-බඩගිනි උනාම ලැම්බෝගිනි මතක් වෙන අයට-

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -බඩගිනි උනාම ලැම්බෝගිනි මතක් වෙන අයට-

    ලංකාවේ දෙදෙනෙකුට ලැම්බෝගිනි තියනවා -ලැම්බෝගිනි ගැන මයික්‍රෝ කාර් සභාපතිගෙන් හෙළිදරව්වක්

    MPy1qHt.jpg


    ලැම්බෝගිනි නැමති ඉතාලි මෝටර් රථය මේ දිනවල ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබේ. ලැම්බෝගිනි අලෙවියේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන මයික්‍රෝ කාර් සමාගමට අනුබද්ධ Euro Sports සමාගමේ සභාපතිවරයා වන ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා අප සමග පැවසුවේ ලංකාවේ දෙදෙනෙකු සතුව මෙවැනි මෝටර් රථ තිබෙන බවයි.

    “මෝටර් රථ ධාවන ශූරයෙකු වන ඩිලන්ත මාලගමුව සතුවත් තවත් ව්‍යාපාරිකයෙකු (දනේෂ් ඩි සිල්වා) සතුවත් ලැම්බෝගිනි මෝටර් රථ එක බැගින් තිබෙනවා. ඔවුන් ඒවා මිලදී ගත්තේ අප සමාගමෙන් නෙවෙයි. නිෂ්පාදන සමාගම ලැම්බෝගිනි මෝටර් රථයක් ලංකාවේ අලෙවිකරනවා නම් මේ වනවිට සිදුකරන්නේ අපේ සමාගම මගිනුයි. අපි කිසිදු ලැම්බෝගිනි මෝටර් රථයක් ලංකාවේ තවම අලෙවි කර නෑ. දැනට ලංකාවේ තිබෙන ලැම්බෝගිනි මෝටර් රථ දෙක මිලදීගෙන තිබෙන්නේ වෙනත් රට වලින්. නිෂ්පාදන සමාගම හැර වෙනත් රටකින් ලැම්බෝගිනි මෝටර් රථයක් ගෙන්වනවා නම් අප සමාගම හරහා ගෙන්විය යුතු වන්නේ නෑ.“

    යනුවෙන් ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා පැවසීය.

    Euro Sports සමාගම විසින් මේ වනවිට ලැම්බෝගිනි මෝටර් රථ තුනක් ලංකාවේ අලෙවියට තබා තිබෙන බවත් මෙම මෝටර් රථයක් වෙනුවෙන් නිෂ්පාදන සමාගමට ලැබෙන්නේ රුපියල් මිලියන 25 ක පමණ මුදලක් බවත් පැවසූ ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා සඳහන් කළේ මෙම මෝටර් රථයෙන් රුපියල් මිලියන 65 ක් රජය බදු ලෙස ලබාගන්නා බවයි.

    “ලංකාවේ ලැම්බෝගිනි මෝටර් රථයක් අලෙවි කරන්නේ රුපියල් මිලියන 91 ක් වැනි මිලකටයි. අප සමාගමට මෝටර් රථයක් අලෙවි කළොත් ලැබෙන්නේ රුපියල් මිලියනයක් විතර ලාභයක්. මෙම මෝටර් රථය වැටෙන්නේ සුඛෝපභෝගී මෝටර් රථ කාණ්ඩයට නෙවෙයි. මෙය අධි තාක්ෂණික අධිවේගී මෝටර් රථයක්.“

    “ලැම්බෝගිනි යන සන්නාමය ලෝකයේ ප්‍රචලිත වෙලා තිබෙන්නේ එහි තිබෙන අධි තාක්ෂණය හේතුවෙන්. මෙම මෝටර් රථය පැයකට කිලෝ මීටර් 250 ක පමණ වේගයකින් ගමන් කළ හැකි එකක්. මෙය අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ලෙස ඇතමුන් සඳහන් කිරීම වැරදියි.“

    යනුවෙන් ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා වැඩිදුරටත් කීය.

    යමෙකුට ලැම්බෝගිනි මෝටර් රථයක් මිලදීගැනීමේ හැකියාවක් තිබෙනවා නම් රජයට නිසි පරිදි බදු ගෙවමින් එවැනි මෝටර් රථ අලෙවි කිරීමේ වරදක් නොමැති බවත් මෝටර් රථයක් අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 65 ක් වැනි බදු මුදලක් රජයට ලැබීමෙන් එයින් රජයේ බදු ආදායම සරුවනු ඇති බවත් ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතාගේ අදහසයි.

    “අපේ සමාගමේ ලැම්බෝගිනි සම්බන්ධයෙන් කටයුතු කරන කාර්මිකයින් බොහෝ දෙනෙකුට ලෝකයේ හොඳ රැකියා අවස්ථාවන් ලැබුණා. තවත් අයට එවැනි අවස්ථා ලැබේ යැයි මා විශ්වාස කරනවා. එයට හේතුව වන්නේ මෙම මෝටර් රථයේ තිබෙන අධි තාක්ෂණික ස්වභාවයයි.“




    -adaderana/biz

     
    • Like
    Reactions: rock pora

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    adooo badda vadine bn.ai bn rajaya ohoma pinata kelinne???


