වයිරස් වලට බයද????

ED.Nigma

Member
Jan 19, 2015
52
11
0
වයිරස් වලට බයද????

හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න.ත්‍රේඩ් එක කියවන්නේ නැතිව යන්න එපා.පොඩ්ඩක් කියවල බලන්න.මේක ඔයාටත් වැදගත් වේවි.

කම්පියුටර් එකක් පාවිච්චි කරන අපි හැමෝම දන්නවා මැෂින් එකට වයිරස් එකක් ආවා කියන්නේ වැඩේ කෙල වුණා තමයි කියන එක.මේ කෙල වෙන එක නවත්තන්න තමයි අපි ඇන්ටි වයිරස් එකක් පාවිච්චි කරන්නේ.සාමාන්‍යයෙන් ගත්තාම ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් බර ගානක් තියෙනවා.එත් Kaspersky,AVG,Avira,Avast,McAfee වගේ කිහිපයක් තමයි වඩාත්ම ජනප්‍රිය ලයිස්තුවේ උඩින්ම තියෙන්නේ.

ජාලේ පාවිච්චි කරනවා නම් දැකල ඇති සමහර වෙලාවට ඉබේම වෙබ් සයිට් ඕපන් වෙලා(මේවට popup කියල කියන්නේ) ඉබේම මැෂින් එක ස්කෑන් වෙලා පෙන්නනවා මේ ලෝකේ නැති තරම් වයිරස් කන්දක් අපේ මැෂින් එකේ තියෙනවා කියල.මේවා තියෙනවා කියල කියපු තැනදීම අයින් කරන්න ගියොත් එයාලා අපිට කියනවා එයාලගේ වයිරස් ගාර්ඩ් එකක් ඩවුන්ලෝඩ් කරලා එකෙන් වයිරස් ටික අයින් කර ගන්න කියලා.


fake_av_1.jpg


8182.FakeAV3.png_2D00_550x0.png


Mass-Injection-Attack-Hits-WordPress-Blogs-Across-Multiple-Hosters-3.jpg


මම දන්න විදියට නම් ගොඩක් අය අර වගේ ගොන් ad වලට අහු වෙලා එයාලගේ වයිරස් ගාඩ් ඩවුන්ලෝඩ් කර ගන්නවා.මේවා ඉන්ස්ටෝල් කරන්නත් ලේසි.යුසර් අග්රිමන්ට් එහෙම නෑ.ක්ලික් එකෙන් දෙකෙන් වැඩේ ගොඩ.ඉන්ස්ටෝල් කරපු වෙලේ ඉදන් ඇලර්ට් එනවා.වයිරස් අහු වුනා කියනවා.සෙකියුරිටි අවුලක් කියනවා.ෆයර්වෝල් එක අප්සට් කියනවා.ලෙඩ ගොඩයි.මැෂින් එකෙන් වෙන වැඩක් කර ගන්න බැරි තරමටම ඇලර්ට් එනවා.හැබැයි වැඩේ කියන්නේ මේවා අයින් කරන්න නම් වයිරස් ගාර්ඩ් එක සල්ලි දීල ගන්න ඕනේ.

malware_warning_2008.png


fake-antivirus-01.png


fake-antivirus.jpg


ඇත්තටම මේ කියන වයිරස් අපේ මැෂින් වල තියෙනවද?????

කවදාවත්ම නෑ.මේවාට කියන්නේ scareware එහෙමත් නැත්නම් scamware කියලා.මේවයේ ප්රාධානම අරමුණ වෙන්නේ කාව හරි කෙනෙක්ව අන්දලා,බොරුවට වයිරස් තියෙනවා කියලා ගානක් කඩා ගන්න එක.මේවා අන්තර්ජාල අපරාධකාරයෝ සල්ලි හොයන්න කරන ජිල්මාට් වැඩ.

කවදාවත් දන්නේ නැති මගුල් තමන්ගේ මැෂින් එකට ඉන්ස්ටෝල් කරන්න එපා.වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරනවා නම් හොයලා බලාලා,යාළුවොන්ගෙන් එහෙම අහලා හොඳ එකක් තොර ගන්න.(මම නම් ඉතින් Avast තමයි).සාමාන්යෙන් මේ හොර වයිරස් ගාඩ් එකකට අහු වුනාම ගැලවෙන්න හරිම අමාරුයි.මේවා වයිරස් වලටත් වඩා අමාරු කාරයෝ.

(මේක ලියන්න හේතු වුනේ මේ ලඟදි මම දන්න ගොඩක් අය McAVG කියල හොර බාන්ඩෙකට අහු වෙලා කෙලෝ ගත්තු නිසා.ලිපිය හොඳයි වගේ නම් වැදගත් නම් අනිත් යටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න.අනික මේ මගේ පළවෙනිම ත්‍රේඩ් එක. )
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බොහොමත්ම සතුටුයි මචන් පලවෙනිම පෝස්ට් එක මේ වගේ වැදගත් දෙයක් පලකිරීම ගැන......:cool:

    අහ් කියන්න අමතක උනානේ උබව කිරියට සාදාරෑන් කෑදරෙන් පිලිගන්නවා :D
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මචෝ සමහර වෙලාවට avast වලින් internet connection එක block කරනවා නේද.මම කරන්නේ ෆ්‍රී version එකක්.කර ගන්නම දෙයක් නැති උනාම කරන්නේ avast disable කරලා use එක කරන එක.මොකද එහෙම වෙන්නේ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මුල්ම පෝස්ට් එකට මුලින්ම රෙප් දුන්නෙ මම
    ඔන්න 13 ක් ම දුන්න
    දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා...
     

    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    මචෝ සමහර වෙලාවට avast වලින් internet connection එක block කරනවා නේද.මම කරන්නේ ෆ්‍රී version එකක්.කර ගන්නම දෙයක් නැති උනාම කරන්නේ avast disable කරලා use එක කරන එක.මොකද එහෙම වෙන්නේ

    මම නම් මචෝ සල්ලි දීලම අරන් තියෙන්නේ.මට නම් එහෙම අවුලක් ඇවිත් නෑ එතෙක් මෙතෙක් කාලෙට. :)
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මම පොඩි කලේ අපේ ගෙදර ආවා ගෙවල් ලග aunty කෙනෙකුයි ඒ පොඩි එකයි. ඌ මට කියනවා අම්ම කිවලු computer එක ගාවට යන්න එපා උට virus බො වෙයි කියල :lol:
     

    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    මම පොඩි කලේ අපේ ගෙදර ආවා ගෙවල් ලග aunty කෙනෙකුයි ඒ පොඩි එකයි. ඌ මට කියනවා අම්ම කිවලු computer එක ගාවට යන්න එපා උට virus බො වෙයි කියල :lol:


    :shocked::shocked::shocked::shocked::shocked:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොහොමත්ම සතුටුයි මචන් පලවෙනිම පෝස්ට් එක මේ වගේ වැදගත් දෙයක් පලකිරීම ගැන......

     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මචෝ සමහර වෙලාවට avast වලින් internet connection එක block කරනවා නේද.මම කරන්නේ ෆ්‍රී version එකක්.කර ගන්නම දෙයක් නැති උනාම කරන්නේ avast disable කරලා use එක කරන එක.මොකද එහෙම වෙන්නේ

    avira is the best. no problem at all. salli dila ganna virus guard walatawath ahu wenne nathi virus avira free ekata ahu wenawa