රථ වාහන පොලිසිය ගැන දැනගන්න

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රථ වාහන පොලිසිය ගැන දැනගන්න

    මේල් එකකින් ආවේ... කලින් බලල තියේනම් සොරි වෙන්න ඕන.... රථ වාහන පොලිසිය සහ නිතිය ගැන නොදන්නා ගොඩක් දේවල් මෙතන තියෙනවා... නොදන්නා කට්ටිය බලල යන්න... දන්නා කට්ටියත් බලන්න.... මතක ඇතිව බම්ප් එකක් දාල යන්න අනිත් කට්ටියට බලන්න.


    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

    2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

    3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

    4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

    5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

    6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

    7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

    8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

    9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.
    10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

    11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

    12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

    13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.
    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

    ලැබුන මේල් එකක් එහෙම්පිටින්ම කොපි පේස්ට් කළා.... අකුරු වැරදි ඇති නිවැරදි කරගෙන බලන්න.... වටිනවා නම් තැන්ක්ස් කියල යන්න අමතක කරන්නත් එපා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ට.. ඒ උනාට බං ඔය වේස බල්ලො එක්ක තර්ක කරන්න බැහැ.. උකේ අරින්න එනවා.. ගොඩක් උන් බයයි නැති වැරදිත් දාලා කෙලවලා ගනියි කියලා..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබේ මහන්සියටයි වැදගත් තොරතුරු වලටයි තෑන්ක්ස් මචන්.....:D
    මේකයි කියන්න ඕන බන් ලංකාවේ ඔය නීති කතා කරන්නගියොත් නැති වැරදිත් පටවලා දඩ කොලේ ලියනවා....:growl: ලංකාවේ නම් හොඳම දේ ශේප් එකේ ප්‍රශ්නේ විසඳ ගන්න එකයි :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1
    2
    3
    4
    5
    6
    7
    8
    වැරදි...

    9
    10
    11
    12
    13
    හරි...
    11.gif
    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1
    2
    3
    4
    5
    6
    7
    8
    වැරදි...

    9
    10
    11
    12
    13
    හරි...

    ගොඩක් ස්තුතියි බං... ඇත්තටම අපි නිතිය ගැන දන්නේ නැහැනේ හරියටම.... ඒ නිසයි ඔයාගෙන් උදවුවක් ඉල්ලුවේ... ඔය ක්ෂණිකව දක්වපු ප්‍රතිචාරයට ගරු කරනවා ඉහලින්ම.... දැන් අපි දන්නවා හරි දේ වැරදි දේ ගැන....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබේ මහන්සියටයි වැදගත් තොරතුරු වලටයි තෑන්ක්ස් මචන්.....:D
    මේකයි කියන්න ඕන බන් ලංකාවේ ඔය නීති කතා කරන්නගියොත් නැති වැරදිත් පටවලා දඩ කොලේ ලියනවා....:growl: ලංකාවේ නම් හොඳම දේ ශේප් එකේ ප්‍රශ්නේ විසඳ ගන්න එකයි :P

    අනීවා බං... කතාව සහතික ඇත්ත...
    තනියම බලනවට වඩා හොඳයිනේ නොදන්නා කෙනෙක්ව දැනුවත් කරන එක...
    ඒ වගේම මේ දේවල් වල වැරදි තියෙන්න පුළුවන්...
    අපිට එන මේල් එකක්නේ එහෙම්මම කොපි කරන්නේ....
    මේ තියෙන දේවල් කියන්න ගියෝතින් කොහොමත් හිරේ තමයි යන්න වෙන්නේ.....:D:D
    ඒත් දැනගෙන ඉන්න එකත් හොඳයිනේ.....:yes::yes:
     

    thanujaka

    Well-known member
  • ගොඩක් ස්තුතියි බං... ඇත්තටම අපි නිතිය ගැන දන්නේ නැහැනේ හරියටම.... ඒ නිසයි ඔයාගෙන් උදවුවක් ඉල්ලුවේ... ඔය ක්ෂණිකව දක්වපු ප්‍රතිචාරයට ගරු කරනවා ඉහලින්ම.... දැන් අපි දන්නවා හරි දේ වැරදි දේ ගැන....

