JVP යේ යටි උගුලක්ද??

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    JVP යේ යටි උගුලක්ද??

    මට හමු වූ කීප දෙනෙක්ම දැක්වූ අදහසක් අනුව....

    පසුගිය ජනාධිපතිවරණයේදී පැත්තක් නොගෙන සිටින බව කී ජේවීපිය මහින්ද පැරදවීමට ක්‍රියාකාරීව කටයුතු කල අතර සිරිසේන ගැන තමන්ට සහතික දෙන්න බැරි බව කියා සිටියේය.
    ජනාධිපතිවරණයෙන් පසු වහා ක්‍රියාකාරී වූ ඔවුන් මහින්ද සහිත සංධානයට දූෂණ චෝදනා ගෙන එමින් එම පක්ෂය බිමට සමතලා කිරීමට උත්සාහා ගනිමින් සිටී.

    ඒ සමගම සිරිසේන රජයේ යහපාලනය විවේචනය කරමින් අලුත් රගපෑමක් පටන්ගෙන සිටී. මෙයින් ඔවුන් උත්සාහ කරන්නේ සිරිසේන ප්‍රමුඛ යුඇන්පී රජයද බලබිද දමා හීන කිරීමට විය යුතුය. ඉදිරියේදී මේ රජයට විරුද්ධවද දැඩි උද්ඝෝෂණ ක්‍රියාත්මක වනු ඇත. මතකද ඔවුන් කිව්වා මැතිවරණයෙන් එහාට ගිය පුලුල් ජනතා පෙළගැස්මක් කරනවා කියා.

    මෙය පැවති හා පවතින රජයන් දෙකම කෙරෙහි ජනතා විරෝධය මතුකර ඉදිරි මැතිවරණයේදී බහුතර ආසන ගණනක් දිනාගෙන ජේවීපී රජයක් පිහිටුවීමේ යටි අරමුණ හා කුමන්ත්‍රණයක් විය හැකියි.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෙය යටි උගුලක් වන්නේ කෙසේද? ඔවුන් ජනාධිපතිවරණයට කලින්ම ප්‍රකාශ කළේ සටන ඇරඹෙන්නේ ජනවාරි 08 දායින් පසුව බවය. එනම් ඉලක්කය එළඹෙන මහමැතිවරණයයි. එසේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකට ඉදිරිපත්වීම වැරදිද? වරදක් ඇත්නම් පෙන්වා දෙන්න.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙය යටි උගුලක් වන්නේ කෙසේද? ඔවුන් ජනාධිපතිවරණයට කලින්ම ප්‍රකාශ කළේ සටන ඇරඹෙන්නේ ජනවාරි 08 දායින් පසුව බවය. එනම් ඉලක්කය එළඹෙන මහමැතිවරණයයි. එසේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකට ඉදිරිපත්වීම වැරදිද? වරදක් ඇත්නම් පෙන්වා දෙන්න.

    :yes::yes::yes::yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • මෙය යටි උගුලක් වන්නේ කෙසේද? ඔවුන් ජනාධිපතිවරණයට කලින්ම ප්‍රකාශ කළේ සටන ඇරඹෙන්නේ ජනවාරි 08 දායින් පසුව බවය. එනම් ඉලක්කය එළඹෙන මහමැතිවරණයයි. එසේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකට ඉදිරිපත්වීම වැරදිද? වරදක් ඇත්නම් පෙන්වා දෙන්න.
    :yes::yes:

    ඔව් දැන් අවුරුදු 66 කට වඩා මෙක කාපු හොර දේශපලන ක්‍රමයේ උන්ට ජවිපෙ භීති කවක් තියනව.:angry:

    යමු පෙරටම ගොඩනගමු 66 වසක් විනස කල රට. බිදෙන් බිදේ ජලේ කෙමෙන් පිරේ කලේ.
    :yes::yes:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    My3 eya keyapuwa karanda bari unoth.. Kawru hari minissu wenuwen ewa gana katha karanda enda ona. Mata nam JVP eke waraddak nopene.
     