    ඒවා ඉතින් එහෙම තමයි බන්..
    ඇත්තෝ කති බොති ,නැත්තෝ විරිත්තති, බල්ලෝ බුරති හඳට." මේවගේ දේවල් මිනිස්සු කිව්වේ කටකහනවට නෙමේ.
    ;)
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලංකාවේ ලැම්බෝගිනි මෝටර් රථයක් අලෙවි කරන්නේ රුපියල් මිලියන 91 ක් වැනි මිලකටයි.
    next salary eken ekak ganna one :dull:
     
    • Like
    Reactions: Thilantdm

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොරැල්ලේ ෂෝ රූම් එකේ දැන් තියෙන්නේ කළු ලැම්බෝගිනි aventador එකයි සුදු ලැම්බෝගිනි gallardo spyder එකයි විතරයි..... කලින් තිබ්බ තැඹිලි පාට ලැම්බෝගිනි gallardo එක නෑ........ එක කවුරුහරි ගත්තද.....? නැතිනම් මොකද වුනේ ඒකට මෙහෙ තියෙන කාර් දෙක මෙහෙන් ගත්තු එව්වා නෙවෙයිනම්...?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ලංකාවේ මිනිස්සු රේසින් කාර් මොකක දැක්කත් කියන්නේ ලම්බෝගිනි කියලා. එක නිකම් ටුත් පේස්ට් වලට සිග්නල් කියනවා වගේ.. සබන් ඉල්ලන්නේ සන්ලයිට් කියලා වගේ.

    එතින් මේ ත්‍රෙඩ් එක දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ ලමකාවේ තියෙන්නේ ලම්බෝගිනි 2යි ඒ 2ම අටිති මහින්දගේ ළමයින්ට නෙමයි කියන එකද?? ඒ මහින් සම පිරිසිදු කිරීමක් බලපොරෝත්තුවෙනවද
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,478
    16,200
    113
    Hk thibba ekama bugati showroom ekath wahuwa..Asia wata oya wahana galapenne naha.show ekatanam hodai.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,478
    16,200
    113
    ලංකාවේ මිනිස්සු රේසින් කාර් මොකක දැක්කත් කියන්නේ ලම්බෝගිනි කියලා. එක නිකම් ටුත් පේස්ට් වලට සිග්නල් කියනවා වගේ.. සබන් ඉල්ලන්නේ සන්ලයිට් කියලා වගේ.

    එතින් මේ ත්‍රෙඩ් එක දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ ලමකාවේ තියෙන්නේ ලම්බෝගිනි 2යි ඒ 2ම අටිති මහින්දගේ ළමයින්ට නෙමයි කියන එකද?? ඒ මහින් සම පිරිසිදු කිරීමක් බලපොරෝත්තුවෙනවද


    Meyata mahindagen udaw thibba.kohomath ehema udaw aragena pawala dena eka hari nahane.Lamborghini thibba ewa mas karala rata patewwa meyama wenna athi.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොරැල්ලේ ෂෝ රූම් එකේ දැන් තියෙන්නේ කළු ලැම්බෝගිනි aventador එකයි සුදු ලැම්බෝගිනි gallardo spyder එකයි විතරයි..... කලින් තිබ්බ තැඹිලි පාට ලැම්බෝගිනි gallardo එක නෑ........ එක කවුරුහරි ගත්තද.....? නැතිනම් මොකද වුනේ ඒකට මෙහෙ තියෙන කාර් දෙක මෙහෙන් ගත්තු එව්වා නෙවෙයිනම්...?
    මටත් මේ ප්‍රශ්නෙම තියනවා......
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගොනා කියල මරන්නද කට්ටියට මූව අමතකවෙලා තිබ්බෙ මේකත් රජපවුලෙ ඉන්වෙස්ට් එකක් තමයි.
    අවැන්ගර්ඩ් එකට වෙන දේමයි ඉස්සරහට මූටත් වෙන්නෙ.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ


    එතින් මේ ත්‍රෙඩ් එක දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ ලමකාවේ තියෙන්නේ ලම්බෝගිනි 2යි ඒ 2ම අටිති මහින්දගේ ළමයින්ට නෙමයි කියන එකද?? ඒ මහින් සම පිරිසිදු කිරීමක් බලපොරෝත්තුවෙනවද


    හැබැයි මේ ත්‍රෙඩ් එකේ කොහෙවත් මහින්ද සහ පවුලේ අය ගැන කතා කරේ නෑනේ..
    මහින්දගේ ළමයින්ට තියෙනවා නම් පඩයක් ගියත් මහින්දගේද කියල හොයල බලන කට්ටියට ඒවා හම්බෙන්න ඕනෑ නේ නේද... :rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හැබැයි මේ ත්‍රෙඩ් එකේ කොහෙවත් මහින්ද සහ පවුලේ අය ගැන කතා කරේ නෑනේ..
    මහින්දගේ ළමයින්ට තියෙනවා නම් පඩයක් ගියත් මහින්දගේද කියල හොයල බලන කට්ටියට ඒවා හම්බෙන්න ඕනෑ නේ නේද... :rolleyes:

    එක නම් ඇත්ත අද සමන්යෙක් ලම්බෝගිනි කිවුවම් මහිද ගේ ළමයි පොඩ්ඩක් මතක් වෙන් ගතියක් තියනවනේ රටේ. එතින් ඔයත් ලොකු ෆන් කෙනෙක් හින්ද මම හිතුව එහෙම වත්ද කියලා.

    කොහොමත් බය වෙන්න එපා බන් මට්ටුවෙන්නේ වෙන්නේ නැහැ. රන්ජන් රන්ජා එකේ වගේ රගන්න හැදුවට එක තත ජිවිත රගන්න බහ. අනික පලපුරුදු හොරු කවද්ද බන් මාටු වෙන්න හොරකම් කලේ.
    මන් හිතන්නේ ඔය මහින්දගේ ළමයි පපු කාර් ඔක්කොම හිතවත් මිනිස්සු ආදරේට දෙන්න ඇති. එවට් ගහපු තෙල් පවා හිතවත් ෂෙඩ් වළං දෙන්න ඇති. මිනිස්සු ඉරිසියාවට කියන කටත් නේ බන්