ගල්කිස්ස/Mt.Lavinia

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගල්කිස්ස හරි මවුන්ට් ලැවීනියා කිව්වම රටේ තොටේ කව්රුත් දන්න තැනක් නගරයක්නේ. ඒත් ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති මේ සිංහලෙන් ගල්කිස්ස ඒ වගේම ඉංග්‍රීසියෙන් මවුන්ට් ලැවීනියා උනේ කියලා නේද?

    සිංහලෙන් ගල්කිස්ස කියලා නම වැටුනේ ඒ කාලේ මේ මේ පළාතේ හිටපු මිනිස්සු මේ කඳු ප්‍රදේශයට ලිහිණියා කන්ද / ලිහිණියා ගල කියලා කියපු නිසා. පස්සේ මේක ගල් කිස්ස උනා. මේ ගල්කිස්ස අවට ගල් පර අස්සේ ඒ කාලේ අනතුරකට ලක් උන නැවක නිධානයක් මේ ගල් පර අස්සේ හංගලා තියනවා කියලත් ජනප්‍රවාදයක් තියනවා.

    ඉංග්‍රීසියෙන් මවුන්ට් ලැවීනියා නම වැටුනේ 1805 කාලේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වන සර් තෝමස් මේට්ලන්ඩ් පැමිණීමත් සමගයි.

    maitland.jpg


    මේට්ලන්ඩට කොළඹ නවාතැන් ගන්න හම්බුන ස්ථානය සුවපහසු මදි නිසා ගල්කිස්ස පැත්තේ ඔහුට මන්ධීරයක් ඉදිකෙරුණා. 1806 ඉදිකර අවසන් කරපු මේ මන්ධීරයේ පදිංචියට යන තෝමස් තනිකඩයෙක් උනා. හැම දාම රාත්‍රියේ මන්දීරයට mestizo නැටුං කණ්ඩායමක් ගෙන්වනවා. මේ නැටුම් කණ්ඩායමේ හිටපු ලැවීනියා අපෝන්සුවා කියන ලස්සන තරුණියකට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ හිත යනවා.

    අන්තිමට දෙන්නට දෙන්නා නැති බැරි තත්වයකට මේ සම්බන්ධය වැඩි වෙන නිසා තෝමස් තමාගේ මන්දීරයේ වයින් සෙලර් එක එක්ක මන්දීරයට යටින් අර ගෑනු ළමයාගේ ගෙදර ලිඳ දක්වාම හොර උමගක් හදවනවා. එහෙම කරන්නේ ඒ කාලේ තිබුන නීති අනුව ආණ්ඩුකාරවරයාට බෑ සාමාන්‍ය කෙල්ලෙක් එක්ක ලව් කරන්න. :angry::angry::angry:. අනික ඒ ගෑනු ළමයාගේ කුලේත් පහත්.

    හෝටලේ යටින් යන උමග

    nim4.2.jpg


    DSC01072.jpg

    ලැවීනියා අපෝන්සුවා

    අවුරුදු හයක් මේ ලව් උමගේ පිහිටෙන් මේ ප්‍රේමය රහසේ ගලාගෙන යද්දී ඒ ගැන කනින් කොනින් ආරංචි වෙලා ඒක කොළඹ ඉංග්‍රීසි සමාජය දෙදරුම්කවන ආරංචියක්‌ උනාලු. තෝමස් ආණ්‌ඩුකාරවයා පහළම පෙළෙන්තියක කෙල්ලක සමග පෙම් සබඳතාවක්‌ පවත්වාගෙන යන නිවුස් එක බ්‍රිතාන්‍යයටද ගියා. ඒකෙ ප්‍රතිඵලය වූයේ තෝමස්‌ මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයාට "දඬුවම් මාරුවක්". ඒ නිසා 1811 දී ඔහු මෝල්ටාවට යෑවිණි. ඒ සමග හය වසරක ප්‍රේමයද චැප්ටර් ක්ලෝස් උනා. :(:(:(:(

    තෝමස් මේට්ලන්ඩ් අවුරුදු 65දී මියගියා. මොල්ටාවට යන්න කලින් එයාගේ ලව් එකට අත්තිඩිය පැත්තෙන් ලොකු ඉඩමකුත් ලියලා දුන්නාලු. ගොඩක් දුකට ලොවිනියත් මේ කන්දෙන් මුහුදට පැනලා මැරුණා කියලලු ආරංචි වෙන්නේ. :(:(:(:(

    කොහොම කොහොම හරි මේ මන්දීරයට මේ තැනට තෝමස් යන්න කලින් මවුන්ට් ලැවීනියා කියලා නම දැම්මේ. ඒක තමයි අද ගල්කිස්ස හෝටලේ එහෙම නැත්තන් මවුන්ට් ලැවීනියා හෝටලේ කියලා කියන්නේ. ;)

    DSC01081.jpg


    දැන් ඉතින් ගල්කිස්ස පැත්තේ ගියොත් ගල්කිස්ස හෝටලේ දැක්කම මේ ආදර කතාවත් මතක් කරගන්න. :D:D:D
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔච්චර කල් ඔය ගැන දැනන් හිටියේ නැනේ ඩලෝ

    නියමයි මචන්
    11.gif
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mestizo = mulatto = mixed ethnicity.

    කෙල්ල පෘතුගීසි සම්බවයක් තියෙනවා. ඒකාලේ ඔහොම සුද්දෝ, වෙනත් ලොක්කෝ ගාව නැටුවේ, පිනෙව්වේ පහත් කුල වල කාන්තාවෝ. මෙයා කෙලින්ම topless. (ඒකාලේ සාමාන්‍ය දෙයක්.)

    ලොකු ඉංග්‍රීසි පවුලක කෙනෙක් සුදු හෝ වේවා තමාට වඩා තත්වෙන් පහත කෙනෙක්ව බැඳ ගත්තොත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් mulatto කෙල්ලේක් ගැන කවර කතාද...

    ඔය මන්දිරය තමයි ගල්කිස්ස මහ හෝටලේ කියන්නේ...
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    z_p-46-Loveena.jpg


    Mohan Raj Madawalage "Loveena" pothe thiyenne oya kathawa. Habai ithin thara bara arala ganna one.

    Kiyawala rasa widininna hoda pothak :)