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    මේ දවස්වල මුල ඉඳලම ලංකාවේ දේශපාලනේ ගැන අවධානෙන් හිටියනම්, එක කුමන්ත්‍රණයක් වත් යටි උගුලක්වත් නෙවෙයි කියලා තේරෙන්න ඕනේ...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    My3 ta dunna elakiriye inna godak UN JVP mama danna widiyata nam.
    :rolleyes::rolleyes::rolleyes:
    un kohomath kalinma kiwwane meka 8 wenidagen iwara wenne na kiyala.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙය යටි උගුලක් වන්නේ කෙසේද? ඔවුන් ජනාධිපතිවරණයට කලින්ම ප්‍රකාශ කළේ සටන ඇරඹෙන්නේ ජනවාරි 08 දායින් පසුව බවය. එනම් ඉලක්කය එළඹෙන මහමැතිවරණයයි. එසේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකට ඉදිරිපත්වීම වැරදිද? වරදක් ඇත්නම් පෙන්වා දෙන්න.

    යටි උගුල නම් පසුගිය මැතිවරණයේදී සිරිසේනට සහය නොදක්වා සිට යටින් මහින්ද පරාජය කිරීමට උදව් කිරීමයි. සිරිසේනට සහය නොදක්වන බවට උඩින් පෙන්වූ නිසා දැන් සිරිසේන ආණ්ඩුව හප කල හැකිය.

    එළකිරියේ සිටින ජෙප්පෝ පවා මෙතන මතයක් හදන්න උත්සාහ කරනවා මෙවර ජේවීපියෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා. මහින්දගේ බහුතරය අඩු කරලා මහින්දට පාඩම් උගන්වන්න සමහරු සිරිසේනට දීලා මහින්ද පැරදුනා. ඒ වගේම පැවති හා පවතින ආණ්ඩු දෙකට පාඩම් උගන්නන්න ගිහින් ජේවීපී ආණ්ඩුවක් ආවොත් ඔක්කොම ඉවරයි.
    ජේවීපියට ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්තියක් කවදාකවත් තිබිලා නෑ. මිනිස්සු ජේවීපියට ඡන්දෙ දුන්නෙ විකල්පයකට මිස ආණ්ඩු පිහිටුවන්න නෙ‍ාවේ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :yes::yes:

    ඔව් දැන් අවුරුදු 66 කට වඩා මෙක කාපු හොර දේශපලන ක්‍රමයේ උන්ට ජවිපෙ භීති කවක් තියනව.:angry:

    යමු පෙරටම ගොඩනගමු 66 වසක් විනස කල රට. බිදෙන් බිදේ ජලේ කෙමෙන් පිරේ කලේ.
    :yes::yes:

    නෑ. අපට තියෙන්නෙ 71 -88/89 භීතිකාව.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ දවස්වල මුල ඉඳලම ලංකාවේ දේශපාලනේ ගැන අවධානෙන් හිටියනම්, එක කුමන්ත්‍රණයක් වත් යටි උගුලක්වත් නෙවෙයි කියලා තේරෙන්න ඕනේ...

    බහුතර ජනතාවක් එක්වී සිටින ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකම බිද දමා උපක්‍රම ශීලීව බලය ඩැහැගැනීම ?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ithin yako wadi asana ganak ganna hadanawanam eka kohomada kumanthranayak wenne :P

    ඒක කරන්න යන්නේ පවතින නව රජයට විරුද්ධවත් ජනතාව පෙළඹවීමට නැවතත් උද්ඝෝෂණ කිරීමෙන් විය හැකියි. එවිට දේශපාලන අස්ථාවර භාවයක් ඇති කර ඉන් ප්‍රයෝජන ගන්නයි හදන්නෙ.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    යටි උගුල නම් පසුගිය මැතිවරණයේදී සිරිසේනට සහය නොදක්වා සිට යටින් මහින්ද පරාජය කිරීමට උදව් කිරීමයි. සිරිසේනට සහය නොදක්වන බවට උඩින් පෙන්වූ නිසා දැන් සිරිසේන ආණ්ඩුව හප කල හැකිය.

    එළකිරියේ සිටින ජෙප්පෝ පවා මෙතන මතයක් හදන්න උත්සාහ කරනවා මෙවර ජේවීපියෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා. මහින්දගේ බහුතරය අඩු කරලා මහින්දට පාඩම් උගන්වන්න සමහරු සිරිසේනට දීලා මහින්ද පැරදුනා. ඒ වගේම පැවති හා පවතින ආණ්ඩු දෙකට පාඩම් උගන්නන්න ගිහින් ජේවීපී ආණ්ඩුවක් ආවොත් ඔක්කොම ඉවරයි.
    ජේවීපියට ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්තියක් කවදාකවත් තිබිලා නෑ. මිනිස්සු ජේවීපියට ඡන්දෙ දුන්නෙ විකල්පයකට මිස ආණ්ඩු පිහිටුවන්න නෙ‍ාවේ.

