එලීසාගේ_අභිරහස්_මරණය
Elisa Lam
ඇගේ නම Elisa Lam 2013 වසරෙ පෙබරවාරියෙ මේ අවාසනාවන්ත සිදුවීම වෙද්දි ඇගේ වයස අවුරුදු 21 ක්. කැනඩාවෙ වැන්කූවර් නගරයෙ ජීවත් වෙච්ච බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් තමයි මේ කියන එලීසා. චීන සම්භවයක් ඇති කැනඩා පුරවැසියෙකු වූ එලීසා තනිවම ලොස් අැන්ජලීස් නුවරට ආවෙ කෙටි නිවාඩුවක් ගත කරලා සාප්පු සවාරියේ යෙදෙන අදහසින්. ඇය එහි පැමිණි දින සිටම තම දෙමාපියන් දිනපතා අමතා තිබෙනවා. එහෙත් හදිසියේ ඇගේ කථා බහ නතර උනා.
ඇමරිකාවෙ ලොස් අැන්ජලීස් නුවර Cecil හෝටලයේ වහලය මත පිහිටා තිබෙන වතුර ටැංකියකින් ඇගේ ප්‍රාණය නිරුද්ධ නිරුවත් සිරුර සොයාගැනීමත් සමගයි මේ කථාව බාහිර සමාජයට අනාවරණය වෙන්නෙ. මළ සිරුර සොයා ගන්නා අවස්ථාව වන විට ඇගේ මරණය සිදුවී සති දෙකක් පමණ ගතවී අවසන්. හෝටලේ නළ ජලයේ පැහැය හදිසියේ වෙනස් වීම, ජල පීඩනය අඩු වීම, රස වෙනස් වීම සහ ජලය දුර්ගන්ධයකින් යුතු බව නවාතැන් කරුවො පැමිණිලි කල නිසයි ජල ටැංකිය පිළිබඳ සොයා බලලා තියෙන්නෙ. ඒ අවස්ථාව වන තුරා හෝටලයේ නවාතැන් ගත් පිරිස් ඇගේ ශරීර කොටස් සහිත නළ ජලය භාවිතා කොට තිබුනා.
ජලයේ පැහැය
එලීසා වැටී සිටි ජල ටැංකියේ ජල සාම්පලයක්
ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත බලධාරීන් එලීසාගෙ මරණය දියේ ගිලී මිය යාමක් විදියට සැක කරන්න පුලුවන් කියලා වේලාසන කිව්වා. ජලය ගබඩා කරන ටැංකි ස්ථාපනය කොට තිබෙන මේ කලාපයට පහසුවෙන් කෙනෙකුට ලඟා වෙන්න බෑ. හදිසි අනතුරු ඇගවීමේ නලා සහිත අගුළු දැමූ දොරවල් පසුකර ඇය මෙහි පැමිණිය යුතුයි. එහෙම එනවා නම් එය හෝටලේ සේවකයන්ට දැනගන්න ලැබෙනවා. එවැනි තත්වයක් යටතේ ඇය කොහොමද වතුර ටැංකිය වෙත ලඟා උනේ ඇයව කිසිවෙකු විසින් මරා දැම්මාද ? ඇය වතුර ටැංකියට වැටුනෙ කොහොමද ? හෝටලේ සාමාන්‍ය අමුත්තො යන්නෙ එන්නෙ නැති මේ කලාපයට ඇය ආවෙ ඇයි ? මේ වගේ ගැටලු රාශියකට පරීක්ෂණ පවත්වපු නිළධාරීන් මුහුණ දුන්නා.
මරණ පරීක්ෂණයෙදි සැක සහිත කිසිවක් සොයාගන්නට ලැබුනෙ නෑ. ඇය මත්ද්‍රව්‍ය ලබාගත් බවක් අනාවරණය උනේ නෑ. ඒ වගේම ශරීරයේ බාහිර තුවාල, තැලීම්, කිසිවක් තිබුනේ නෑ. පෙණහැල්ල තුල ජලය නොතිබූ නිසා ඇය ජලයේ ගිලී මිය ගිය කෙනෙකුත් නෙමෙයි. මෙය පැහැදිලිවම මිනී මැරුමක්..ඒත් එය සිදුවුනේ සිරුර ටැංකිය ඇතුලට දැම්මෙ කොහොමද ? කවුද ?
ඇයගේ සිරුර වතුර ටැංකිය තුල තිබූ ආකාරය
එක් ජල ටැංකියක් අඩි 8 ක් පමණ උසින් යුතු වෙයි.
ටැංකිය වෙත ප්‍රවේශ විය යුතු ආකාරය කඩ ඉරි වලින් දැක්වේ.
