One PLUS ONE ගැන දැනගන්න එන්න

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    One PLUS ONE ගැන දැනගන්න එන්න

    OnePlus-One-Review-Sinhala-TechGuru-7-790x527.jpg


    TYPESmart Phones
    MANUFACTUREROnePlus
    PRICE RANGE$200 - $399

    PRICE16 GB = Rs. 49,770
    64 GB = Rs. 58,478

    SPECIFICATIONSCyanogenmod 11S, Quick Boot, Theme Selector

    PLATFORMSAndroid

    YEAR MANUFACTURED2013


    POSITIVES
    මිලෙන් අඩු සුපිරි ජංගම දුරකථනයක් වීම, විශිෂ්ඨ නිමාව සහ දිගු බැටරි ආයුකාලය


    NEGATIVES
    External Memory නොමැති වීම සහ 16 GB දුරකථනය තරමක් ලිස්සන සුළුවීම



    SER S

    [FONT=&quot]තාක්ෂණය ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වෙනකොටත් OnePlus One ගැන අහලා ඇති. OnePlus One ජංගම දුරකථනයට මේ වෙනකොට tech community එක අැතුලේ නම් ලොකු අවධානයක් යොමුවෙලා. ඒත් සාමාන්‍ය අයනම් ගොඩක් දෙනෙක් OnePlus One ගැන දන්නේ නැහැ.[/FONT]
    [FONT=&quot]මේ ජංගම දුරකථනයට මේ තරම් ඉල්ලුමක් තියෙන්න හේතුව වෙන්නේ එහි මිල. HTC One M8, Samsung Galaxy S5හෝ iPhone 5S වගේ ජංගම දුරකථන වල මිල $700ක පමණ වුනත් ඒ හා සමාන performances ඇති මේ OnePlus One හි මිල $300ක් පමණයි වෙන්නේ. Performances අතින් හා software අතින් බොහෝ සෙයින් Nexus 5 එකකට සමාන මෙහි ප්‍රොෙසසරය 2.5 GHz Quad Core Snapdragon 801 ප්‍රොසෙසරයක්. Ram මතකය 3GB වන අතර තිරය අඟල් 5.5ක තිරයක්.[/FONT]
    OnePlus-One-Review-Sinhala-TechGuru-2.jpg


    Overview

    [FONT=&quot]සාමාන්‍ය ජංගම දුරකථනයක් සමඟ සසඳන විට OnePlus One කියන්නේ තරමක් විශාල ජංගම දුරකථනයක්. කෙසේ නමුත් මේ දුරකථනයේ නිෂ්පාදන තත්වය නම් විශිෂ්ඨයි. Samsung Galaxy S5 වගේ දුරකථන එක්ක බලන විට පෙනුම විශිෂ්ඨයි. පසුපස ආවරණය නිර්මාණය වී ඇත්තේ ද අතට පහසු, උසස් පෙනුමක් ගෙනදෙන ද්‍රවයයකින්. Sandstone Black හා Silk White ලෙස version දෙකක් නිකුත්කර ඇති අතර ඒවා පිළිවෙලින් 64GB හා 16GB වනවා. වෙනත් කිසිදු දුරකථනයක දැකිය නොහැකි අන්දමේ අපූරූ පසුපස ආවරණයක් මෙහි දකින්නට පුළුවන්. ඔබටත් OnePlus One ජංගම දුරකථනයක් මිලදී ගන්නට පුළුවන් නම් ඔබත් එහි පසුපස ඔබේ මුහුණේ ස්පර්ශ කරලා බලන්න. ඒක ඇත්තටම අපූරූ අත්දැකීමක්.[/FONT]
    [FONT=&quot]හැබැයි ඔබ 16GB version එක එහෙමත් නැත්නම් Silk White ෆෝන් එකනම් තරමක් ලිස්සන සුළුයි. ඒ නිසා බාහිර කවරයක් හෝ බාහිර ස්ටිකරයක් අලවා භාවිත කරනවානම් වඩා සුදුසුයි.[/FONT]
    [FONT=&quot]තරමක් විශාල ජංගම දුරකථනයක් වුනත් මෙහි button placement එකේනම් වරදක් නැහැ. ඒ නිසා Power On/Off කරන්න Volume අඩු වැඩි කරන්න වැඩි වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදියට බලනකොටනම් මිලට උපරිම සාධාරණයක් කරන්න OnePlus One සමත් වෙලා.[/FONT]


    OnePlus-One-Review-Sinhala-TechGuru-2.jpg


    What is OnePlus?

