මට මැරෙන්න හිතෙනවා

thesadboy

Member
Feb 9, 2015
2
3
0
මට මැරෙන්න හිතෙනවා

මම මේ පෝස්ට් එක දාන්නේ මගෙ හිතේ තදකරගෙන තියන දුක කියන්න. යාලුවනේ මාත් social phobia කියන මානසික රෝගයෙන් දුක් විදිනවා. මට මේක මහා හිතට වදයක්. ගිය ගිය තැනක හරියට කතා කරගන්නවත් බෑ වචන පැටලෙනවා. අනික තමයි මට ඉක්මනට දෙයක් අමතක වෙනවා. මේ කියපු දේ තව ටික වෙලාවකින් අමතකයි. යාලුවොත් වැඩිය නෑ. එක්කෙනෙක් දෙන්නෙක් තමයි මාව තේරුම් ගත්ත හොඳම යාලුවෝ විදියට ඉන්නේ. ඒ දෙන්නත් මං වගේම තමයි. ඒත් ඒ දෙන්නා මට වඩා සමාජය හුරු නිසා වැඩි අවුලක් නැතුව ඉන්නවා. ඒත් මට තමා මේ හැම දෙයක්ම. මං කවුරුහරි අඳුරන්නේ නැති කෙනෙක් කොහේ හරි පාරක්, ගෙයක් ගැන ඇහුවොත් මට උත්තර දීගන්න බෑ. වචන පැටලෙනවා. එහෙම අහනකොට හොඳට දන්න තැනක් වුනත් අමතක වෙනවා මං කතා කරනකොට වචන පැටලෙයි කියන බයට. ඉතින් හැමවේලෙම කරන්නේ මං දන්නෑ, මට මතක නෑ කියලා මාරුවෙන එක.කවුරුහරි කට්ටියක් ඉන්න තැනකින් යනකොට මට හිතෙනවා ඒගොල්ලො මං දිහා බලා ඉන්නවා කියල. මගෙ පෙනුමට, යන විදියට හිනාවෙනවා වගේ මට හිතෙනවා. ඉතින් ඒ වාගෙ තැනකින් යන්න ගොඩක් අමාරුයි. මුලු ඇඟම රත් වෙලා වෙව්ලනවා, කකුල් පණ නැති වෙනවා ඒ තැනින් යනකම්ම. ඒ නිසා කරන්නේ වෙන වෙන ෂෝට්කට් වලින්, කැලෑ පාර වලින් යන එක. බෙහෙත් ගන්න තැනක,ගොඩක් කට්ටිය ගැවසෙන තැනක, රැස්වීමක් තියන තැනකට මං කොහෙත්ම යන්නෙ නෑ. මං ඒ වාගෙ තැන්වලට යන්නෙ නෑ මාව කාගෙවත් අවධානයට ලක්වෙයි, මං ඉන්නවා දැකලා කවුරුවත් හිනා වෙයි, මගෙ වැරදි අඩුපාඩු කියයි, මට කතා කරගන්න බැරුව වචන පැටලෙයි කියන බයට. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මං මේ විදියට තමයි හිටියේ. මට මතක විදියට පෙර පාසල් කාලෙ ඉඳන්ම මේ විදියට හිටියේ. වචනයක්වත් කතා නොකර, සෙල්ලම් නොකර, කිසි යාලුවෙක්වත් නැති අඳුරු පාසල් කාලයක් තමයි මට තිබ්බේ. ඉස්කෝලෙ යනවා තරම් අප්පිරියා දෙයක් මගෙ ජීවිතේවත් තිබුනෙ නෑ. ඉස්කෝලෙ ළමයි හැමදෙනාම, කොටින්ම ගෑනු ළමයි පවා මාව විහිලුවකට ගත්තා. සමහරු මට ගැහුවා මට ගහගන්නවත් පණක් නැති නිසා. අන්තිමට ඉස්කෝලෙන් අස්වෙලා ගියා. තවත් මම හිටපු විදියමයි.
මට කිසිම ක්‍රීඩාවක් කරගන්න බෑ. ක්‍රිකට්,වොලිබෝල්,නෙට්බෝල්,එල්ලේ,කැරම්,දාම්,චෙස් මේ කියපු නොකියපු හැම ක්‍රීඩාවක්ම මට බෑ. මං කිසිම ක්‍රීඩාවක් කරලම නෑ. කවුරුහරි ක්‍රීඩාවක් ගැන ඇහුවොත් දන්නෙ නෑ ඒ ගැන කියාගන්න. කවුරු වුනත් පුදුම වෙනවනේ ක්‍රීඩාවක් කරගන්න දන්නෙ නැති එවුන් ඉන්නවා දැක්කම. අවාසනාවට මං එහෙම එකෙක් වුනා. මං වාගෙ පොන්නයෙක් මේ තුන් ලෝකෙවත් නැතුව ඇති. මං හැමදාම යන්නෙ එන්නෙ තනියෙන්මයි. අනික් යාලුවෝ දෙන්නා වැඩ නිසා ඒගොල්ලො හවසට විතරයි හම්බ වෙන්නේ. ගමනක් යනකොට මාව දන්න අනික් කොල්ලො විහිලු කර කර හිනා වෙනවා. මං වැඩිපුර ගමන් යන්නෙත් නැත්තේ ඒ නිසා. උවමනාවකට විතරයි කොහේහරි ගියොත් යන්නේ. මට හරි බයක් දැනෙනවා කවුරුහරි මට ගහයි කියලා. මං ඉන්න විදිය දන්න අය ගොඩක් ඉන්න නිසා ඒ කවුරුහරි පාරෙදි හම්බ වුනොත් මට ගහයි කියලා මට අමුතු බයක් දැනෙනවා. ඒ ඇයි කියන්න මට තේරෙන්නෙ නෑ. මං හරිම දුර්වල මනුස්ස ආත්මයක්. මට ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා මගෙ ජීවිතේ නැති කරගන්න. මේ කාලෙ ඇතුලත මට මැරෙන්න අනන්තවත් හිතුනා. ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපයි කියලමයි මට හිතෙන්නේ. දැන් මොන ප්‍රතිකාර කලත් වැඩක් නෑ හොදම කාලෙ ගිහින් ඉවරයි. දැන් මැරෙන එක තමයි මට පේන හොඳම විසඳුම. සමහරු කියනවා මං පොන්නයෙක්ලු. සමහරු කියනවා මං නිකං ගෑනියෙක් වගේ එකෙක්ලු. දවසක් මං ගමනක් ගිහින් එනකොට ගෑනු දෙන්නෙකුයි පොඩි පිරිමි ළමයෙකුයි, පොඩි ගෑනු ළමයි දෙන්නෙකුයි මං ඉස්සරහට එනවා. එතන ඉන්න ගෑනු ළමයෙක් මාව දැකලා කීවා ඔන්න ඉතින් ගෑනි එනවා කියලා. මට ඒ වෙලාවෙ පොලව පලාගෙන යන්න හිතුනා. මට ඒ වෙලාවේ ඒකට බනින්නවත් ශක්තියක් තිබ්බෙ නෑ. එහෙම වෙලාවකවත් ප්‍රතිචාරයක් දෙන්න බැරි අන්තිම දුර්වල මනුස්ස ආත්මයක් විදිහට තමා මං ඉපදිලා ඉන්නෙ. ඇත්තටම මං පොන්නයෙක් ද කියලත් වෙලාවකට හිතෙනවා. මට දවසක් මේ ගැන හිත හිත ඉද්දි ඇඬුනා. මං මොකට මේ ලෝකෙට ආවද. නොදකිං මං වාගෙ කාලකණ්ණියෙක්. දවසක් අම්මටත් බැන්න මේ විදිහට හැදුවේ ඇයි කියල. කියන්න අමතක වුනා දැං මට කවුරුහරි අලුත් කෙනෙක් අඳුනගන්න බෑ. ඒ කියන්නේ මං දන්නැති ආගන්තුක කෙනෙක් හම්බවුනොත් කතා කරගන්නවත් පණ නෑ. ඉතිං මට කවදාවත් යාලුවෝ නෑ. හැමදාම තනියෙන්ම තමා. පෙර කරපු පාපකර්මයක්ද කොහෙද මං ගෙවන්නේ. අනේ මං දන්නෙ නෑ මං වාගෙ මූසලයෙක් මේ ලෝකෙට ඉපදුනේ මොකටද කියලා.
මට හිතෙන්නේ මං මේ මුලු ලෝකෙන්ම තනි වෙලා වගේ.කිසි කෙනෙක් මට උදව්වක්වත් කරන්නේ නෑ කියලයි මට හිතෙන්නෙ. මාව මේ සමාජය කොන් කරපු පුද්ගලයෙක් විදිහට තමයි මට හිතෙන්නේ. හැමදාම මං තනියෙන් ගමනක් යනකොට දකිනවා අනික් කොල්ලො කෙල්ලො තමන්ගෙ යාලුවො වට කරගෙන යන හැටි. ඒක දකින මට හිතෙන්නෙ මං හැම තැනින්ම තනි වෙලා කියලා. මං විතරක් තට්ට තනියම කිසි කෙනෙක් නැතුව යන විදිය හිතුනම මට මැරෙන එක මීට වඩා හොදයි කියලයි හිතෙන්නෙ. මොකද කියනවනම් මං තනියම යද්දි කොල්ලො සෙට් එකක් හෝ හොරු කල්ලියක්, බීපු මිනිස්සු සෙට් එකක් ඇවිත් මොනවා හරි කරොත් තනි මිනිහෙක් මොනවා කරන්නද? එකෙක්ට පස්හය දෙනෙක්ට එකවැර ගහන්න පුලුවන්ද? ඇරත් මං වාගෙ පොන්න බල්ලෙකුට ගහනවා තියා හැරෙන්නවත් බැරිවෙයි. මිනිස්සු දකිද්දි ඇඟ වෙව්ලන මට එහෙම කරන්න පුලුවන් වෙයි කියලා මට හිතෙන්නෙ නෑ. මට තියන පෙනුමත් එච්චර හරි නෑ. ඒ කිව්වෙ මට වයස විස්සයි. ඒ වුනත් මට තියෙන්නෙ වයස විස්සක කොල්ලෙක්ට තියෙන පෙනුමක් නෙවෙයි. මට තියෙන්නෙ පොඩි ළමයෙකුගේ පෙනුමක්.හරියට ඇඟවත් නෑ. ගොඩක් පොඩි ඇඟක් තමයි මට තියෙන්නේ. වෙන කොල්ලො එක්ක සසඳලා බලද්දි මං තාම පොඩි එකෙක් වාගෙමයි පේන්නේ. කිසිම කොලු පෙනුමක් ඇත්තෙම නෑ. මාව දකින අය කියන්නේ මං හරිම ලාමකයි කියලා. ඒක සහතික ඇත්ත. මොකද මං ලාමක බවටත් වඩා අන්ත එකෙක්.
පොඩි එවුනුත් මාව විහිලුවකට අරන්. හතරෙ පහේ හයේ හතේ ඉන්න එවුන් මට ගහනවා.අටේ නවයේ දහයේ එවුන් එක්ක නම් මට හැරෙන්නවත් බෑ. කම්මුලට ගහනවා.ඒත් උන්ට ආපහු ගහන්නවත් මට කොන්ද පණ නෑ. මට කිසිම පණක් නෑ අඩුගානෙ උන්ට බනින්නවත්. ඔහෙ ගුටිකාගෙන ඉන්නවා. අඩුගානෙ වයස අටේ එකෙක්ට තියන ශක්තියවත් මට නෑ. ඉතින් මෙහෙම ජීවත් වෙනවට වඩා මට මැරෙන එක ගොඩාක් සැපයි. මට දැන් කිසිම ප්‍රතිකාරයක් කලත් වැඩක් වෙන්නෙ නෑ. මොකද මං ගැන හැමෝම දන්නවා. ඉතින් දැන් මං හිටපු විදිය හැමෝටම මතකයි. ඒක මකන්න මට බෑ. කවදාවත් මට ආපහු වෙච්ච දේවල් හරිගස්සන්න බෑ. වෙන පලාතකට ගියත් වෙන රටකට ගියත් වෙන්නෙ ඔය ටිකමයි. කවදාවත් මට පිරිමියෙක් විදියට ජීවත් වෙන්න බෑ. මං පොන්නයෙක්ම තමයි. මට තියන එකම සතුට සැනසුම තමයි කම්පියුටර් එකත් එක්ක දවස ගෙවන එක. ඒකත් එක්ක මුලු දවසම වුනත් ඉන්න පුලුවන්. මට පුදුම සහනයක් දැනෙන්නේ කම්පියුටර් එක ඔන් කරගත්තම. ඒත් මම දන්නවා කම්පියුටරේකින් මේ දේවල් හරිගස්සන්න බැරි බව. ඉතින් මට හිතෙන්නෙ මැරෙන එක තමයි හොඳම සහ බුද්ධිමත්ම තීන්දුව බව. මොන අපායෙ ඉපදුනත් මේ ජීවිතෙන් මිදෙන එක විතරයි මට තියන එකම සැප.