මේ සියලු පරීක්ෂණ අවසානයේදී උඩු යටිකුරු වෙන්නෙ ඇය මිය යන්නට ආසන්න අවස්ථාවක විදුලි සෝපානයේ ආරක්ෂක (CCTV) කැමරාවක සටහන් වී තිබූ කුතුහලය දනවන දර්ශන පෙළක් නිසයි. විනාඩි 4ක් පුරා දිවෙන මේ වීඩියෝවේ එලීසා පෙන්වන්නෙ අරුම පුදුම හැසිරීමක්. කලබලයෙන් වගේ සෝපානය තුලට එන ඇය එහි බොත්තම් කීපයක් ඔබා දොර වැසෙන තුරු බලා සිටිනවා. නමුත් සෝපානය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඇය කිසිවෙකුට බියෙන් හැසිරෙන බවක් පැහැදිලිව පෙනෙනවා. සෝපානය තුල ඇය කිසිවෙකුගෙන් සැඟවෙන්නට උත්සාහ ගන්න බවක් පේනවා. 1.57 විනාඩියෙදි ඇගේ දෑත් චලනය වෙන්නෙ අභිරහස් ආකාරයකට...හරියට ඇය ඉදිරියේ අමනුස්සයෙක් හිටියා වගෙයි. ඇය කථා කරන්නට උත්සාහ ගන්න බවකුත් පේනවා. මේ සිදුවීම් වලින් පස්සෙ ඇය ඉවතට යනවා...සෝපානය යළි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.
ඇගේ මරණය පිළිබද විවිධ පාර්ශව විවිධ නිගමන වලට ආවා. සමහරු කිව්වෙ මේ මරණයට අද්භූත පුද්ගලයෙක් සම්බන්ධයි කියලා. තවත් සමහරු හෝටලයේ සේවයේ නිරතව සිටි කෙනෙකු මේ මරණයට වගකිව යුතු බව කිව්වා. ඒත් වීඩියෝවෙ දැක්වෙන රූප පෙලත් එක්ක මේ සිදුවීම අභිරහස් ස්වරූපයක් ගත්තා.
ඇගේ දෙමාපියන් සමග නැගණිය එලීසාගේ මරණයට හේතු වූ කාරණා පිළිබඳ හොයලා බලන්න ඇමරිකාවට ආවා. වසරකට ලොස් ඇන්ජලීස් නගරය තුලදි පුද්ගල අතුරුදන් වීම් රාශියක් වාර්තා වෙනවා. ඒ වටපිටාව ඇතුලෙ මේ සිදුවීම ජාත්‍යන්තර තලයේ ප්‍රධාන පුවතක් බවට පත්වෙන්නෙ බොහොම කෙටි කාලයකින්.
මව සහ නැගණිය සමග එලීසා මල් පොකුරක් අතැතිව
Cecil හෝටලය අඳුරු ඉතිහාසයක් සහිත එකක්. 1920 දී ආරම්භ වී ඇති කාමර 700 ක් සහිත මේ හෝටලය නගරයට පැමිණෙන ව්‍යාපාරිකයන්ට ආහාර සහ නවාතැන් සැපයීමේ ප්‍රමුඛතැනට පත් වී තිබෙන්නේ බොහෝ කෙටි කලකින්. නගරයේ අලංකාර හෝටලයක් ලෙසත් අතීතයේදී යම් කීර්ති නාමයක් එයට අත්ව තිබුන බවයි කියන්නේ.
හෝටලය
හෝටලයේ ඇතුලත දර්ශනයක්
දීර්ඝකාලීනව ඉතා අඩු මුදලට හෝටල් කාමර ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ උනාට පස්සෙ හෝටලයට තිබුන හොඳ නම නැති උනා. සියදිවි නසාගැනීම්, මිනී මැරුම් සඳහා හෝටලය ප්‍රසිද්ධ උනා වගේම Richard Ramirez, Jack Unterweger වැනි ප්‍රසිද්ධ සමූහ මිනීමරුවන් නිතර නවාගැන් ගත් ස්ථානයක් ලෙසත් මේ හෝටලය කරළියට ආවා. 50-60 දශකය තුල මෙහි නවාතැන් ගත් කීප දෙනෙකුම ජනෙල් වලින් පිටතට පැන දිවි නසාගෙන තිබෙනවා.
