දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!
දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!
රුවන්වැලි මහ සෑය හැදුවේ කව්ද කියලා ඇහුවොත් ඕන පොඩි එකෙක් කියයි 'දුටුගැමුණු' රජතුමා කියලා· පොඩි එකා ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගත්තට ඌ නොදන්නා දෙයක් තියෙනවා. ඒ තමයි 'දුටු ගැමුණු' කියන නමේ තේරුම· පිච්චර් පිස්‌සත් දන්න කාලේ ඉඳන්ම කට්‌ටිය ඔක්‌කොම කියන්නෙ 'දුටුගැමුණු' කියලා· හැබැයි කට්‌ටිය දන්නෙ නෑ මේ රට එක්‌සේසත් කරලා, බෞද්ධ වෙහෙර විහාර ගොඩනඟල, බුදු දහම මේ රට තුළ ස්‌ථාවර කරපු යුග පුරුෂයට අපි දුෂ්ට ගාමිණී කියනවා කියලා.....· නමුත් අපේ ජයන්ත මහත්තයා නං තමන්ගෙ සිනමා නිර්මාණය තුළින් හරි දේ හරියටම පෙන්නල දීල තියෙනවා. මොකද 'මහරජ ගැමුණු' පිච්චර් එක බලපු හැම කෙනෙක්‌ම පිච්චර් හෝල් එකෙන් එළියට එන්නේ පුදුමාකාර තෘප්තියකින්· ඒ වගේම ගැමුණු රජතුමා ගැන ලොකු ආඩම්බරයකින්·
ඉතිහාසය අපි අහලා තියෙන විදිහට ගැමුණු රජතුමා දෙමළ ජනතාව පෙති ගැහුවා කියලනේ කට්‌ටිය හිතාගෙන ඉන්නේ. ඉතිං ඒ නිසා වර්තමාන දෙමළ මිනිස්‌සුත් ගැමුණු රජතුමා ගැන එතරං පැහැදීමක් නෑ. නමුත් 'මහරජ ගැමුණු' පිච්චර් එක බැලුවම එහෙම කිසිම ජාතිවාදී හැඟීමක් ඇතිවෙන්නේ නෑ· සතුරාටත් මෛත්‍රී කළ යුතුයි. වෛරයට අවෛරයෙන් පිළිතුරු දිය යුතුයි කියන බුදු වදන අනුව ජයන්ත මහත්තයා හරිම අපූරුවට මේ පිච්චර් එක නිර්මාණය කරලා තියෙනවා කියලා පිච්චර් පිස්‌සට හිතුනා. ලේ ගලන දර්ශන, මිනිස්‌සු මරණ දර්ශන හරිම අඩුවෙන් පාචිච්චි කරලා, යුද්ධය තුළදී උනත් ජුගුප්සාව ඇති නොවන විදිහට ජයන්ත මහත්තය තමන්ගෙ රාජකාරිය කරලා තියෙනවා. හැබැයි පිච්චර් පිස්‌සා අහල තියෙන විදිහට ගැමුණු කුමාරයා විහාරමහා දේවියගේ කුසේ පිළිසිඳගත්තාම දොළක් ඇති උනාලුනෙ. එළාර රජතුමාගෙ සෙනෙවියකුගෙ ඔළුව උඩ කකුල් තියාගෙන එළාර රජතුමාගෙ පොකුණෙ මල්වලින් මල් මාලයක් පැළඳගෙන කඩු හෝදපු වතුර බොන්න· හැබැයි අපේ පිච්චර් එකේ නං ඒ ගැන වචනයක්‌වත් සඳහන් වුණේ නෑ. ඒ මොකද කියලා නං පිච්චර් පිස්‌සා දන්නෙ නෑ· ඒ වගේම ඌරු පැලැස්‌ස ගමට යනකොට ගැමුණු කුමාරයා තමන්ගෙ කඩුව 'දෙහෙදුගහක' හැංගුවා කියලා කතාවකුත් පිච්චර් පිස්‌සා අහලා තියෙනවා. කොයි හැටි වෙතත් පිච්චර් එකට නළු නිළියෝ තෝරගනිද්දී ජයන්ත මහත්තයා හරි අපූරු දෙයක් කරලා තියෙනවා. ඒ තමයි විහාරමහා දේවියගෙ චරිතයට දෙදෙනෙක් යොදා ගැනීම. අපේ රටේ ඉන්න ඉතිහාසකතා කප්පිත්තෙක් ඕක කරා නං කරන්නෙ එක්‌කො තාරකා නංගිගෙ කොණ්‌ඩෙ සුදු කරලා නාකි කරයි. එහෙමත් නැත්තං කුසුම් රේණු නෝනගෙ මූණෙ පියර ගාල, තොල් රතු කරලා කෙල්ල කරයි. ඒ අතින් ජයන්ත මහත්තයා ඒක ගානට තේරුම් අරගෙන තියෙනවා. අනිත් කාරණාව තමයි අපි යෝධයෝ කියල හිතාගෙන ඉන්න චරිතවලට නිවැරැදි අර්ථකථනයකුත් ජයන්ත මහත්තයා දීලා තියෙනවා. අර අර්ජුන කොලුවටයි, අජිත් වීරසිංහ උන්නැහැටයි රඟපාන්න බැහැයි කියලා හිතුවට ජයන්ත මහත්තයා උන් දෙන්නව ගලේ ගහලා අපුල්ලලා වැඩේ අරගෙන තියෙනවා. හරි මිනිහෙකුට අහුවෙන්න එපායැ නේද...?
එළාර රජතුමාගෙ චරිතෙ ඉතිං හරිම මනුස්‌සයට දීලා තියෙනවා. මොකද සමහර චරිත තියෙනවා අධි රංගනයෙන් ඉදිරිපත් කරන්න ඕන· හැබැයි ඒ අධි රංගනය හරිම පරිස්‌සමෙන් තමන්ගෙ චරිතෙට ගලපගන්නත් ඕන. එහෙම නූනොත් ඒක විහිළුවක් වෙනවා. නමුත් අපේ ජැක්‌සන් මහත්තයා තමන්ගෙ අධි රංගන හැකියාව කිසිම චරිතයක් නැතුව පිච්චර් එක පුරාම විසිරුවලා තියෙනවා. ඒ වගේම ජැක්‌සන් මහත්තයට පිනුම් ගහලා එහෙම නටන්න ජයන්ත මහත්තයත් බෙර පදේ හරියටම ගහලා තියෙනවා. අපේ හුඟක් නළු නිළියෝ හිතාගෙන ඉන්නෙ දෙබස් නැති චරිත කරලා වැඩක් නෑ කියලා....· හැබැයි අපේ යශෝධා නෝන එහෙම හිතුවනං තමන්ගෙ ප්‍රතිභාව රටට පෙන්වන්න ලැබෙන්නෙ නෑ නේද නෝනෙ· යශෝධා නෝනගෙ රංගනය ගිරව් වගේ දෙබස් කියන්න දඟලන නිළිs නංගිලාට කනේ පාරක් කියලයි පිච්චර් පිස්‌සා කල්පනා කරන්නේ. කුමාර අවධිය - ගුත්තා - මහරජ ගැමුණු ඒ අවධි තුන ඇතුලෙ සැලකිය යුතු සාර්ථකත්වයකින් අපේ උද්දික මහත්තයා එහා මෙහා ගමන් කරා කියලයි පිච්චර් පිස්‌සා කල්පනා කරන්නෙ. ගුත්තාගේ චරිතය තමයි හැබැයි පිච්චර් පිස්‌සගෙ හිත ගත්තෙ· පිච්චර් එක ඇතුලෙ ගුත්තගෙ චරිතය තව ටිකක් කතා කරන්න ඉඩ තිබුණා· කොහෙද අර පිස්‌සෙක් (සෝමරත්න දිසානායක පිස්සා) ගුත්තගෙ චරිතෙ වෙන පිච්චර් එකකට දාල කෑවනෙ· ජයන්ත මහත්තයා ගුත්තගෙ චරිතෙ තව දේවල් කරා නං කට්‌ටිය හිතයි අර කලින් පිච්චර් එකේ තියෙන ඒවා කොපි කරා කියලා.....·
පිච්චර් එක බලලා ඉවර උනාම පිච්චර් පිස්‌සට හිතුනෙ කාලෙකින් පිච්චර් එකක් බැලුවා කියන හැඟීමක්· මොකද රංගන ශිල්පීන් සියලුදෙනාම තමන්ට ලැබුණු කොටස බොහොම හොඳින් කරලා තිබුණා· සංගීතය, කැමරාකරණය ආදී සියලු රස ගුණ දාපු කටට රහ පිච්චර් එකක් තමයි මහරජ ගැමුණු· ඒ වගේම කලා අධ්‍යක්‍ෂක මහත්තයා පමුණුව පැත්ත පළාතකවත් ගිහිල්ලා නෑ. ඒකනං පිච්චර් පිස්‌සගෙ හිතට ලොකු සැනසිල්ලක්· ඒ වගේම එක සිදුවීමක් ඉවර වෙන්න නොදී - තවත් සිදුවීමක් පටන් අරගෙන ප්‍රේක්‍ෂකයාගේ කුතුහලය මනාව පවත්වා ගන්න ජයන්ත මහත්තයා සමත්වීම හරිම සතුටු දෙයක්· ඒ වගේම 'දුටුගැමුණු' - 'මහරජ ගැමුණු' වීම ඉතිහාසය අලුතින් ලිවීමක් විදිහටයි පිච්චර් පිස්‌සා දකින්නෙ· නැන්තං රට බේරාගත්ත වීරයා දුෂ්ටයෙක් වෙනවා. වර්තමානෙ වෙලා තියෙනවා වගේම.
පික්‌චර් පිස්සා
http://www.divaina.com/2015/02/15/meewitha02.html

Last edited: