අලුතෙන් එන අහස් යන්ත්‍ර

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අලුතෙන් එන අහස් යන්ත්‍ර

    දැනට අලුතෙන් ඩිවෙලොප් වෙන ප්ලේන් මොනවද කියලා බලමුද?:no:
    මුලින්ම ලඟදිම ආපු හැඩකාරයා ගැන බලුමු. මූ ආවා කීවට තාම ඇවිත් නෑ. එන්න තටමනවා.
    මෙයාගේ නම බෝයිං 777X (777-8X, 777-9X) - මූ ආපුවහම පරන බෝයිං 777 හැදෙන්නේ නැති වෙයිලු:rolleyes:
    2013 ඩුබායි එයාර් ෂෝ එකේදි මෙයාව මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ.
    මෙයාව හදන්න හදන වින්කලේ වැඩ ගිය අවුරුද්දේ පටන් ගෙන.
    මෙයාව 2017 හදන්න පටන්ගෙන මුලින්ම පියාසර කරන්නේ (commercial flight) 2020 ලු.
    එටිහාඩ් තමයි ලෝන්චින් කස්ටමර්. හැබැයි ලොකුම බයර් වෙන්නේ එමිරටෙස්ලු! (දැනට):yes:
    මූගෙ විෂේශත්වය තමයි, මෙයාට ගහන්න "ෆුඑල් එෆිෂියන්ට්" කෙනෙක් මෙයාගෙ කැටගරියේ (ට්වින් එන්ජින්, twin eisle දිගු දුර කැටගරියේ) තාම ඉදිරිපත්වෙලා නැති එක
    - උන් මාර්කට් කරන්නේ එහෙමයි:confused:
    GE9X තමා එන්ජින් එක. උඩුගුවනේදී නමන්න පුලුවන් වින්ග්ස් (කොන විතරයි හොඳේ - 64.8m සිට 71.8m දකවා ) හදල තමයි මෙහෙම තෙල් ඉතුරු කරගන්න හදන්නේ
    උපරිම දුර 8X එකට 15185km හා 9X එකට 17200km ලු
    Airbus A350XWB එකත් එක්ක කොම්පීට් කරන්න තමා උන් මේක හදන්නේ.
    ඒත් මේ ගොයියා ආවා කියලා එයාර්බස් ලා සත පහකට බය වෙලා නෑ.
    මොකද එයාලගේ A350-1000 එලියට ආපු ගමන් මූ කැලේ කියල:D
    තමයි එයාර්බස් සී ඊ ඕ අන්කල් කියන්නේ. පොරට ඒ තරමට බඩු ශුවර්ලු!:oo:
    උපරිම මගීන් 400 (9X එකේ; seat 350 - 8X එකේ) කියල තමා බෝයින් සයිට් එකේ තියෙන්නෙ.

    boeing-777x.jpg

    boeing-777x-8.jpg


    ඊලගට දැනට ඩෙවෙලොප් කරගෙන යන කෙනා තමයි බෝයින් 737MAX.
    මෙයත් මේ කාණ්ඩේ ,ඒ කීවේ කෙටි දුර සින්ගල් අයිස්ල් ගොඩේ "ෆුඑල්" හොදම කෙනා වෙන්න තමා ප්ලෑන!:nerd:
    Boeing 737 Next Generation ගේ අනුප්‍රාප්තිකයා
    2015 අග එන Airbus A320neoට ගහන්න තමා මෙයාව ගේන්න හදන්නේ.:frown:
    අඩු බර, අලුත් ඒරොඩයනැමික්ස්, අලුත් එන්ජින් එකෙන් (CFM LEAP-1B engine),අලුත් විදිහේ වින්ග්ලට් වලින් එහෙම තමා මේ වාසිය ගන්න හදන්නේ
    කි.මී. 6700 ත් 7200ත් දුරක් යන්න පුලුවන් ජාති 3න් තමා මෙයා එන්නේ (උපරිම දුර A320neoට වඩා වැඩියි ලු )
    120ත් 220ත්(පැක්ඩ්) අතර ගානකට යන්න පුලුවන් (දිග 33.7m සිට 42.2m) පොඩි සුරතල් කෑල්ලක් තමා මේක:love:
    2017 මුලින්ම සේවයට එන්න තමා මෙයා හදන්නේ. ලෝන්චින් එයාර්ලයින් එක ඇවිල්ලා Southwest Airlines.
    හැබැයි ලොකුම කස්ටමර් වෙන්නේ “නම හෙලි කිරීමට අකමැති කෙනෙක්“ තමයිලු (අපිද දන්නේ නෑ):baffled:
    ප්‍රසිද්ධ කරපු අයගෙන් උඩින්ම ඉන්නෙ රයන් එයාර් ලා
    full737max-18.jpg