මට facebook account එකක් නෑ. ඒත් මං බලනවා මං ඉස්කෝලෙ යන කාලෙ හිටිය අනික් අයයි ඊට පහල පංතිවල හිටිය අයගෙයි photo, wall post එහෙම. ඒවා දැක්ක ගමන් මගෙ ඔලුවෙ මහා දුකක් ඇතිවෙනවා. ඒ ගොල්ලන්ට කොච්චර හොද social life එකක් තියනවද කියලා හිතුනම. මට කවදාවත් ඒ වාගෙ වෙන්න බැරි උනා. දැනටත් එහෙමයි. ඉදිරියටවත් එහෙම නොවී මේ ජීවිතේට තිත තියන්න මට හිතෙන්නේ ඒකයි. මං විදින දුක කාටවත් තේරෙන්නෙ නෑ. දෙයියනේ මේ විදින දුක දන්නේ මං විතරයි. මේ ලෝකෙ කාටවත් මාව තේරුම් ගන්න බැරි වෙයි. මේ ලෝකෙ කොහෙවත් ජීවත් වෙන්න බැරි වෙයි මටනම් හිතෙන විදියට. මේ ගොබ්බ පෙනුමක් තියෙන එකෙකුට කවුරුවත් බයවෙයි කියලා හිතෙනවද? නෑනේ. හැම කෙනෙක්ම මාව විහිලුවකට ගනන් ගන්නේ. හැමදාම මේ දුක උහුලගන්න බැරුව මං අඩපු වාර අනන්තයි. මං හිතින් සංතෝස වෙනවා අනික් අයට මට වාගෙ කාලකණ්ණි ජීවිතයක් ලැබුණෙ නැති එකට. නමුත් මං විතරයි මෙහෙම ඉපදිලා ඉන්නේ.
අනික් දේ තමයි මට driving බැරිකම. foot bicycle නම් පුලුවන්. ඒත් බයික්, ත්‍රීවීලර්, කාර්, වෑන් කිසිම දෙයක් බෑ. මං driving license වත් නැති එකෙක්. අපේ මාමාගෙ මල්ලි කෙනෙක් ඉන්නවා. එයාටත් පුලුවන් වාහන එලවන්න. මං එයාට වැඩිමල් වෙලත් මොකුත් බෑ. වෙන කොල්ලො බයික්, ත්‍රීවීලර්, කාර් වල රවුම් ගහනකොට මං නිකං පාරෙ යන බල්ලෙක් වාගෙ ඔහෙ ඇවිදගෙන යනවා. වෙන කොල්ලන්ට පුලුවන් දේවල් එකක්වත් කරගන්න මට බෑ. මේකත් හේතුවක් මට මැරෙන්න.
මගෙ පවුලෙ ඉන්නෙ මමයි,නංගියි,අම්මයි,තාත්තයි,නැන්දයි,බාප්පයි,අත්තම්මයි. මේ අයට අමතරව මීට අවුරුදු 17කට විතර කලින් හිටියා ලොකුනැන්දයි,මාමයි,අක්කයි. මේ අය අතරින් නැන්දයි,අත්තම්මයි,මාමයි,ලොකුනැන්දයි,අක්කයි,බාප්පයි තමා මාව විනාස කලේ. මෙන්න මේකයි සිද්ධිය. මේ කියපු කට්ටිය හරි මාන්නක්කාරයි. තමුන්ට වඩා අනික් මිනිස්සු පහත් කරලයි කතා කලේ. අනික් මිනිස්සුන්ව හෑල්ලුවට ලක් කලා. ගෙදරට ගමේ මිනිහෙක් එනවට කැමති නෑ ඉක්මනට පිටත් කරලා යවනවා. ඊට පස්සෙ ගියාම බනිනවා මිනිස්සුන්ගෙන් වැඩක් නෑ, මොනවද මෙහෙ එන්නෙ, දුප්පත් උන්ගෙන් අපිට වැඩක් නෑ ඔන්න ඔහොම කියලා. ඉතින් මටත් ගමේ කවුරුවත් ආශය්‍ර කරන්න දුන්නෙ නෑ. කොහෙටවත් යන්න නොදී ගෙදරමයි තියාගත්තේ. අම්මටයි තාත්තටයි මේගොල්ලො ගොඩක් බලපෑම් කලා. ඒගොල්ලන්ට උවමනා විදියට තමයි මාව හැදුවේ. මාව සමාජයට කිසිම විදියකින් හුරු උනේ නෑ. ඉතින් මට හිතෙන්නේ ඔන්න ඔය දේ තමයි මට බලපෑවෙ. දැන් අවුරුදු විස්සක් වෙලා තවමත් එහෙමමමයි මට ඉන්න වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඒ හිටපු විදිය නැති කරගන්න මට බෑ. මං පෝස්ට් එකේ කියලා තියෙනවනේ මං දැන් ජීවත් වෙන විදිහ. තවත් ඒ ගැන කියන්න ඔනෙ නෑනෙ.

මට දැන් ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. ජීවත් වෙන්න කිසිම ආසාවක් නෑ. දැන් හොඳටම කලකිරිලා එපා වෙලා ඉන්නේ. මේ දැන් මැරෙනවානම් කොච්චර එකක්ද කියලා මට හිතෙන්නේ. මේක මම post එකක දාන්න හිතුවේ මට මේ ගැන කල්පනා කරලා කරලා ඔලුව අවුල් වෙලා තියෙන නිසා. කියාගන්න කිසිම කෙනෙක් නැති නිසා තමයි මේකෙවත් දාන්න හිතුවේ.අනික කාගෙ හරි මූණ බලාගෙන මේව කියන්නත් බෑ. ඇත්තටම මම නිකං ඉපදුනාට ඉන්නවා වාගෙ ජීවත් වෙන්නේ.මට හිතෙන විදියට මැරෙන එක තමයි තියන එකම විසඳුම. කිසිම දෙයක් කරගන්න බැරි පොන්නයෙක් විදියට ජීවිතේ ගෙවනවට වඩා හොඳයි මේ ලෝකෙන් මිදිලා යන එක. අඩුගානේ මං මේ හුස්ම ගන්න ඔක්සිජන් ටික හරි ඉතුරු වෙයිනේ තව කාටහරි හුස්ම ගන්න. මං වාගෙ කාලකණ්ණි පොන්න බල්ලෙක් මේ ලෝකෙට ඉපදුනු එක පුදුම පාපයක්. හිඟන්නුත් දන්නවා හරියට කතාබහ කරලා ජීවත් වෙන්න. මට ඒ කිසිම දෙයක් බෑ. මං උදේ ඉඳන් හිතන්නේ මං මැරියන් මං මැරියන් කියලා විතරයි. අනේ මොකක් හරි වෙලා මං මැරෙනවානම් හොඳයි. මම මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම තව ප්‍රාර්ථනයක් කරනවා. ඒ තමයි මං වාගෙ වෙලා කිසිම කෙනෙක් උපදින්නත් එපා, මට වාගෙ දෙයක් කිසිම කෙනෙකුට වෙන්නත් එපා, උපදින හැම කෙනාටම හොඳ සමාජගත ජීවිතයක් ලැබිලා, හැමෝටම සතුට සැනසුම උදාවෙලා, මැරෙනකම් සංතෝසෙන් හැමෝම එක්ක ජීවත් වෙන්න ලැබිලා, තමන් හිතන පතන දේ ඒ විදියටම ලැබිලා, මේ රටේ මේ ලෝකෙ ජීවත් වෙන හැම දෙනාටම සතුටින් තමන්ගෙ ජීවිතේ විඳින්න ලැබේවා කියන එක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. මේ කතාව කියවපු හැමෝමට ස්තුතියි. හැමෝම හොඳින් ජීවත් වෙන්න. හැමෝටම බුදු සරණයි.
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මොනව නැතත් ලස්සනට ලියන්න පුළුවන් හින්දා නරකද ලේබකයෙක් වෙන්න බැලුවා නම්.
 

