සමනල සංධ්වනිය පිලිබඳ මාගේ විචාරයක්.
මචන්ලා සමනල සංධ්වනිය ඊයේ අහම්බෙන් මට නරබන්න අවස්ථාවක් උදා උනා. ජයන්ත චන්ද්‍රසිරිවිසින් නිර්මාණය කරනලද මෙම චිත්‍රපටය පහුගිය ටිකේ අදායම් වාර්තා පිට වාර්තා තැබුවා. අපේ ගොඩක් අය විශේෂයෙන් ගැහැණු ළමයි මේ චිත්‍රපටයට වැඩි ඇල්මක් දැක්වුවා. මේක බලල ගොඩක් අය සිනමා හලේදී කඳුළු පෙරනවලු. එත් මට සිනමා හලේදී මෙය නැරබීමට අවස්ථාවක් නැතිව ගියා. මන් හිතන්නේ එකට එචර උනන්දුවක් තිබ්බේ නැහැ.
කොහොම නමුත් අපේ ක්ලබ් එකේදී මෙය ඊයේ තිරගත උන. මමත් ඉතින් ටිෂු කිහිපයකුත් ලෑස්ති කරන ඔන්න බලන්න පටන් ගත්තා.
යශෝධා විමලධර්ම කියන්නේ මේ රටේ බිහිවුන අපේ කාලයේ අග්‍රගනයේ උගත් නිලියක්. ඒවගේම යශෝධාට මන් පොඩි කාලේ ඉඳලා ගොඩක් කැමතියි.
මාගේ මේ විචාරය යථාර්තවදියෙකුට පමණක් ගැලපෙනු ඇත. ඔබ ආදරයෙන් නරබපු කඳුළු සලපු චිත්‍රපටයට යම් හානියක් මාගේ විචාරයෙන් සිදුවේනම් අවන්කවම සමාව අයදිමි.
සමනල සංධ්වනියේ කතා වස්තුව සම්පුර්ණයෙන්ම දුර්වල කතා වස්තුවක් බවට මෙය ආරම්භයේදීම මොලේ ඇති එකෙකුට නම් වැටහෙන්න වැඩි කාලයක් ගත නොවනු ඇත. මෙය නිර්මාණකරුවා ගේ අසාර්ථක භාවය පෙන්වන්න පටන්ගන්නේ තිරපිටපතේ සිටමය. මා මෙපමණ ආදරය කරන අති දක්ෂ යශෝධා විමලධර්ම මෙම තිරපටයට දායක උනේ පිටපත නොකියවා දැයි මට තේරුම් ගත නොහැකිය. ඇයගේ ආර්ථික තත්වයන් සලකා මෙවැනි චිත්‍රපටයකට දායක වුවාදැයි සැකයක් උපදී.
කතාව ආරම්භ වන්නේ 1992 වර්ෂයේ කිසියම් දවසක කියාය. එය SMS යුගයට පෙරය කියා තිරයේ දර්ශනය වෙයි. නමුත් එය තිරයේ දර්ශනය කිරීමට අවශ්‍ය නැත. ඕනෑම කෙනෙක් දන්නවා 1992 කියන කාලේ SMS තියා ස්ථාවර දුරකතයක්වත් තිබ්බේ අතලොස්සකට කියා. ඉතින් මෙවැනි දෙයක් දර්ශනය කිරීම අනවශ්‍ය දෙයකි. හරි එක අපි කමක් නැහැ කියමුකෝ.
මේකේ ඉන්න වදිෂට ලියුම්කරු විසින් දමා යන ලියුමක් මත මෙම සම්පුර්ණ කතා වස්තුව පාදක වෙයි. මෙයට වඩා සිනමා අධ්‍යක්ෂකට වෙන ක්‍රමයකට කතා වස්තුව පාදක කරගන්න තිබුනා. එත් එකත් අමතක කරමු.
තව තැනක දී පුන්‍යා මුණ ගැසීමට කුමාරි පාර්ක් එකට වදිෂට අවස්ථාව උදා නොවන්නේ ඉතාමත් බාල අයුරිනි. නිකන් ටෙනිසන් කුරේගේ බාල විකට විහිලු ජවනිකාවක් මෙතැනදී සිහිගන්වයි. සාමාන්‍ය ලොවේ නොපවතින මෝඩපහේ විහිළුවක් නිසා මුළු කතාවටම අපහාසයක් සිද්දවෙයි. මෙවැනි චාටර් විහිලු මේ වගේ කතාවකට කොහෙත්ම නොගැලපේ.කොමඩි මැරයන් දෙදෙනාගේ ඕලාරික විහිළු කුඩා දරුවෙකු පවා හිනැස්වීමට අපොහොසත් විකාරයක් බවට පත්වන්නේ චිත්‍රපටය ඒ තාක් රැක සිටි යම් බඳු හෝ ජීව ගුණයක් ඇත්නම් එය ද සහමුලින් විනාශ කර දමමිනි. සංකීර්ණ අවස්ථා නිරූපණයක ඡායාවක් හෝ දක්නට නොමැති එහි මැරයන් දෙදෙනා වාදීශ ලුහුබඳින දර්ශනය සඳහා චිත්‍රපටයේ අන් කිසි තැනක දක්නට නොලැබෙන ආකාරයේ සංචලන කැමරා රූප රාමු පෙළක් භාවිතා කර තිබුණේ කවර හේතුවක් නිසාද යන්න ද අපැහැදිලිය.
