මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්....

මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්....

නව රජය බලයට පත්වීමේදී රටේ දේශප්‍රේමී ජනතාවගේ සිත් තුළ සැඟවුණු එක්‌ පුංචි දෙගිඩියාවක්‌ තිබිණි. ඒ යළිත් වරක්‌ මේ රටත් ජනතාවත් ප්‍රභාකරන් නම් ම්ලේච්ඡයාගෙන් බේරා ගත් රණවිරුවන් පාවා දීමේ යමක්‌ සිදුවේදොයි යන්නය.

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වැනසීමේදී අපේ රණවිරුවන් ඇස්‌, ඉස්‌, මස්‌, ලේ පමණක්‌ නොව ජීවිත පරිත්‍යාගයෙන් සටන් බිමේදී කළ කැප කිරීම් යුද බිමේ ඇවිද යමින් දැසින් දුටු මේ ලියුම්කරුටද එකී ජනතා සිතුවිල්ල පොදු විය. එසේ වූයේ මේ අපේ රටය.. මේ අපි උපන් බිමය.. බුදු පා පහස ලද මේ බිම අපේය යන සිතුවිල්ල "දිවයින" අපගේ සිත් තුළ සදාකල් නිධන්ගතව තිබූ නිසාමය.

එවන් අවිනිශ්චිත බවක්‌ ජනතා සිත් තුළ ඇති වීමට හේතු කාරණා වූ අතීත අඳුරු මතකයන් ගණනාවක්‌ද අපට තිබිණ. මිලේනියම් සිටි මහා පාවා දීම යනු ඉන් එකකි.

එහෙත් නව රජය බලයට පැමිණීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ජනතාව ඉදිරියට පැමිණ කිසි විටෙකත් කිසිදු අයුරකින් රණවිරුවනට අවැඩක්‌ වීමට ඉඩ නොතබන්නෙමුයි සපථ කිරීමත් සමඟ අපට තිබූ එකී අවිනිශ්චිත බව තුරන් වී ගියේ සිතට සැනසුමක්‌ද ළඟා කර දෙමිනි.

එහෙත් ජනපතිවරයා සහ අගමැතිවරයා එසේ රට ඉදිරියේ සපථ වුවද අද දවසේa කුමක්‌ සිදුවෙමින් තිබෙන්නේද? අපි වගකීමෙන් කියමු. මේ මොහොතේ ජනාධිපතිවරයාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් නොදැනුවත්වම යළිත් "මිලේනියම් සිටි" මහා පාවා දීමේ අංක දෙක ඇරඹී තිබෙන්නේය. අපි මෙතැන් සිටි එකී කුමන්ත්‍රණයේ සියල්ල හෙළි කරන්නෙමු. මන්ද මේ රට සතුරාගෙන් බේරාගත් රණවිරුවාට අප සදාකල් ණයගැති වන නිසාය.

අතීත මිලේනියම් සිටි අංක එක මහා පාවා දීම සිදු කරනු ලැබුවේ පොලිස්‌ නිල සුනඛ ඒකකයේ ප්‍රධානියාව සිටි කුලසිරි උඩුගම්පොළ නම් වූ තුට්‌ටු දෙකේ පොලිස්‌කාරයා බව අද රටම දන්නා කතාවකි. එහෙත් අද දවසේ එකී මහා පාවා දීමේ "අංක දෙක" අරඹා ඇත්තේ කවරෙක්‌ද? ඔහුද පොලිස්‌කාරයෙකි.

කාලයක සිට සීඅයිඩීයේ තරු පටි ඇති නිලධාරියකු ලෙස වැජඹෙමින් සිටින හේ මෙකී අපරාධය අද සිදු කරන්නට යන්නේ ඉකුත් සටන් විරාම සමයේ නෝර්වේ විශේෂ නියෝජිතයා ලෙස මෙරට හොල්මන් කළ එරික්‌ සොල්හයිම් ඇතුළු දෙමළ බෙදුම්වාදයේ වුවමනාව අනුව බව මේ මොහොතේ පැහැදිලිවම අනාවරණය වෙමින් තිබේ.

