"වැලිකඩ" වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    "වැලිකඩ" වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම

    sinkoti1.jpg


    .
    'ජුදාස්‌" පරදන තරමේ පාවා දෙන්නෝ අප අතරේ හැමදාමත් සිටියහ. අපේ ඉතිහාසයේද එවැන්නන්ගේ කතා බොහෝ ඇත. ප්‍රභාකරන්ගේ ශාපයෙන් මේ රට වැනසෙමින් තිබියදීද එවැනි නරුමයන් කළ පාවා දීම් අනන්තවත් සිදු විය.

    එකී පාවා දීම්වලදී ඔවුනට අම්මා, අප්පා, රට, ජාතිය සහ ආගම ආදී වශයෙන් වූ කිසිවක්‌ පිළිබඳ වැදගත්කමක්‌ නොවීය. කුමක්‌ හෝ වේවා පාවා දීම ඔවුන්ගේ බඩගෝස්‌තරය වී තිබිණි. ඉතින් උන් සැවොම එක්‌වී නිති කරනු ලැබුවේ බඩවඩා ගැනීම උදෙසා සියල්ල පාවා දීමය.

    මෙකී පාවා දෙන්නන් "ජුදාස්‌" පරදන තරමේ උන් යෑයි කියන්නටද හේතු සාධක බොහෝ ඇත. එදා කාසි මල්ලක්‌ ඉදිරියේ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ පාවා දුන්නද ජුදාස්‌ට හෘද සාක්‍ෂියක්‌ තිබුණේය. එහෙයින් හේ එම පාවාදීමෙන් පසු ගෙල වැලලා ගෙන සිය දිවි නසා ගත්තේය. නමුත් ජුදාස්‌ට එසේ හෘද සාක්‍ෂියක්‌ තිබුණද මෙකී පාවා දෙන්නන්ට එවැන්නක්‌ නොමැත.

    එනිසා උන් හැමදාමත් කළේ ඔබත් මාත් වෙසෙන මේ සමාජය තුළ සිටිමින් සමාජයම පාවාදී සියල්ල අලෙවි කර බඩ වඩා ගන්නා අතරේ සමාජය තුළටම වැදී සැඟවීමමය. එසේ අප අතරට වැදී සිටින මෙකී පාවා දෙන්නන්ගේ කතා පෙළේ අලුත්ම කතාව මේ මොහොතේ කරළියට පැමිණ තිබෙන්නේ විශ්මිත අයුරිනි.

    එහිදී මෙකී නරුම පාවා දෙන්නන් එකට එක්‌ව පහර දෙන්නට සැරසෙනුයේ කොතැනකටද? මේ රට යක්‍ෂයාගෙන් ගලවා ගත් ත්‍රිවිධ හමුදා හා පොලිසිය ආදී ලෙසින් වන අපේ රණවිරුවන් දැන් ඔවුන්ගේ ඉලක්‌කය වී තිබෙන්නේය.

    පවතින "යහ පාලනය" තුළ දෙමළ බෙදුම්වාදයට යළි මාවත විවර කෙරෙමින් තිබෙන්නේය යන්න ඉකුත් සතියේ මෙරට මාධ්‍ය තුළ කතාබහට ලක්‌ වූවකි. පසුගිය දා උතුරු පළාත් සභාව තුළ සම්මත කෙරුණු රටට එරෙහි යෝජනාවෙන්ද කියෑවුණේ ඒ කතාවය.

    නමුත් වත්මන් "යහ පාලනයට" එකී අවදානම පිළිබඳ සිතන්නට වුවමනාවක්‌a නැති බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි. ඊට ඇති කදිම සාක්‍ෂිය වන්නේ එදා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය සමඟ දීග කමින් මේ රට පාවා දුන් අපතයෝ රැලක්‌ මෙදා රණවිරුවන්ට පහර දීමට සැරසෙද්දී ආණ්‌ඩුවේ ඇතැමුන්ද ඔවුන් අතරට ගොස්‌ හිස අතගා "ඔහොම යමං පුතා" න්‍යායෙන් කටයුතු කරමින් සිටීමය.