    full737max-6.jpg

    Airbus A350XWB
    ඇත්තටම මෙයා සර්විස් එකට ආවා පසුගිය ජනවාරි 15දා (තාම එකයි හදලා තියෙන්නේ (ටෙස්ට් කරන්න හදපු 5ත් එක්ක 6යි ) - 900 එකෙක් තමා ඉස්සරවෙලාම කල එලි බැස්සේ
    කටාර් එයාර්වේස් තමා ලෝන්චින්ග් කස්ටමර් වුනේ!:yes:
    0b72e49159093f37840e.jpg

    හොදට තෙල් කරන එකක් කියල තමා මාර්කට් වෙන්නෙ.
    මේ වෙනකොට තියෙන හොදම ෆුඑල් එෆිෂියන්ට් එකක්. medium haul flights කැටගරියේ
    කොල්ලා සයිස් තුනකින් එනව 800,900,1000 කියල - සයිස් එක ලොකු වෙන විදිහට
    යන්න පුලුවන් දුර පොඩි එකාට 15300km සීට් 276 එක්ක
    ලොකු එකාට 14800km සීට් 369 ක් එක්කල
    රෝල්ස් රොයිස්ලගේ ට්‍රෙන්ට් XWB එනජින් දෙකක් තමයි සප් එක දෙන්නේ:rofl:
    A350-2-linueip.jpg


    Airbus A330neo
    මීලගට ලියන්න හිතුවෙ එයාර්බස් නියෝ ගැන.
    මෙයා තමා ලෝකේ අහස් යන්තර තාක්ශනේ මෑතකදී (කිව්වට වසර 20ට වැඩියි මයේ හිතේ) වෙනස් කරපු A330 (ඩිජිටල් ෆ්ලයි බයි වයර් එහෙම ගෙනාවෙ මූ) එකාගේ ඊලඟ පරපුර.
    කල එළි මංගල්ලේ තියෙන්නෙ 2017
    නියෝ කියන්නේ නිව් එන්ජින් ඔප්ෂන් කියන එකලු. ජාති 2යි 800 හා 900.
    900 ට ඉල්ලුම වැඩියි කියලා කියනවා.
    එයාර් ඒෂියා තමා ලොකුම බයර් වෙන්නේ:baffled:
    බෝයීන්ලා කොච්චර කයි දුන්නත් මෙයා බෝයින් 737MAXට වඩා තෙල් හොදට කරයි කියලා තමා කියන්නේ.
    මෙයත් ඉතින් ලස්සන හුරුබුහුටි කෑල්ලක් තමා, වින්ග්ලට් එහෙම එල්ලගෙන ඉන්න:P
    eb70e2bad2d1a023dc67.jpg


    සීට් ගාන 350ත් 310 අතර වෙන රෝල්ස්‍ රොයිස් ට්‍රෙන්ට් 7000 එන්ජින් එක තමා යූස් කරන්න යන්නේ
    යැන්කි ඩෙල්ටා එයාර්ලයින් තමයි ලෝන්චින් කස්ටමර්
    මුලින්ම වැඩේ ප්‍රසිද්ද කලේ 2014 මැද. කට්ටිය බස බස ගාල ඕඩර් ගේනවලු - මූ වැඩේ කියන්නේ බෝයින් ට කෙලවනවට අමතරව, එයාර්බස්ලගේ A350 ගොඩටත් ගේම දෙයි කියල තමා ලෝකයා දැන් දැන් දොඩන්නේ:baffled:
    දැනට එක ප්‍රෝටෝටයිපයක් හදල ටෙස්ට් වැඩ පටන් අරන් තියෙන්නෙ!
    downloadpic.php