සියල්ල සිදු වෙමින් තිබෙනුයේ මෙලෙසිනි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස්‌ නිලධාරින් කිහිප දෙනකු ඇතුළු කොළඹ නගරයේ ක්‍රියාත්මක වූ කණ්‌ඩායමක්‌ ඉකුත් මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේ කොළඹ සිටි ද්‍රවිඩ තරුණයන් පිරිසක්‌ පැහැරගෙන ගොස්‌ කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කර ඇතැයි ලෙසින් සීඅයිඩීයේ ඉහත කී පොලිස්‌කාරයා කළ හෙළිදරව්වක්‌ මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

එහිදී අදාළ ඝාතන පිළිබඳ වටිනා සාක්‍ෂි රැසක්‌ පිළිබඳ තොරතුරු සීඅයිඩීය අනාවරණය කරගෙන තිබෙන බවද එකී මාධ්‍ය වාර්තා හෙළි කරනු ලැබීය. එහෙයින් වහාම එකී නාවික නිලධාරින් අත්අඩංගුවට ගෙන ඝාතකයන්ට එරෙහිව සීඅයිඩී විමර්ශන සිදු කර සියල්ලන් නීතිය හමුවම පමුණු වන බවක්‌ද කියෑවුණේය.

මේ අතරේ ඉකුත් සතියේ තවත් අපූරු කතාවක්‌ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා රට ඉදිරියට රැගෙන ආවේය. එම කතාවේදී හේ කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දෙමළ ජාතිකයන් රඳවාගෙන සිටි රහසිගත කඳවුරක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බැවින් ඒ පිළිබඳ වහා පරීක්‍ෂණයක්‌ ඇරඹිය යුතු බවකි.

නාවික හමුදා උසස්‌ නිලධාරින් ඇතුළු කණ්‌ඩායමක්‌ කොළඹ දෙමළ තරුණයන් ඝාතනය කර ඇතැයි යන කතාව මෙන්ම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කළ පුදුම සහගත ඉහත හෙළිදරව් යන දෙකම සිදු වූයේ එකම අවස්‌ථාවක එකම කතාවක කොටස්‌ දෙකක්‌ ලෙසින්ය.

ඒ අනුව දැන් සීඅයිඩීය අදාළ විමර්ශනයද අරඹා අවසන්ව ඇත. ඉදිරි දිනවලදී යුද්ධය අවස්‌ථාවේ රට වෙනුවෙන් උපරිමයෙන් සේවය කළා වූ නාවික හමුදා උසස්‌ නිලධාරින් ඇතුළු කිහිප දෙනකු රහස්‌ පොලිසිය මගින් ඝාතකයන් ලෙස අත්අඩංගුවට ගැනීමද බොහෝ දුරට සිදු විය හැකිය.

නමුත් අද දවසේ සීඅයිඩීය කියනු ලබන මීට වසර හයකට පෙර සිදුවී ඇති මෙකී දෙමළ තරුණයන් මරා දමුවේ යෑයි කියනු ලබන කතාවේත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියනු ලබන ත්‍රිකුණාමලය දෙමළ ජාතිකයන් රඳවා ගනු ලැබූ කඳවුරේත් සැබෑ කතාව වන්නේ කුමක්‌ද? එය දිග හැරෙන්නේ මෙසේය.

ගෙවී ගිය 2009 වසර යනු මේ රටේ පැවති ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය සහමුලින් වනසා දමා රණවිරුවන් විසින් රට විජයග්‍රහණය කළා වූ වසර. එකල ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වූයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විය. යුද්ධයේ අවසන් කාලය වුවද ඒ දිනවල රට පුරා පැවතියේ එල්ටීටීඊයේ ප්‍රහාරයක්‌ කොයි මොහොතේ කොතැනනින් මතුවනු ඇතිදැයි යනුවෙන් වූ අවිනිශ්චිත බවකි. ඒ අනුව යුද්ධය පැවතියේ උතුරේ වුවද ත්‍රිවිධ හමුදාවේම බුද්ධි අංශ ඉතාම සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබිණි.

මේ අතරේ මෙකී කාලවකවානුවේ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ සමීපතම නිලධාරියා ලෙස එක්‌තරා නාවික හමුදා නිලධාරියකු සිටියේය. හේ නමින් සම්පත් නම් විය. නාවික හමුදාපතිවරයාගේ සමීපතම නිලධාරියා මෙන්ම හේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියකු ලෙසද ක්‍රියාත්මක වූවෙකි. මෙසේ බුද්ධි නිලධාරියකු ලෙස ක්‍රියාත්මක වීම හමුවේ මෙකී සම්පත් නමැත්තා ගොඩ නඟා ගනු ලැබූ සබඳතා ජාලයක්‌ද විය.

කොළඹ කොටහේන ප්‍රදේශයේ සිටි හාඡ්ජියාර් අලි එකී කාලයේ මේ අන්දමින් නේවි සම්පත්ට සමීප වී සිටි පුද්ගලයෙකි. මෙකී හාඡ්ජියාර් අලිට එකල එල්ටීටීඊයේ බුද්ධි අංශ ප්‍රධානියකුව සිටි කපිල් අම්මාන් සමඟද සබඳතා තිබූ වග ඒ දිනවල මෙරට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබුණේය. නමුත් අද්මිරාල් කරන්නාගොඩගේ සමීප නිලධාරියා වූ නේවි සම්පත්ගේ දැනහැඳුනම් කම නිසා එහිදී හාඡ්ජියාර් අලිට ආරක්‍ෂක අංශ වෙතින් කිසිදු ගැටලුවක්‌ නොවීය.

ඒ නේවි සම්පත් විසින් උපක්‍රමශීලීව කොටි සංවිධානයේ තොරතුරු ලබා ගැනීම සඳහා හාඡ්ජියාර් අලිව භාවිත කරන බව අනෙකුත් බුද්ධි අංශ හඳුනාගෙන සිටි බැවිනි.

 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි වගකීමෙන් කියමු.

    kiyanne boru kiyaala hithenawaaanm e parshawa walata nadu danna puluwan divaina

    kole wahalaa gahanne apema un apita
     
    මේ ආණ්ඩුව, විශේෂයෙන් රනිලයා රටට කෙල කරලා තමයි නවතින්නේ.....මංගලයා UN එකේ අත්සන් කරපු ලියවිල්ල ගැන මොකෙක්වත් දන්නේ නෑ...හෙළ උරුමේ දන්නෙත් නෑ............
    අඩුම ගාණේ වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න අපිට ක්‍රමයක් තියනවා.........හැබැයි රනිලයා ආයිත් ආවොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ නැ.........
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ආණ්ඩුව, විශේෂයෙන් රනිලයා රටට කෙල කරලා තමයි නවතින්නේ.....මංගලයා UN එකේ අත්සන් කරපු ලියවිල්ල ගැන මොකෙක්වත් දන්නේ නෑ...හෙළ උරුමේ දන්නෙත් නෑ............
    අඩුම ගාණේ වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න අපිට ක්‍රමයක් තියනවා.........හැබැයි රනිලයා ආයිත් ආවොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ නැ.........

    ඇත්ත මචන්... රවියා කියනවා අයවැය හිගය පියවන්න IMF එකෙන් බිලියන ගානක ණයක් දෙන්න එකග උනා ලු.. උන් නිකන් නය දෙන්නේ නෑ නේ...ණය කොන්දේසි මොනවද කියල කවුරුත් දන්නේ නෑ.. ආණ්ඩුව ඇතුලේ ඉන්න උන් වත් දන්නේ නෑ...
    අරලිය ගහ මන්දිරේ ඉස්සරහ ගිනි තියාගන්න හදපු රතන සාදු හාන්සියි... සෝභිත සාදුට නම් මයිත්රීපාල, එයාගේ meetings වලට එන්න දෙන්නේ නෑ කියල සාදුම කියනවා... උන්වහන්සේගේ සාධාරණ සමාජය සදහා වූ අහවල් එකට මොනා උනාද දන්නේ නෑ... 10% කොමිස් ගහපු කෙනා ගැන සද්ද නෑ... ඒ අස්සේ මැතිවරණ සිතියම් අකුලන කතාවකුත් ඇහෙනවා...
    සිංහල මිනිහට දෙයක් තේරුම් යන්න හොම්බ බිම අනෙනකන්ම ඉන්නවා මචන්...
     
    ඇත්ත මචන්... රවියා කියනවා අයවැය හිගය පියවන්න IMF එකෙන් බිලියන ගානක ණයක් දෙන්න එකග උනා ලු.. උන් නිකන් නය දෙන්නේ නෑ නේ...ණය කොන්දේසි මොනවද කියල කවුරුත් දන්නේ නෑ.. ආණ්ඩුව ඇතුලේ ඉන්න උන් වත් දන්නේ නෑ...
    අරලිය ගහ මන්දිරේ ඉස්සරහ ගිනි තියාගන්න හදපු රතන සාදු හාන්සියි... සෝභිත සාදුට නම් මයිත්රීපාල, එයාගේ meetings වලට එන්න දෙන්නේ නෑ කියල සාදුම කියනවා... උන්වහන්සේගේ සාධාරණ සමාජය සදහා වූ අහවල් එකට මොනා උනාද දන්නේ නෑ... 10% කොමිස් ගහපු කෙනා ගැන සද්ද නෑ... ඒ අස්සේ මැතිවරණ සිතියම් අකුලන කතාවකුත් ඇහෙනවා...
    සිංහල මිනිහට දෙයක් තේරුම් යන්න හොම්බ බිම අනෙනකන්ම ඉන්නවා මචන්...
    :yes::(:(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    11032517_862814167115447_6312397251938563327_n.jpg