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    oka manasika rogayak... owalata prathikara thiyanawa ban... treatments karoth masa 2,3 kin normal thathwayata path wunaki.... elakiriye nitharama gavasiyan... hitha hadaganna lesi wei..... meke godak danum therum thiyana udaviya innawa....
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan ubata depression, uba hoda phycologist kenek gaawata yanna.
    Pansalaka wagey nawathila baawana karanna puluwannam godak hodai.
    Ikmanata uba oya inney environment eka wenas karaganin.
    suicidal feelings enney depression eka wadi unamalu machan.
     
    Last edited:

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    (011) 268 5920 ta call karala Dr. neil fernando , ubata puluwan welawaka gihin meet weyan. wade hariyai . :)
     

    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    macho.. umbe diga liyuma kiyewwama mata therenne neha umbata ledak thiyanawa kiyala. Ekama seen eka mama hithanne umbata bokke yaluwo set ekak nathi eka wage.

    Ithin it's better consult a doctor it seems... also better concentrate to have good friends. for that it may be required extra care for the people around you :)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ledak kiyana epa oka manasika ledak machan

    owata dan behet tiyenawa treaments tiyenawa awurudak yanakota oya normal kollek wei

    karuna karala machan gihin doc kenek wa meet wenna

    oita wada leda apita tiyenawa bun owa ganan ganna dewal nemei
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,512
    23,066
    113
    machan ඔය ලෙඩේ නැති උනත් ඔය සමහර දේවල් නම් ගොඩක් අයට එහෙම්මම තමා. ක්‍රීඩා කරන්න බැරි ඒවා එහෙම අපිටත් එකයි. මේ කාලෙ ගොඩක් අය ඒ වගේ.අපි කවුරුත් තමන්ගෙ personality එක ගැන 100% සතුටු නෑ. ඔය කොච්චර හොදට හිටියත් අපි හැමෝටම දුර්වලතා තියෙනවා.අනික උබට මැරෙන්න තරම් දෙයක් නෑ බන්. පන්සලකට පලයන්.ඔයාගෙ යාලුවෙක්ට කියන්න හාමුදුරුවන්ට අදුන්වල දෙන්න කියල. ඊට පස්සෙ එතනට ගිහින් නිවි සැනසිල්ලෙ ඉන්න. ඒ වගේම ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න. උබට එක එක දේවල් කියල පාච්චල් කරන උන්ව ගනන් ගන්න එපා. උබට අඩුම ගානෙ අපිවත් ඉන්නවා කියල හිතපන්. එලකිරියෙ උන් උබව විහිලුවකට ගන්නෙ නෑ කවදාවත්. :)
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    ගණන් ගන්න එපා උද්දවක් ඕනෑ PM කරන්න පුලුවන් දෙයක් නම් කරන්නම්
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    මොනව නැතත් ලස්සනට ලියන්න පුළුවන් හින්දා නරකද ලේබකයෙක් වෙන්න බැලුවා නම්.

    මේක තමයි මටත් හිතුනේ.උබට අවුලක් තියෙනවා තමයි එ වුනාට උබේ වචන ගැලපීම බලහන්කෝ.උබ නිකමෙක් කියල හිතනවනන් ඒකනන් වැරදි කොල්ලෝ.අනික ඔවගෙන් සමහර දේවල් මටත් චූට්ටක් තියෙනවා.වැඩිය යාලුවො නැති එක අනන් මනන්.හැබයි මට නන් යාලුවො නැත්තේ මම ම අතෑරල.සමහර වෙලාවට යාලුවො නැති තරමට හොදයි.මොකද ඉන්න උන් ගෙන් ගොඩක් ඉන්නේ උදව්වක් ගන්න තමයි.තමන්ට වාසියක් තියෙනවනන් ලොවෙත් යාලුවෝ.බොක්කෙන් උදවු කරන්න ගිහින් කෙල වෙලා මටනන්.:P
     
    • Like
    Reactions: fukamura

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    uba hithuwada uba arenna anith hemoma 100% perfect kiyala.. hemogema punchi punchi week points thinawa bn.. uba kiyapu samahara dewal matath thinawa aluthen kenek andura gaddi ehema poddak hithata bayai.. owa gena thawa thawa hithanna hithanna ubata wenas wenna thiyena kaale thawa thawa parakku wenawa.. e hinda hema dekadima hithin mawa gaththu dewal hithan nathuwa practicaly jewath weyan one ekak kiyala... ubata hondama de thamai psychiatrist gaawata yana eka
     