    ඉකුත් 2012 වසරේ නොවැම්බර් මස කොළඹ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ල අද මෙසේ රණවිරුවන්ට පහර දීමට සැරසෙන අමන රෑළ සිය ප්‍රධාන සටන් පාඨය බවට පත් කරගෙන තිබෙන්නේ කෙන්දක්‌ ගෙන මෙන්න කන්ද යෑයි ආණ්‌ඩුවට පෙන්වමිනි.

    රටට එරෙහි විජාතික බලවේගයන්ගේ ඉත්තන් වී ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට කඩෙ ගිය මෙකී අමන පාවා දෙන්නන්ට කෙන්ද කන්ද කිරීම යනු සුළු දෙයකි. එහෙත් ගැටලුව වන්නේ උන් පෙන්වන කෙන්ද දැක ඔව් එය කන්දක්‌ යෑයි කියන්නට තරම් වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතියන්ද "මොන්ටිසෝරි" තත්ත්වයට ඇද වැටී සිටීමය.

    යහ පාලනය මේ යන්නේ "මිලේනියම් සිටි" අංක දෙක වෙතටද? සිදුවන සියල්ල ඉදිරියේ අපට තවමත් වටහාගත නොහැකිව ඇත්තේ ඒ ටිකය. නමුත් යළි එවැන්නක්‌ සිදු වුවහොත් අතීත මතකයන් සමඟ මේ රටට ආදරය කරන මිනිසුන්ගේ ශාපයෙන් මිදෙන්නට යහ පාලනයේ කිසිවකුටත් නොහැකි වනු ඇත.

    අද දවසේ ඉහත කී නරුමයන් වැලිකඩ බන්ධනාගාරයේ එකී සිද්ධිය සිය බඩ වඩා ගැනීමේ අලුත්ම මෙහෙයුම බවට පත් කරගෙන සිටිනුයේ එල්ටීටීඊය වනසා රටට විමුක්‌තිය උදා කර දුන් රණවරුවා කෙරෙහි ඇති වෛරය නිසාම බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි.

    එදා වැලිකඩ බන්ධනාගාරයේදී සිදු වූයේ කුමක්‌ද යන්න අපි මීට ඉහත ලිපියකදීද මැනවින් සටහන් කළෙමු. ඒ වගකීම් සහිතවය. "දිවයින" යනු මේ රටේ බන්ධනාගාරගත සිරකරුවන්ගේ දුක හා පීඩනය පිළිබඳ වැඩියෙන්ම කතා කළ මාධ්‍යයකි. එනිසාම මෙරට ඇති ඕනෑම බන්ධනාගාරයක සිදු වන සිදුවීමක තොරතුරු අසුරු සැණින් දැන ගැනීමේ සබඳතා ජාලයක්‌ "දිවයිනේ" අපට ඇත.

    එය වැලිකඩ බන්ධනාගාරය අරබයාද එදා මෙන්ම අදටත් පොදුව තිබෙන්නකි. එහෙයින් උපදින මොහොතේ ගසක්‌ යට පෙකණිවැල කපන ලද, ජාතියක්‌ ජන්මයක්‌ නැති අපතයන් වී ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට ආවඩා කිලිනොච්චි කැලයේදී එල්ටීටීඊ සටන් පුහුණුව ලැබ කොළඹට බෝම්බ ගැසූ පවට හිරේ ගිය වුන් කියන කතා මෙන් නොව වැලිකඩ සිද්ධිය පිළිබඳ අප තැබූ සටහන් තුළ වූයේ සත්‍යවාදී බවමය.

    ඒ සත්‍යවාදිත්වය තුළ රැඳෙමින් කාගේත් වැටහීම පිණිස එදා වැලිකඩ සිද්ධියේ දී වූ දේ නැවතත් අපි මෙසේ සටහන් කරන්නෙමු. 2012 නොවැම්බර් මාසය වන විට වැලිකඩ බන්ධනාගාරය වූයේ පාලනය කළ නොහැකි තරමට මත් කුඩු ජාවාරමේ මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වය. පාවා දෙන්නන් අද කියන කතාවට අදාළ දිනයේ එස්‌ටීඑµa වැලිකඩට ගියේ එහි පවතින තත්ත්වය වැළකීමේ අදහසිනිs.

    නමුත් එහිදී සිදු වූයේ කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. බන්ධනාගාරයට ගිය එස්‌ටීඑµa නිලධාරින්ට බලාපොරොත්තු නොවූ ලෙස සිරකරුවන්ගෙන් විශාල අභියෝගයක්‌ එල්ල වන්නට විය. අවසානයේ එය දරුණු ගැටුමක්‌ බවට පරිවර්තනය වූයේ නොසිතූ අයුරිනි.

    එහිදී සිරකරුවෝ බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා නිලධාරින්ට වෙඩි තබන්නට වූහ. කෙටි වේලාවක්‌ තුළ බන්ධනාගාරය යුද පිටියක්‌ කෙරෙමින් නිර්මාණය වූයේ බිහිසුණු වටපිටාවකි. එය එදින රාත්‍රියේදී ද බන්ධනාගාරය තුළ පැවතිණි. ඇතැම් සිරකරුවන් බන්ධනාගාර ඩිස්‌පැන්සරිය කඩා මානසික රෝගීන්ට දෙන බෙහෙත් පෙති වර්ගයක්‌ පානය කර මත්වී වියරුවෙන් මෙන් හැසිරීම තත්ත්වය තවත් දරුණු කරන්නක්‌ වී තිබිණ.

    ඒ රැයේදී මේ ලියුම්කරු ඇමතූ එදා වැලිකඩ සිටි තමන් කවරෙක්‌දැයි නොකී රැඳවියකු බියපත් ස්‌වරයෙන් රාත්‍රී 11.00 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේ තත්ත්වය පැහැදිලි කරන්නට වූයේ මෙලෙසිනි. "මහත්තයෝ.. අපේ උන් ආමරියේ තිබුණු වෙපන් අරගෙන හතර අතට වෙඩි තියනවා.. මේ වෙනකොට එළියෙනුත් බන්ධනාගාරය ඇතුළට වෙඩි තියනවා. මම හිතන්නේ ආමි එක ඇවිල්ලද කොහෙද.."

    සැබවින්ම එම රැඳවියා අනුමානයට කී පරිදිම එම මොහොත වන විට වැලිකඩ බන්ධනාගාරය සිරකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා යුද හමුදාව එහි කැඳවීමට රජය පියවර ගෙන තිබිණි. එසේ එහි ගිය හමුදා නිලධාරින් අත වූයේ මේ රටේත් ජාතියේත් රැකවරණය වෙනුවෙන් ලබා දුන් නීත්‍යනුකූල ගිනි අවිය. ආණ්‌ඩුව ඒවා ඔවුන්ට ලබා දුන්නේ නළා පිඹින්නට නොව. අවැසි තැනදී වෙඩි තබන්නටය.

    හමුදාව එසේ වැලිකඩ බන්ධනාගාරයට යන මොහොත වන විටත් සිරකරුවන් සිටියේ බන්ධනාගාර අවි ගබඩාව කඩා අතට ගත් ගිනි අවි වලින් හතර අතට වෙඩි තබමිනි. ඒ රැයේ බන්ධනාගාර රැඳවියා ඇමතුමක්‌ දී අපට කී කතාවෙන් එය පැහැදිලි වන්නකි.

    එසේ නම් මෙහිදී වැලිකඩට ගිය හමුදා නිලධාරින් කළ යුතු වන්නේ කුමක්‌ද? "අනේ මල්ලි අපි ආමි එකෙන් වෙඩි තියන්න එපා" යෑයි සිරකරුවන් අමතා පවසමින් බන්ධනාගාරය මුදා ගැනීමට එතුළට යැමද? නැත. යුද හමුදා විරුවන් එදා එහි ගියේ රජයේ නියෝගයට අනුව වැලිකඩ බන්ධනාගාරය සිරකරුවන්ගෙන් මුදා ගැනීමටය. ඔවුන් සිය රාජකාරිය කළ යුතුය. එකී රාජකාරියේදී තමන් වෙත එන වෙඩි උණ්‌ඩය හමුවේ පෙරළා වෙඩි තබන්නට ඔවුනට සිදු වන්නේය. වැලිකඩදී වුණේ ඒ ටිකය.

    නමුත් අද දවසේ වැලිකඩ සිද්ධියට අර්ථකථන දෙන, කලකට ඉහත විජාතික කුමන්ත්‍රණකරුවන්ගේ රෙදි අස්‌සේ සැඟවී උපන් බිමට එරෙහිව ක්‍රියාත්මක වූ එන්ජීඕ නඩ සහ උන් සමඟ පෙළ ගැසී සිටින ජාතිය පවා දී සිරගතව සිටි කොටි ත්‍රස්‌තවාදී නරුමයන් කියනුයේ කුමක්‌ද?

    වැලිකඩදී එදා අපේ රණවිරුවන් මිනිස්‌ ඝාතකයන් වූයේලු. සොය සොයා සිරකරුවන් මැරුවේලු. පිටින් ආ ඝාතකයන් බන්ධනාගාරය තුළට පැමිණ මිනී මැරුවේලු. "නරි සඳ දුටු කල හූ කියන්නාක්‌" පරිදි මේ සියල්ල කියනුයේ අද දවසේ ඩොල්ර් කුට්‌ටි හමුවේ සදාකාලිකවම මේ රටට සතුරුවූ එන්ජීඕ නඩ සමඟ එකතුව දේශපාලන රැකවරණ ගෙන විදෙස්‌ගත වීමේ සූදානමක සිටින සහ දැනටමත් එසේ රටින් පිටවී සිටිනා සිංහල කොටි ත්‍රස්‌තයන්ය.

    පැහැදිලිවම කිවහොත් මේ සියල්ල පසුපස සිටිනුයේ එලිටීටීඊයේ ත්‍රස්‌තවාදයට රට පමණක්‌ නොව ආත්මයද පාවා දුන් නරුමයෝය. යුද සමයේ කොළඹ වනසා අමු අමුවේ මිනිස්‌ ඝාතන කිරීමට ප්‍රභාකරන්ගේ බෝම්බ කොළඹට ගෙනවිත් බස්‌ රථවල සහ දුම්රිවල තබා මිනිසුන් මරමින් ත්‍රස්‌තවාදීන්ගේ ඊළාම් සිහිනයට ආවැඩූ කාලකණ්‌ණිය.

    අපි ඒ කතාව නොබියව කියන්නෙමු. ඒ කිසිවකු හෝ අභියෝගයක්‌ කරන්නට පැමිණියහොත් සියල්ල රටට පෙන්වා දෙන්නට සාක්‍ෂි අප සතුව තිබෙන නිසාය. අද වැලිකඩ සිද්ධිය ගෙන රටට එරෙහි වූ එන්ජීඕ නඩ සමඟ එක්‌ව "හමුදාව වැලිකඩ මිනී මරද්දී අපිත් ඇතුළේ සිටියා" ලෙසින් මොර දෙන්නවුන් පිළිබඳ අපට කියන්නට බොහෝ දේ ඇත.

