Eagles - Hotel California සිංහල පරිවර්තනය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Eagles - Hotel California සිංහල පරිවර්තනය

    Eagles - Hotel California සිංහල පරිවර්තනය



    සිංහලට පරිවර්තනය කරපු වෙනත් භාෂා වල කවි ගී පලවුන කියලා පේජ් එකක තිබුන හොටෙල් කැලිෆෝනියා පරිවර්තනය මේකෙට අරන් අවා හැමොටම බලන්න. මෙහි අනුවාදය සමන්මලී අභයසිරි කියලා කෙනෙක් ගේ. ඒයා ගීතය දැකපු විදිය තමයි පහලින් තියෙන්නේ. වෙනත් භාෂාවක කවියක් තවත් භාෂාවකට කවියක් ලෙස පරිවර්තනය කිරීම අමාරුදෙයක්. එහිදී සමහරවිට රසය හා කාව්‍යමය ගතිය නැතුව යන්න පුළුවන්. එත් මේ පරිවර්තනය ඒ දේ අපුරුවට කරලා තියනවා මෙතන පොඩි වෙනස් කම් තිබුනත්


    අධිතාත්වික රීතියක ලියැවුණු මේ ගීය විවිධ අය නන් අයුරින් ලිහා බලයි, විඳියි. මෙය තිදෙනෙකු එක්ව ලියන ලද පදවැලකි. ඩොන් ෆෙල්ඩර්, ග්ලෙන් ෆ්‍රේ හා ඩොන් හෙන්ලි මේ තිදෙනායි. ගීය ගයන්නේ 70 දශකයේ ඉතා ජනප්‍රිය Eagles සංගීත කණ්ඩායමයි. මේ මා විඳි Hotel California ගීයයි. ඔබත් විඳින්න.




    Hotel California
    ===========
    සීත ඝනඳුරු ඒ රැයෙහි
    තව දුරක් යනු නොහී
    කතර මැද මහ මගෙහි
    ළපටි මීවන දළු සුවද පිස
    හමා එන වියලි මාරුතය
    දෑස් රිදවා වෙහෙසූ බැවින්
    දරනු නොහැකිව රිදුම්
    හිස කඩා වැටෙණා බැවින්
    සෙව්වෙමි පහන් වනතුරු
    ගිමන් නිවනට ලැගුම් ගන්නට
    නවාතැන්පළක්
    රැය ගෙවන්නට

    දුටිමි ඒ තානායම
    සුවපහස් දෙන
    විසල් දොරටුව අස නෙතු පිනන රුවකි
    කැඳවනා සීනු හඬ ඇසෙද්දී
    වෙද මෙය තුසිත භවනක්
    නැතොත් මහ නිරයක්
    සිත නැගි දෙගිඩියාවෙන් වුව
    ඉටිපහනක් ගත් අයෙක් හා
    පිවිසුණෙමි එතුළට
    නේක හඬ අවටින් අවදිවූ
    ආදර ඇරයුමක් සේම ඇසුණේ
    පිළිගනිමු මේ භවනට ආදරෙන් ඔබ
    තුසිතය සේම ආනන්දනීයයි මේ ගෙය
    සුරඟනක් සේම සොඳුරුයි ඈ රුව
    සැමදා දොරටු හැර ඇත
    ඔබ වෙනුවෙන්ම මෙහි
    වසනා දිනක් නැති

    සිත් වසඟ කරවන මායම්
    නිමක් නැත ඈ වෙත
    කතාවෙහි ලතාවෙහි
    කළඹනා සරකින් දොඩන
    බුහුටි යොවුනන්ය මිතුරු
    රඟති පාමින් අඟ දඟර
    ඇතමෙක් රඟති
    අත හරින්නට දිවිය
    තවෙකෙක් බදා ගන්නට

    "කැප්ටන් බීමට වයින් ඇත්නම් යසයි! "
    ඇණවුම් කලෙමි මම
    සිත්වූ නිසා තොලගාන්නට මධුවිතක්
    "නවසිය හැට නමයෙන් පස්සේ
    අප ලඟ නෑ නොවැ ඒ ස්ප්‍රීතු "
    කීවේ ඔහු බොහෝ කල් එ රස
    මෙහි නොවූ බව දනවමින්

    දෝංකාර දී ඇසේ යලි යලි
    නින්ද බිඳිමින් මැදියමේ
    නේක හඬ අවදිවූ කියනු
    පිළිගනිමු මේ භවනට ආදරෙන් ඔබ
    තුසිතය සේම ආනන්දනීයයි මේ ගෙය
    සුරඟනක් සේම සොඳුරුයි ඈ රුව
    අරුම නැත ඔවුහූ වසති මෙහි
    මේ විසල් භවනෙහි
    බිඳ දමා නුහුරු බව
    හුරු පුරුදු ලෙස ඉන්න

    කැටපතින් සැදි උඩුවියන
    අයිස් කැට මත
    ඉපිලෙන ළා රත්
    ෂැම්පේන් මධු දියය
    ඈ කියන්නී මෙසේ
    පසක් කරමින් ජීවිතය

    "වහලුන්ය අප - අප තනාගත් යන්ත්‍රයේ"
    ඒ විසල් ශාලාවෙහි
    විසල් මේසය මත
    මසට ගන්නා සත්ත්වයා
    කපන්නට කොටන්නට වෙර දරයි
    අනිමින් වානේ වලින් සැදි පිහි ගෑරැප්පු
    ඒ වටා වට වූ උන්
    එනමුත් මිය නොයයි ඌ
    නේක විඳවුම් විඳිමින්

    මේ ඇතිය - දැන් ඇතිය
    දුටු සුර ලොවක් මෙහි නැත
    සාමයක් නිදහසක් නැත
    අවසානයේ මතක ඇත්තේ මෙයයි
    දිව ගියෙමි දිව ගියෙමි සොයමින්
    පිටව යන මග
    සොයා ගනු නොහී අතරමංව
    යා යුතුය යා යුතුය
    මෙහි රැඳෙනු නම් බැරිය
    "කලබල නොවන්න " රෑ මුරකරු කිවේය
    "අපට උදව් විය නොහැක පිටව යන්නට
    ඇතුළට එන හැටි පමණි
    කියා දෙන්නට හැකි"
    මෙතැනින් පිටවන්නට සිතූවත්
    ඉන් පළා යනු නොහැක දැන්.

    අනුවාදය - සමන්මලී අභයසිරි


    https://www.facebook.com/groups/754300217933317/
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    link eka dapan page eke math issrahata owa liyana inne ,,,,eken guide ganna puluwan
    mekanm patta
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    එල බන්...
    කව්රුත් කැමති සින්දුවක්.. :yes:
    බෙදා ගත්තාට ස්තුතියි :)

    7+
     
    • Like
    Reactions: maxboysl

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    11.gif