    තවත් ප්ලේන් ජාති දෙකක් ගැන කියන්න කියලා හිතුවා....
    එකක් තමයි රුසියන් අයියල දැනට හදාගෙන යන එකක්.
    රුසියාවේ (සෝවියට් දේශයේ) ප්ලේන් හදන සමාගම් ගොඩක් තිබුනනේ (සුකෝ, අ(ර්)කට්, ඉලූශියන්, ට්‍යුපොලෙව් ආදි උච්චාරනයට අපහසු රාශියක්)
    හැබැයි ගොර්බ(ජ )බොක් ඇමරිකාවත් එක්ක එක්කාසුවෙලා
    සෝවියට් දේශයට කෙලෙව්වට පස්සේ ඔය ගොඩක් උන් ටින්කරින් වැඩ, පැච් දාන වැඩ වගේ කර කර එදා වේල ටුවර්ස් වෙල හිටියේ!
    2006 පුටින් මල්ලි ආයෙ ගේමට ගේම කියල වැඩේට අත ගැහුව.
    ඔය වින්කල් සේරම එක්කාසු කරලා හැදුව United Aircraft Corporation කියල සමාගමක් ප්ලේන් හදන්න:oo:

    පුටියා දාර කපටියානේ. ඌ මේ වැඩේට ඔබාමගේ රටේ කොම්පැනි ටිකකුත් හවුල් කර ගත්තා.
    කොහොමෙන් කොහොම හරි කස්ටිය වැඩ පටන් ගෙන දැන් හදාගෙන යනවා Irkut MC-21
    (ඔය රශියන් අයියල ගොඩක් දේවල් හොයා ගත්තා ඒවිඒශන් වල. හැබැයි ඉතින් බටහිර මාධ්‍ය සුපුරුදු පරිදි ඕවායේ නෙගටිවෙ පැත්ත තමා ප්‍රමෝට් කලේ - ෆ්ලයි බයි වයර් හොයා ගත්තෙත් රුසියන් අය. එතකොට
    මුල්ම සුපර්සොනික් ජෙට් එක. බටහිර අය ඕවා කඩාකප්පල් කරා කියලා තමයි කියන්නේ ):angry:
    Sukhoi Superjet 100, 2011 පටන් වැඩ කරනවා එ්ක තාම කොමර්ෂල් වැඩ වලදී හොද රෙකොර්ඩ් එකක් තියන් ඉන්නව සේෆිය් පැත්තෙන්.
    ටෙස්ට් කරද්දි එකක් ක්‍රෑශ් වුනා පයිලට් පිස්සු කෙලලා.
    MC-21 මුලින්ම එන්නේ 2017ලු. මිඩ් සයිස් medium haul seat 130ත් 230ත් අතර යන්න පුලුවන් මේකේ විශේෂත්වය තමයි යුනිට් කොස්ට් එක මෙයා කොම්පීට් කරන ගොඩේ ඉන්න (Airbus A320, Boeing 737) අයට වඩා අඩුයි. පොඩි එයර්ලයින් වලට හොදයි:rofl:
    අලුත් ඉනොවෂන්ස් එක්ක ලු එන්නේ- අලුත්ම පයිලට් ෆ්‍රෙන්ඩ්ලි කොක්පිට් ඩිස්ප්ලේ එකක් එහෙම - හැබැයි ඉතින් අධිරජ්‍යවාදී කුමන්ත්‍රණකාරයෝ මේක විකිනෙන එක කෙල කරයිද දන්නේ නෑ
    ප්‍රෝටෝටයිප් එක හදන්න පටන් ගෙන ලු. යූස් කරන්න යන්නේ Pratt & Whitney PW1400 එන්ජිම
    මේ අවුරුද්දේ ටෙස්ට් ෆ්ලයිට් පටන් ගන්නවලු
    MC-21_07-403x226.jpg