Helen Gurnee නැමති 50 හැවිරිදි කත 7 වන මහලේ ජනේලයකින් පිටතට පැන දිවි නසාගත්තෙ 1954 දි. Julia Moore 8 වන මහලෙ කවුළුවකින් බිමට පැන්නෙ 1954 දි. සැමියා සමග සිදුවෙච්ච ආරවුලකින් පස්සෙ Pauline Otton 9 වන මහලෙ ජනේලයකින් බිමට පැන්නෙ 1962 දි.
2005 වර්ෂයේදී තිරගත වූ Dark Water නම් ත්‍රාසජනක චිත්‍රපටයේ කථා තේමාව Elisa Lam සිදුවීමට යම් සමානකමක් දක්වනවා. Dahlia නැමති ප්‍රධාන චරිතයක් වටා දිවෙන මේ චිත්‍රපටයට පාදක වී ඇත්තේ 1947 දී අභිරහස් අන්දමින් ලොජ් අැන්ජලීස් නගරයේදී ඝාතනය වූ එළිසබෙත් නැමති කාන්තාවකගේ කථාවක්. මේ ඝාතනය තවමත් අභිරහසක් වන අතර ඇය ඝාතනය වීමට පෙර Cecil හෝටලයේ සිටි බව සමහර ඇසින් දුටු සාක්කි වලින් කියැවුනා. චිත්‍රපටයට අනුව ඔවුන් නවාතැන් ගන්නේ මහල් නිවාස සංකීර්ණයක.
Dark Water චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක්
Dark Water චිත්‍රපටයේත් වතුර ටැංකියක ගිලී මියයන තරුණියකගේ චරිතයක්, නානකාමරයේ සීලිමෙන් කාන්දු වන කලු පැහැති දියබිඳු, හදිසියේ ක්‍රියාවිරහිත වන මහල් නිවාස සංකීර්ණයේ සෝපානය ඒ අවට ගැවසෙන භූතාත්මයක් වැනි සිදුවීම් වලින් යුක්ත උනා.
2013 ජූනි මසදී ලොස් ඇන්ජලීස් බලධාරීන් එලීසාගෙ මරණයට හේතුව හදිසි අනතුරක් ලෙස නිළ වශයෙන් දක්වමින් තම තීන්දුව ප්‍රකාශයට පත් කලා. ඒ තීරණය හමුවේ පිළිතුරු ලැබුනේ නැති කාරණා කීපයක් තිබුනා.
ලොස් ඇන්ජලීස් නුවර සිදුවන වෙනස් ආකාරයේ මරණ පිළිබඳ පරීක්ෂණ කටයුතු එහි බලධාරින් විනිවිදභාවයක් ඇතිව සිදු නොකරන බවට චෝදනා බොහොමයි. ඒ නිසාම එලීසාගේ සිදුවීම පිළිබද විවිධ පරස්පර අදහස් සමාජයේ පැතිරිලා. නමුත් බලධාරීන් මේ කරුණු සාවද්‍ය යැයි ඉදිරියේදී හෝ කරුණු ඔප්පු කර පෙන්වන බවක් පෙනෙන්නට නෑ.
හෙළිදරව් නොවූ කරුණු කීපයක් ලෝකයා හමුවේ තබා අවසානයේ එලීසා ජීවිතයෙන් සමුගත්තා.
1 එලීසා මියගියේ කොහොමද ? මරණ පරීක්ෂණයෙන් කිසිවක් අනාවරණය කරගන්න බැරි උනා.
2 ඇය හෝටලයේ වහළය මතට කාටත් හොරෙන් ලඟා වූයේ කොහොමද ?
3 ඇය ටැංකිය මතට ගියේ, එහි පියන විවෘත කලේ සහ නැවත වසා දැමූයේ කෙසේද? බරින් වැඩි නිසා ටැංකියේ පියන තනි පුද්ගලයෙකුට විවර කල නොහැකි අතර පුද්ගලයන් කීප දෙනෙකුගේ සහායෙන් එය විවෘත කල යුතුය. ටැංකියට පසෙකින් ඇති ඉනිමගේ කිසිම ඇඟිලි සළකුණක් සොයාගැනීමට හැකිවී නැත.
4 ඇය හැඳ සිටි ඇඳුම් කොතැනද ? හෝටලය තුලින් ඇගේ ඇඳුම් සොයාගැනීමට නොහැකි විය.
5 සෝපානය තුලදී සැබවින්ම සිදුවූයේ කුමක්ද ?
සමහර අභිරහස් කිසිදා විසඳිය නොහැක.....එය Dark Water චිත්‍රපටයේ තේමා පාඨයයි. එය එලීසා සම්බන්ධ සිදුවීමටද හොඳින්ම ගැලපෙයි.

උපුටා ගැනීම - http://siragekamare.blogspot.com/
Last edited: