සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

    වර වර කුකුලෝ ඇතුලට හිටං









    අද කියන්න යන්නේ කොහොමද වාහනේක සස්පෙන්ශන් හදාගන්නේ කියල හිටං:cool::cool::cool:

    car-suspension-12.jpg


    ඉස්සෙල්ලම අපි බලමු කොහොමද මොකුත් ගලවන්නේ නැතුව වාහනේක සස්පෙන්ශන් පද්දතිය හොදයිද නරකයිද බලන්නේ කියලා හිටං. වාහනේ නවත්තලා රෝද දෙක කෙලින් කරන්න. ඊට පස්සේ මුලු හතරම එකින් එක අත් දෙක තියලා තදින් පද්දලා අත හරින්න. ඒ අත ඇරියහම වාහනේ එක්වරක් දෙවරක් පැද්දිලා නවතින්න ඕනේ හිටං. ඒ වගේම එක දිගට පද්දනකොට බොහොම ලිහිල්ව පැද්දෙන්න බෑ. එහෙම වෙනවනම් සස්පෙන්ශන් හොද තත්වයේ හිටං නෑ


    htup_0807_08_z%2Bhonda_front_suspension_diagram.jpg




    වාහනේක සස්පෙන්ශන් සවුත්තු උනාම වාහනය වලක වැටුනහම පැද්දෙන ගතිය වැඩි වෙනවා වගේම ශොක් මවුන් වලින් එහෙමට් සද්ද බද්ද එන්න පුලුවන්. අපි ඒවා එකින් එක බලමු හිටං

    කොහොමද ශොක් එකක් වැඩකරන්නේ හිටං......

    car-suspension-8.gif


    Ammo_monotubo.gif




    ඔය ශොක් පිස්ටන් එකේ තියෙන්නේ ඉතාම සියුම් සිදුරු. ඒ හරහා ඔයිල් එහා මෙහා මාරු වීම මගින් තමා ශොක් එක ඇබ්සෝබ් වෙන්නේ හිටං. රූප සටහන අනුව ඒක ඉතාම පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා හිටං


    කාලයත් සමග ඔය පිස්ටන් එක ගෙවී යාම නිසා ඔයිල් වලට යෙදවෙන ප්‍රතිරෝදය අඩු වෙනවා. එතකොට ශොක් සවුත්තු වෙනවා හිටං. ඒ වගේම යම් යම් හේතු නිසා ඔයිල් සීල් වලින් ඔයිල් එලියට ඇවිත් නිසි ක්‍රියාකාරීත්වය අඩපන වෙන්නත් පුලුවන් හිටං


    දැන් මම පෙන්නන්න යන්නේ කොහොමද අපිම වාහනේක සස්පෙන්ශන් රෙපෙයාර් කරගන්නේ කියලා හිටං. .


    මේතනදි මම යොදාගන්නේ හොන්ඩා සිවික් FD1 වර්ගයේ මෝටර් රථයක්



    Honda-Pilot-Front-Shock-Absorber-Components-Parts-Diagram.png



    1. front spring
    2. rubber, front spring mounting
    3. shock absorber assembly, right front
    4. shock absorber assembly, light front
    5. shock absorber unit, right front
    6. shock absorber unit, left front
    8. front sleeve dust, cover
    9. seat, front spring (upper)
    10. rubber, front bump stop
    11. bearing shock absorber mounting
    12. rubber, front shock absorber mounting
    13. washer, front shock absorber mounting
    14. bolt, flange (16×76)
    15. nut, self-lock (12mm)
    16. nut, flange (10mm)
    17. nut, flange (16mm)





    Vehicle-suspension-parts--shocks-absorbers-1309851023-0.png





    සිවික් එකේ ශොක් එක මවුන්ට් වෙන්නේ වයිපර් එක තියෙන හරියට ඒ නිසා ඉස්සෙල්ලම වයිපරේ ගලව ගන්න ඕනේ හිටං. අනෙක් කාර් වලනම් බොනට් එක ඇරියහම හිටං පේනවා



    10868124_1581167452119296_2803635162734898818_n.jpg


    ඊට පස්සේ ප්ලාස්ටික් කවරය

    10959403_1581166985452676_3797327669187821115_n.jpg


    ඔන්න දැන් ශොක් මවුන්ට් එක බොඩියත් එක්ක සම්බන්ද වෙන තැන හිටං පේනවා



    10985256_1581166968786011_2837384549194688775_n.jpg




    දැන් එතන නට් ටික චුට්ටක් බුරුල් කරලා ස්ටීරින් නකල් එක ගාවින් ගලවගන්න ඕනේ. ගලවන්න කලින් හොදට බලන්න බ්‍රේක් ඔයිල් ලයින් එක කොහෙටද සම්බන්ද වෙලා තියෙන්නේ කියල, බලලා ප්‍රවේසමෙන් ඒක හිටං ගලවගන්න



    10834899_1581168455452529_3867212598523790696_o.jpg




    ඊට පස්සේ ස්ටීරින් නකල් එක ගාවින් සහ ශොක් මවුන්ට් එක ගාවින් ගලව ගත්තහම පෙන්නේ මෙන්න මේ වගේ හිටං


    10676279_1581167572119284_6743892139651083378_n.jpg



    10968590_1581167195452655_3671558409832926990_n.jpg



    මෙන්න ගලවගත්ත ශොක් (+ mount+ coil spring )එක


    1779979_1581167748785933_8299440023096057168_n.jpg



    දැන් ශොක් එක ගලවගත්තහම හිටං හොදින්ම බලන්න පුලුවන් ඒකේ තත්වය. කරන්න තියෙන්නේ සරල දෙයක්. ශොක් එක බිත්තියකට තියලා ඇතුලටම තද කරන්න කරලා අත ඇරියහම ගෑස් චාර්ජ් එකේ ප්‍රෙසර් එකෙන් ශාෆ්ට් එක එලියට එන්න ඕනේ හිටං. එන්නේ නැත්නම් හෝ හුගාක් හිමීට එනවනම් ශොක් එක සවුත්තුයි


    දැං බලමු ගලවගත්ත සෙට් එකෙන් කොහොමද ශොක් එක කොයිල් ස්ප්‍රින් එක ඇතුලෙන් මවුන්ට් එක ගලවලා එලියට ගන්නේ කියල හිටං


    මුලින්ම කොයිල් ස්ප්‍රින් එකට ක්ලෑම්ප් දෙකක් දාගන්න ඕනේ මෙන්න මෙහෙම හිටං


    10690201_1581168868785821_4891703885984402325_n.jpg



    දැන් ක්ලම්ප් දෙක තද කරන ගමන් කොයිල් ස්ප්‍රින් එක පස්සට ගන්න ඕනේ. පැන්නොත් මල විජ්ජුම්බරයක් වෙන නිසා ක්ලෑම් දෙක හොද පරිස්සමට දාගන්න හිටං


    10934071_1581167432119298_1544429044863944266_n.jpg



    දෙපැත්තම හිටං මාරුවෙන් මාරුවට තද කරන්න


    10277374_1581167415452633_5783336578491252077_n.jpg



    mh7074a.jpg



    0 + (Unillustrated Parts)
    1 + Shock absorber
    2 + .Locknut
    3 + .Hexagonal nut
    4 + .Washer
    5 + .Bush
    6 + .Cup washer
    7 + .Washer
    8 + Bolt
    9 + Self locking nut
    10 + Mounting bracket
    11 + Anti roll bar bracket
    12 + Road spring kit
    13 + .Packing ring
    14 + Bumpstop rubber
    15 + Bumpstop spacer
    16 + Spring pan
    17 + Locking nut
    18 + Bolt
    19 + Hexagonal nut
    20 + Countersunk setscrew
    21 + Shakeproof washer
    22 + Lock washer



    ඔන්න දැන් හිටං ශොක් මවුන්ට් එකේ ලොක් නට් එක ගලවන්න පුලුවන් ලේසියෙන්ම



    10806241_1581167698785938_3875273511751299955_n.jpg




    දැන් ඔන්න අපේ ශොක් ලෙඩා එලියට ඇදල විසික් කරන්න පුලුවන් හිටං



    10527750_1581168722119169_1137764562300921170_n.jpg




    මෙන්න ගලවගත්ත ශොක් මවුන්ට් එක


    10959392_1581168082119233_115977208391241001_n.jpg



    මේ තියෙන්නේ ශොක් මවුන්ට් එකේ උඩ පැත්ත හිටං


    10888356_1581168902119151_6492999095183347390_n.jpg



    ශොක් රිප්ලේස් කරද්දි අනිවාරෙන්ම මෙන්න මේවා කරන්න ඕනේ හිටං


    දෙපැත්තෙම ශොක් රිප්ලේස් කරන්න
    අනිවාරෙන් ශොක් මවුන් මාරු කරන්න
    අනිවාරෙන් අලුත් බූට් දෙකක් දාන්න
    අනිවාරෙන් ලෝවර් ආම් යාන්තම් හෝ සවුත්තු වෙලානම් ඒවා මාරු කරන්න




    මම ලෝවර් ආම් මාරු කලේ නෑ කලින් දවසක මාරු කල නිසා, ලෝවර් ආම් මාරු කරන හැටි ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් හිටං


    මෙන්න අලුත් බඩු

    ශෝක් එක (2),


    10252061_1581168248785883_5163724099164921748_n.jpg



    ශොක් බූට් එක, මේකනම් හොන්ඩා වලට එන එකක් නෙමේ. මේක මතක විදිහට මම ගෙනාවේ ඇලියොන් එකකට දාන්න හිටං. ඔය කලුපාට රවුම බූට් එකේ මවුන්ට් එක. ඒක විසිකරල දාලා පරන මවුන්ට් එකෙන් ශොක් මවුන්ට් කෑල්ල ගලවලා කැඩුනු හරිය පිහියකින් කපලා ජිල්මාට් එකක් දාලා හයි කලා හිටං


    10952571_1581168335452541_556357364137356670_n.jpg



    දුක තමා මචෝ අලුත් ශොක් මවුන්ට් වල පොටෝ ගහගෙන නෑ. ඒ නිසා අන්තර්ජාලෙන් පොටෝ එකක් අරන් හිටං දැම්මා ඕන්



    51920-SVB-A03_1.jpg



    දැන් ඔන්න හිටං ශොක් එකට කොයිල් ස්ප්‍රින් එක බස්සගන්නවා


    1495521_1581168695452505_1444122360354470855_n.jpg



    ඊට පස්සේ බූට් එක දාලා මවුන්ට් එක දාගන්න ඕනේ


    1622655_1581168235452551_5119897791802292259_n.jpg



    කලින් ගලවපු ලොක් නට් එක දාගන්නවා මවුන්ට් එකට පස්සේ හිටං


    10968423_1581168155452559_4419126528180942064_n.jpg




    වැඩේ ඉවරයි... දැන් ඉතින් ගලවපු විදිහටම (පියවරෙන් පියවර කිව්වනේ ) හයිකරගන්න විතරයි තියෙන්නේ හිටං



    10013290_1581168752119166_1247058394849329051_n.jpg









    දැන් ඉතින් මෙන්න මෙහෙම යන්නයි තියෙන්නේ හිටං:yes::yes::yes::cool::cool::cool::cool:

    20090625_7b2f13fe9fe45790ba84oEIUMObmAuNO.jpg




    ලෝවර් ආම් මාරුකරන එක ගැන වෙනම දාන්නම්. හරිම ලේසියි

    හොදනම් සලකලා බම්ප් එකක් දාලා එහෙම යන්න හිටං:D:D:D


    අනවසරයෙන් උපුටාගෙන හිටං බ්ලොග් වල පලකිරීම සපුරා තහනම්
    (ටයර් ගැන දාපු ත්‍රෙඩ් එක දැන් බියුටි සැලූන් බ්ලොග් වල හිටන් තියෙනවා :oo::oo:)
    කාර් එකේ පරන අයිතිකාරයා උන්නොත් ඔන්න මගේ නං ගං දාලා එක්ස්පෝස් කරනව නෙමේ හිටං:lol::lol:

    ජයවේවා හිටං!!