    [FONT=&quot]අපි දැන් බලමු OnePlus කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. OnePlus කියන්නේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ නම. එහි පළමු නිෂ්පාදනය නිසයි OnePlus One ජංගම දුරකථනයට ඒ නම වැටුනේ. ඒත් කොහොමද මේ වගේ සුපිරි ෆෝන් එකක් මේ තරම් අඩු මුදලකට දෙන්නේ. සාමාන්‍යයෙන් Smasung Galaxy S5 වගේ ජංගම දුරකථනයක විකුණුම් මිල $700කට ආසන්නයි කියලා ඔයලා දන්නවා අැති නේ. ඒත් Samsung Galaxy S5 ජංගම දුරකථනයක් නිෂ්පාදනයට $250ක පමණයි වැයවන්නේ. ඉතින් ඒ ඉතුරු $450 මොකටද? ඒ සියල්ලම වගේ වැයවෙන්නේ Research & Marketing වලටයි. හැබැයි OnePlus සමාගම නම් Marketing වලට වියදමක් දරන්නේ නැහැ. ඒ අය ඒ වෙනුවට අන්තර්ජාලය හරහා පැවැත්වෙන තරඟ, Social Media හා Forums වගේ දේවල් තමයි යොදාගන්නේ. ඔන්න ඕකයි OnePlus ගේ රහස. හැබැයි සමාගමක් විදියට මේ උපාය කොයිතරම් දුරට සාර්ථක වේවිද කියන්න අපිනම් දන්නේ නැහැ. මොකද ඒ වගේ marketing ක්‍රමයකින් capture කරන්න පුළුවන් පිරිස දැනට බොහෝම සුලු පිරිසක්.[/FONT]


    OnePlus-One-Review-Sinhala-TechGuru-5.jpg


    Hardware
    ඇත්තටම මේ දුරකථනයේ Hardware superb. මිල අඩු නිසා ඔබට හිතෙන්න පුළුවන් බාල තත්වයේ ජංගම දුරකථයක් කියලා. ඒත් ඒක එහෙම නැහැ. Hardware අතින් හා Specs අතින් $700ක ජංගම දුරකථනයකට දෙවැනි නැහැ.

    3200mA වගේ වැඩි ධාරිතාවයකින් යුත් මේ OnePlus One දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්නට නම් බැහැ. ඒ වුනත් පසුපස ආවරණය පහසුවෙන් ගැලවිය හැකි නිසා විවිධ මෝස්තර ගණනාවක් අතරින් කැමති ආවරණයක් තෝරාගන්නට ඔබට හැකියාව තිබෙනවා. අධි ධාරිතා බැටරියකින් බල ගැන්වෙන නිසා පහසුවෙන් දවස් 2ක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණවත්. සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක් හැමදාම රෑට charge කරන්නනේ අපි පුරුදුවෙලා ඉන්නේ. ඒත් මේ ෆෝන් එකනම් දවසක් ඇර දවසක් වුනත් charge කරලා පාවිච්චි කරන්න බැරි නැහැ.


    සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක අඩංගු වන්නේ එක Mic එකක් පමණයි. හැබැයි මෙහි Mics 3ක් ඇතුලත්. ඒ නිසා වඩා හොඳින් බාහිර ශබ්ධ වලින් කටහඬ වෙන්කරලා පැහැදිලි හඬක් ලබාදෙන්නට මේ දුරකථනයට හැකියාව තියෙනවා. මුල් කාලයේදී මේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් වල හඬ ඉතාමත් අඩු වුනත් පසුව Software update එකකින් ඒ අඩුපාඩුව හදන්නට OnePlus සමත් වුනා.


    Software

    [FONT=&quot]OnePlus One හි විශේෂතම අංගය වන්නේ Software features. Android KitKat මත නිර්මාණය වුණුCyanogenmod මෙහෙයුම් පද්ධතියයි මෙහි ඇතුලත් වන්නේ. මේ ජංගම දුරකථනය වෙනුවෙන්ම නිකුත් වූ සංස්කරණයක් වන Cyanogenmod 11S අඩංගු OnePlus One, Nexus එකකට සමාන දුරකථනයක් කියලා හඳුන්වන්න පුළුවන්.[/FONT]
    [FONT=&quot]Nexus වගේ pure android අත්දැකීමක් ලබන්නට පුළුවන් වගේම තමන්ට අවශ්‍ය විදියට customize කරන්නත් අවස්ථාවක් තිබෙනවා. Boot Animation, Theme වගේම Buttons පවා වෙනස් කරන්නට Cyanogenmod පාවිච්චි කරන ඔබට හැකියාව ලැබෙනවා. ෆෝන් එකේ Off Screen capacitive buttons වෙනුවට On screen buttons වලට මාරුවෙන්නටත්, අවශ්‍යතාවය අනුව අලුතෙන් buttons එකතු කරගන්නටත් හැකියාව තියෙනවා. මෙහි Lock screen එකත් තරමක් වෙනස්. Lock screen එක හරහා ක්ෂණිකව කැමරාවට යොමුවීමටත් හැකියාව කිබෙනවා.[/FONT]
    [FONT=&quot]ඒ වගේම ලඟදීම Android Lollipop සඳහා සහාය ලබාදෙන්නටත් සූදානමක් තියෙනවා කියලා දැනගන්න ලැබුනා. ඒ විතරක් නෙවෙයි OnePlus සමාගමෙන්ම නිර්මාණය කල Android මත පදනම් වුනු Oxygen OS නම් අලුත් මෙහෙයුම් පද්ධතියක් OnePlus වෙත ලබාදෙන්නටත් OnePlus සූදානම් වෙනවා. ඒ අතින් බලනකොට මෘදුකාංග සඳහා ඔබ කැමති ආකාරයේ තීරණයක් ලබාගන්නට OnePlus හරහා ඔබට හැකියාව ලැබෙනවා.[/FONT]
    Camera

