තේරප්පෙරුම ගැන විශේෂ පරික්ෂණයක්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
තෙවරප්පෙරුම ගැන විශේෂ පරික්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙරප්පෙරුම විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දණගස්වා අගලවත්තේ දී ප්‍රසිද්ධියේ පහර දුන්නැයි කියන සිද්ධිය ගැන විමර්ශනය කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට උපදෙස් දි ඇති බවට වාර්ථාවේ

තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්න යයි

අගලවත්ත නගරයේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එම පහරදීම සම්බන්ධයෙන් තිදෙනෙක් දැනටම අත්අඩංගුවට ගෙන සිටිති. මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති මහින්ද සමරසිංහ මහතා වීඩියෝ පටයක් ද සමඟ පොලිස්පතිට පැමිණිල්ලක් ද කර ඇත.


-Lankadeepa
 
Last edited: