වාහනේ ස්ටිකර් ගහමු (එළකිරි ගරාජ් ගාස්තු)

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
වාහනේ ස්ටිකර් ගහමු (එළකිරි ගරාජ් ගාස්තු)

Thread එක දාන්න මුලපිරුවේ මට ElaKiri, Automobile section එකෙන් ලැබුනු උදව්වට පොඩි හෝ ප්‍රථිඋපකාරයක් විදිහටයි. මේකට අවධානය යොමු කරපු polwattacom සොයුරට ස්තූතීය.
ගිය අව්රුද්දේ ඉස්කෝලේ big match එක තියනකොට ob එකේ අපි ස්ටිකර් එකක් ගැහුවා ob එකේ හැමෝගෙම වාහන වලයි, ලමයින්ගෙ ගෙවල්වල වාහන වලයි අලවන්න. ඒත් මේක පිටිපස්සේ වීදුරුවේ ඇද නොවී අලව ගන්න එක ගැටලුවක් වුනා. ස්ටිකර් 2 ක් 3 ක්ම නාස්ති වුනත් හරියට ස්ටිකර් ගහගන්න බැරි වුනා. ඒ නිසා මම google එකේ සර්ච් කරලා බැලුවා ස්ටිකර් ගහන්න හැටි. එතකොට ලැබුන ක්‍රමේට අනුව අපි සාර්ථකව ස්ටිකර් ගහ ගත්තා. ඒ ක්‍රමේ තමයි අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ. මේක දන්න අය නම් ගොඩක් ඇති ඒත් නොදන්න අයට හරි ප්‍රයෝජනයක් වෙයිනේ.

මේක තමයි ස්ටිකර් එකේ ස්වභාවය
vinyl-decal-layers.gif


අලවන්න කලින් මේ ගැන හිතන්න ඕනේ
වැඩිය සීතලේ ස්ටිකර් ගහන්න එපා
අධික රස්නේ ඒ කිව්වේ තද අව්වේ ස්ටිකර් ගහන්නත් එපා
කීයටවත් ස්ටිකර් එකේ ඇලවෙන පැත්තේ ඇගිලි තියන්න එපා
විදුරුව හොදට පිරිසිදු කරගෙන ඉන්න ඕනේ

දැන් මුලින්ම ස්ටිකර් එක ගලවන්නේ නැතුව වීදුරුවේ හරි කෙලින් තියාගෙන ආදාරක විදිහට ටේප් කෑලි ටිකක් අලවගන්න එතකොට ඇද වෙන්නෙ නැ.
application1.jpg


දැන් හිමින් සැරේ යට ස්තරය අයින් කරන්න
application3.jpg


ස්ටිකර් එක ලොකු මතුපිටක් වහගන්න එකක් නම් හුලං බුබුලු ඇති වෙන එක වලක්වන්න වතුර හෝ ෂැම්පු මිස්‍ර වතුර ස්ප්‍රේ කරන්න ඕනේ. (baby shampoo හෝ dishwashing liquid බින්දු කීපයක් වතුරට කවලම් කර)
application4.jpg


දැන් ප්ලාස්ටික් කාඩ් එකක් අරං හිමින් එකපැත්තකට පිරිමදින්න
application5.jpg


තව දුරටත් හොදට ඇලෙනකන් වටේටම පිරිමදින්න
application6.jpg


අන්තිමට උඩ කොටස ගලවන්න
application7.jpg


මේ වීඩියෝ එකෙන් වැඩේ තව ටිකක් ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්.


මේ තියන්නේ tail light / head light වලට ස්ටිකර් ගහන විදිහ මේක නම් මම කරල බලල නෑ
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ ස්ටිකර්ස් බර ගාණක් වෙනවා නේ බං,
    වාහන වලට ස්ටිකර්ස් අලවන කඩයක් තියෙන එකෙක් ඉන්නවා නම් එළකිරි එකේ මේ වගේ ස්ටිකර්ස් වල ප්‍රමාණය
    අනුවයි ඩිසයින් වල අනුවයි යන මුදල හදුන්වලා ත්‍රේඩ් එකක් දැම්මා නම් කොයි කාටත් වටිනවා.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ෂැම්පු ස්ප්‍රේ කරන එක තමයි ලේසිම. ඇලෙන්න ටිකක් වෙලා යන හින්ද එහාට මෙහාට කරන්න ලේසියි. එත් පත ස්ටිකරයක් නම් කට්ටක් කන්න වෙනවා. ඩිජිටල් ප්‍රින්ට් එකක් නම් . ප්‍රින්ට් එක හීරෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    thanks machan rep+

