ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

    අගමැති පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ අයුරෙන් ජනාධිපතිවරයා මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත්කිරීම බලරහිත කර ශූන්‍ය කර ඇත. මෙයින් කියැවෙන්නේ මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස කර ඇති සියළු කාර්යයන් ශූන්‍ය වන බව ය, එනම් ඒ සියල්ල බලරහිත වන බව ය. අද ඇතැම් නීතිඥයන් මේ කරුණ ගැන බැරෑරුම් ලෙස සිතන බව පෙනෙන්නට ඇත.

    මෙය පහසුවෙන් ඉවත දැමිය හැකි කරුණක් නො වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුව මොහාන් පීරිස් මහතා නීත්‍යානුකූල ව පත් වී ඇත. මේ සම්බන්ධයෙන් අගවිනිසුරු ගැන අගමැති ප්‍රකාශය යන මැයෙන් අපි කාලය වෙබ් අඩවියේ කරුණු දැක්වීමු. එහි දී අප කියා සිටියේ ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන ලද බවත් එය 2013 ජනවාරි 10 හා 11 දිනවල විවාදයට යොමු වූ බවත් ය. එම විවාදය අවසානයේ දී ඡන්දය විමසීමට පෙර කථානායකතුමා පහත සඳහන් ප්‍රකාශය කළේ ය.

    “දැනට ඉදිරිපත් කර ඇති යෝජනාව හොඳින් අධ්‍යයනය කර බැලීමේ දී මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 107(3) ව්‍යවස්ථාව සහ 78(අ) ස්ථාවර නියෝගය යටතේ බව ඉතා පෑැහැදිලිව සඳහන් කොට ඇත.

    තවද, මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වන්නේ ඉහත සඳහන් වි’ෂමාචාර චෝදනා පිළිබඳ පරී්ක්‍ෂණය කොට එම චෝදනා එකක් හෝ වැඩි ගණනක් ඔප්පු වී ඇතැයි විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබුවහොත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍ර විනිශ්චයකාර පදවියෙන් ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා යෝජනාවක් අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතු යැයි සඳහන් වන බැවින් මෙම යෝජනාවේ පරමාර්ථය ඉතා පැහැදිලි වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 107(3) ව්‍යවස්ථාව ප්‍රකාර යෝජනාවක් ඉදිරිපත් කිරීමට අද දින න්‍යාය පත්‍රයේ අඩංගු කර ඇති යෝජනාව ප්‍රමාණවත් වන බව මම ප්‍රකාශ කරමි.

    එම නිසා අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යෝජනාව දැන් ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරමි.” (හැන්සාඩ් වාර්තාව)

    ඉතා පැහැදිලිව යෝජනාව පිළිබඳ යම් ප්‍රශ්නයක් මතුව තිබුණ ද කථානායකතුමා 2011 ජනවාරි 11 වැනි දින දෙන ලද තීන්දුව මගින් ඒ සියල්ල කිසිවකුට නැවත ප්‍රශ්න කිරීමට ඉඩ නොතබා පැහැදිලි කර ඇත. ඒබැවින් ඒ විවාදය පිළිබඳ ව තවත් ඊනියා නිවැරදි කිරීමක් අවශ්‍ය නො වේ. හැරත් කථානායකතුමාගේ තීන්දුව සියළු පාර්ලිමේන්තු මන්තී්‍රවරුන් පිළිගෙන ඡන්ද විමසීමට ද සහභාගි වී ඇත. කිසිවකු තථානායක තීන්දුවට විරුද්ධ වී නම් කළ යුතුව තිබුණේ ඒ බව ප්‍රකාශ කර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම ය. මෛත්‍රිපාල සිරිසේන මහතා ද රාජිත සේනාරත්න මහතා ද චමිපික රණවක මහතා ද යෝජනාවට පක්‍ෂව ඡන්දය දී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවට විරුද්ධව ඡන්දය දී ඇත.

    ඒ යෝජනාව සම්බන්ධයෙන් වරදක් සිදු වී යැයි ද ඒ නිවැරදි නොකර තිබිණි යැයි ද අපි තර්කය සඳහා උපකල්පනය කරමු. එවිට එය නිවැරදි කළ හැක්කේ කාහට ද? ශ්‍රෙෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවේ අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් කිසිසේත් ම මැදිහත් වීමට නො හැකි ය. විධායකයට ද එසේ කළ නො හැකි ය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකින් ස්වාධීන ව කටයුතු කරයි. මෙයින් කියැවෙන්නේ අදාළ යෝජනාව සම්මත කිරීමේ දී පාර්ලිමේන්තුවෙන් යම් වරදක් සිදු වූ අවස්ථාවක පවා එය නිවැරදි කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ය. ජනාධිපතිවරයාට එය නිවැරදි කිරීමට තබා එහි වරදක් සිදු වී ඇතැයි තීන්දු කිරීමට තීරණය කිරීමට නො හැකි ය.

    2011 ජනවාරි 11 වැනි දා පාර්ලිමේන්තුව වරදක් කර නැති බව කථානායකතුමා තීරණය කර ඇත. ඒ තීරණය මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා ද මන්ත්‍රීවරුන් ලෙස පිළිගෙන ඇත. ඔවුන්ට එදා තමන් අතින් සිදුවුයේ වරදක් යැයි අද කිවහැකි ය. ඕනෑම අයකුට තම අදහස් වෙනස් කර ගැනීමේ අයිතිය ඇත. එහෙත් එදා පාර්ලිමේන්තුව නිවැරදි බවට ගත් තීන්දුවක් වෙනස් කිරීමට අද හැකියාවක් ඇත්නම් ඒ අගමැතිට හොා ජනාධිපතිට හෝ නොව පාර්ලිමේන්තුවට පමණ ය. ජනාධිපතිට හෝ අධිකරණයට හෝ ඒ සඳහා බලය පෑවරී නැත. ඔවුන් එසේ කරන්නේ නම් ඒ තම බලය ඉක්මවා ගොස් කරන්නකි. ජනාධිපති එසේ කරන්නේ නම් එය ඔහුගේ නිල කාර්යයක් ලෙස සැලකිය නො හැකි ය. එපමණක් නො වේ. එය ඔහුගේ පෞද්ගලික කාර්යයක් ද නො වේ. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහූට ලැබෙන මුක්තිය ද මෙහි දී අහිමි වෙයි.

    ජනාධිපති අද ක්‍රියාකරන්නේ එදා පාර්ලිමේන්තුවේ දී සිදු වී යැයි කියන වරදක් නිවැරදි කිරීමට යැයි කියැවෙයි. එහෙත් එය මුළුමනින් ම වැරදි ක්‍රියාවක් හා ප්‍රකාශයකි. එදා පාර්ලිමේන්තුවේ වරදක් සිදු වී නොමැති බව කථානායකතුමා තීරණය කර ඇති අතර මන්ත්‍රීවරුන් එය පිළිගෙන ඇත. වරදක් සිදු වී තිබිණ ද ජනාධිපතිවරයාට එය නිවැරදි කිරීමේ බලයක් නැත.

    ජනාධිපතිට හා අගමැතිට අනුව ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බැවින් ඇය ඉවත්කෙරී නැත. එබැවින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීම ද නිත්‍යානුකූල නො වේ. වෙනත් වචනවලින් කියන්නේ නම් මොහාන් පීරිස් මහතාගේ පත්වීම බල රහිත හා ශූන්‍ය වෙයි. එනම් මොහාන් පීරිස් මහතා කිසි දිනෙක මෙරට අගවිනිසුරු ධුරය දරා නැත. ආණ්ඩුව එමගින් නැති අවුලක් ඇති කර ඇත.

    ආණ්ඩුව කියන ආකාරයට මොහාන් පීරිස් මහතා මෙරට කිසිදිනෙක අගවිනිසුරු ධුරය දරා නැත්නම් පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක් තිස්සේ ඒ මහතා සහභාගි වී දී ඇති නඩු තීන්දුවලට කුමක් සිදුවේ ද? ඔහු අගවිනිසුරු ලෙස විවිධ නඩු සඳහා විනිශ්චයකාරවරුන් පත්කර ඇත. ඒ විනිසුරුවන් දී ඇති නඩු තීන්දුවලට කුමක් සිදුවේ ද? ඔහු සභාපතිත්වය දැරූ අධිකරණ සේවා කොමිසම විසින් පත්කරන ලද විවිධ විනිසුරුවන්ට කුමක් සිදුවේ ද? ඔහු ඉදිරියේ දිවුරුම් දුන් නීතිඥයන්ගේ කළු කබාවලට කුමක් සිදුවේ ද?

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 119 වැනි ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරයකුගේ පත්කිරීම සම්බන්ධයෙන් දෝෂයක් වී නම් ඒ කරුණ කොට ගෙන උසාවියක් විසින් කරන ලද ක්‍රියාවක් හෝ උසාවියක නඩු විභාගයක් හෝ අවලංගු වූ ලෙස නො සැලකෙයි. එහෙත් ඒ පත් වී ඇති විනිසුරුවරයකුගේ පත්වීමෙහි දෝෂයක් ඇත්නම් ය. විනිසුරුවකු ලෙස පත් වී නැති පුද්ගලයකුගේ ක්‍රියාකාරිකම් ගැන කිව හැක්කේ කුමක් ද? ඒ ක්‍රියා ද බල රහිත හා ශූන්‍ය වෙයි. එනම් ඒ ක්‍රියාකාරකම් සිදු වී නැත. අදාළ ඊනියා නඩු තීන්දු දී නැත!

    මෙහි බරපතළකම මෛත්‍රිපාල සිරිසේන මහතාට අවබෝධ වී ඇතැයි සිතිය නො හැකි ය. මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැකි ද යන්න තීරණය කෙරුණේ මොහාන් පිරිස් මහතා සභාපතිත්වය දැරූ විනිසුරු මඬුල්ලකිනි. එ විනිසුරු මඬුල්ල මොහාන් පිරිස් මහතා විසින් පත්කරන ලද්දකි. දැන් ආණ්ඩුව කියන ලෙස මොහාන් පිරිස් මහතා අගවිනිසුරු නොවී නම් ඒ විනිසුරු මඬුල්ල පත්වී නැතිවා පමණක් නොව මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වතාවට තරග කළ හැකි යැයි තීන්දුවක් ද දී නැත.

    එසේ නම් පසුගිය ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ මහතා තරග කළ ජනාධිපතිවරණයක් ද තිබී නැත. එපමණක් නොව ජනාධිපතිවරණයක් නොමැතිව ජයග්‍රහාකයකු ද සිටිය නො හැකි ය. වෙනත් වචනවලින් කිවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ද වී නැත! මොහාන් පිරිස් මහතා අගවිනිසුරුි ලෙස කටයුතු නොකළේ නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද නැත. නැති ජනාධිපති කෙනකු ගන්නා තීන්දු තීරණ ගැන කිව හැක්කේ කුමක් ද? නැති ජනාධිපතිවරයකුට අගමැති කෙනකු පත්කළ හැකි ද? කැබිනට් මණ්ඩලයක් ලේකම්වරුන් පත්කළ හැකි ද? අවසාන වශයෙන් නැති ජනාධිපතිවරයකු මොහාන් පීරිස් මහතා නැති අගවිනිසුරුවරයකු බව තීරණය කළේ කෙසේ ද?

    ගණිතය ඉගෙන ගන්නා අවධියෙහි දී රසල්ගේ විරුද්ධාභාසය අපට ආශ්වාදයක් ගෙන දුන්නේ ය. මම විවිධ විසංවාද සලකමින් විනෝද වීමි. දැනුදු විනෝද වෙමි. එහෙත් නැති ජනාධිපතිවරයකු නැති අගවිනිසුරුවකු ගැන කතා කිරීම නම් විනෝදය ගෙන දෙන්නක් නො වේ. නැති මනස නැති මනසක් බව නැති මනසින් අවබෝධ කර ගැනීම නිවන් අවබෝධය යැයි මම සිතමි. නැති ජනාධිපතිවරයකු ගැන අවබෝධය කුමක් සඳහා වේ ද?
    http://www1.kalaya.org/2015/02/blog-post.html

    පෞද්ගලික මඩ පුද්ගල මඩ වලින් තොර අර්ථ දැක්වීමට කිරීමට කාරුණික වන්න එමගින් යහපත් සංවදයක් බලාපොරොත්තු වේ. වැදගත් කරුණක්.

    මා මහින්දගේ බත්බැලයෙක්/කඩේ යන්නෙක්/ගොට්ටෙක් වන නිසා පුන පුනා එය කීමෙන් පළක් නොවෙ.එය මා හොදින් දනී.

    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මචන් ලැප් එකේ කූලින් ෆෑන් වැඩ කරද්දිත් නතර වෙනවා ඒ ඇයි බන්? හොද ලැප් එකක් ගන්න ඕන.. කූලින් ෆෑන් එකක් කීයක් වෙයිද බන්???:oo::oo:
     
    • Like
    Reactions: ruwantheekshana

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕවා නම් මෙතන කතා කරල වැඩක් නෑ...
    අවු. 20ක් තිස්සේ ජාතිකත්වය වෙනුවෙන් ලියන නලින් මහතාට පළමු වතාවට වාරණයක් පැණවී ඇත. ඔහු ලියන ලිපි දිවයිනේ හෝ රිවිර පුවත්පතේ පල නොවේ. (යහපාලනේ
    ™?)

    කොහොම හරි අපි දන්න දේවල් අනුව
    1. කළින් හිටි ශ්‍රිරාණි seniors ලා ගණනාවක් කපාගෙන පත්කළ දේශපාලන පත්වීමකි. ඇගේ සැමියා හොඳහැටි ගසා කෑවේය.

    2. එකට හොරා කෑ පිරිසක් අතර නෝක්කාඩු වීමක් සිදු විය. ශ්‍රිරාණි ඉවත් කිරීම එහි අතුරු ඵලයකි. ඇය කිසිම අයුරකින් වීරවරියක් නොවේ.

    3. වත්කම් ප්‍රකාශයේ නොලියූ ගිණුම් (ශේෂය ශූන්‍ය වීම වැදගත් නොවේ.) තිබීම අගවිනිසුරු පමණක් නොව ඕනෑම රජයේ සේවකයෙක් කළහොත් වරදකි. මමද මෙය කර ඇතැයි සිතමි. බොහෝ දෙනා කරති. මහලොකු දෙයක් නොවේ.

    4. දඩුවම් දීමට එවන් ගිණුම් පැවතීම පමණක් ප්‍රමාණවත් වේ.

    5. සේවයෙන් පහ කිරීම පැහැදිළිවම අනවශ්‍ය තරම් බරපතල දඩුවමකි. නමුත් මෙය තීරණය කිරීමට හැක්කේ පාර්ලිමේන්තුවට පමණි. එය විවේචනය කිරීමට අපට බලයක් නැත.

    6. මහින්ද මහතා ශ්‍රිරාණි ඉවත් කලේ පොතේ සඳහන් ක්‍රියාමාර්ගයකිනි.

    7. ක්‍රියාමාර්ගයේ දෝෂයක් ඇත්නම් එය තීරණය කළ හැක්කේ පාර්ලිමේන්තුවට (එයට අදාළ කොටස සඳහා.) සහ අධිකරණයට (අර්ථ නිරූපණ ආදිය
    සඳහා) පමණි. (මෙහිදී පාර්ලිමේන්තුවට අදාළ කොටස සඳහා අධිකරණයට තීන්දු ගත නොහැක.) ජනපතිතුමාට එසේ තීරණය කිරීමට බලයක් නැති අතර එය ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුව බල්ලට දැමීමකි.

    අනික මොහාන් මහතාට අසාධාරණයක් වී ඇතැයි ඒ මහතාට සිතෙන්නේ නම් එම නඩුව කියන්නේ කාටද??
    අධිකරණයටද?? (යහපාලනේ™?)

    අවසාන වශයෙන් සිදුවූයේ රට අපකීර්තියට පත්වීමක් පමණි.

    සැ.යු. - අගමැතිතුමා කියන්නේ පත්වීමක් සිදුවී නැති බවයි. පත්වීම දෝෂ සහිත බව නොවේ. එම නිසා අනිවාර්යයෙන්ම මොහාන් මහතා කළ සියලු දේවල් බල රහිත වන්නේ දැයි දැන් අධිකරණයට තීන්දුවක් ගැනීමට සිදුවේ.:(
     
    Last edited:
    • Like
    Reactions: Vidane

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    mata nam hithenne e tharka hari modai kiyala.....thanujayagen ahuwanam hari...mata nam e wuna de awulak penne ne...wenna thiyena hodama de wuna kiyalai hithenne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ගැන තර්ක කරන්න නම් ඔය ගැන ප්‍රාමාණික ව දන්නා කියන අයවළුන් ව අවශ්‍ය මචං......
    මම හිතන්නේ අපි මේ ගැන කතා කරන්න තරම් නීතිය දන්නේ නැහැ.....
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    ඕක ගැන තර්ක කරන්න නම් ඔය ගැන ප්‍රාමාණික ව දන්නා කියන අයවළුන් ව අවශ්‍ය මචං......
    මම හිතන්නේ අපි මේ ගැන කතා කරන්න තරම් නීතිය දන්නේ නැහැ.....

    :cool::cool::cool::cool:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පච පීරිසාව එලවපු එක ගැන නං සන්තෝසයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    ඕක ගැන තර්ක කරන්න නම් ඔය ගැන ප්‍රාමාණික ව දන්නා කියන අයවළුන් ව අවශ්‍ය මචං......
    මම හිතන්නේ අපි මේ ගැන කතා කරන්න තරම් නීතිය දන්නේ නැහැ.....
    adala kenata dama parshanaya :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක ගැන තර්ක කරන්න නම් ඔය ගැන ප්‍රාමාණික ව දන්නා කියන අයවළුන් ව අවශ්‍ය මචං......
    මම හිතන්නේ අපි මේ ගැන කතා කරන්න තරම් නීතිය දන්නේ නැහැ.....

    සිරාට ප්‍රමාණික නීති දැනුමක් ඇතිද?? ජනාධිපතිට අධිකරණ බලයක් තිබේද??
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕක ගැන තර්ක කරන්න නම් ඔය ගැන ප්‍රාමාණික ව දන්නා කියන අයවළුන් ව අවශ්‍ය මචං......
    මම හිතන්නේ අපි මේ ගැන කතා කරන්න තරම් නීතිය දන්නේ නැහැ.....

    "පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අති බහුතරයෙන් සම්මත කරනු ලබන දෝෂාභියෝග යෝජනාවක් මගින්ම මිස අගවිනිසුරු තනතුරින් මොහාන් පීරිස් මහතා ඉවත් කිරීමට වෙනත් කිසිම ආකාරයකින් නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ ‍ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා මාධ්‍ය හමුවේ ඊයේ (26) ප්‍රකාශ කළේය.

    නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම සංගම් මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාව අද දිනට (27) කල්තබන ලද බව ප්‍රකාශ කිරීම සඳහා මහ ‍ලේකම් අජිත් පතිරණ මහතා මාධ්‍යවේදීන් ඇමතූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බැව් ප්‍රකාශ කළේය.

    උපුල් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙදින මාධ්‍ය රැස්වීම කැඳවා තිබුණේ ද අගවිනිසුරු තනතුරින් මොහාන් පීරිස් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය විසින් ගනු ලබන අවසන් නිල තීරණය දැනුම් දීම සඳහාය.

    මෙහි දී මාධ්‍යවේදියකු විමසා සිටියේ දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමෙන් තොරව අගවිනිසුරුවරයකු ඉවත්කිරීමේ හැකියාවක් තිබේදැයි යන්නය.
    එයට පිළිතුරු දෙමින් නීතිඥ සංගම් ‍ලේකම් පතිරණ මහතා මෙලෙස ප්‍රකාශ කළේය.

    අගවිනිසුරුවරයකු හෝ අගවිනිසුරුවරියක එම තනතුරින් ඉවත්කිරීමේ සම්පූර්ණ බලය පැවරී ඇත්තේ ව්‍යවස්ථාදායකයටයි. එය ක්‍රියාත්මක කළ හැක්කේ විධායකය හරහායි. එමෙන්ම ඒ සඳහා පාර්ලිමේන්තුවේ එවකට දිවුරුම් දී සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක අති බහුතරයේ කැමැත්ත ද තිබිය යුතුයි. පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන දෝෂාභියෝග යෝජනාව තුනෙන් දෙකේ බහුතර කැමැත්තෙන් සම්මත වීමෙන් පසුවයි එම ක්‍රියාවලිය ආරම්භ කළ හැක්කේ.
    "

    Rivira (Link)

    මෙතනදී ජනපතිතුමා කලේ කථානායක යවපු ලිපිය, ප්‍රකාශය හා හැන්සාඩ් වාර්ථාව පැත්තකට දාල
    (1) ශ්‍රියාණි ඉවත් කරන්න කියා ඉල්ලා නැති බවත්
    (2) එම නිසා ශ්‍රියාණි ඉවත් කිරීම වැරදි බවත්
    (3) එම නිසා මොහාන් ගේ පත්වීම සිදු නොවූ ලෙස සැළකිය හැකි බවත් තමන් තීරණය කිරීමයි.

    මෙහිදී (1) කෙළින්ම වැරදි ය. පාර්ලිමෙන්තුවේ ක්‍රියාව ගැන තීරණය කරන්නේ කථානායකවරයා මිස ජනපති නොවේ. කථානායකවරයා කියා ඇති දේ ප්‍රතික්ෂේප කිරීමට ජනපතිට බලයක් නැත. (2) හා (3) තීරණ ගැනීමට ජනපතිට බලයක් නැත. එය පාර්ලිමේන්තුවට පමණක් කළ හැකි දෙයකි. අවශ්‍ය නම් අධිකරණයේ උපදෙස් ඉල්ලා සිටිය හැක. අධිකරණයට වුවද කළ හැක්කේ උපදෙසක් දීම/අර්ථ නිරූපණ දීම පමණි. පාර්ලිමේන්තු ක්‍රියාවන් ගැන අධිකරණයට තීරණ දිය නොහැක.
    ලොව කිසිම රටක Marching Orders දී අගවිනිසුරු ඉවත් කර නැත. එම ලෝක වාර්තාවද දැන් අපටය. :baffled:
     
    (4) යහපාලනය අනුව එහෙම පුලුවන්ය.

    එම (4) නිසා ඉහත තර්ක වලංගු නොවේ
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241

    :yes::yes::yes::yes::yes:

    යහපාලනය
    :confused::confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොහාන් පීරිස්ව අයින් කරපු එක හරිද වැරදදි කියලා මම දන්නෙ නෑ.
    මොහාන් පීරිස් අයින් කරපු එක වැරදියි කියන අය ඔක්කොම වගේ ආණ්ඩුවට පහර ගහන්න කරුණු හොය හොය ඉන්න අය.

    උදා:

    chathu05
    හෙළයෙක්
    yasas bandara
    rajitha_ks

    ඒ ඇයි?

    නීති දැනුමකුත් නැති ඉතිං යම් කාරණයක් දිහා මථ්‍යස්ථව බලන්න බැරි අන්තවාදී අය එක්ක මේ වගේ දේවල් වලට තර්ක කරලා වැඩක් නෑ. :)
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Lol.JPG

    Ei yako Thread ekata Reply karaganna be off wena nisa demme.. Maha Hu**the wedak ne eka..:growl: Laksha 58ma mehemada :eek::eek:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,175
    113
    පැටියා;17832992 said:
    මොහාන් පීරිස්ව අයින් කරපු එක හරිද වැරදදි කියලා මම දන්නෙ නෑ.
    මොහාන් පීරිස් අයින් කරපු එක වැරදියි කියන අය ඔක්කොම වගේ ආණ්ඩුවට පහර ගහන්න කරුණු හොය හොය ඉන්න අය.

    උදා:

    chathu05
    හෙළයෙක්
    yasas bandara
    rajitha_ks

    ඒ ඇයි?

    නීති දැනුමකුත් නැති ඉතිං යම් කාරණයක් දිහා මථ්‍යස්ථව බලන්න බැරි අන්තවාදී අය එක්ක මේ වගේ දේවල් වලට තර්ක කරලා වැඩක් නෑ. :)
    ඉතින් තර්ක කරපන් කුණුහරප නොදා. මම මේක දැම්ම අපේ නීති වේදියට බලමුකො.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    bump

    ඔතන තියන නීතිමය කරනවා ගැන දන්නේ නැහැ. හොරෙක්ව උනත් අයින් කරන්න නීතියේ විදියට නිසි ක්‍රියාමාර්ග අරන් කටයුතු කරන එක හොදයි. ඒ ක ඒ විදියට කරන්න බැරි නම් යහපාලනයක් වෙන්නේ නැහැ. හැබැයි නීතියට උඩින් යුක්තිය තියන බව හෘද ශාක්ෂිය එහි විනිසුරු බව මතක තියාගන්න හැමෝම.

    ඔය යසස් බණ්ඩාර මහින්ද අන්දුවෙන් හොරු දුෂකයෝ නිතිඅප්ති නිදහස් කරනකොට කොහෙද දන්නේ නැහැ හිටියේ . මන් හිතන්නේ වෙන රටක වෙන්න ඇති. දැන් එතින් දුක ඇති මහින්ද පැරදුන එකට.