    මේ හඬ නගනුයේ කලකට ඉහත ප්‍රභාකරන්ට මල් පුදමින් කිලිනොච්චියට ගොස්‌ එල්ටීටීඊයේ සටන් පහුණුව ලැබ දකුණට බෝම්බ ගසමින් රටත් ජාතියත් පාවා දුන් සිංහල කොටි නඩයට අදාළ වූ පිරිස්‌ය. "එදා අපිත් හිරේ හිටියා" යෑයි ලෙසින් මොවුන්ම කියන පරිදි මේ නරුමයන් වැලිකඩ බන්ධනාගාරයේ කූරු ගණින්නට ගියේ හොරෙන් කෙසෙල්කැන් කැපීම නිසා නොව, එල්ටීටීඊයේ බෝම්බ රැගෙන විත් ජාතිය වැනසූ නිසාය. එය සනාථ කරන්නට ඕනෑ තරම් සාධක අද අප සතුව ඇත.

    මේ වන විට වැලිකඩ සිද්ධිය ගෙන රටේ රණවිරුවන් මිනීමරුවන් යෑයි කියමින් කෙටි චිත්‍රපටයක්‌ සකසා එය ජාත්‍යන්තරය වෙත ගෙනයන්නටද මොවුන් සැරසෙන බව වාර්තා වෙමින් තිබෙන්නකි. එතුළින් මෙකී නරුමයන් බලාපොරොත්තු වන්නේ කාගේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින්නටද? ඒ පසුපස ඇත්තේ මේ රටට එරෙහි ජාත්‍යන්තරයේ වුවමනාව මිස අන් කුමක්‌ද?

    වත්මන් යහපාලන ආණ්‌ඩුවේ අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් සොයන්නට අලුතින් කොමිෂන් පත් කරන්නේත් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා "අලුත්පාලම යටින් පොල්ලෙල්ලක්‌ ගියත්" උද්ඝෝෂණ පවත්වන රටට එරෙහි අපතයන් අතරට ගොස්‌ විවිධ දේ කියන්නට යත්නේත් වැලිකඩ සිද්ධිය අරබයා මේ මොහොතේ සිදු වෙමින් තිබෙන කුමන්ත්‍රණයේ සැබෑ කතාව එසේ වී තිබියදීය.

    මේ වන විට ආණ්‌ඩුව වැලිකඩ සිද්ධිය පිළිබඳ දන්නා පුද්ගලයන්ට ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දෙන ලෙස මාධ්‍ය ඔස්‌සේ නිවේදන ද කරන්නේය. එහෙත් ඒ සියල්ල සිදු වන්නේ කුමන වට පිටාවක්‌ යටතේද? වැලිකඩ සිද්ධිය පිළිබඳ ස්‌වාධීන කොමිසමක්‌ මගින් සිදු කළ පරීක්‍ෂණයකින් සහ රහස්‌ පොලිසිය පුද්ගලයන් තුන්දහසකට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන සිදු කළ පුළුල් විමර්ශනයකින් පසු එදා වැලිකඩදී සිදු වූයේ මෙය යෑයි පැහැදිලිවම කියා තිබියදීය.

    ස්‌වාධීන කොමිසමක්‌ මගින් සහ රහස්‌ පොලිසිය මගින් තුන්දහසකට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන සිදු කළ පරීක්‍ෂණ දෙකක වාර්තා තිබියදී ආණ්‌ඩුව මෙසේ යළි විමර්ශනයක්‌ පැවැත්විය යුතු යන තැනට ඇද වැටී සිටින්නේ කුමක්‌ නිසාද? ඉන් ගම්‍ය කරන්නට යන්නේ පෙර පරීක්‍ෂණ පැවැත්වූ රහස්‌ පොලිසිය සහ ස්‌වාධීන කොමිසම වැඩේ කර නැතැයි යන්නද?

