දූෂණ විරෝධී ළදරු වලිප්පුව
මෛත්‍රියේ ඇලීම සහ ගැටීම හෙවත් දින සියය සහ දූෂණ විරෝධී ළදරු වලිප්පුව -විසල්ගේ විග්‍රහය

මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව එහි පලමු සතිය ගෙවා ඇත. ජනාධිපතිවරණයේදී ලැබූ ජන වරම සහ ළදරු රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සමාජයේ විවිධ කොටස් විවිධාකරයේ අර්ථ කථනයන් ඉදිරිපත් කරමින් සිටිති. පරාජිත රාජපක්ෂවාදීන් දෙකොන පටලවා ගෙන බහුබූත කියවන අතරේ වාමාංශික පක්ෂ සහ සමහර බ්ලොග් කරුවන් යම් යම් විවේචනයන් ඉදිරිපත් කිරීමට පටන් ගෙන තිබේ. මේ බොහෝ විවේචනයන් සාධණීයය. ඒ අතරේ අර්ධ සත්‍යයන්, වැරදි තොරතුරු සහ යම් පූර්ව නිගමනයන් මත පිහිටා කරන විවේචනයන් ද වේ. සමහර විවේචනයන් සහ විග්‍රහ මගින් ඇතිකරන ව්‍යාජ මතවාදයන් විසින් මේ වන විට සමාජයේ තුල යම් ව්‍යාකූලථාවයන් ඇති වී තිබේ. එබැවින් මෙම ව්‍යාජ මතවාදයන් හැකිතාක් සරලව එසේම දේශපාලනිකව තෝරා බේරා ගත යුතුව ඇත.
බල දේශපාලනයේ යථාර්තය සහ ශ්‍රීලනිපයේ නායකත්වය
------------------------------------------------------------
පොදු විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය ජයගත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ පක්ෂයේ නායකත්වයට පත්වීම බොහෝ දෙනෙක් අතර ව්‍යාකූල බවක් සහ යම් අවිනිශ්චිත බවක් ඇති කර තිබේ. ජනාධිපතිවරණය ජය ගැනීමට එජාපය ප්‍රමුඛ විපක්ෂය විසින් කළ කාර්ය භාරය කිසි කෙනෙකුට බැහැර කළ නොහැකිය. එසේම නිල ශ්‍රීලනිපය මහින්ද රාජපක්ෂ දිනවීමට ක්‍රියා කළ බවද එසේම සත්‍ය ය. ජයග්‍රාහී විපක්ෂයේ පොදු අපේක්ෂකයා මුහුණ දුන් ප්‍රධාන අභියෝගය නම් නව ජනවරම සහ පාර්ලිමේන්තු බලය අතර ඇති අසමතුලිත බවයි. පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි තම ප්‍රතිවාදී පරාජිතයින්ටය.
මේ අසමතුලිත බව ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවහිරයක් ලෙස යොදා ගැනීමේ අනතුරක් පැවති බව බැහැර කළ නොහැකිය. දින සියයේ ඉලක්කයන් සපුරා ගැනීමට මේ අසමාන බල තුලනයේ බාධකය ඉවත් කර ගත යුතුමය. නැතිනම් එජනිසය සතු පාර්ලිමේන්තු බලය උදාසීන තත්වයකට පත් කර ගත යුතුවිය. මේ සඳහා තිබූ එක් ප්‍රායෝගික විසඳුමක් වූයේ ශ්‍රිලනිපයේ නිල නායකත්වය පරාජිත රාජපක්ෂවරුන්ගෙන් ගලවා ගැනීම ය. ශ්‍රීලනිපයේ නායකත්වයට ජනාධිපතිවරයා පත් වීම උපාය මාර්ගිකව සහ අවම හෝ හානියකින් තොරව තත්වය කලමණාකරනය කිරීමක් ලෙස සැලකිය හැකිය.
පරාජිත පාර්ලිමේන්තු බහුතරය සහ ජනාධිපතිවරයා නැවත එකම පක්ෂයකට ගොනු වීම කිසියම් අනතුරුදායක සඥාවක් ලෙස කෙනෙකුට හැඟී යා හැකිය. නව ජනමතයට එරෙහිව සහ ජනමතයට දායක වූවන් පසුපස්සට ඇද දමා අත්තනෝමතික පාලනයක් ඇති වීමේ අනතුරක් ඇති බවට හැඟීමක්ද ඇතිවිය හැක. එහෙත් එම අනතුර කළමණාකරණය කර ගැනීමේ හැකියාව ඇත්තේද මේ ජනමතය තුලමය. ජනාධිපති තනතුර සතු විධායක බලතල ඉවත් කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය කටයුතු අවසන් කිරීම නව ආණ්ඩුවේ ප්‍රමුඛ සහ අත්‍යාවශ්‍ය කාර්ය විය යුත්තේ ඒ නිසාය.