    තෙරුවන් සරනයි!!

    මම,
    රත්තරං
    08-02-2015​
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ela ela salakami..


    Kalin deelalune...You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    (ටයර් ගැන දාපු ත්‍රෙඩ් එක දැන් බියුටි සැලූන් බ්ලොග් වල හිටන් තියෙනවා ) :confused::confused:

    හොඳ ගරාජ් එකකුත් කිව්වානම් නුගෙගොඩ නරහෙන්පිට අවටින් වැඩෙ කරගන්න..........................ජයවේවා!! තෙරුවන් සරනයි!! :yes::yes::yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    bump patta macahn

    mamat dan 1 year walata kalin maaru kara.. KYB damme

    KYB wala made in Japan ekakui Malaysian ekakui teyenawa.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    (ටයර් ගැන දාපු ත්‍රෙඩ් එක දැන් බියුටි සැලූන් බ්ලොග් වල හිටන් තියෙනවා ) :confused::confused:

    හොඳ ගරාජ් එකකුත් කිව්වානම් නුගෙගොඩ නරහෙන්පිට අවටින් වැඩෙ කරගන්න..........................ජයවේවා!! තෙරුවන් සරනයි!! :yes::yes::yes:

    ඔය පොඩි පොඩි වැඩවලටනම් කොයි ගරාජ් එකත් එකයි. ටෙක් මල්ලි කෙනෙක් තමා මමනම් වැඩවලට සෙට් කරගන්නේ හිටං. ගරාජ් එකකට ගිය කාලයක් මතක නෑ. ඕනේ මගුලක් කියල ගෙදරම ගලවනව හිටං.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් උබ ඔය කියපු විදිහට මුළු හතර හොල්ලල බලල කලේ දැනට දශක කිහිපයකට උඩදී. එකෙන් හරියටම කියන්න බැහැ.

    මේක බලන්න


     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එල කිරි . වැඩේ වටිනවා...

    සාමන්යෙන් කොරොල්ලා ඒ.ඊ / ඊ.ඊ 91 එකක ඉස්සරස ෂොක් දෙකෙ ගාන එහෙම දන්නවද? ඒ වන්ඩිය ගැන අවුලක් එහෙම කියන්න තියෙනවාද? ගන්න කියලා බැලුවේ
    :)


    REP +++
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    bump patta macahn

    mamat dan 1 year walata kalin maaru kara.. KYB damme

    KYB wala made in Japan ekakui Malaysian ekakui teyenawa.

    KYB හොදයි මචන්. මැප් (MAP) කියල තායිවාන් / චයිනීස් එකක් එනවා ඒකත් අව්ලක්ම නෑ. ඒක හෙන ගනං අඩුයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල කිරි . වැඩේ වටිනවා...

    සාමන්යෙන් කොරොල්ලා ඒ.ඊ / ඊ.ඊ 91 එකක ඉස්සරස ෂොක් දෙකෙ ගාන එහෙම දන්නවද? ඒ වන්ඩිය ගැන අවුලක් එහෙම කියන්න තියෙනවාද? ගන්න කියලා බැලුවේ
    :)


    REP +++

    සාමාන්‍ය දෙකක් 8000ක් වගේ වෙයි මචන්. කාර් එකේ වයසත් එක්ක එන ලෙඩ මිසක් ෆැක්ට්‍රි ෆෝල්ට්ස් නෑ මචෝ

    BJ5P එකේ ක්ලච් ප්ලේට් යන එක එහෙම ෆැක්ට්‍රි ෆොල්ට් එකක්