    එය එසේ නම් එයින්ද නිසි ඵල නෙළා ගන්නේ මේ රටට එරෙහිව එදා සිට මේ දක්‌වාම පෙළ ගැසුණා වූ එන්ජීඕ නඩ සහ සිංහල කොටි වැනි තුට්‌ටු දෙකේ නරුමයන් බව ආණ්‌ඩුවට අවබෝධ විය යුතුය. කෙසේ වෙතත් ආණ්‌ඩුව දැන් වැලිකඩ සිද්ධිය පිළිබඳ නැවත පරීක්‍ෂණයකට යන්නේ නම් කරන්නට ඇති දේද බොහෝය.

    මුලින්ම වැලිකඩ ගැටුමේදී මියගිය රට වැනසූ අපරාධකාරයන්ගේ මළ මිනී යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය. ඉන් පසු සිද්ධිය පිළිබඳ දන්නා සියල්ලන් කැඳවා ප්‍රකාශ ගත යුතුය. මෙසේ කරන්නට ඇති දේ බොහෝය. ඒ සියල්ල සිදු කරන්නේ නම් අධිකරණ ඇමැතිවරයා ඇතුළු වත්මන් යහපාලන රජයට කියන්නට වැදගත් තොරතුරක්‌ ද අපට ඇත. ඒ මේ වන විට එන්ජීඕ නඩවල සිටින ඇතැම් කළුකෝට්‌ කාරයන් අපේ රණවිරුවන්ට කෙළවීමේ වෛරී අරමුණ ඇතිව පිටරට සිහින සහ සල්ලි පොදි පෙන්වා වැලිකඩ පිළිබඳ ව්‍යාජ සාක්‍ෂි සකසමින් සිටින්නේය යන්නය. ආණ්‌ඩුව සිදු කරන අලුත් පරීක්‍ෂණයේදී ඒවා කෙරෙහිද අවධානය යොමු විය යුතුව ඇත.

    මේ අතරේ දැන් එකී කළුකෝට්‌කාරයන් වැලිකඩ සිද්ධිය පිළිබඳ සත්‍ය කතා කරන ජනමාධ්‍ය නිහඬ කිරීමේ වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මක කර ඇති වග තවත් පැත්තකින් වාර්තා වන්නේය. මෛත්‍රී පාලනය තුළ මාධ්‍ය නිදහස පිළිබඳ කතා කළ ආණ්‌ඩුව වැලිකඩ පරීක්‍ෂණයේදී ඒ පිළිබඳවද සොයා බැලිය යුතුය. මන්ද "කොහෙද යන්නේ මල්ලේ පොල්" න්‍යායෙන් කිසිදා අධිකරණයක නඩු විභාගයකට නොගොස්‌ රටට එරෙහි එන්ජීඕවක්‌ අටවාගෙන නටන කළුකෝට්‌කාරයන්ට එසේ මාධ්‍යයට බලපෑම් කිරීමට ඉඩ දිය නොහැකි බැවිනි.

    මේ අනුව බලන කල වත්මන් ආණ්‌ඩුවට වැලිකඩ අරබයා ක්‍රියාත්මක වීමේදී කරන්නට ඇති වැඩ බොහෝය. ඊට දින සියයක්‌ නොව දින තුන්සිය හැටපහක්‌ තිබුණද මදි විය හැකිය.

    ඒ අනුව රජයට දැන් සිතා බලන්නටද දෙයක්‌ ඉතිරිව ඇත. ඒ අන් කිසිවක්‌ නොව. මේ රටේ ජනතාව මෛත්‍රී පාලනයට ඡන්දය දුන්නේ දින සියයකින් තමන්ට ලැබෙන සහනය දකින්නටද නැතහොත් රට වනසා වළපල්ලට ගිය තක්‌කඩි රැළකගේ මළ මිනී ගොඩ ගෙන ආණ්‌ඩුව කරන පශ්චාත් මරණ පරීක්‍ෂණ දෙස බලා සිටින්නටද යන්නය.