    11.gif


    ප්‍රධානම දෙයක් කියන්නේ ඕනේ ගොඩක් අය හිතන් ඉන්නවා වාහනයක් නවත්තන්න පුළුවන් traffic police අයට විතරයි අනිත් අය අත දැම්මට අපිට ඕනෙනං නොනවත්වා යන්න පුළුවන් කියල..
    එක වැරදි... පොලිසිය ඒගොල්ලන්ගේ අභ්‍යන්තර පරිපාලන කටයුතු පහසු කරගැනීම සදහායි පොලිසිය divisions වලට කඩල තියෙන්නේ... එක අපිට කොහෙත්ම අදාළ නෑ.. traffic ද නැද්ද කියල වැඩක් නෑ අත දැම්මොත් නවත්වන එක අනිවාර්යයයි...
    ප්‍රායෝගිකව ඉතිං traffic නොවෙන අය නවත්තන්නේ නෑ තමයි..
    නමුත් එකෙන් කියන්නේ බෑ කියන එක නෙමෙයි...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    11.gif


    ප්‍රධානම දෙයක් කියන්නේ ඕනේ ගොඩක් අය හිතන් ඉන්නවා වාහනයක් නවත්තන්න පුළුවන් traffic police අයට විතරයි අනිත් අය අත දැම්මට අපිට ඕනෙනං නොනවත්වා යන්න පුළුවන් කියල..
    එක වැරදි... පොලිසිය ඒගොල්ලන්ගේ අභ්‍යන්තර පරිපාලන කටයුතු පහසු කරගැනීම සදහායි පොලිසිය divisions වලට කඩල තියෙන්නේ... එක අපිට කොහෙත්ම අදාළ නෑ.. traffic ද නැද්ද කියල වැඩක් නෑ අත දැම්මොත් නවත්වන එක අනිවාර්යයයි...
    ප්‍රායෝගිකව ඉතිං traffic නොවෙන අය නවත්තන්නේ නෑ තමයි..
    නමුත් එකෙන් කියන්නේ බෑ කියන එක නෙමෙයි...

    මේ ලඟදි ඔෆිස් එකේ වෑන් එක යනකොට හේතුවක් නැතිව පොලිස් එක්කෙනෙක් නැවැත්තුව අපිව... කිසි හේතුවක් නැතිව කියනවා හයි ස්පීඩ් කියලා... ඒ යකා දැක්ක අපි කඩයක් ළඟ නවත්තල ඉඳල ආව කියල... ඒ කඩේ ළඟ ඉඳල උන් හිටපු තැනට මීටර් 50 ක් විතර වගේ ඇති.... යන්තං මණ්ඩලේ වාහනයක් කියල යන්න කිවුවා... මේ වගේ තව කොච්චර බොරු චෝදනා වලට මිනිස්සුන්ගෙන් දඩ ගන්නවා ඇත්ද මුන්.
     

    thanujaka

    Well-known member
  • මේ ලඟදි ඔෆිස් එකේ වෑන් එක යනකොට හේතුවක් නැතිව පොලිස් එක්කෙනෙක් නැවැත්තුව අපිව... කිසි හේතුවක් නැතිව කියනවා හයි ස්පීඩ් කියලා... ඒ යකා දැක්ක අපි කඩයක් ළඟ නවත්තල ඉඳල ආව කියල... ඒ කඩේ ළඟ ඉඳල උන් හිටපු තැනට මීටර් 50 ක් විතර වගේ ඇති.... යන්තං මණ්ඩලේ වාහනයක් කියල යන්න කිවුවා... මේ වගේ තව කොච්චර බොරු චෝදනා වලට මිනිස්සුන්ගෙන් දඩ ගන්නවා ඇත්ද මුන්.

    හයිස්පීඩ් නිකං අල්ලන්න බෑ...
    එකට මීටරේ පෙන්නන්නම ඕනේ..
    එහෙම නැතුව උසාවි දාන්න බෑ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හයිස්පීඩ් නිකං අල්ලන්න බෑ...
    එකට මීටරේ පෙන්නන්නම ඕනේ..
    එහෙම නැතුව උසාවි දාන්න බෑ...

    සමහර එවුන් දඩ කොළ ලියන්න නෙවි නවත්වන්නේ....
    ටිකට් පොත් විකුනන්න....
    පොඩි එවුන්ට ඉස්කෝලෙන් දහම් පාසලෙන් දෙන ඒවා,
    මෙවුන් ගෙනත් විකුනනවා වාහන වල එවුන්ට...
    ඒකත් නරක නැහැ වැඩේ....
     

    thanujaka

    Well-known member
  • සමහර එවුන් දඩ කොළ ලියන්න නෙවි නවත්වන්නේ....
    ටිකට් පොත් විකුනන්න....
    පොඩි එවුන්ට ඉස්කෝලෙන් දහම් පාසලෙන් දෙන ඒවා,
    මෙවුන් ගෙනත් විකුනනවා වාහන වල එවුන්ට...
    ඒකත් නරක නැහැ වැඩේ....

    :P