    getasset.aspx


    තව එකෙක් ගැන ලියන්න හිතුවා.
    පොර තමයි කොමැක් C919. චයිනීස් බඩුවක්. ස්ලිම් කෑල්ලක්
    Airbus A320, Boeing 737 ට ගහන්න තමයි හදන්න යන්නේ. චීනේ හදන්න යන ලොකුම ප්ලේන් එක
    මගීන් 156 ත් 168ත් අතර ගානකට යන්න. දුර 4075km යි ලු. 5555km දුර වර්ෂන් එකකුත් හදනවලු.
    එන්ජිම ඇවිල්ලා CFM LEAP 1C. පලමු ගමන 2015 අග තමයි ප්ලෑන් කරලා තියෙන්නෙ.
    දැන් බඩු හදනවා:yes:
    9ifc4p.jpg


    වෙන රටවල් වලින් නම් ඕර්ඩර්ස් ආවෙනැතුවට චයින අය ඕඩර්ස් දීලා තියනව බර ගානක්.
    මෙයත් ගාන අඩු වියදම අඩු කෑල්ලක්. ඩොමෙස්ටික් ෆ්ලයිට් වලට එලලු. නිව් ටෙක්නොලොගි යූස් කරනවය කියන්නේ.:P
    රයන් එයාර්ලයි බ්‍රිටිශ් එයාර්ලයින්ලයි කැමැත්තෙන්ලු ඉන්නෙ මෙයාව ගන්න!:baffled:
    පහුගිය කාලෙ ලංකාව ඩිවෙලොප් වෙච්ච හැටියට සමහර විට අපේ රටටත් මේවායෙන් කීපයක් ගොඩ බාන්න ඉඩ තිබුනා:P
    c919-v2.jpg


    තව එකෙක් මේ දවස් වල හැදෙනවා -
    ඒ Embraer E2
    2018 එලි බහින්නේ
    80-132 ත් අතර සීට් ගාන මැද දුර ඩොමෙස්ටික් මාර්කට් එකට හදන ඒවා
    SkyWest Airlines
    තමයි ලෝනචින් කස්ටමර්
    ලොකුම බයර්ත් එයාම තමයි
    ආ දන්නවනේ මෙයා බ්‍රසීල ජාතිකයෙක්!
    ප්‍රසිද්ධ ඩොමෙස්ටික් ප්ලේන් හදන කට්ටියක් තමයි:dull:
    කි.මි 3700ත් 5200ත් අතර දුරක් යන්න පුලුවන්
    හොදට තෙල් කරනවලු මෙයාලගේ කාණ්ඩේ ඉන්න අය අතරින්
    ෆුල් ඩිජිටල් ෆ්ලයි බයි වයර් පොරක්
    :D
    e195-e2_dimension.jpg

    921-embraer-e190e2.jpg

     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :D

    Good Post saho.TFS :yes: Rep+
    :D

    :D

    Niyamai machan. Digatama daamu. Matath langadi aviation field eka gana thread ekak daanna bari una.
    MAchan ara aviation thread ekata den kattiya enawaa aduyine!:rolleyes:

    පැටියා;17853468 said:
    Good Post saho.TFS Rep+
    :D

    ela ela bro :D
    :D

    :D
    Good Post
    :D
    :D

    මරුසිරා;17853629 said:
    මගොඩිය වුනාට දාපු පොස්ට් එක පට්ට ...රේප් +6
    :growl::frown::oo::D:love:

    apo,, chinees aircraft awoth nam mama naw wala ynawa ban ,,,

    Ehema kiyanna epaa ban kawuda dannea thawa tika kaalekin chiinnu boeing hari airbus hari gaththoth ehema. Denatamath Airbus lage assembling plant ekak thiyenawa china wala