හිරු එළියෙන් නොමිලේ උණු වතුර

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    ඔන්න අද මම කියලදෙන්න යන්නේ මම කරපු නිර්මාණයක් කොහොමද කරේ කියල.

    මට වැඩිය අකුරු කෙටීමේ හැකියාවක් නැති නිසා පින්තුර වලින්ම දාන්නම්.

    ගේ පොඩ්ඩක් හදාගෙන නුවර පදිංචියට ගියාට පස්සේ ලොකුම කරදරේ තමයි උදේට සීතල වතුර නන එක. නොවම්බෙර් දෙසම්බෙර් කාලේදී දවල්ටවත් නාන්න අමාරුයි. electric water geyser එකක් ගත්තත් මාසේ අන්තිමට එන ලයිට් බිල දැක්කහම පිච්චිලා මැරෙනවා. :no: සොලර් හොට් වෝටර් සිස්ටම් වල මිල අහුවහමත් එහෙමයි.

    ඉතින් මම හිතුවා අඩු මිලට සොලර් හොට් වෝටර් සිස්ටම් එකක් හදාගන්න.

    මේක මමම (සංජය 1975) හදපු එකක්. :cool: කොහෙන්වත් උස්සපු එකක් නෙවෙයි. හැබැයි පහල ලින්ක් එකේ ඇති වෙබ් සයිට් එකෙන් idea එකක් ගත්ත.:)

    http://www.iwilltry.org/b/projects/build-a-simple-solar-water-heater/

    ඉතින් ඉස්සෙල්ලම ටැංකිය හදාගමු.

    මම ගත්තේ කඩුවෙල කෑන් කඩෙන් කෑන් දෙකක්. එකක මිල රු. 150/=. :lol:

    ඒ අඩි කපලා සිලිකන් ගම් එකෙන් අලවගත්තා.

    13zzojn.jpg


    දෙපැත්තට උණු වතුර බට හයි කරගන්න එස්ලෝන් උණුවතුර ෆිටින්ග්ස් හයිකරගත්තා. (එස්ලෝන් ගාන ගොඩක් අඩුයි.)

    v5lgd3.jpg


    ඊට පස්සේ පහල තියෙන විදියට ටැංකිය ඉන්සුලේට් කරගත්තා. (රිගිෆෝම් සහ ෆොයිල්)

    2lstw9c.jpg


    20tnknb.jpg


    ටැංකියේ වටේ කවරේ දැම්මේ සින්ක් කොටෙඩ් ෂීට් එකකින්. දෙපැත්ත කවර දැම්මේ පොටි බාල්දි පියන් දෙකකින්. :)

    2ni1owy.jpg


    ඔක්කොම වෝටර් සීල් කරේ සිලිකන් ගම් වලින්.

    දැන් පැනල් එක හදපු විදිය බලමු....

    එකට ගත්තේ 4mm පොලිකාබනෙට් ෂීට් එකක්. කැතට තියෙන්නේ පරණ එකක් නිසා. (මගේ යාලුවෙක් දුන්නේ.)

    එස්ලෝන් උණුවතුර බට අරගෙන ග්‍රයින්දරයට කටින් වීල් එකක් දල ෂීට් එක බස්සගන්න පුළුවන් විදියට ග්රූ එකක් කැපුවා . ඒ වගේ දෙකක් හදාගෙන රුපයේ විදියට දෙපැත්තෙන් බස්සගෙන සිලිකොන් වලින් අලවගත්ත.

    1z20go1.jpg


    2i8kad3.jpg


    9i4qib.jpg


    එකත් පහල තියෙන විදියට එක පැත්තක් විතරක් ඉන්සුලේට් කරා.

    343htut.jpg


    2jczfxf.jpg


    අන්තිමට මේ පහල තියෙන විදියට ස්ටෑන්ඩ් එකක් හදල සෙට් කරගත්ත. ඇල වහලයක් ස්ටෑන්ඩ් එකක් ඕනේ නැහැ. පැනල් එක මැට් බ්ලැක් කරන්න Toa ස්ප්‍රේ කරා. එක පාවිච්චි කරපු එකක් නිසා වැඩේ ඉවරකරන්න බැරි උනා......

    2qt8r9z.jpg


    23lk4zs.jpg


    ඔයාලගේ comments බලාපොරොත්තු වෙනවා..... හදන්න උදව් ඕනෙනම්, ගැටළු තියෙනවනම් reply කරන්න.


    ගොඩක් අය මේකේ සිද්දන්තය අහන නිසා එකත් මම කියල දෙන්නම්

    රත් වූ වාතය ඉහල නගී කියන සංසිද්දිය උඹල අහල තියෙනවද? ඕනෙම මද්‍යයක් රත්වූ විට එම රත්වූ කොටස එම මද්‍යය තුල ඉහල නගිනවා. ඒ සංසිද්දිය තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ.

    220px-Thermosiphon2.jpg




    multiwall3.jpg


    පොලිකර්බනෙට් ෂීට් එකේ ඇතුලේ සිහින් බට වගේ පීලි තියෙනවා. එතුල ඇති වතුර ෂීට් එකට ලැබෙන හිරුඑලියෙන් රත් වෙනවා. එක තියල තියෙන ඇන්ගල් එකෙන් රත්වෙච්ච වතුර ඉහලට ගමන් කරනවා. වතුර ටැංකියේ ඉහල කොටසට ගමන්කරන අතර ටැංකියේ පහල කොටසේ ඇති ජලය පොල්කර්බනෙට් පැනලයේ පහල කොටසට ගමන් කරනවා. ඔය සිද්දිය දිගටම වෙනවා. එකෙන් තමයි වතුර රත්වෙන්නේ. මගේ සිස්ටෙම් එකේ සාමාන්‍යයෙන් 60C - 75C විතර රත්වෙනවා.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ෂා මරු මචෝ.තෑන්ක්ස් අපිත් එක්ක බෙදා හදා ගත්තට :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Maru niyamai... panael eken kohomada tank eke wathura unu karanne... bata walin dena rasne athida?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,032
    113
    මචන් මට මේක වැඩ කරන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට වැඩක් මචෝ.. වැඩ කරන හැටිත් විස්තර කරන්න පුලුවන්නම් වටිනවා..:D