    මේ ලෙසින් වැලිකඩ සිද්ධිය අරබයා නැවත පරීක්‍ෂණ පැවත්වීමට යැමෙන් වත්මන් රජය ඉදිරියට එන ගැටලු රාශියකි. එහෙත් ඒ ගැටලුවලින් මිදීම සඳහා රජයට එක්‌ පහසු විසඳුමක්‌ද ඇත. ඒ "අපිත් හිරේ හිටියා" යෑයි දොඩවමින් අද වැලිකඩ සිද්ධිය ගෙන එන්ජීඕ නඩ සමග එක්‌ව රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උණ්‌ඩයකින් නොලැබුණ පිළිතුර මෙදාවත් ලබා දීමය. අප එසේ කියන්නේද නිකන්ම නොව. එදා මෙන්ම අදටත් මුන් රටට බරක්‌ වී නටමින් සිටින නිසාය.

    සමන් ගමගේ

    http://www.divaina.com/2015/02/22/feature15.html
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ අනුව රජයට දැන් සිතා බලන්නටද දෙයක්‌ ඉතිරිව ඇත. ඒ අන් කිසිවක්‌ නොව. මේ රටේ ජනතාව මෛත්‍රී පාලනයට ඡන්දය දුන්නේ දින සියයකින් තමන්ට ලැබෙන සහනය දකින්නටද නැතහොත් රට වනසා වළපල්ලට ගිය තක්‌කඩි රැළකගේ මළ මිනී ගොඩ ගෙන ආණ්‌ඩුව කරන පශ්චාත් මරණ පරීක්‍ෂණ දෙස බලා සිටින්නටද යන්නය.
    appachchita pana denna hadanawa :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචං රෝප්ලයි එකක් අනිවා දැන්නම්. සමහර තැන ගැන ත්‍රෙඩ් වල පැහැදිලි කිරීම් කරලා ඇති. වැලිකඩ සිද්දිය ගැන පවා. උබ දන්නවත් ඇති.

    රනිල්ගේ සමහර වැඩ ගැන ලොකු සැකයක් තියනවා. විශේෂයෙන් හොරුන්ට දදුබම් දොම ප්‍රමාද කිරීම, අනිත් කාරණාව අර ප්‍රභාකරන් ගේ ඉන්ටව් එක තියන මැගසින් එක එලියට දාපු එක. මොන අරමුනක්ද කියලා පැහැදිලි කිරීමක් නැහැ.
    :yes::cool: ela ow ubath nithara kathaa karana deyakne meka ow ban ranilwa hariyanne naha ban mahinda ennathnam wena kenek hariyanne ranil batahira ugulata ahuwelaa innne cia ekatada mandaa porata chanda kadenawaa kiyaala peni penith ayi ban sinhala chanda kadaa ganne aniwaaryen atha koluwak nisaa un kiyana ewaa karanawaa athi:(:dull::no:
     
    මචං රෝප්ලයි එකක් අනිවා දැන්නම්. සමහර තැන ගැන ත්‍රෙඩ් වල පැහැදිලි කිරීම් කරලා ඇති. වැලිකඩ සිද්දිය ගැන පවා. උබ දන්නවත් ඇති.

    රනිල්ගේ සමහර වැඩ ගැන ලොකු සැකයක් තියනවා. විශේෂයෙන් හොරුන්ට දදුබම් දොම ප්‍රමාද කිරීම, අනිත් කාරණාව අර ප්‍රභාකරන් ගේ ඉන්ටව් එක තියන මැගසින් එක එලියට දාපු එක. මොන අරමුනක්ද කියලා පැහැදිලි කිරීමක් නැහැ.