    [FONT=&quot]කැමරාව ගැන කතා කරනවනම් OnePlus One කැමරාව 13MP කැමරාවක්. ඒ වගේම මෙහි 5MP ඉදිරිපස කැමරාවකුත් ඇතුලත්. ඒ නිසා ඉතින් Selfie වලට සුපිරි කැමරා එකක්. Camera app එක සම්පූර්ණයෙන්ම වගේ redesign කිරීමට Cyanogenmod සමත් වෙලා. ඒ අනුව පහසුවෙන් විවිධ Modes වලට මාරු වෙන්නටත්, ක්ෂණිකව ඡායාරූප ගැනීමත් හැකියාව තියෙනවා. මේ කැමරාවෙන් ලබාගන්න ඡායාරූප තත්වයෙන් උසස්. නියම වර්ණ සංයෝඡනයත්, නියම වර්ණ ප්‍රතිනිර්මාණයත් නිසා එදිනෙදා කැමරාවක් ලෙස භාවිතයට සුදුසුයි. 4K ප්‍රමාණයේ වීඩියෝකරණයට හැකියාව තිබුණත් Optical Image Stabilizer එකක් නොමැති නිසා වීඩියෝ ඒ තරම් හොඳ තත්වයේ නැහැ. එසේ වුනත් Slow Motion වීඩියෝ ලබාගන්නටත් මේ කැමරාව සමත්. Dual LED Flash එකක් සහිත නිසා රාත්‍රී කාලයේදී වුවත් ඡායාරූප ගන්නට පුළුවන්. ඒත් අඳුරේ ලබාගන්නා ඡායාරූප වල තත්වය නම් ඒ තරම් හොඳ තත්වයේ නැහැ. HDR ඡායාරූප නම් වෙනත් කැමරා සමඟ සසඳන විට ඉතාමත් හොඳ තත්වයේ තිබෙනවා. අපි මීට පෙර review කල Galaxy Note 3 ෆෝන් එකේ කැමරාවට වඩා මෙහි කැමරාව හොඳයි.[/FONT]


    OnePlus-One-Review-Sinhala-TechGuru-8.jpg


    Performance

    [FONT=&quot]Ram මතකය 3GB වන නිසා පහසුවෙන් Apps ගණනාවක් handle කරන්න හැකියාව තියෙනවා. Web browsing වලදීත් කිසිදු අපහසුවක් හෝ හිරවීමක් සිදුවන්නේ නැහැ. Resolution වැඩි තිරය නිසා කුඩා අකුරු පවා පැහැදිලිව දැකගන්නට පුළුවන්. ඒ වගේම Gaming performance වුනත් හොඳ මට්ටමක තිබෙනවා. තිරය විශාල නිසා චිත්‍රපට, විඩියෝ පට නරඹන්නත්, Stereo Sounds ද ඇති නිසා හොඳ වින්දනාත්මක අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඒත් Speakers දෙකම එකම පැත්තේ තිබෙන නිසා චිත්‍රපට, වීඩියෝ පට නරඹන විට නියම stereo අත්දැකීමක් විඳින්නට බැහැ.[/FONT]
    How to Buy