කෙසේ වෙතත් එම කාර්ය ඉටු කෙරෙන නව ව්‍යවස්ථාමය සංශෝධන යෝජනා හෙට රැස්වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. එහි අවසන් කටයුතු සිදුවන අතරේ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්පාදකයන්ට කියා සිටියේ ජනාධිපති වරයාට කිසියම් බලයක් තබා ගැනීමට අවශ්‍ය නම් ඔහුගෙන් විමසා ඊට ඉඩ කඩක් සලසන ලෙසයි. මන්ද යත් සැබෑ වශයෙන් විධායක නොවන ජනාධිපතිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන ජනාධිපති වරයා වන්නේ මෛත්‍රීපාල නොව ඊට පසු පත් කෙරෙන ජනාධිපති වරයා ය. මෙම ජනාධිපති වරයා පත් කර ඇත්තේ ජනතා ඡන්දයෙන් හෙවත් පරමාධිපත්‍ය බලයෙනි. ඔහු තම බලතල පාර්ලිමේන්තුවටත් කොමිෂන් සභාවලටත් අධිකරණයටත් පවරන්නේ කැමැත්තෙන් වන අතර ඔහු මේ කරන ලද සද් කාර්යයට කෘත ගුණ සැලකීමක් ලෙස ඔහුගේ කාල පරිච්ඡේදයේදී පමණක් භාවිතයට ඔහුට කැමැති කිසියම් බලයක් අවශ්‍යදැයි විමසීම සාධාරණ නිසා එවැනි පෙර විමසීමක් අගමැතිවරයා විසින් සිදුකර ඇත.
මෛත්‍රීපාල සිරිසේන යනු තම වචනය කිසි සේත්ම වෙනස් නොකරනු ලබන පුද්ගලයෙක් බව සහතික කරමින් පෙරලා ව්‍යවස්ථා සම්පාදකයන්ට පවසා ඇත්තේ ඔහුට කිසිදු බලයක් තබා ගැනීමට අවශ්‍ය නොමැති බවයි. කැමැති නම් තම ඉදිරි කාලයේදී ගොවි ජනතාවට කිසියම් කාර්යයක් ඉටු කිරීමට බලයක් දෙන්නැයි පවසා තිබේ. දැනගන්නට ඇති පරිදි මෛත්‍රීපාල ජනාධිපතිවරයාට මහවැලිය බාරදෙනු ඇත.
ඒ අනුව මහින්ද රාජපක්ෂට තිබූ පාර්ලිමේන්තු බහුතරයත් ජනාධිපති ධූරයත් දැන් අතේ තිබෙන මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ වැනි නරුම පාලකයෙක් වේදෝ යැයි සැකයක් තබා ගත යුතු නැත.
දූෂණ විරෝධී වලිප්පු කාරයෝ
------------------------------------
දැන් අළුත් වීරයෝ පිරිසක් බිහි වී තිබේ. ඔවුහු දූෂණ විරෝධියෝය. රූපවාහිණී දේශපාලන වැඩ සටහන් වල සුපර් ස්ටාර්ලාය. එසේම හදිසි කාරයෝය. ඔවුන් කියන්නේ රාජපක්ෂලා ඇතුළු දූෂණ සහ වංචාවලට සම්බන්ධ පිරිස් කණින් ඇද ගෙන ඇවිත් අත් අඩංගුවට ගත යුතු බවය. රටින් පැන යෑම වහාම නවතා දැමිය යුතු බවය. මහ පාරේ හෝ නඩු අසා දඩුවම් කල යුතු බවය. පොදු අපේක්ෂකයාට චන්දය දෙන්න කියා කෙලින් කියන්න බැරි වූ, මෛත්‍රී ගැන ගැරන්ටියක් දෙන්න බැහැයි කී මේ වලිප්පු කාරයෝ සතියක් ඇතුලත නව රජයට එරෙහිව පාරට බසින බවට පාරම්බාමින් සිටී. නව ආණ්ඩුව බිහි කර පරිපාලනමය කටයුතු අවසන් කර එයට ස්ථාවර වන්නට ඉඩ අවස්ථාවක් නොදී බොරු දූෂණ වීරයෝ පටු දේශපාලන වාසි ලබා ගැනීමේ කට්ටිවාදී දේශපාලනයක නිරත වනවාද යන සැකය දැන් මතුවෙමින් තිබේ.