    රනිල් නෙවෙයි බන් චන්ද්‍රිකා ගැනයි බයවෙන්න ඕන. ලංකාවේ මෙතෙක් හිටිය ජරාම දේශපාලන නායිකාව. ඔය ගෑනි රට විනාස කරලා ගිහින් නිකම් හිටියේ නෑ. "හමුදාව කොටි මරපු හින්ද මගේ අහිංසක කොල්ලට ලැජ්ජයි" කිව්වා ලංකාව ගැන. වෙන කවර කතාද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes::cool: ela ow ubath nithara kathaa karana deyakne meka ow ban ranilwa hariyanne naha ban mahinda ennathnam wena kenek hariyanne ranil batahira ugulata ahuwelaa innne cia ekatada mandaa porata chanda kadenawaa kiyaala peni penith ayi ban sinhala chanda kadaa ganne aniwaaryen atha koluwak nisaa un kiyana ewaa karanawaa athi:(:dull::no:

    මොකක් හරි දේශපාලකයෙක් රට කඩෙන විදියට වැඩ කරනවා කියන්න්නේ. දේශපාලනිකව සිය දිවි නසා ගැනීමක්. මොකද දකුණේ චන්ද මත තමයි රටේ නායකයා තීරණය වෙන්නේ. ඒ කියන්නේ බහුතර චන්ද තියෙන්නේ දකුණේ සිංහල මිනිස්සු අතරේ. UNP කාරයොත් සන්දාන කාරයොත් ජේවීපී කාරයොත් රටට ආදරෙයි කඩේ ගිහින් සල්ලි හම්බු කරගන්න උන් ඇරෙන්න. ඒ නිසා රට දෙකඩ වෙනවනම් අනිවා උ ප්‍රතික්ෂේප වෙන්ව මිනිස්සු අතරින්. රනිල් එක දැනගෙන ඉන්න ඕනි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ. මේ සිද්ධ වෙමින් යන්නේ ලොකු වියසනයක පෙරනිමිත්තක් වගේ.. යහ පාලනය තියා මොන පාලායක් ආවත් මුල් පුටු වලට එන හැම නායකයෙක්ම රටේ ආරක්ශාව ගැන හිතන්න ඔන. නැත්නම් වෙන්නේ බහුතරයක් වූ දැන් සුලුතරයක් වී ගෙන යන සිංහල මිනිස්සුට තියෙන එකම රටත් සිංහලයාට අහිමි වෙන එකයි..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකක් හරි දේශපාලකයෙක් රට කඩෙන විදියට වැඩ කරනවා කියන්න්නේ. දේශපාලනිකව සිය දිවි නසා ගැනීමක්. මොකද දකුණේ චන්ද මත තමයි රටේ නායකයා තීරණය වෙන්නේ. ඒ කියන්නේ බහුතර චන්ද තියෙන්නේ දකුණේ සිංහල මිනිස්සු අතරේ. UNP කාරයොත් සන්දාන කාරයොත් ජේවීපී කාරයොත් රටට ආදරෙයි කඩේ ගිහින් සල්ලි හම්බු කරගන්න උන් ඇරෙන්න. ඒ නිසා රට දෙකඩ වෙනවනම් අනිවා උ ප්‍රතික්ෂේප වෙන්ව මිනිස්සු අතරින්. රනිල් එක දැනගෙන ඉන්න ඕනි.

    eka thamyi matath thiyena psne ranil ayi mehema hasirenna thawa thawath sinhalayan atharin pthikshepa wenne mokak ho asarana kamak thiyenawaa batalande saakki cia eka lagawath thiyenawada manda:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ. මේ සිද්ධ වෙමින් යන්නේ ලොකු වියසනයක පෙරනිමිත්තක් වගේ.. යහ පාලනය තියා මොන පාලායක් ආවත් මුල් පුටු වලට එන හැම නායකයෙක්ම රටේ ආරක්ශාව ගැන හිතන්න ඔන. නැත්නම් වෙන්නේ බහුතරයක් වූ දැන් සුලුතරයක් වී ගෙන යන සිංහල මිනිස්සුට තියෙන එකම රටත් සිංහලයාට අහිමි වෙන එකයි..

    eka thamyi apith kiyanne mun mattu wenne nadda ban 94 idala awu 2yi rata kare ekenwath ayi mattu nowenne