    [FONT=&quot]හැබැයි ඉතින් OnePlus කියන්නේ සල්ලි දීලා වුනත් ලේසියෙන් මිලදී ගන්න පුළුවන් ෆෝන් එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ දුරකථනය මිලදී ගන්නට ඔයාලට කාගෙන්හරි දැනට මිලදී ගත්ත කෙනෙකුගෙන් invite එකක් අවශ්‍ය වෙනවා. හැබැයි ලංකාවේ අපිට නම් දැන් රුපියල් 50000 ක වගේ මිලකට MyStore.lk වෙබ් අඩවිය හරහා මිලදී ගන්න පුළුවන්.[/FONT]
    [FONT=&quot]ඒත් තාම ලෝකේ අනිත් රටවල් වලත් ලේසියෙන් මිලදීගන්න බැරි මේ ජංගම දුරකථනය කොහොමද ලංකාවට අාවේ. OnePlus කියන්නේ චීන සමාගමක්. ඒ නිසා ඒ අය වැඩියෙන්ම අවධානය යොමුකරන්නේ ආසියානු කලාපයේ ‍වෙළඳපල ගැනයි. ඉතින් ඉන්දියාව තුල මේ ජංගම දුරකථනය ප්‍රචලිත කරන්න OnePlus දුරකථනය පෙබරවාරි 10 වෙනිදා සිට සාමාන්‍ය පරිදි වෙළඳපලට නිකුත් කලා. අන්න ඒ විදියට තමයි OnePlus One ලංකාවට අාවේ.[/FONT]
    [FONT=&quot]තව සමහර අය තරමක් බයෙන් ඉන්නවා ලංකාවේ ඇතුලේ මේ ෆෝන් එක වැඩකරනවාද කියලත්. ඒත් 4G LTE ඇතුළුව සියළුම වර්ගයේ සම්බන්ධතා සඳහා OnePlus One ලංකාව ඇතුලදී සහාය දක්වනවා කියලා අපට දැකගන්නට ලැබුනා.[/FONT]
    [FONT=&quot]MyStore.lk හරහා මිලදී ගන්න ඔයාලට සම්පත් බැංකු ක්‍රෙඩිඩ් කාඩ් එකකින් රු. 49,770 මුදලකටත් මිලදී ගන්න පුළුවන් වගේම පහසු ගෙවීම සඳහා ක්‍රෙඩිට් කාඩ් එකක් මඟින් වාරික ලෙස ගෙවීමේ පහසුකම් වුවත් ලබාගන්නට පුළුවන්. ඒ වගේම කොළඹ අවට ප්‍රදේශ වලට නොමිලයේම ගෙදරටම ගෙන්වා ගන්නටත් හැකියාව තිබෙනවා.[/FONT]
    Conclusion

    [FONT=&quot]මේ විදියට බලනකොට හැම අතින්ම ගත්තම දැනට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට් ෆෝන් එක කියලා හඳුන්වන්න පුළුවන්. Apple, Samsung වගේ දැවැන්න නම් වල දැවැන්ත marketing වලට ගෙවන මුදලත් අපිම ගෙවනවද? නැත්නම් නම වැඩිය ප්‍රසිද්ධ නැති වුනත් හොඳ තත්වයේ උසස් ජංගම දුරකථනයක් මිලදී ගන්නවද කියලා ඔයාලම හිතලා බලන්න.[/FONT]
    OnePlus-One-Review-Sinhala-TechGuru-3.jpg


    OnePlus One Specs

    [FONT=&quot]Network: Unlocked, GSM
    OS: CyanogenMod 11S
    CPU: 2.5 GHz quad-core Snapdragon 801
    Screen: 5.5-inch 1920×1080 IPS-LCD display (401 PPI)
    RAM: 3GB
    Storage: 16GB or 64GB
    Camera: 13MP rear / 5MP front
    Battery: 3100 mAh Li-Po
    Dimensions: 6.02 x 2.99 x 0.35 in
    Weight: 5.71 ounces
    Price: Rs. 49,770 (16GB) or Rs. 58,478 (64GB)
    Variant: Chinese
    [/FONT]


    ගත්තේ - techguru.lk
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක හොඳා ද බන්.....රැම් එක තමා මුන් කෙලලා ඇරලා තියෙන්නේ :P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඒත් ඒ හා සාමානම specs තියෙන සහ කැමරාවෙන් ඉහල(Z2-20Mp / OPO-13Mp) තැනක ඉන්න Sony Z2 එක OPO 64GB එකේ ගානට වඩා අඩුවෙන් ගන්න පුළුවන්...

    attachment.php

    attachment.php


     

    Attachments

    • OPO 64G.jpg
      OPO 64G.jpg
      63.5 KB · Views: 142
    • Z2.jpg
      Z2.jpg
      62.6 KB · Views: 136

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    PRICE16 GB = Rs. 49,770
    64 GB = Rs. 58,478



    POSITIVES
    මිලෙන් අඩු සුපිරි ජංගම දුරකථනයක් වීම, විශිෂ්ඨ නිමාව සහ දිගු බැටරි ආයුකාලය


    :)