    waligamaya

    Well-known member
  • machan ඔය ලෙඩේ නැති උනත් ඔය සමහර දේවල් නම් ගොඩක් අයට එහෙම්මම තමා. ක්‍රීඩා කරන්න බැරි ඒවා එහෙම අපිටත් එකයි. මේ කාලෙ ගොඩක් අය ඒ වගේ.අපි කවුරුත් තමන්ගෙ personality එක ගැන 100% සතුටු නෑ. ඔය කොච්චර හොදට හිටියත් අපි හැමෝටම දුර්වලතා තියෙනවා.අනික උබට මැරෙන්න තරම් දෙයක් නෑ බන්. පන්සලකට පලයන්.ඔයාගෙ යාලුවෙක්ට කියන්න හාමුදුරුවන්ට අදුන්වල දෙන්න කියල. ඊට පස්සෙ එතනට ගිහින් නිවි සැනසිල්ලෙ ඉන්න. ඒ වගේම ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න. උබට එක එක දේවල් කියල පාච්චල් කරන උන්ව ගනන් ගන්න එපා. උබට අඩුම ගානෙ අපිවත් ඉන්නවා කියල හිතපන්. එලකිරියෙ උන් උබව විහිලුවකට ගන්නෙ නෑ කවදාවත්. :)
    :yes::yes::yes:


    හැබැයි කිසිම විටක මල්ලියේ ජීවිතය නැතිකර ගන්න එපා. එපාම වෙනවනම්, වනගත අරන්න්‍යක මහනවෙයන්. උබට අපි කටත් වඩා වැදගත් දෙයක් කරගන්න පුලුවන්.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපි හැමෝම සර්ව සම්පුර්ණ නෑ බන්,තමන්ව අනික් අය එක්ක සංසන්දනය කරන්න යන එක අඩු කරපන්. සෙනග ගැවසෙන තැන්වලට ගියාම චකිතයක් වගේ ඇති වෙන එක එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ බන්. හිතපන් රැස්වීමක් ඉස්සරහට ගිහින් සින්දුවක් කියන්න කිව්වා කියලා උඹට විතරක් නෙමේ මට උනත් පොඩි චකිතයක් , සබකෝලයක් ඇතිවෙන එක සාමාන්‍යයි. උඹ ඕවා ගැන අසාමාන්‍ය විදියට හිතන්න යන එක තමා අවුල.උඹ හිතන්න එපා කොල්ලෙක් උනාම හැමදේම දැනගෙන ඉන්න ඕන කියලා දෙයක් තියෙනවා කියලා.උදාහරණයක් විදියට ඔය උඹ සඳහන් කරලා තියෙනේ සමහර ක්‍රීඩා ගැන මාත් දන්නෑ .අපි ආස නැති දෙයක් ගැන ඉතින් කවුරු උනත් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑනේ.උඹට තියෙන්නේ පොඩි මානසික ලෙඩක්. ඒක මේ මැරෙන්න යන එක තරම් මෝඩ උත්තරයකින් විසඳගන්න අවශ්‍ය නෑ. ඩොකෙක් හම්බෙලා බෙහෙතක් ගනින්. ඕක මහලොකු දෙයක් නෙවේ බෝල. අපි හැමෝම එක එක මට්ටම් වලින් මානසික රෝගවලින් පෙළෙනවා, සමහර උන් තමන්ට එහෙම අවුලක් තියෙනවා කියලවත් දන්නෑ. ඔයිට වඩා ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා බන්.තමන්ගේ ජීවිතේ ලැබුණ නැති දේවල් ගැන කල්පනා කරලා ඉස්සරහට තියෙන කාලෙත් නැතිකරගන්න එපා. අනික උඹට තාම වයස විස්සයිනේ, ලොකු වයසක් නෑනේ.යකෝ තාම උඹට ජීවිතේම එහෙමම ඉතුරුයිනේ.කාමරෙන් එලියට බැහැපන් , පොඩ්ඩක් ඇවිදපන් , ලස්සන තැන් බලන්න පලයන්, පන්සලකට පලයන් පොඩ්ඩක් හිත සන්සුන් කරගනින්,ජීවත්වෙන්න ආසාවක් ඇතිකරගනින්.මැරෙන්න මැරෙන්න කියලා දඟලන්න එපා , තමන්ගේ ජීවිතේ හානි කරගත්තොත් උඹ ඔයිට වඩා අපායකට වැටෙනවා පෙරේතයෙක් හරි අමනුස්සයෙක් හරි වෙලා,ඒ පවෙන් උඹට කවදාවත් ගොඩ එන්න වෙන්නේ නෑ පුතෝ. ගොන් වැඩ කරන් නැතුව ඉක්මනට ඩොකෙක් හම්බෙලා බෙහෙත් අරන් ලෙඩේ හොඳකරගනින්.
     
    • Like
    Reactions: Randike Mendis