෴ මොනොරු කොළ ඕනිද ෴

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ෴ මොනොරු කොළ ඕනිද ෴



    අපේ රටේ පරණ සල්ලි
    ගොඩක් ආස හිතුන දෙයක් නිසා දැම්මා මචන්ලා

    1000_1987-91.jpg


    500_1987-91.jpg


    මේවායේ රිදී පාට ආරක්ෂණ නූල සහ දිය සලකුණ ලෙස සිංහයා දැකිය හැකියි. අද මෙන් ආරක්ෂණ සලකුණු රාශියක් යොදන්න එදා අවශ්‍ය වුනේ නැහැ, හොර සල්ලි ගහන්න තාක්ෂණික පහසුකම් නොතිබූ නිසා.

    100_1987-91.jpg


    50_1988-90.jpg


    20_1988-90.jpg


    10_1987-90.jpg


    1000_81-85.jpg


    5_82.jpg


    තවත් අතීතයට ගියොත් අපිට 1979 දි හමුවනවා මේ රටේ ජෛව විවිධත්වය දැක්වෙන අපූරු මුදල් නෝට්ටු කාණ්ඩයක්. ශාක, පක්ෂීන්, සමනලුන්, මතස්‍යයින් ඇතුලු අපේ ඒක දේශික ජීව ප්‍රජාව.

    1979-2.jpg


    1979-5.jpg


    1979-10.jpg


    1979-20.jpg


    1979-50.jpg


    1979-100.jpg



    1977 ජූලි මාසෙ සිදුවුනු ආණ්ඩු පෙරලියත් එක්ක 1977.08.26 දින නිකුත් කරපු මෙන්න මේ රු.100. මෙහි ඉදිරිපස රාජ්‍ය ලාංඡනය සහ පිටපස පොලොන්නරුව වටදාගේ පිවිසුම් පියගැට පෙළ දැකිය හැකියි.

    SLK0082o.JPG


    SLK0082r.JPG


    මේ තියෙන්නේ එම දිනයේම නිකුත්කල රු.50. මෙහි පිටුපස අපේ තේ වගාව තමා නිරූපනය වෙන්නේ...

    SLK0081o.JPG


    SLK0081r.JPG


    ඒ දෙකත් එක්ක 1974 සහ 1975 නිකුත් කල මේ නෝට්ටු දෙක සංසන්දනය කරලා බලන්නකො. මේවා පළමුව මුද්‍රණය කලේ 1971 දි. ඉන්නෙ කවුද, තිබුණෙ මොනවද අටුවා ටීකා ඕනි නෑනෙ

    SLK0079a-1974o.jpg


    SLK0079a-1974r.jpg


    SLK0080bo.jpg


    SLK0080bo.jpg


    SLK0080br.jpg


    මෙන්න 1970 දශකයේ මුල්ම මුද්‍රණයන් දෙකක්. රු.50 සහ 100 නෝට්ටු. 50 නෝට්ටුව පිටපස විහාර මහා දේවියගේ පිළිරුවක්ද රු.100 නෝට්ටුව පිටුපස ගැටබෙර වාදකයෙක් හා සබරගමු නැටුම් ශිල්පීන් 3 දෙනෙක් දැකිය හැකියි.

    SLK0077-19701209o.jpg


    SLK0077-19701209r.jpg


    SLK0078o.JPG


    SLK0078r.JPG


    **********************************

    01.jpg


    1966, 1968 සහ 1969 අවුරුදු වල අච්චු ගහපු ඔය උඩ තියෙන රු.100 කොලේ මහා පරාක්‍රමබාහු රජ්ජුරුවො සහ සීගිරි අප්සරාවන් තමයි හිටියේ. 1969 න් පස්සෙ ගහපු නෝට්ටු ඔක්කොගෙම මහ බැංකුවෙ නම බාසා තුනෙංම තිබ්බා .මෙයින් පස්සේ තියෙන 50, 10, 5 සහ 2 කොලවල ඉතා කුඩාවට (extra small text) ශ්‍රී ලංකා මහ බැංකු ගොඩාරියක් අච්චුගහලා තියෙනවා ඇහැක්නං හොයන්න.

    02.jpg


    මේ තියෙන්නේ 1967, 1968 සහ 1969 අවුරුදු වල ගහපු 50 කොලේ. පරාක්‍රමබාහු රජ්ජුරුවො වගේම පොළොන්නරුව රත්නගිරි වටදාගේ සඳකඩ පහණත් මේ කොලේ තිබ්බා

    03.jpg


    1968, 1969 සහ 1970 ත් ආව මේ දහයෙ කොලේ පරාක්‍රමබාහු රජතුමායි දිසාපාලක මුරගලකුයි තියෙනවා.

    04.jpg


    මෙන්න මේ පහේ කොලේ පිටුපස තියෙන්නේ පොලොන්නරුවේ අදටත් තියෙන නිශ්ශංක මල්ල රජ්ජුරුවංගෙ සිංහාසනේ කියනවනෙ. 1965, 1968, 1969 හා 1970 අවුරුදු වල මේ නෝට්ටුව එළිබැස්සා. මුදුනෙ තියෙන 5 ඉලක්කං දෙක හැඩ දාලා තියෙන්නෙ මීට කලින් සහ මේ කාණ්ඩ වල.

    05.1.jpg


    1965, 1968, 1969 සහ 1970 අවුරුදුවල මැදිරිගිරිය වටදාගේ ඇතුලත් මේ දෙකේ කොලේ අච්චු ගහලා තියෙන්නේ.

    දැං අපි තව පොඩ්ඩක් පස්සට රිවස් කොරාල බලමු. මෙතනිං ටිකක් ආපස්සට යනකං නෝට්ටුවල ඉස්සරහ පැත්තෙ උන්නෙ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක හිටපු අගමැතිතුමා.