පසුගිය 17 වෙනිදා සිරස සටන දේශපාලන වැඩ සටහනට පැමිණි වසන්ත සමරසිංහ නොනවත්වා ප්‍රකාශ කළේ මේ රජය දූෂීතයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අණ නොදෙන බවයි. හාස්‍ය වන්නේ මේ වැඩ සටහන් වලදී වසන්ත සමරසිංහලාට උඩ ගෙඩි දෙන්නේ පාට් ටයිම් මාධ්‍යවේදී සහ ෆුල් ටයිම් රාජපක්ෂවාදී ශ්‍රී රංගා වැනි දූෂිත මූසිකයන් වීමය.
මේ වැඩසටහන් වල ඉලක්කය වූයේ දූෂිතයින් නොවේ. මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුවය. දූෂණ චෝදනා කරළියට ගෙන ඒමටත් දූෂිතයින් නීතිය හමුවට ගෙන ඒමටත් තිරය පිටුපස සිට ක්‍රියාත්මක වන මෙහෙයුම ගැන මාධ්‍ය ඉදිරියේ වීරයන් වන මේ ලදරු වලිප්පු කාරයන්ට නිසි වැටහීමක් හෝ අවබෝධයක් නැති බව කණගාටුවෙන් වුව කිව යුතුව තිබේ.
දැනට තොග ගණනින් ලැබෙන අල්ලස් සහ දූෂණ චෝදනා විභාග කිරීම දේශපාලනික කාර්යයක් නොවේ. එය නීතිමය කෘත්‍යයකි. පොලිසිය සහ අධිකරණය හරහා සිදුවිය යුතු ක්‍රියාදාමයකි. මෙම ක්‍රියාදාමය දේශපාලන බලපෑම් වලින් තොරව සිදුවිය යුතුය. නව ජනවරම වෙනුවෙන් ක්‍රියාත්මක වූ දැනුවත් කොටස් බලාපොරොත්තු වූයේද දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව නීතිය ක්‍රියාත්මක වීමය. එම ප්‍රතිපත්තිය මොනම තත්වයක් යටතේ හෝ වෙනස් කළ යුතු නැත. චෝදනා එල්ල වන්නේ දේශපාලන ප්‍රතිවාදීන්ට වීම සහ චෝදනා බැලූ බැල්මට සත්‍ය ලෙස පෙනීම නීතිමය ක්‍රියාකාරිත්වයට මැදිහත් වීම සාධාණීකරණය කළ නොහැක. දේශපාලන කුලප්පුව සෑදුන කිහිප දෙනෙක් දැඟලුවාට වගකීම් සහිත පාලනයකට විධායක බලට අහෝසි කොට බලතල ස්වාධීන කොමිෂන් වලට පවරන බවට පොරොන්දු වූ පාලනයකට එසේ හැසිරිය නොහැක.
88/89 කාලයේ කසිප්පු කාරයින්ගේ කට කැපූ පූර්වාදර්ශය අනුව වගකිව යුතු රජයකට වැඩ කළ නොහැකිය. රාජපක්ෂලාට දඬුවම් කළ යුතු වන්නේ සාධාරණ නඩු විභාගයකිනි. එම දඬුවම දේශීයව හෝ ජාත්‍යන්තරව දේශපාලන පලි ගැනීමක් ලෙස අර්ථ කථනය කරන්න කිසිම ඉඩක් තැබිය යුතු නැත.
උදාහරණයක් ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසමට කෙරෙන ප්‍රදර්ශනවාදී පැමිණිලි ගනිමු. ඒවා සමහරක් ප්‍රදර්ශනවාදී යයි කිව යුත්තේ අධිකරණයට යා යුතු සිදුවීම් වුව රැගෙන ටීවී නඩයක්ද සමග අල්ලස් හෝ දූෂණ කොමිසමට ගොස් ඒ ඉදිරිපිටට වී චන්ඩි වොයිස් කට් දෙන පිරිසක් බෝ වී සිටින නිසාය. අල්ලස් කොමිසමේ ලොක්කා බාලපටබැඳිටද චෝදනා තිබේ. ඔහු ඉවත් කර වෙනත් අයෙකු පත් නොකරන්නේ මන්දැයි ජනාධිපති ගෙන් විමසති. දැන් මේ ජනාධිපති ආවේ අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීන කරන බවට පොරොන්දු වෙමිනි. එය එසේ නම් බාලපටබැඳි එළවීමට විධායක බලය භාවිතා කිරීමද හරි? නැතිනම් මඳක් ඉවසා පාර්ලිමේන්තුවට සංශෝධනය ගෙනැවිත් එය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුව මගින් එම කොමිසමට අලුත් අය පත් කරමින් ස්වාධීනව ක්‍රියාත්මක කිරීමද හරි?