වරක් වදිෂ පුන්‍යා සොයා ඇයගේ බෝඩිම වෙත යයි. එහිදී පුන්‍යාගේ යෙහෙලියන් විසින් වදිෂ අල්ලාගෙන ඇතුලට ඇදගෙන එයි. ඔහු පෑන්ටි සොරෙකු බව ඔහුට චෝදනා කරයි. පසුව බෝඩිමේ අයියාට කියා දඩුවමක් දීමට දමිතා අබේරත්න විසින් බෝඩිමේ අයියා සොයා යයි. එහිදී ඔහු බිමත්ව සිටින දර්ශනයක් පෙන්වන අතර ඔවුන්ගේ යට ඇඳුම් සොරකම් කර ඇත්තේ බෝඩිමේ අයිතිකරු බව දමිතා අබේරත්නට පෙනීයයි. එවිට ඇය සිහිසුන්ව ඇද වටේ. මෙම සිහිසුන්ව ඇද වැටීම මෙම කතාවට කොතරම් ගැලපේද යයි කියා සිතිය යුතුය. මෙය කොමඩියකට නම් මානව ගැලපේ. එවැනි බොළඳ විහිළු සපයන චිත්‍රපට ඕනෑවටත් වඩා බිහිවන නිසා සමනල සංධ්වනිය වැනි චිත්‍රපටයකිනුත් එවැනි දෑ බලාපොරොත්තු වීමට තරම් ප්‍රේක්ෂකයන් පහළ මට්ටමක වැටී ඇතැයි කිසිසේත් සිතිය නොහැකිය.
සිනමාවේ 1992 යුගය තිරයට ගෙන එමිදී අධ්‍යක්ෂක වරයා එම යුගය පිලිබඳ කිසිම සැලකිල්ලක් දක්වා ඇති බවක් නොපෙනෙයි. වරක් වදිෂගේ පොත් මේසයේ සංගීත පාඩම්වලට අදාළ පොතක් මේසය උඩ තිබෙනු දැක්කෙමි. එහි කවරයේ CD එකක රුපයක් මුද්‍රණය කර ඇත. ගොඩක් අය දන්නවනේ වර්තමානයේ පොත් සමග CD තැටියකුත් පැමිණෙනවා බව. නමුත් 1992 වැනි යුගයක පොත් සමග CD පැමිණියේද? මෙවැනි සියුම් දුර්වලතැන් සිනමා අධ්‍යක්ෂක විසින් නොසැලකිල්ලකට ගෙන ඇති බව පෙනී යයි. මෙය ප්‍රේක්ෂක විශ්වාසය පහසුවෙන් බිඳවන සුලුය.
වසර විසිඑකකට පසු කුමාරි උද්‍යානයේ දී වාදීශ පුන්‍යා දකින මොහොත අතිශය සංවේදී අයුරකින් ගොනු කර ගැනීමට තිබූ අවස්ථාව ද අහිමි වී ඇත්තේ ඩැනීගේ (විල්සන් ගුණරත්න) මුවට නංවා ඇති අමනෝඥ දෙබස් වැළක් හේතුවෙනි. වාදීශගේ සහයක ලෙස කටයුතු කරන ඔහු වාදීශගේ සංගීත සංදර්ශනය පැවැත්වෙන දින පුණ්‍යා පැමිණෙනු දැක ඈ අමතනු ලබන්නේ තැනටත්, චරිතයටත් නොගැලපෙන අවිනීත විසිල් කිරීමකිනි. වාදීශගේ සොහොයුරාගේ (පුබුදු චතුරංග) ඇතැම් දෙබස් කිසිදු සංස්කරණයක් නොකළ ඉතා බොළඳ සහ නොගැඹුරු ඒවා බව පෙනෙයි. නිදසුනක් ලෙස, ඔහුගේ පෙම් හසුන අදාළ තරුණියට බාර දීමට වාදීශ ප්‍රතික්ශේෂ කළ විට ඔහු තෙපළන දෙබස් එකී අවස්ථාවට අර්ථයක් නොසපයන සුලුය. ප්‍රේක්ෂකයා සිනහ ගැන්වීමට මිස චරිතයට හෝ කතාවේ ගලා යාමට එවැනි දෙබස් කිසිදු රුකුලක් නොදෙන බව කිව හැකිය.
චිත්‍රපටයේ තේමාවත් සමඟ සහසම්බන්ධයෙන් යුතුව මනාව ගැලපී ඇත්තේ සංගීත නිර්මාණය පමණක් යැයි හැෙඟ්. අංගරචනය තුළින් ද නිර්මාණය වෙත යම් සාධාරණයක් ඉටු වී ඇති නමුත් කැමරාකරණය, සංස්කරණය හෝ ආලෝකකරණය වැනි විෂයන්ගෙන් වැඩි කලඑළියක් නිර්මාණයට ලැබී නොමැති බව පෙනේ. කෙසේ නමුදු මෙම කතා වස්තුව ඉතා අග්‍රගණයේ නිර්මාණයක් ලෙස එලියට දාන්න තිබ්බ දෙයක් අධ්‍යක්ෂක විසින් කා ගෙන ඇති බව මනා ලෙස පෙන්නුම් කරයි.
ඔබ අසාවෙන් නරබපු කඳුලුසලපු චිත්‍රපටයට මාගේ විචාරයෙන් යම් අපහසුතාවයක් සිදුවුයේනම් සමව අයදිමි.

Last edited: