ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Java Speech Recognition System [with Arduino]
Reply
 
Thread Tools
(#1)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
Java Speech Recognition System [with Arduino] - 02-12-2015, 05:02 PM


හලෝ මචන්ලා ඔන්න අද මන් ආවේ මන් කලින් දුන්න Speech Recognition System එකේ upgraded version එකක් අරගෙන .මේ පහලින් තියෙන්නේ ඒ upgraded version එකයි.කලින් version එකේ තිබ්බ bugs අඩුකරලා install කරද්දී ඇතිඋන ගැටළු ගොඩක් හදල තමයි මේක එලියට දැම්මේ.




මන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් අංක පිළිවෙලට .

0.Close Button (Command :- "exit")

ඕගොල්ලෝ කව්රුත් දන්නවා වගේ මේකෙන් කරන්නේ මෘදුකාංගය close කරල දාන එක.ඒකට voice command එක තමයි "exit".

01.Command List Button (Command :- "show commands")

මේකෙන් බලාගන්න පුළුවන් ඕගොල්ලෝ දීල තියෙන custom commands සහ system commands ටික.

02.Video Player (Commands :- "start video" / "dispose video")

මේක මන් අලුතින් එකතු කරපු feature එකක්.හැබැයි තාම 100% හොදටම නැහැ .තාම under developing.වීඩියෝ player එක open කරන්න "start video" කියන command එකෙන්ද close කරන්න "dispose video" කියන command එකෙන්ද පුළුවන්.

03.Mail (Commands :- "check mail" / "close mail")

මේකෙන් පුළුවන් ඕගොල්ලන්ට ඕගොල්ලෝ settings වලදී දුන්න e mail address ඒකට ඇවිත් තියෙන unread mails බලාගන්න.මේකෙන් mails read කරන්න විතරක් නෙමේ ඒ mail එක forward කරන්න වගේම ඒකට reply කරන්නත් පුළුවන් .ඒ වගේම එකේ තියෙන attachments ඕගොල්ලෝ settings වලදී දුන්න attachment folder ඒකට බාගත කරගන්නවා .

04.Weather button (Commands :- "show weather" / "close weather")

මේකෙන් පුළුවන් ඕගොල්ලෝ settings වලදී දුන්න city එකේ weather එක බලාගන්න.උෂ්ණත්වය සෙල්සියස් හා ෆැරන්හයිට් වලින් වගේමhumidity එකත් බලාගන්න පුළුවන්.

05.Listening Indicator.

මේක button එකක් නෙමේ indicator එකක්.ඕගොල්ලෝ මොනාහරි කියද්දී ඒ වචනය ග්‍රහණය කරගත්ත කියල පෙන්නන්න indicator එකක් තමයි මේ.

06.Internet Connection Indicator.

මේකත් button එකක් නෙමේ .අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවද නැද්ද කියල පෙන්නන්න indicator එකක්.අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවනම් කහ පාටින්ද නැත්තන් කොළ පාටින්ද පෙන්නයි.

07.Settings Window Button (Commands :- "show settings" / "close settings")


මේකෙන් තමයි ඕගොල්ලන්ට මේ system ඒකට අලුත් commands දෙන්න වගේම තියෙන commands delete කරන්නත් පුළුවන්.ඒ වගේම e mail address එක මාරු කරන්න , music folder (source) එක වෙනස් කරන්න , video folder (source) එක වෙනස් කරන්න වගේම weather එකේ city එක වෙනස් කරන්නත් පුළුවන්.

08.Playlist (Commands :- "show playlist" / "close playlist")

මේක තමයි ඔයා දීල music folder තියෙන video folder හා එකේ තියෙන සිංදු හා වීඩියෝස් ගබඩා කරගෙන ඉන්නේ.ඔයා video player button එක click කරල playlist එක open කලොත් ඔයාට පෙන්නන්නේ වීඩියෝ files ටික එහෙම නැත්තන් (වීඩියෝ එක කරලනම් ) පෙන්නන්නේ audio files ටික .ඔයාට අවශ්‍ය සින්දුව හෝ වීඩියෝ එක playlist එකේ search bar එකේ ටයිප් කරල(සම්පුර්ණ වචනයම අවශ්‍ය නැත ) search කරහම එකේ list එකේ පෙන්නනවා .එක click කරහම play වෙනවා.


09.Shuffle button (Commands :- "shuffle on" / "shuffle off")

මේ button එක click කිරීම මගින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා playlist එකේ තියෙන සිංදු හෝ වීඩියෝස් කලවම් කරගැනීමට.ඒ වගේම shuffle on කරල තියෙද්දී සිංදු හෝ වීඩීයෝස් අහඹු ලෙස player එක විසින් play කරනු ලබයි.එක පාරක් button එක click කිරීමෙන්ද නැවත වරක් click කිරීමෙන් shuffle off ද වේ.

10.Next Button (Commands :- "next" / "skip")

මේ button එක click කිරීම මගින් ඊලග සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි.

11.Play Button (Commands :- "play" / "resume" / "music").

මේ button එක click කිරීම මගින් සින්දුව හෝ වීඩියෝ එක කරගත හැකියි .

12.Pause Button (Commands :- "pause" / "hold")

මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව තාවකාලිකව නැවැත්විය හැකියි.

13.Back Button (Commands :- "back" / "previous")

මේ button එක click කිරීම මගින් පෙර සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි.

14.Stop Button (Command :- "stop")

මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව නැවැත්විය හැකියි.

15.Volume Decrease Button (Command :- "decrease volume")

මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක අඩු කරගත හැකියි.

16.Volume Increase Button (Command :- "increase volume")

මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක වැඩි කරගත හැකියි.

17.Player Display

මෙය මගින් play වෙන සින්දුවේ title එක පෙන්වනු ලබයි.

තව "stop listening" / "sleep" කියන Commands මගින් ඔයා කියන දේවල් වලට සවන් දෙන එක නවත්වනවා වගේම "start listening" / "wake up" කියන විදාන දුන් විට නැවත ඔයා කියන දේවල් වලට සවන් දීල එම විධානයන් ක්‍රියාත්මක කරනු ලබනවා.

මේකේ තව තියෙන feature එකක් තමයි,ඕගොල්ලන්ට අවාශ්‍ය text එකක් select කර "read" කියන විධානය දුන් විට ඒ ඔයා select කරපු text එක මෙය කියවනවා.ඒ කියවන එක නැවත්වීමට "stop reading"කියන විධානය ලබා දිය යුතුයි.
තව mail window එක open කරල අවශ්‍ය mail එක click කරල "read" කියන command එක දුන්නම මෙය ඒ click කරපු mail එක read කරනවා.එහෙම නැතුව mail window එක open කරල "read" කියන එක command එක දුන්නොත් තියෙන ඔක්කොම mails පිළිවෙලට read කරනවා.

තව feature එකක් තමයි මෙය අපි කියන දේ type කරනවා , හැබැයි තාම මන් එක හරියටම develop කලේ නැහැ , ඒ feature එක on කිරීමට නම්"type mode on" කියන command එක මගින්ද එක off කිරීමට නම් "type mode off" කියන command එක මගිනද අපිට කියවන විට type කිරීම කරගත හැක.

මේකට මන් අලුතින් එකතු කරපු අංගය වන්නේ , අපේ පරිගණකයට Arduino පරිපථයක් සම්බන්ද කරගෙන ඒක මගින් අපිට අවශ්‍ය විදුලි උපකරණ on / off කරගැනීමට හැකිවීමයි.මෙම අංගය ක්‍රියාත්මක කරගැනීමට "automation on" කියන විධානයද , "automation off" කියන විධානයෙන් විසන්දි කිරීමටද හැකියාව ලැබෙනවා.මන් මේ ත්‍රෙඩ් එකට පෙන්නන ඕන නිසා Arduino එකට LED Bulbs කීපයක් සම්බන්ද කරලා පෙන්නලා තියෙන්නේ.ඔය LED bulb එක වෙනුවට ට්‍රාන්සිස්ටර් එකක් මාර්ගයෙන් Relay එකක් සම්බන්ද කරලා අපිට 230V වලින් වැඩ කරන උපකරණ උනත් පාලනය කරන්න පුළුවන්.

පහතින් තියෙන්නේ ඒ Arduino පරිපථ සටහනයි.



මෙහිදී , Arduino පරිපථයේ digital pin 2ත් ඇතුළුව 7 දක්වා , උපකරණ 6ක් සම්බන්ද කරගන්න පුළුවන්.



ඔගොල්ලන් මේක ඔයාගේ පරිගනකයේ ධාවනය කරන්නනම් , Java Runtime Environment (JRE) එක ස්ථාපනය කරගෙන තියෙන්න ඕනේ.පහල තියෙන link එක මගින් ඕගොල්ලන්ට Java Runtime Environment (JRE) එක බාගත කරගත හැක.

http://www.oracle.com/technetwork/ja...s-1880261.html

මේ link එක මගින් ඕගොල්ලන්ට software එක බාගත කරගත හැක.


https://www.dropbox.com/s/ycu8fq2ott...B.S.N.rar?dl=0

තවද පහල link එක මගින් ඕගොල්ලන්ට Arduino Source file එක බාගත කරගත හැක.

http://www.mediafire.com/download/8g...g82bw/Java.ino


පහල ඇති වීඩියෝ එක මගින් software එක install කරගැනීම හා config කරගැනීම ගැන අවබෝධයක් ලබාගත හැක.









මේක පාවිච්චි කරද්දී ඔයාලගේ පරිගණකයේ මයික්‍රෆෝන් settings හරියට හදාගන්න වෙනවා.නැත්තන් අපි කියන දේ නෙමෙයි එය අහන්නේ.

මගෙනම් මෙහෙම තමයි තියෙන්නේ

Microphone Volume -70

Microphone Boost - +12.0db





තව දෙයක් තියෙනවා , බැරි වෙලාවත් මේ මෘදුකාංගය not respond වෙලා හරි , ඔයාල Task manager එකෙන් හරි close කරොත් ආයෙත් ඔයාල මේක run කරන්න හැදුවට run වෙන්නේ නැහැ.එක ඔයාලට හදන්න වෙන්නේ.

C:/HBSN folder එකට ගිහිල්ල එකේ තියෙනවා Status.hbsn කියල ෆයිල් එකක්.ඒක notepad එකෙන් open කරගන්න.open කරහම එකේ තියෙයි Yes කියල.ඒක No කියල වෙනස් කරලා save කරන්න.එහෙම කරලා ආයෙත් run කරන්න එතකොට run වෙයි.

තව එකක් , ඔගොල්ලන් මේක install කරලා , run කරද්දී , මේකෙන් ඔයාගේ voice එක detect කරගත්තේ නැත්තන් (mic එක හරියට වැඩකරනවානම්) පහල තියෙන ලින්ක් එකෙන් මේ ෆයිල් ටික බාගත කරගෙන මෙන්න මේ කියන තැන් වලට කොපි කරගන්න

ලින්ක් එක :-

http://www.mediafire.com/download/bj.../DLL_Files.rar

කොපි කරන්න ඕන තැන් :
  • C:\Windows\System32
  • C:\Windows\SysWOW64

ඔගොල්ලනුත් කරල බලල වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් පෙන්නලා දෙන්න , මන් මේක තාම develop කරන ගමන්.තව මේක හදන්න අත දුන්න DjVodka සහෝදරයට විශේෂ ස්තුතිය පල කර සිටිනවා

මගේ කලින් ත්‍රෙඩ්.

පරිඝණකයෙන් විදුලි උපකරණ ‍හසු‍රවමු 01.

පරිඝණකයෙන් විදුලි උපකරණ ‍හසු‍රවමු 02

පරිඝණකයෙන් විදුලි උපකරණ ‍හසු‍රවමු 03.

Megafactories (National Geographic)


HoW iTs MadE

How ItS MaDE 02

Things you never knew existed



Last edited by Hasistranger; 02-12-2015 at 11:33 PM.
Reply With Quote
(#2)
Old
Rovin's Avatar
Rovin Rovin is offline
Senior Member
Rovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to behold
 
Posts: 56,782
Join Date: Aug 2008
Location: ෴*On Earth*෴
02-12-2015, 05:24 PM

pissu kora
Reply With Quote
(#3)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,317
Join Date: Jun 2013
02-12-2015, 05:37 PM

pattaine mchoo....
supiri....
Reply With Quote
(#4)
Old
BadBlueGenius's Avatar
BadBlueGenius BadBlueGenius is offline
Senior Member
BadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of lightBadBlueGenius is a glorious beacon of light
 
Posts: 2,600
Join Date: Jun 2014
02-12-2015, 05:48 PM

bump
Reply With Quote
(#5)
Old
1118lakmalkumara's Avatar
1118lakmalkumara 1118lakmalkumara is offline
Senior Member
1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold
 
Posts: 30,125
Join Date: May 2009
Location: 斯里蘭卡
Send a message via MSN to 1118lakmalkumara Send a message via Yahoo to 1118lakmalkumara Send a message via Skype™ to 1118lakmalkumara
02-12-2015, 05:57 PM

Pattane yako ♥
Reply With Quote
(#6)
Old
sudu hawa's Avatar
sudu hawa sudu hawa is offline
Senior Member
sudu hawa is a jewel in the roughsudu hawa is a jewel in the roughsudu hawa is a jewel in the roughsudu hawa is a jewel in the roughsudu hawa is a jewel in the roughsudu hawa is a jewel in the rough
 
Posts: 2,262
Join Date: Dec 2011
02-12-2015, 06:03 PM

ela ela
Reply With Quote
(#7)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
02-12-2015, 06:15 PM

Quote:
Originally Posted by Rovin View Post
pissu kora
තැන්කු මචෝ

Quote:
Originally Posted by D_Mad View Post
pattaine mchoo....
supiri....
Quote:
Originally Posted by BadBlueGenius View Post
bump
Quote:
Originally Posted by 1118lakmalkumara View Post
Pattane yako ♥
Quote:
Originally Posted by sudu hawa View Post
ela ela
තැන්කු මචන්ලා
Reply With Quote
(#8)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is offline
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 25,394
Join Date: Dec 2008
02-12-2015, 06:30 PM

එල වැඩක්..
Reply With Quote
(#9)
Old
wingman's Avatar
wingman wingman is offline
Senior Member
wingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of light
 
Posts: 6,339
Join Date: Oct 2009
Location: In this moment
02-12-2015, 06:42 PM

bump
Reply With Quote
(#10)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
02-12-2015, 06:46 PM

එල වැඩක් මචං සුපිරී....
REP+10
Reply With Quote
Reply

Bookmarks

Tags
elakiri electronics, java, speech recognition system

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05316 seconds with 8 queries