දෙයක් තිබ්බේ නෑ. ඒත් නවතින්න බැරිනිසා දිගටම ගියා. එක තැනකදී අඩි පාර දෙකට බෙදුනා. මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරුව අපි ටිකක් වෙලා එතන හිටියා. පස්සේ හරිම අමාරුවෙන් කලින් අවුරුදුවල ගස් වල කොටපුවා හොයාගෙන හරි පාරට වැටුණා. ඔක්කොටම වඩා හොඳටම බයවුනේ අලි බෙටි දැක්කම. ටිකකට කලින් දාපු අලි බෙටි එක්ක පොඩි වෙච්ච ගස් පඳුරු දැක්කම පුදුම බයක් හිතට අවේ. කොහොම හරි සෑහෙන දුරක් ඇවිදලා සෑහෙන අමාරුවෙන් කැලෙන් එලියට එන්න අපිට පුළුවන් වුනා. එතකොට වෙලාව 5.30ට ඇති. මමනම් කියන්නේ ඇත්තටම සමන් දෙවියන්ගේ පිහිටෙන් තමයි අපි එලියට අවේ.
    IMG_6528.jpg

    IMG_6518.jpg

    IMG_6538.jpg


    එතනින් අපි සම්බන්ද වුනේ එරත්න පාරට. 7.30 විතර වෙනකොට ගල්වන්ගෙඩිය අම්බලමට එන්න අපිට පුළුවන් වුනා.

    එතනින් රෑ කෑම කාලා පොඩි ශාලාවක අපි නිදා ගත්තා. උදේම නැගිටලා මළුවට යන්න හිතන් හිටියත් තදින් වැහැපු වැස්ස නිසා අපේ ගමන ගොඩක් පරක්කු වුනා. උදේ 9 වගේ වෙනකොට අපි මළුවට ගියා. වැඳලා අපි බැස්සේ හැටන්-නල්ලතන්නි පාරෙන්.


    මේ අතරමග ගත්ත පින්තූර ටිකක්
    IMG_6628.jpg

    IMG_6629.jpg

    IMG_6627.jpg

    IMG_6598.jpg

    IMG_6640.jpg

    IMG_6652.jpg

    IMG_6643.jpg

    IMG_6658.jpg

    IMG_6667.jpg

    IMG_6653.jpg


    මම මේ thread එක දැම්මේ කවුරුහරි ඒ පාරෙන් යන්න හිතන් ඉන්නවනම් පහසුවක් වෙන්න. ඇත්තටම හොද අත්දැකීමක් ගන්න නම් යන්නම ඕනේ පාර ඒක තමයි. හබැයි මතක තියාගන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. ස්වභාවධර්මයේ රසාස්වාදය උපරිමයෙන් විඳින්න පුළුවන් පැත්තක් ඒක. හැබැයි ඒ අලංකාරය අපවිත්‍ර නොකරන්න වගබලාගන්න. අපිට අතරමග හම්බවුන ගැමියෙක් කිව්වා මස් අරන්යනවානම් කැලෙන් යන්න හිතන්නවත් එපා කියලා. හොඳ වෙලාවට අපි ළඟ මුකුත් තිබුනේ නෑ. ඒවායේ ඇත්තක් තියෙන්න පුළුවන්. ඒ නිසා මාලිබොඩ පැත්තෙන් යනවනම් හොඳ සිහිකල්පනාවෙන් යන්න. විස්තර දැනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. ප්‍රධානම දේ ස්වභාවධර්මය ආරක්ෂා කරන්න!!

    අපේ video එක බලන්න අමතක කරන්න එපා. වැස්ස නිසා කැලේ ගමනින් භාගයක් විතර video කරන්න බැරිවුණා. (ඒ ටික තමයි දුෂ්කරම) ඒත් video එක බැලුවම ගමන කොච්චර රසවත් ද කියල හිතා ගන්න පුළුවන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela machan, mewa dakiddi yannama hithenawa ikmanatama... mama gihillama nehe siripade.. mee paara yanna hithan inne.. pin machan...
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    niyamai machan,,yanna asai dakkama me route eka,,yanna set wunoth pm ekak dannam wisthara tikak deepan
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    එල මචන්.. අපි සෙට් එක ගිය අවුරුද්දේ ගියා..කවදාවත් අමතක වෙන්නේ නැති, ගිය ගමනක් කියල කියන්න පුළුවන් ..මාත් tread 1ක් දාන්න හිටියේ..වෙලාවක් තිබ්බේ නෑ බන්..:(:( වෙනසකට එක්ක යන්න හොදම පාර..අපිටත් ටිකක් පාර වැරදුනා තමයි..මග සලකුණු තිබ්බ නිසා අවුලක් උනේ නෑ..:yes::yes:

    rep ++