හයිඩ් පාක් පිටියේ පැවැති පුරවැසි බලය මංගල රැස්වීමේ වේදිකාවට නගින්නට පළමුව පොරොන්දු වී පසුව පොල්ල තියා හේතුව ලෙස මෛත්‍රී වේදිකාවට නැගීම නිසා අපට බැහැයි කී නායකයෝ පසුව රට පුරා මෛත්‍රී රැල්ල නැග එද්දී පුරවැසි බලයේ අවසන් රැස්වීමේ කැම්බල් පිටිය වේදිකාවට නැග්ගෝය. නැග්ගාට පසුව බස්සා ගන්නද අමාරු විය. එවන් අවස්ථාවාදීන් මෙම අඳ බාල දූෂණ විරෝධී වීරයෝ වී සිටීම කණගාටු දායකය.
දින සියයේ වැඩ පිලිවෙල
------------------------------
නව ආණ්ඩුව තම පාලනයේ ප්‍රථම දින සියය තුල ජනාධිපති තනතුරේ බලතල පාර්ලිමේන්තුවට සහ වෙනත් ආයතනික ව්‍යුහයන්ට පැවරීමට ජනතාව සමග සම්මුතියකට පැමිණ තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය දින සියයේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට ඇති කළ අන්තර්කාලීන බහු පක්ෂ ආණ්ඩුවකි. දින සියයේ වැඩ පිළිවෙල යනු තවත් එක් මැතිවරණ ප්‍රකාශයක් නොවේ. එය ඊට එහා ගිය වැඩ පිලිවෙලකි. දශක තුනකට වැඩි කාලයක් ඉටු කර ගැනීමට වෙර දැරූ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාශයක ප්‍රකාශණයකි. මෑත කාලීන ලාංකික දේශපාලන ඉතිහාසය ජනාධිපති ධූරය සතු විධායක බලතල අහෝසි කර ගැනීමේ අරගලයක ඉතිහාසයක් බව කීම අතිශයෝක්තියක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගෙනගිය අරගලය සැමවිටම කේන්ද්‍රගත වූයේ තනි පුද්ගලයෙක් අතැති විධායක බලය පාර්ලිමේන්තුවට පැවරීමය. අද එම සටන් වල අවසාන ජයග්‍රාහී ඉමට පැමිණ තිබේ. සියළු පක්ෂ, සියළු ජාතීන් එක මතයකට එක අරමුණකට පැමිණ තිබේ. මේ ලැබී තිබෙන අවස්ථාව මග හැරුනහොත් නැවත කිසිම විටෙක අවස්ථාවක් නොලැබෙනු ඇත. මේ අවස්ථාව මග හැරිය යුතු නැත. අවශේෂ කරුණ වලින් යටපත් කළ යුතු නැත. ප්‍රමුඛතාවයෙන් පහලට දැමිය යුතු නැත.
දින සියයේ ඉලක්කයන් ජාත්‍යන්තර දේශපාලනයේ අමුතු දෙයක් නොවේ. 2011 මැයි මස කේරලයේ බලයට පැමිණි කොන්ග්‍රස් පක්ෂයේ සහාය ලැබූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ප්‍රාන්ත රජය දින සියයේ වැඩපිලිවෙලක් ඉදිරිපත් කෙළේය. කාර්ය සාධකයන් 107 ක් වූ වැඩ සටහනේ විනිවිද භාවය ඇති කිරීම, දූෂණයට එරෙහි ආයතනික සටන, රාජ්‍ය ආයතන වලින් පමාවකින් තොරව සේවය ලබා ගැනීමේ අයිතිය, තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීම, දුප්පතුන්ට සහල් සලාක නිකුත් කිරීම වැනි ප්‍රමුඛ කාරණා ඇතුලත් විය. දින සියයෙන් අනතුරුව එම වැඩ පිලිවෙලේ ප්‍රගති වාර්ථාව ඉදිරිපත් කරමින් මහ ඇමති ශ්‍රී ඕමෙන් චාන්දි තමන් පොරොන්දු වූ 107 වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවෙන් 101 සාර්ථක කර ගැනීමට සමත් වූ බව ප්‍රකාශ කර සිටියේය.
2013 දී ඉරානයේ ජනාධිපති වූ හසන් රෙහානි ද දින සියයේ වැඩ පිලිවෙලක් ඉදිරිපත් කළ අතර ඔහු ප්‍රමුඛතාවය දුන්නේ ඉරානයට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක ඉවත් කර ගැනීමටය. දින සියය අවසානයේ මාධ්‍යයට පැමිණ ප්‍රගති සමාලෝචනයක් හසන් රෙහානි විසින් ද සිදු කලේය.
පොරොන්දු පරිදි අප්‍රේල් 20 වෙනිදා වන විට සියයට සියයක් අවසන් කල දින සියයේ වැඩ සටහනේ ප්‍රගති සමාලෝචනයක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් සිදු කරනු ඇතැයි අප අපේක්ෂා සහගතව බලා සිටිමු.