ඇපෙන්ඩිසයිටීස් ගැන දැනගමු....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇපෙන්ඩිසයිටීස් ගැන දැනගමු....

    ඉස්සෙල්ලම කියන්න ඕන මගේ රේප් පවර් එක 6ක් වෙලා.... මට රෙප් දීපු සේරටම ගොඩක් ස්තුතියි... මේ දවස් ටිකේ පොඩ්ඩක් ඔෆිස් එකේ නයිට් කරන්න සිද්ද උන නිසා, මට ෆ්‍රී එකක් තිබුන එක දිගට පොස්ට් දාන්න... ඒ අතරින් ගත්තම ගොඩක් රෙප් ලැබුන මගේ ත්‍රෙඩ් වලට... මේ දැනුත් දාන්න හදන්නේ ඒ වගේ වැදගත් ත්‍රෙඩ් එකක්....


    උදරයේ වේදනාවන් විවිධාකාර වූ රෝගයන්හි රෝග ලක්ෂණයන් ලෙස ඉස්මතු වන බැවින් එය කුමන ආකාරයේ රෝගී තත්ත්වයක්දැයි එකවර සිතා ගැනීම අපහසුවේ. මෙලෙස ඉතාමත් උග්‍රව ඇති වන උදරවේදනාව ඇපෙන්ඩිසයිටිස් (Appendicitis) රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇති විය හැක.
    මිනිසාගේ ආහාර මාර්ගයේ මහා අන්ත්‍රයේ මුල් කොටසේ පිටතට නෙරා ගිය කොටසක් තිබේ. මෙය උණ්ඩුක පුච්චය (Appendix) ලෙස හඳුන්වනු ලබයි. මිනිසාගේ ආහාර ජීර්ණය ක්‍රියාවලිය සිදු කිරීමේදී මෙම කුඩා කොටසින් සිදුවන මෙහෙයක් නොමැත.

    උණ්ඩුක පුච්ඡය ප්‍රදාහයට පත්වීම
    ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදුවීමේදී මහා අන්ත්‍රය ඔස්සේ ගමන් කරන ජීර්ණය වූ ආහාර කොටස් (මල ද්‍රව්‍ය) ඇතැම් විට උණ්ඩුක පුච්ඡය තුළට ඇතුළු වී සිරවීමට හැකිය. එවිට මෙම කොටස ඉදිමී ප්‍රදාහ තත්ත්වයට පත්වේ. මෙම හේතුව නිසා එහි රුධිර සැපයුම අඩාළ වී මහා අන්ත්‍රයේ සිටින බැක්ටීරියා මගින් උදර කුහරය ආසාදනයට පත්වේ. මෙය ඇපෙන්ඩිසයිටිස් ලෙස හඳුන්වනු ලබයි.


    රෝග ලක්ෂණ
    උදරයේ ඇතිවන වේදනාව රෝගයේ මූලික ලක්ෂණය වේ. බොහෝ විට නාභිය ආශ්‍රිතව වේදනාව ඇතිවේ. පැය කිහිපයකට පසුව මේ වේදනාව උදරයේ දකුණුපසට හා යටිබඩ ප්‍රදේශයට මාරුවිය හැක. මෙම ස්ථානය එක දිගටම වේදනා දීමට පටන් ගනී. මීට අමතරව දැකිය හැකි රෝග ලක්ෂණ ලෙස උණ, ආහාර අරුචියත්, ඇතැම් විට වමනය ඇති වීමත් සිදුවේ.
    එසේම මෙම රෝගය උත්සන්න වුවහොත් උදර ප්‍රදේශයේ ඇති විෂබිජ රුධිරවාහිනි පද්ධතියට ඇතුළුවීමෙන් මුළු ශරීරය පුරාම පැතිරීමෙන් මරණය පවා සිදුවිය හැක.
    මෙම රෝගය සෑදිය හැකි විශේෂිත වයස් කාණ්ඩයක් ලෙස ළමාවිය අග භාගය පෙන්වා දිය හැක. එනම් නවයොවුන් වියේ තරුණ තරුණියන් හා මැදිවියේ පුද්ගලයින්ය. නමුත් ඕනෑම වයස් කාණ්ඩයක පසුවන ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඇතිවිය හැකි රෝගී තත්ත්වයක් ලෙසද මෙය පෙන්වා දිය හැක.


