වැඩේ වෙලාද කියල දැන ගන්න හැටි....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැඩේ වෙලාද කියල දැන ගන්න හැටි....

    බැන්දට පස්සේ කොහොමත් නිකන් ඉන්නේ නැහැනේ..... අවසර තියෙන නිසා ඕන දෙයක් කරන්න පුළුවන්... ඒත් බැඳපු නැති එවුන් එහෙම කරලා අන්තිමේදී හුම්බහෙන් ඇදලා ගත්ත වගේ ඉන්නේ... මේ ත්‍රෙඩ් එක දාන්නේ අන්න එහෙම ඉන්න එවුන්ටයි, බඳින්න අදහස් කරගෙන ඉන්න එවුන්ටයි, මටයි බලන්න... අපි තවම පොඩි එවුන් නිසා මේවා ගැන එච්චරට දන්නේ නැහැ...:P:P

    ඒ නිසා බලලා බම්ප් එකක් දාගෙන යන්න.... ලොකු පොඩි හැමෝටම වැදගත් වෙයි....


    ඔබ ගර්භණී භාවයට පත්වී ඇති බව දැන ගන්නේ කෙසේද


    ඔබ ගර්භණී බවට පත් වී ඇති බවට සැක පහල කරනවාද? ගර්භණී බවේ සාමාන්‍ය ලක්ෂණ ලෙස බොහෝ විට සාමාන්‍යයෙන් බොහෝ දෙනා හඳුනන ලක්ෂණ ආර්ථව චක්‍රය ප්‍රමාද වීමෙන් සතියක් හෝ දෙකක් ගතවූ පසු දක්නට ලැබීම බොහෝ විට සිදුවන්නකි. තවද සෑම මව් වරුන් දහ දෙනෙකුගෙන් හත් දෙනෙක්ම සති හයක් පමණ ගත වන විට ගර්භණී බවේ ලක්ෂණ පෙන්වීමට පටන් ගනී.

    ඔබ ඔබගේ අර්තව චක්‍රය පිලිබදව වැඩි සැලකිල්ලක් නොදක්වනවා නම් හෝ චක්‍රය ක්‍රමවත්ව සිදු නොවනවා නම් ඔබ ඔබගේ ඊළඟ චක්‍රයේ ආරම්භක කාල සිමාව නොදන්නවා වෙන්නට පුළුවන්. එලෙස අර්තව චක්‍රය ප්‍රමාද නම් ගර්භණී බව සැකකිරීම එහිදී කල නොහැක්කක්. පහත දක්වා ඇති ලක්ෂණ ඔබ ගර්භණී නම් ඔබ තුල දැකීමට ඇති වනවා ඇති. නමුත් සැම ගර්භණී මවක්ම මෙම ලක්ෂණම පෙන්වනවා යයි සිතිය නොහැකියි. ඔබගේ අර්තව චක්‍රය ප්‍රමාද නම් ඔබ බොහෝ විට ගැබ් ගෙන ඇති වීමේ හැකියාව තිබෙනවා. ගැබ් ගෙන ඇති බවට සිදුකරන පරීක්ෂණ මගින් මෙම තත්වය තහවුරු කරගත හැකියි.

    විවිධ ආහාර වලට දක්වන රුචි අරුචි කම් වෙනස් වීම


    ඔබ අලුත ගැබ්ගෙන ඇති නම් ඔබට ඇතැම් අහාර වර්ග කෝපි වැනි පානයන් සහ විවිධ සුවඳ වර්ගයන්ට අප්රියාවක් ඇති වීම වැනි හැකියාවක් පවතී. මෙම තත්වයට හේතු වනුයේ මෙම කාලයේදී ඔබට නොදැනුවත්මම ඔබගේ ශරීරයේ එස්ට්රොජන් ප්‍රමාණය ඉහල යාම වේ. තවද මෙම කාලයේදී ඔබ ඇතැම් විශේෂ ආහාර වලට වැඩි රුචියක් වැනි දෙයක් දැක්වීමද සාමාන්‍යයෙන් දැක ගත හැකිව තිබෙනවා.

    ක්ෂණික හැගීම් වෙනස් වීම්

    ඔබට විවිධ හැගීම් වෙනස් වීම් ඇතිවීමද මෙම කාලයේදී ඔබ ගර්භණී නම් දැක ගත හැකිව තිබෙනා දෙයක්. මෙම තත්වය ඔබගේ ශරීරයේ හෝමෝන වල වෙනස් වීම නිසා ඔබගේ මොලයේ ක්‍රියාකාරිත්වයට සිදු වන විවිධ බලපෑම් නිසා සිදුවන තත්වයක්. ඔබ සිදුකරන සෑම දෙයක්ම මෙම තත්වයට බලපානු ඇති. ඇතැම් මව්වරුන් අතර දැක ගත හැකි වනුයේ සතුටු හා දුක තත්වයන් සැරින් සැරේ මතු වීමයි. නමුත් ඇතැම් තත්වයන් වලදී මවගේ මෙම තත්වයන් විෂාදය දක්වා වුවද යාමට ඉඩ කඩ පවතී

    ඉදිමිනු මහත්වුණු වැනි තත්වය
    තවද ඔබට ඉදිමිනු මහත්වුණු වැනි ගතියක් ඇතිවීම දක්නට ලැබීමද සාමාන්‍යයි. මෙය අර්තව චක්‍රයේදී ඇතිවනවා වැනි තත්වයක් ලෙසටද පැමිණිය හැකියි. මෙම කාලයේදී ඔබගේ ගර්භාෂය තරමක් කුඩා වුවද ඔබට ඇතැම් ඇදුම් පැළදුම් ඉනෙන් හිර වැනි තත්ත්ව බලපානවා වෙන්නට පුළුවන්.

    අධික මුත්‍රා යාමේ තත්වය
    මෙම කාලයේදී ඔබට හොදින් නිරීක්ෂණය කර හැකි තත්වයක් තමයි නිතරම මුත්‍රා යාමේ තත්වය. රුදිරයේ හෝමෝන වල වෙනස් වීම් ඔබගේ වකුගඩු වල රුදිරය පෙරීමේ සිග්‍රතාවයටද සෘජු ලෙස බලපානු ලබයි. මෙම තත්වය නිසා ඔබගේ මුත්‍රාශය ඉක්මනින් පිරීමට ලක්වෙයි. වැඩි පුර මුත්‍රා පිටවීමට හේතුව මෙයයි. මෙම ලක්ෂණය ඔබ පළමු සති සය ඉක්මවනවාත් සමගම දැක ගත හැකි තත්වයකි. ඔබ ගර්භණී භාවයෙහි ඉදිරියට යත්ම මෙම මුත්‍රා පිට වීමේ තත්වය වර්ධනය වේ. ගර්භණී අවදියේදී ඔබගේ ශරීරයේ රුදිර පරිමාව ඉහල යාම සාමාන්‍යයි මෙවිට ඔබගේ ශරීරයේ මුත්රාශයට පැමිණෙන තියර ප්‍රමාණයද අධිකය. ඔබගේ දරුවා කුස තුල වැඩද්දීම ඔහු මුත්‍රාශය මතට පීඩනය ඇති කිරීමේදී ඔබට වැඩි වැඩියෙන් මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවය හට ගැනීම සිදු වේ

    අධික තෙහෙට්ටුව සහ මහන්සිය
    ඔබට අධික තෙහෙට්ටුව ඔබට මෙම කාල සීමාවේදී දැනීමට ලක්වෙන තවත් ලක්ෂණයක්. එක වර ක්ෂණිකව අධික මහන්සි වැනි තත්වයක් ඔබට දැනෙනවාද මෙම වෙහෙසට හේතු වන සියලුම හේතුන් මේ වන විට සොයාගෙන නැති වුවද මෙය සදහා බොහෝ වෙලාවට හේතු වනු හැකි වනුයේ ශරීරයේ සිදුවන අධික හෝමෝන වල වැඩි වීම් විය හැකියි. තවද ඔබගේ නිදිබර ගතිය උදැසන අසනීප තත්වය සහ අධික මුත්‍රා පිටවීම මෙම තත්වයට හේතු වනවා විය හැකියි.

    ඉදිමිනු පියයුරු තත්වය
    ඔබ ගැබ් ගෙන සිටීමේ පෙර ලක්ෂණ අතර ඉදිමුණු පියයුරු තත්ත්වය දක්නට ලැබෙයි. මෙය හෝමෝන වල වැඩි වීම හා ක්‍රියාකාරිත්වයේ වැඩිවීම නිසා සිදුවන තත්වයකි. මෙම ඉදිමුණු හා තද වුනු තත්වය අර්තව චක්‍රයේ අවසන් කාලයේදී ඔබට දැනෙන තත්වයේ දිගුවක් ලෙසට ඔබට දැනීමට හැකියාව පවතී. මෙම අපහසු තාවය ඔබට බොහෝ විට පළමු මාස 3 පමණ වන විට නැති වී යාම සාමාන්‍යයි. එය සිදු වනුයේ ඔබගේ ශරීරය එම හෝමෝන වල වෙනස් වීම් වලට හුරු වන නිසයි.

    ඔක්කාරය
    ඇතැම් කාන්තාවන්ට උදැසන අසනීප තත්වය ගැබ් ගෙන මාසයක් හෝ ආසන්න කාලයක් යනතුරු දක්නට ලැබෙන්නේ නෑ. නමුත් ඇතැම් කාන්තාවන්ට එසේ නොවේ ඔවුනට සතියක් හෝ ඇතැම් විට ඊටත් වැඩ අඩු කාලයකින් මෙම උදැසන අසනීප තත්වය ඇතිවීමේ හැකියාව පවතී. මෙම තත්වය වමනය ඇතිව හෝ නොමැතිව උදැසන පමණක් නොව සවස් යාමයෙහි මෙන්ම රාත්‍රියේ දිද පැමිණීමේ හැකියාව පවතී.


    මෙම ඔක්කාරය හා වමනය වැනි තත්වය පැමිණි අනෙකුත් කාන්තාවන්ට සාමාන්යෙන් මාස තුනක් පමණ ගත වීමේදී මෙම ගතිය සමනය වීමේ ප්‍රවනතාවයක් පවතී. නමුත් ඇතැම් කාන්තාවන්ට මෙම රෝගී වැනි තත්වයෙන් මිදීමට තවත් මාසයක් වැනි කාලයක් ගත වේ. තවද ඇතැම් කාන්තාවන්ට මෙම තත්ත්ව සියල්ලෙන්ම එකවර මිදීමේ හැකියාව ඇත.

    අර්තව චක්‍රය නැවතීම

    ඔබගේ සාමාන්‍යන් පවතී ස්ථාවර අර්තව චක්‍රය හරි ආකාරව ක්‍රියාත්මක නොවේ නම් ඔබ මෙම ලක්ෂණ සොයා බැලීමට ප්‍රථමව ගර්භණී බව සදහා වන පරීක්ෂණ සිදු කරගැනීම වැදගත් වේවි. තවද ඔබගේ ආර්තව චක්‍රය ස්ථාවර නොවේ නම් හෝ ඔබ අර්තව චක්‍රය පිලිබදව වැඩි සැලකිල්ලක් නොදක්වයි නම්, මෙම ඉහත සදහන් කරන ලද පියයුරු වල වර්ධනය මෘදු මොලොක් බව සහ උදැසන කරකැවිල්ල හා ඔක්කාරය සහ ඔබටම දැනෙන විවිධ හේතුන් නිසා ගැබ් ගැනීමක් සිදු වී ඇති දැයි යන්න පිලිබදව සැක පහල කල හැක.

    ඔබගේ මුලික සිරුරේ උෂ්ණත්වය ඉහල යාම
    ඔබ ඔබගේ සිරුරේ උෂ්ණත්වය මැනීමට ලක් කළහොත් ඔබට උෂ්ණත්වයේ වැඩි වීමේ වේගය වැඩි වෙමින් වැඩි වෙනවා ඉතා හොදින් නිරීක්ෂණය කල හැක. සහ පසුව 18 වන දිනය පමණ වන විට එය ස්ථාවර වීම දැකගත හැකි වේ

    අවසන් ස්ථාවරම ක්‍රමය වනුයේ ගර්භණී බව පරික්ෂා කිරීමේ පරික්ෂායි
    අවසානයේ ඔබට ඉතා හොදින් තහවුරු කරගත හැකි ක්‍රමයක් වනුයේ ගර්භණී බව පරික්ෂා කිරීමේ පරික්ෂායි. වෙළඳ පොලෙහි දක්නට ලැබෙන ගර්භණී බව පරික්ෂා කිරීමේ උපකරණ ඇතැම් විට මුල් කාලයේ ඇති හෝමෝන මට්ටමට සංවේදී නොවෙන්නට පුළුවන්. එම නිසා ඔබ සෘණාත්මක ගර්භණී බව පරික්ෂා කිරීමේ පරික්ෂාවකින් අනතුරුව දින කිහිපයකින් පසුව නැවත පරීක්ෂාවක් සිදු කරන්න. මෙම කාලය තුලදී ද ඔබ ගර්භණී නම් ඔබගේ දරුවා කුස තුල වර්ධන වන බව මතක තබා ගන්න. එම නිසා එම කාලය තුලදී හොදින් ආහාර ගැනීමට අමතක කරන්න එපා.

    ඔබට ධනාත්මක ප්‍රතිපලයක් ලැබුණු වහාම ඔබ ඔබගේ වෛද්‍යවරයා සමග කතාබහ කරන්නට යොදා ගන්න.


    හොඳින් මතක තියාගන්න මෙතන ඔබ කියල දාල තියෙන්නේ කෙල්ල ගැන හොඳේ... නැතිව උඹලට මේවා වෙන්නේ නැහැනේ... සැලකිල්ලෙන් හිටපල්ලා මේවා බලලා.... ඒ වගේම කෙල්ලටත් පෙන්වල දීල තිවුවොත් හොඳයි... ඔෆිස් එකේ වගේ එහෙම උනොතින් උඹලටත් ලකුණු තමයි....



    බම්ප් එකක් දාන්න කියන්න ඕන නැහැනේ..


    http://mathru.lk/pre-pregnancy/234-how-do-you-know-if-you-are-pregnant-or-not.html
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :rofl::rofl: අද රූම් අස්සෙ රින්ගපු කස්ටියට ඉදිරියට වැදගත් වෙයි :rofl::rofl:

    වැලන්ටයින් සමරපුවයි රගේ තේරෙන්නේ එතකොට..... දැන්ම බලල හිත හදාගන්න කියමු.
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වැලන්ටයින් සමරපුවයි රගේ තේරෙන්නේ එතකොට..... දැන්ම බලල හිත හදාගන්න කියමු.


    තව ටික දවසකින් එයි මේකෙ එවුනුත් ෆේක් ඒවගෙන් බඩු බනිස් කියාගෙන :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: labu gediya

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    t3733.gif