    මමත් aliexpress එකෙන් එහෙම ස්ටිකර් ටිකක් ඕඩර් කළා.ආවම අලවන්න ඕන.හැම ස්ටිකරයක්ම ඔය ලේයර් 3 තියනවද?
     
    • Like
    Reactions: Micro Mind

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල තමන් දෙයක් ලබාගත්ත නම් ඒකට කළගුන දැක්වීම උසස් මනුස්ස ගුණාංගයක් මචං. ඒකෙන් මගඇරල යන්නෙ නැතුව ත්‍රෙඩ් එකක් දැම්ම එක නම් ගොඩක් වටිනවා.

    අපේ පොල්වත්තගේ 'එළකිරි ගරාජ් ගාස්තු' සංකල්පය නම් නියම වැඩක්. ඒකෙන් උදව්වක් ගන්න එන අයටයි මේකේ ඉන්න අයටයි දෙගොල්ලටම හොදක් වෙනවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෘතගුණ සැලකීම ඉතා උතුම් ගුණාංගයක් සහෝදරයා.. පයට පෑගෙන සෙරෙප්පු කුට්ටමටත් කෘතගුණ සලකන්න අපේ මිනිස්සු හිතන්න ගත්තු දවසට මේ ලෝකේ මීට වඩා හුඟක් ලස්සන වෙයි.. මිනිස්සුන්ගේ මනුස්සකම් හුඟක් පිරිහිලා... දුෂ්ටකම් ඉස්මතු වෙලා.. මේ ලෝකේ තියන හුඟක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි මිනිස්සු එකිනෙකාට කෘතගුණ සලකන්න පුරුදු පුහුණු වෙනවනම්,, එකිනෙකාට ගෞරව කරන්න පුරුදු වෙනවනම්..

    උඹේ මේ ත්‍රෙඩ් එක එලකිරියට කරපු ඉහල කෘතගුණ සත්කාරයක්. උඹල වගේ සාමාජිකයන් තමයි public forum වලට ඕන. එළකිරියත් එක්ක දිගටම ඉන්න. උඹේ මේ ත්‍රෙඩ් එක එළකිරි ඉතිහාසයට එකතු වෙයි. මහා කෘතගුණ සැලකීමේ මංගල ත්‍රෙඩ් එක විදිහට.. ජයවේවා...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෘතගුණ සැලකීම ඉතා උතුම් ගුණාංගයක් සහෝදරයා.. පයට පෑගෙන සෙරෙප්පු කුට්ටමටත් කෘතගුණ සලකන්න අපේ මිනිස්සු හිතන්න ගත්තු දවසට මේ ලෝකේ මීට වඩා හුඟක් ලස්සන වෙයි.. මිනිස්සුන්ගේ මනුස්සකම් හුඟක් පිරිහිලා... දුෂ්ටකම් ඉස්මතු වෙලා.. මේ ලෝකේ තියන හුඟක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි මිනිස්සු එකිනෙකාට කෘතගුණ සලකන්න පුරුදු පුහුණු වෙනවනම්,, එකිනෙකාට ගෞරව කරන්න පුරුදු වෙනවනම්..

    උඹේ මේ ත්‍රෙඩ් එක එලකිරියට කරපු ඉහල කෘතගුණ සත්කාරයක්. උඹල වගේ සාමාජිකයන් තමයි public forum වලට ඕන. එළකිරියත් එක්ක දිගටම ඉන්න. උඹේ මේ ත්‍රෙඩ් එක එළකිරි ඉතිහාසයට එකතු වෙයි. මහා කෘතගුණ සැලකීමේ මංගල ත්‍රෙඩ් එක විදිහට.. ජයවේවා...

    ඔව් අනිවාර්යෙන් මේක තමයි වෙන්න ඕනේ මචං. :)