    රෝගය හඳුනා ගැනීම
    ඉහත සඳහන් කරනු ලැබූ රෝග ලක්ෂණයන් වේ නම් පළපුරුදු වෛද්‍යවරයකු මගින් රෝගියාව පරීක්ෂා කර ගත යුතුවේ. මෙය සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට නම් රෝගියා පරීක්ෂා කළ පමණින් හඳුනාගත හැකිවේ. මීට අමතර රුධිර පරීක්ෂණයකදී රුධිරයේ සුදු රුධිරාණු ඉහළ යෑමක් දැකිය හැකි නම් වෛද්‍යවරයා විසින් ඔබ ඇපෙන්ඩිසයිටිස් රෝගයට ගොදුරු වී ඇත්තකු බවට සැකහැර දැනගනු ලබයි.
    ස්කෑන් පරීක්ෂණයකින්ද රෝගය පිළිබඳව හරි අවබෝධයක් ලබාගත හැකිවේ. මෙහිදී ඇතැම් රෝගීන්ගේ රෝග පරීක්ෂාවට යොමුවූ විටදී ඔවුන්ගේ මූත්‍රා පරීක්ෂණයන් සිදු කරනු ලබයි. එලෙස කිරීමෙන් මූත්‍රා ආසාදනයක් ලෙස සිතා ප්‍රතිකාර සඳහා යොමු කිරීම කරනු ලබයි. මේ නිසාම රෝගය උත්සන්න වීමටද ඉඩ ඇත. මෙයට හේතු වන්නේ උණ්ඩුක පුච්ඡය මූත්‍රා නාළයට ආසන්නව ඇති බැවින් එහි විෂබිජ හෝ බැක්ටීරියා අසාදනය වීමෙන් මූත්‍රා දැවිල්ල මූත්‍රා තදවීම හෝ කලාතුරකින් මුත්‍රා සමග රුධිරය පිටවීම වැනි ලක්ෂණද ඇතිවිය හැක. මෙහිදී මූත්‍රා අසාදන සඳහා ප්‍රතිකාර ගත්තත් පවතින රෝගය සඳහා සුදුසු ප්‍රතිකාරයක් නොගැනීම නිසා රෝගය සුව නොවේ.

    ඇතැම් අවස්ථාවලදී උණ්ඩුක පුච්ඡය කුඩා බඩවැල් ආශ්‍රිතව පිහිටයි. මෙවිට බඩවැල්වලට බැක්ටීරියා ආසාදනයක් සිදුවීම නිසා පාචනය තත්ත්වය මතුවිය හැක. මෙවන් අවස්ථාවලදීද පාචනයට ප්‍රතිකාර කළද සැබෑ රෝගයට ප්‍රතිකාර නොලැබේ.
    ඇතැම් විට උදරයේ ඇතිවන වේදනාවන් සාමාන්‍ය උදරාබාධයක් ලෙස කල් ඇරීම නිසා උණ්ඩුක පුච්ඡය පුපුරා ජීවිත හානි වීමට පවා ඉඩ ප්‍රස්ථාවක් ඇත.
    මීට අමතරව කාන්තාවන් විශේෂයෙන් මුහුණදෙන තත්ත්වයක් ඇත. එනම් දරුවකු බලා‍පොරොත්තු වන වයසේ සිටින කාන්තාවකගේ ගර්භාෂයෙන් පරිබාහිරව දකුණු පස පැලෝපීය නාළවල දරු ගැබක් සිදු වුවහොත් ඇපෙන්ඩිසයිටිස් ලෙස වරදවා වටහාගත හැකි වීමකි. මෙය අස්වාභාවික දරු පිළිසිඳගැනීමක් හෙවත් Ectopic pregnancy නමින් හඳුන්වන තත්ත්වයයි. මේ නිසා එවැනි කාන්තාවන් ඔසප් සිදුවූ අවසන් දිනය මතක තබා ගැනීම හා මූත්‍රා පරීක්ෂණයකට යොමුවීම වැදගත් වේ.

    ප්‍රතිකාර
    මෙහිදී මුල්ම අවස්ථාවේ නම් ප්‍රතිජීවක ඖෂධ එන්නත් මගින් ලබාදීම සිදුකරනු ලබයි. මීට අමතරව ඇපෙන්ඩිසයිටිස් රෝගය උත්සන්න වී උණ්ඩුක පුච්ඡය පුපුරා යාමට ආසන්න අවස්ථාවක නම් ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඉක්මනින් රෝගියා සැත්කමකට භාජනය කරනු ලබයි.
    නවීන තාක්ෂණය අනුව ලැපරස්කොපි මගින් උදරයේ සියුම් කැපුම් 03 ක් පමණක් දමා සැත්කම සිදුකරනු ලබන අතරම දිනක් ඇතුළත රෝහලින් පිටවීමටද අවසර ලැබේ.



    කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ
    හෝමාගම රෝහල


    http://lankahealth.com/appendicitis-appendix-ectopic-pregnancy/

    ඔයාලත් මේ දේවල් දැනගෙන තව ජිවිතයක් දවසක් හරි ජිවත් කරවන්න උපකාරී වෙන්න...
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මගෙත් කලා
    අම්මෝ හොද ගනන් බන්

    ඔක්කොටම වඩා ආතල් එක සැත්කම කරලා ඉවර වෙලා අර වේදනා නාශක වල පවර් බැස්සම.ඇතුලේ බඩ වැල් වල කපපුවා රිදෙනවා මචන්
    ඇඟිල්ලක් නම් ඉතින් මුලින් අල්ලලා තද කරන් ඉන්න හරි පුළුවන්.ඒත් බඩ ඇතුලෙන් කකියනකොට කොහෙන් කියලා අල්ල ගන්නද බන් :-(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක වලක්වා ගන්න කෙදි සහිත අහාර කන්න ඕනේ, ඒ කිව්වේ.
    ඉරිඟු,සුදුපාට බෝංව,කළු බෝංව,වෘක්ක බෝංව,Garbanzo බෝංව,අලිගැටපේර,පැස්ටා,දුඹුරු සහල,සලන්දයේ වටකුරු කේජු,තිරිඟු පාන්,Lentils,පෙයර්ස්,අල සූරියකාන්ත,ඕට්, රාස්බෙරිස්,රට මෑ,ඇපල්,කොට්ටම්බා,බාර්ලි.