    11.jpg


    ඔන්න මහතුනේ 1963.06.05 දින ආපු 100 කොලේ.

    12.jpg


    ආයිත් 50 කොලේ පොලොන්නරුව රත්නගිරි වටදාගේ සඳකඩපහණත් තිබ්බා. මේවා 1961 සහ 1963 අවුරුදුවල තමා අච්චු ගැහැව්වෙ. මේකෙ රවුමක් ඇතුලෙ තියෙනවා අර මම හොයන්න කියාපු එක.

    13.jpg


    මේං මේ දහයෙ කොලේ 1964.06.12 සහ 1964.08.28 දිනවල පුරුදු පරිදි දිසාපාලක මුරගලක් එක්ක ආපි.

    14.jpg


    පහුකාලීනව කොලේ ඉස්සරහට ආව පරාක්‍රමබාහු රජතුමා පිටිපස්සට වෙලා හිටපු සුපියල් පහ 1962 සහ 1964 කියන අවුරුදුවල තමා ආවේ.

    15.jpg


    ඒවගේම 1962 සහ 1964 අවුරුදුවල මෙන්න මේ මැදිරිගිරිය වටදාගේ ඇතුලත් දෙකේ කොලේ අපිට ලැබුණා.

    දැං ආයිබොවන්ඩ, අපි යන්ට තනන්නෙ තව පස්සට. ඒ කියන්නේ එකදාස් නමසිය පනස් ගණන් වලට. මේ නෝට්ටු සේරගෙම තිබ්බ දෙයක් තමා ලංකාවේ වංශ සලකුණ හෙවත් එවකට යටත් විජිත ලාංඡනය (coat of arms). ඒකෙං කියවෙන්නෙ අපි සිංහයො...ඒත් තාම ඔටුන්නට යටත්. මේං බලන්ටකො බොරුනං. හැබැයි මෙව්වයෙ තියෙන අනික් රූප ගැන මම දැං කියලා තියෙන නිසා ආයි කියන්ට යන්නෑ.


    මේ 1956.10.24 දින ආපු සීයෙ කොලේ...

    21.jpg


    මේක 1956, 1958 සහ 1959 දි ආව පනහෙ කොලේ...

    22.jpg


    1956 ඉඳං 1963 වෙනකං 1962 ඇර හැම අවුරුද්දකම අච්චු ගහලා තියෙනවා ඔය පහල තියෙන දහයෙ කොලේ. ටොක්සයිඩ් විදගන්ට ඈ...

    23.jpg


    1956, 1957, 1958 වගේම 1960, 1962 අවුරුදුවල එලියට දාපු පහේ කොලේ හැඩ තමා මේ

    24.jpg


    ඔය උඩ තියෙන පහේ කොලේට සමගාමීව මේ පහල තියෙන දෙකේ කොලේ ගහලා තියෙන්නේ.

    24.1.jpg


    ඒ අවුරුදු වල වගේම 1963 ත් අච්චු ගහපු මෙන්න මේ බඩ්ඩ බලන්ටකො.

    26.jpg


    මේ තමා රුපියලේ කොලේ. 1963.06.05 අවසාන රුපියලේ කොලේ අච්චුගහලා තියෙන්නේ Bradbury Wilkinson & Co කියන සමාගම (කරුණු කාරණා හොයලා බැලුවම ඩි ල රූ තමා මේ සමාගම පසුකාලීනව පවරාගෙන තියෙන්නේ). මෙයිට කලිං නෝට්ටු වල ඉංගිරිසිය තමා රජ කොරලා තියෙන්නේ.

    මෙන්න මේ පහල තියෙන කොලේ ඉන්නෙ කවුදෑ බලාපල්ලා.

    31.jpg


    එංගලන්තෙ දෙවනි එලිසබෙත් මහ රැජින තමා ඔය බැබලි බැබලි ඉන්නේ. ඔය නෝට්ටුව වගේම පහල තියෙන 50, 10, 5, 2 සහ රුපියලේ නෝට්ටු 1952 සහ 1954 අවුරුදු වලදි කාණ්ඩ 2 කින් එළියට ආවා.

    32.jpg


    33.jpg


    32.1.jpg


    1952 දි දම්පාටට ආපු ඔය උඩ තියෙන පහේ කොලේම රතට හුරු පාටකින් 1954 දි ආවෙ.

    25.jpg


    මෙන්න රැජිනගෙ සුපියල

    32.2.jpg


    1951 ජනවාරි 20 තමා නිදහසින් පස්සෙ අච්චු ගහපු මෙන්න මේ මුල්ම නෝට්ටු ඩබල අපිට ලැබෙන්නේ.

    41.jpg


    42.jpg


    1949 අංක 58 දරණ මුදල් නීති පණතෙන් පිහිටවාපු ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙලා ඉස් ඉස්සෙල්ලම මුද්‍රණය කොරාපු නෝට්ටු කාණ්ඩයත් ඕකම තමා.



    උපුටා ගැනීමකි .
    http://visitor-v.blogspot.com/2014/09/2-brother-of-god-and-goddess-lakshmi.html
     
    Last edited:

    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    Appata siri. Maru post eka..
    Thinking about the value of 100 Ruppee note in 1952:shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :love::love:

    patta bang.. mang gawath rs 2/- kole thiyenawa ..dan print kara wage ..podi wela pacha wela neh :D:D:D:D;););)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ කාලේ සල්ලි කොල දැන් ඒවාට වඩා ලස්සනයි නේහ්.... :cool:

    නිදහස් පක්ෂේ කට්ටිය හරි ආසයි වගේ තමන්ගේ නායකයාගේ රූපේ එක්ක සල්ලි කොල නිකුත් කරන්න..... :lol: