ඇගේ මළකද අභියස
‘‘මිනී කපන නිමලදාසගේ පනස් හය හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ෂණයට සුපුරුදු පරිදි නිමලදාස වෛද්‍යවරයා හා මෝචරියට ඇතුලු විය.
‘‘ ඉහත සඳහන් කල ආරම්භක වාක්‍යයෙන් පටන්ගන්නා සටහනක් යම් සංවේදී පුද්ගලයෙක් මුහුණු පොතට එක්කර තිබෙනු අපට දැකගැනීමට හැකිවිය.
ඒ පිළිබඳව බොහෝ අය තම අදහස් පලකර තිබුණු අතර වෙනස් මඟක් ගන්නා මෙම සටහන ඔබටද #HiruGossipTrending තුලින් ඉදිරිපත් කිරීමට අපට සිත්විය.
මධු සමය දා ලිහූ සළු පිලි
එවක මතකය අදත් ගෙන
අනේ දොස්තර කමා කල මැන
මදක් දෑසම වසනු මැන...
ඇගේ සිරුරම වසා මතු කල
ප්‍රේමයක් ඇත පුරා මන
තවත් පිරිමියෙකුගේ ඇස් වල
ඇගේ සලකුණු ඕන නැත..!!
දොස්තරට ඇස් වැහෙන තැන්වල
පාත් වී නුඹේ සිරුර ලඟ
හොරෙන් බැලුවා ඉතිරි හුස්මක්
තියනවද ඔය පපුව මැද
කපා සිරුරම සොයා හේතුව
පිරිස්සද්දී හදවතේ
සිරව ලේ කැටි දෙකක් තිබුනා
දරුවො දෙන්නයි සිහි උනේ...
කවපු බත් පිඬ බඩ වැලක් මැද
නැවතිලා සුසුමකට වැද
අදත් දහවල ඉකි ගසා නුඔ
හඬපු තාලය හිතේ ඇත..
“වැදූ දූ පුත් නික්ම ගිය පසු
හැරදමා උන් උපන් රට
තාම සීසර් කරපු සලකුණු
තියනවා නුඹෙ බඩේ යට“
“කපන කොටනා තැනක් පාසා
යලිත් අතගා සුසුම් මැද
නුඔට නොරිදෙන මට රිදෙන තැන්
හුඟක් දැන් ජීවිතේ ඇත...“
ඉතින් යා යුතු මගක් වේ නම්
මදක් ඉවසමු කිව් බසින්..
මෙහෙම දවසක් හිතාගෙන නුඔ
ඉන්න තිබුනා එක ලෙසින්...!
සටහන
Chaminda Pradeep Silva Gunarathne