    ඒ ඒ පක්ෂ වලට ආවේණික උපාය උපක්‍රම පවතී. ඒවා යාවත්කාලීන වෙමින් දේශපාලනයේ යෙදේ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක කටයුතු කළ යුත්තේ මෙලෙස බව යන්න මගේ මතයයි.:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    බහුතර ජනතාවක් එක්වී සිටින ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකම බිද දමා උපක්‍රම ශීලීව බලය ඩැහැගැනීම ?

    1. ජවිපෙට එහෙම බලය ගන්න බෑ චන්ද පදනම මදි. unp, slfp ස්ථාවර චන්ද පදනම වෙනස් වෙන්නේ නෑ.

    2. ජවිපෙ මේ කරන දෙයින් වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක බිඳින එකට වඩා මහින්ද අටවපු සන්ධානේ දියවෙන එක. නිදහස් පක්ෂේ නොවේ. unp එකෙත් හොරු ටිකට කෙලවෙනවා. මෙව් වෙන්න ඕනා දේවල්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට හමු වූ කීප දෙනෙක්ම දැක්වූ අදහසක් අනුව....

    පසුගිය ජනාධිපතිවරණයේදී පැත්තක් නොගෙන සිටින බව කී ජේවීපිය මහින්ද පැරදවීමට ක්‍රියාකාරීව කටයුතු කල අතර සිරිසේන ගැන තමන්ට සහතික දෙන්න බැරි බව කියා සිටියේය.

    ජනාධිපතිවරණයෙන් පසු වහා ක්‍රියාකාරී වූ ඔවුන් මහින්ද සහිත සංධානයට දූෂණ චෝදනා ගෙන එමින් එම පක්ෂය බිමට සමතලා කිරීමට උත්සාහා ගනිමින් සිටී.

    ඒ සමගම සිරිසේන රජයේ යහපාලනය විවේචනය කරමින් අලුත් රගපෑමක් පටන්ගෙන සිටී. මෙයින් ඔවුන් උත්සාහ කරන්නේ සිරිසේන ප්‍රමුඛ යුඇන්පී රජයද බලබිද දමා හීන කිරීමට විය යුතුය. ඉදිරියේදී මේ රජයට විරුද්ධවද දැඩි උද්ඝෝෂණ ක්‍රියාත්මක වනු ඇත. මතකද ඔවුන් කිව්වා මැතිවරණයෙන් එහාට ගිය පුලුල් ජනතා පෙළගැස්මක් කරනවා කියා.

    මෙය පැවති හා පවතින රජයන් දෙකම කෙරෙහි ජනතා විරෝධය මතුකර ඉදිරි මැතිවරණයේදී බහුතර ආසන ගණනක් දිනාගෙන ජේවීපී රජයක් පිහිටුවීමේ යටි අරමුණ හා කුමන්ත්‍රණයක් විය හැකියි.

    මෛත්‍රී ගේ වැඩපිළිවෙල ගැන සහතිකයක් දෙන්න බැරි නිසා තමයි එහෙම කිවුවේ. එත් මයිති කරනවා කියන පොරොන්දු උන කරුණු ක්‍රියාත්මක කිරීමට ජවිපෙ උපරිම සහය දෙනවා. ඒවගේම ආණ්ඩුවට බලකරනවා කියන සහතිකය තමයි දුන්නේ. දැන් ඒ කියපුවා ජවිපෙන් ඉටු කරමින් ඉන්නව. විදායක සබාවට සක්‍රියව දායක වෙලා ඉන්නව.

    සන්දානයේ දුෂණ හා වංචා කරපු අයට විරුද්දව පැමිණිලි කිරීම ජවිපෙ විතරක් නෙමයි මුළු අන්ඩු පක්ෂ්යේම වගකීම. ජවිපෙ ඒතැනදී අන්දඩුපක්ෂ්යට සහය දෙනවා, දූශිතයෝ අල්ලන්න. ඔයා කියන්නේ දුශිත්යෝ අල්ලන්න එපා කියලද? මතක තියාගන්න මහින්ද හොරකම් කරපු සල්ලි මට විතරක් අයිති ඒවා නෙමයි. ඔයාගෙත් සල්ල් එව ගැන ඔයාටත් අයිතියක් තියනවා. ඒ නිසා හොරු අල්ලන එකට විරුද්දවෙන්න එපා. යහපලනය ඇති උනොත් දෙයියනේ කියලා ඔයාට ආත්ම ගරුත්වය රැකගෙන රස්සාවක් කරන්න පුළුවන්

    යහපාලනයේ මයිත්‍රී විසින් පොරොන්දු වූ තැන් හරි ආකාරව ක්‍රියාත්මක නොවන විට ඒවා විවේචනය කරන්න ඔනි. මහින්ද පැරද්දුව කියලා මයිත්‍රී කරන වැඩ වල අඩුපාඩු පෙන්වලා ඒවා හරි ගස්සන්න කියලා බල කරන්න ඕනි නැද්ද?? කරන හැමදේම හරි කියල හුරේ දාන්න කියලද ඔයා කියන්නේ.
    මෙයින් ඇත්තටම උත්සහ කරන්නේ ප්‍රගතශීලි ප්‍රතිසංස්කරණ ගෙන ඒමට හා තවත් මහින්ද කෙනෙක් තවත් ජේ ආර් කෙනක් බිහිවීම වලක් වන්න. නැතුව ආණ්ඩුව පෙරලන්න නෙමයි. හැබැයි මහින්ද ආණ්ඩුව තත්වෙටම ගියොත් පෙරලන්න හරි ඉරිරිපත් වෙන්න වෙයි

    රජය යහපාලන ප්‍රතිපත්ති කියාත්මක නොකර පොරොන්දු කඩ කළහොත් උද්ගොශ්න හා විරෝදතා පැන නැගීම නැවැත්විය නොහැක. ඒ සදහා ජවිපෙ මුලිකත්වය ගනී. එනමුදු ඉන්දන මිල අඩු කලවිට මහින්දවාදීන් එයද විවේචනය කළාක් මෙන් එය විවේචනය නොකරනු ඇත. ජනතාවට සහන ලබාදීමේදී එයට උපරිම සහය ලබාදෙනු ඇත. ගම්මානපිල මෙන් ඉන්දන මිල අඩුකිරීම වැරදි මිනිසුන් වැඩියෙන් ගමන් වල යෙදී වැඩිපුර ඉන්දන දහනය කර එමගින් පරසරය දුෂණය වෙනවා වැනි කුහක කතා නොකියනු ඇත.

    පුළුල් ජනතා පෙළගැස්ම සාදන්නේ මයිති පොරොන්දු ඉටුනොකළහොත් එම පොරොන්දු ඉටු කරවා ගැනීමටය. යහපලනය ඇතිකිරීමටය. නැතුව මෛත්‍රීව එලවා දමා රට අස්ථාවර කිරීමට නොවේ. මහින්ද රජය සදහා ජවිපෙ එක හෙලාම විරුද්දය, කුඩු කස්නෝ එතනෝල් සතෘ දුෂණ, කොමිස් මිනීමැරුම් ආණ්ඩුවක් සදහා ජවිපෙ කිසිවිට සහය ලබා නොදේ. මයිත්‍රී අන්ඩුවේද එවැනි ක්‍රියා සදහා ජවිපෙ එක හෙලා විරුද්දය. ඒ මාර්ගයට මෛත්‍රී ගියහොත් එයද පෙරලා දැමීමට උපරිම කටයුතු යොදනු ඇත

    වැරැද්ද විවෙච්න්න්ය කර එය ප්‍රතික්ෂේප කලයුත්තේ එය තමාට වාසියක් පමණක් වනවානම් පමණක් නොවේ. වාසියක් සිදුඋවත් පාඩුවක් සිදු වුවත් නිවැරදි දේ නිවැරදි ලෙස දැකිය යුතුය. එසේ දැකීම කුමන්ත්‍රණයක් වන්නේ කුමන පදනමකින්ද?? මහින්දගේ වැරදි විවෙචනය කල සියල්ලන් මහින්දට පෙනුනේ විජාතික හො රට අස්තාවර කරන කුමන්ත්‍රණ කරුවන් ලෙසටය. මහින්ද පාක්ෂියෙක් වන ඔබටත් එසේ පෙනීම ගැන පුදුම නොවෙමු. jvp කරන්නේ කුමන්ත්‍රණයක්ද නැද්ද කියන එක තීරණය කිරීම රටේ ජනතාවට බාරය. එය ච්න්දයකදී මිනිසුන් මහින්දට හෝ මයිත්ර්ට පෙන්වූ ආකාරයට පෙන්වනු ඇත. මැතිවරණ ජයග්‍රහණය කිරීමට උපක්‍රමශීලි වීම ඇත්තම සිදුවිය යුත්තකි
     
    Last edited:

    Similar threads