වල් අලි මට්ටු කරන මී මැස්සෝ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වල් අලි මට්ටු කරන මී මැස්සෝ

වල් අලි මට්ටු කරන මී මැස්සෝ

අද උදේ ගෙදර හිටපු නිසා ටීවී එක බලන්න ඉදගෙය චැනල් එකිං එක මාරු කර කර හිටියා. හැම එකේව කාන්තා වැඩසටහන්. සාකච්චා, ලග්න පලාපල. චැනල් එකෙං චැනල් එක මාරු කර කර යනකොට මැක්ස් ටීවී කියලා චැනල් එකක අල් ජසීරා එකේ නිව්ස් වගයක් යනවා දැක්කා. වෙන බලන්න දේකුත් නැති එකේ නිව්ස් බල බල ඉන්නකොට ඒක ඉවර වෙලා අර්ත් රයිස් (Earthrise) කියලා වාර්තාමය වැඩසටහනක් පටං ගත්තා.

ER.jpg

බැලූ බැල්මට එච්චර සිත් ඇදගන්නා සුළු පෙනුමක් නොතිබුනත් වෙන කරන්න වැඩක් නොතිබ්බ නිසා බැලුවා.

මුලින්ම තිබ්බේ කෙන්යාවේ අලි සම්බන්ධ වැඩසටහනක්. මේකෙදි පෙන්නුවා කෙන්යාවේ ජීවත් වෙන අප්‍රිකානු වල් අලි රංචු සහ ඔවුන්ගේ හැසිරීම් රටා ගැන. ඒකෙදි සදහන් උන ආකාරයට මේ අලි සීමා මායිම් ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසාම අහල පහල ගම් වලට කඩා වැදිලා විශාල විනාසයක් කරනවා. ඉතිං මේ රූපවාහිනී කණ්ඩායම ඒ ගම් වලටත් යනවා ඒ ගැනත් හොයලා බලන්න.

2012122811923651580_20.jpg

පළවෙනියටම යන්නේ ඊට කලින් දවසක වල් අලි විනාශ කරපු ගෙයක් බලන්න. ඒ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබුන අතර එක් පුද්ගලයෙක් මරණයට පත් වෙලා තිබුනා. වැඩසටහනේ මියගිය පුද්ගලයාගේ ඉතුරු වෙලා තිබුනු සපත්තුවක් විතරක් පෙන්නුවා.

රාත්‍රී සිදුවීම විස්තර කරපු කෙනෙක් කිව්වේ අලි 30ක් විතර රංචුවක් ඇවිත් මුළු අස්වැන්නම කාලා විනාස කරලා ගෙදරත් ඒ ගෙදර හිටපු මනුස්සයවත් පාගලා විනාස කරලා දාපු බවකුයි.

වල් අලි පහරදීම් නිසා දුකටත් කේන්තියටත් පත් උනු මිනිස්සු ඔවුන් සතු තුවක්කු වලින් අලින්ට වෙඩි තිබ්බත් එයින් සහනයක් නොවූ බව වැඩසටහනේ පැවසුවා. අප්‍රිකානු අලි ආසියානු අලින්ට වඩා ප්‍රමායෙන් විශාල වීමත් තුවක්කු ප්‍රභල නොවීමත් නිසා වෙඩි තැබීම් වලින් අලි මරමුවට පත් වන්නේ කාලයක් ගත වීමෙන් බවත් ඒ නිසාවෙන් ප්‍රකෝපකාරී වන අලි නැවත ගම්මාන වලට පහර දෙන බවත් එහි සදහන් උනා.

මේ රූප රාමු ටික දැකපු මට මතක් උනේ ශ්‍රී ලංකාවේ වල් අලි තර්ජනය. නමුත් වැඩි වෙලාවක් නොගෙනම ඒ ගම්මානෙන්ම මේ අලි කරදරේට හොයාගත්තු සාර්ථක විසදුමකුත් පෙන්නුවා.

අලි කොච්චර ලොකු උනත් ස්වභාවයෙන්ම උන් මී මැස්සන් වැනි කුඩා කෘමීන්ට බය බව මේ ගම්වාසීන් අධ්‍යනය කරලා තියෙනවා. ඒ අනුව මී මැස්සන් යොදාගෙන මොවුන් අලි එලවීමට ක්‍රියා කරන ආකාරය හරිම සිත්ගන්නාසුළුයි.

මුලින්ම තමන්ට ආරක්ෂා කර ගත යුතු ඉඩම වටේට කනු හිටවලා ඒක වටේට කම්බි අඳිනවා. ඊට පස්සේ ලී භාවිතා කරලා පොඩි පොඩි මී මැසි කූඩු කීපයක් නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ ඒ මීමැසි කූඩු අර වැටවල් වල එල්ලලා මී මැසි ජනපදය වර්ධනය වෙනකන් බලන් ඉන්න විතරයි තියෙන්නේ.

p1020335.jpg

අලි වගා බිමට එනකොට අර කම්බි වල වැදිලා ඒ කම්බි හෙලවෙන්න ගන්නවා. එතකොට ඒ කම්බි වල එල්ලලා තිබ්බ මී මැසි පෙට්ටි හෙලවිලා මී මැස්සෝ ඇවිස්සෙනවා. මී මැසි සද්දෙට පවා බය අලි මේ නිසා ආයේ කැලෑ වදිනවා.

ඔවුන් පැවසූ ආකාරයට අලියාට හොද මතක ශක්තියක් තිබෙන නිසා මේ අත්දැකීම මතක තබාගෙන නැවත ඒ වගා බිමට පැමිනෙන්නේ නැහැ.

මේ හේතුව නිසා ඔවුන්ට සිය වගාවේ අස්වැන්නට අමතරව මී පැනි අස්වැන්නකුත් ලැබීම නිසා ඔවුන් ගොඩක් සතුටු වෙන බවත් මේ වැඩසටහන අතරතුරදී ඔවුන් පැවසුවා.

දුප්පත්කමේ පතුලෙම ඉන්න කෙන්යානුවන් පරිසරයේ සම්පත් උපයෝගී කරගෙනම වල් අලි ගැටළුවට ලබා දුන්නු ඒ පිළිතුර ලංකාව වගේ මෝඩ වියදම් අධික අක්‍රමවත් විසදුම් හොයන රටකට හොද ආදර්ශයක්.

ලංකාවේත් පාරම්පරිකව පැමිනෙන මෙවැනි අත්දැකීම් හා දැනුම උපයෝගී කොටගෙන වගා සංස්කෘතියක් පැවතුනත් අති පන්ඩිත වගා උපදේශකයන්ගේ කීම් මත වගාවත් බාල වෙලා වන සත්ත්ව තර්ජනත් ඉහල ගිහින් තියෙනවා. මේ වගේ දෙයක් ලංකාවේ ක්‍රියාත්මක කරන්න රජයක් පියවර නොගන්න හේතු කීපයක් තියෙනවා.

  • මූල්‍යමය ලාභයක් නිලධාරීන්ට නොවීම (කොමිස්, ගසාකෑම් වැනිදෑ)
  • පාරම්පරික දැනුම නිවැරදි යැයි පිළිගැනීමට ඇති අකමැත්ත.

මේවා සම්බන්ධයෙන් වගකිව යුත්තෝ සහ වල් අලි තර්ජන ඇත්තෝ අවධානය යොමු කරත්වා. අත්හදා බලනවනං මේකත් හොද වැඩක් තමා නොකෙරුනාට.
වැඩසටහන වගේම මගේ පෝස්ටුවත් ඒ තරම් සිත් ඇදගන්නාසුළු වෙන්නැති වෙන්න පුළුවන්. ඒත් මං හිතන්නේ මං කියන් හදපු දේ තේරෙන්නැති කියලා හිතෙනවා.

අන්තිමට කියන්න තියෙන්නේ ඒ වැඩසටහන තුළ තව තව දේවල් පෙන්නුවා. පරිසර හිතකාමී වැසිකිලි පද්ධතියක් තුලින් ජීව වායු විදුලි උත්පාදනය හා වගා ක්‍රම වගේ. වැඩසටහන විනාඩි 30ක් නැරඹීම නිසා විශාල දැනුමකුත් ලබාගන්න පුළුවන් උනා.

මෙලෝ රහක් නැති බහුබූත නාට්ටි පෙන්නන වෙලාවේ මේ වගේ දෙයක් පෙන්නුවනං කොච්චර දෙයක්ද නේද???????


ලිව්වෙ තරියා​
 

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔය කතාව මාත් අහල තියෙනවා , ලන්කවෙ එවුන් පන්ඩිතයි බන්, ඔව කරන්නෙ නැ විද්‍යාත්මක නැලුනෙ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මෙලෝ රහක් නැති බහුබූත නාට්ටි පෙන්නන වෙලාවේ මේ වගේ දෙයක් පෙන්නුවනං කොච්චර දෙයක්ද නේද???????
     
    • Like
    Reactions: Lewke

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මෙලෝ රහක් නැති බහුබූත නාට්ටි පෙන්නන වෙලාවේ මේ වගේ දෙයක් පෙන්නුවනං කොච්චර දෙයක්ද නේද???????

    matath oluwata awe meka ban, adu gane ehema nattiyak hadapan mewage dewal walin inspire wela minissunta denumak lebenna.
     
    • Like
    Reactions: Lewke

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    matath oluwata awe meka ban, adu gane ehema nattiyak hadapan mewage dewal walin inspire wela minissunta denumak lebenna.
    මේ වගේ දේවල් පෙන්නුවට අපේ උන් බලන්නැහැ බං. උඩ දාගෙන බලන්නේ ඉන්දියාවෙ අවලං නාට්ටි තමයි...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    udata rep iwarai mchn



    good post..rep6


    You must spread some Reputation around before giving it to Lewke again. :(

    නියම වැඩක් :D








    කොමෙන්ට් වලට, බම්ප් වලට, රෙප් වලට ස්තුතියි මචන්ලා