පියවි ඇස රවටන ස්වභාව ධර්මය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පියවි ඇස රවටන ස්වභාව ධර්මය

    පියවි ඇස රවටන ස්වභාව ධර්මය


    11046596_865208770212519_6241811949425584420_n.jpg



    මේ ඡායාරූපයෙන් දැක්වෙන සිද්ධිය හරහා සතුන් අතර පවතින අපූරු මිත්‍රත්වයක් සම්බන්ධයෙන් ඔබ මහත් සතුටට පත්වනවා වන්නට පුළුවන.

    කොළ පැහැති කොට්ටෝරුවෙකු විසින් මුගටි පැටවෙක් රැගෙන පියාඹා යන සංවේදී දර්ශනයෙන් ඔබ කුල්මත් වනවා වන්නට හැකි ය.

    එහෙත්, ඔබගේ නිගමන සම්පූර්ණයෙන් වැරදි ය.

    මේ මිත්‍රත්වයක් නොවේ. අහිංසක කොට්ටෝරුවෙකු, මුගටියෙකුගේ ග්‍රහණයෙන් මිදී දිවි ගලවා ගැනීම සඳහා කරන අරගලයකි.

    මාර්ටින් ලී මේ නමැති එංගලන්ත ජාතිකයෙකු නැගෙනහිර ලන්ඩනයේ පිහිටි Hornchurch Country Park නමැති උද්‍යානයේදී මෙම ඡායාරූපය ගෙන තිබේ.

    විනෝදාංශයක් ලෙස ඡායාරූප ගැනීමෙහි නිරත ඔහු පවසන්නේ, සිය බිරිඳ සමග අදාළ උද්‍යානයේ සිටියදී කොළ පැහැති කොට්ටෝරුවෙකු පියාඹා ගෙන පැමිණි බව ය.

    එවැනි කොට්ටෝරුවෙකු තමන් ඉන් පෙර දැක නොතිබූ හෙයින් වහා ඡායාරූපයක් ලබා ගත් බව ඔහු පවසයි.

    කෙසේ වෙතත්, අදාළ කොට්ටෝරුවා කෑ ගසමින් වේගයෙන් පියාඹා ගෙන පැමිණි බව ඡායාරූපය ගැනීමෙන් පසුව ඔහුට වැටහී ඇත.

    ඉන්පසු එම කොට්ටෝරුවා ආහාරයට ගැනීම සඳහා මුගටි පැටවෙකු උගේ බෙල්ලෙහි එල්ලී සිටින බව මාර්ටින් ලී මේ දැක තිබේ.

    එය දුටු වහා ම තමන් කොට්ටෝරුවා බේරා ගැනීම සඳහා ඉදිරියට යන අතරතුර මුගටියා බියට පත්වූ හෙයින් කොට්ටෝරුවා ග්‍රහණයෙන් මිදුණු බව මාර්ටින් ලී මේ පවසයි.

    ඒ අතරවාරයේ කොට්ටෝරුවා වහා ඉගිළ ගොස් සිය ජීවිතය බේරා ගෙන ඇත.

    NEWS1ST
     
    Last edited:
    • Like
    Reactions: other guy

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    කොට්ටෝරුව නැත්නම් මුගටිය කවද පියබන්නද? රනිල් මයිත්‍රී ගේ පිහිටෙන් අගමැති උන හැටි මතක් වුණා
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කොල කෑරලා පිට 'වීසල්' ගුවන් ගමනක
    කොල කෑරලා පිට ගුවන් ගමනක යන මේ මුගටියකු වැනි වීසල් (weasel) පැටියා අපූරු දසුනක්.

    එය කාචයේ සටහන් කළේ එංගලන්තයේ, එසෙක්ෂි හි ආධුනික ජයාරූප ශිල්පී මාර්ටින් ලි මේ (Martin Le-May) විසින්.

    ඉකුත් සඳුදා සන්ධ්‍යා කාලයේ සිය බිරිඳ ඈන් සමඟ නැගෙනහිර ලන්ඩනයේ හොර්න්චර්ච් උද්‍යානයේ ඇවිදිමින් සිටි මාර්ටින් ලි මේ (Martin Le-May) පැවසුවේ තමන්ට මහ හඬක් ඇසුණු බවත් බලාපොරොත්තු වූයේ ඉතා නරක තත්වයක් බවත්.

    එත් ඔහුට විගසින් දැක ගන්නට ලැබුනේ කොල කෑරලා පිට සිටින වීසල් පැටියායි.

    සමාජ වෙබ් අඩවියේ පල වීමෙන් පසුව ඊට ලැබුණු ප්‍රතිචාරයෙන් තමා පුදුමයට පත්වූ බවයි මාර්ටින් ලි මේ (Martin Le-May) පැවසුවේ.

    එම ජාරූපය දහස් වාරයක් ට්වීටර් පණිවිඩ මගින් හුවමාරුවී ඇති බව ප්‍රකාශ කළ ඔහු සිය සතුට පල කලේ මේ ආකාරයට,

    “ඔබ ජාරූපයක් ගන්නවා. බොහෝ දෙනෙක් එය දකිනවා විතරක් නොවෙයි ඊට විශාල කැමැත්තක් දක්වනවා. එය හීනයක් වගෙයි” වන ජීවී විශේෂඥවරියක වන ලූසි කූක් (Lucy Cook) පැවසුවේ මෙය ඉතාමත්ම සුවිශේෂී ජාරුපයක් බවයි.


    කොල කෑරලා බිම් මට්ටමේ ආහාර සොයා ජීවත් වන පක්ෂියෙක්. වීසල් (weasel) පැටියා සාමාන්‍යයෙන් හාවන් ගොදුරු කර ගන්නවා. නමුත් කොල කෑරලා ගොදුරු වන්නේ නැහැ. එත් මුගටියන් බිය නැති සතුන්,” ඇය සඳහන් කළාය.

    වීසල් (weasel) ගැහැණු සතකු චොක්ලට් බාර් එකක් තරම් වත් බර නැති නමුත් සිංහයෙකු මෙන් දරුණු විය හැකි නිසාම කොල කෑරලා පිට නැගී යන්නට හැකියාව ලැබෙන්නට ඇති බවයි ඇය සඳහන් කළේ.

    වන ජීවී වැඩසටහන් ඉදිරිපත් කරන ස්ටීව් බැක්සෙල් පැවසුවේ ජායාරුපයේ තාත්විකභාවය පිලිබඳ ගැටලුවක් පැන නොනගින බවයි.

    “එය අසාමාන්‍ය දෙයක් වුවත් කිසි දිනක නොඇසු දෙයක්ද නොවෙයි. එත් සැකයක් ඇති කර ගත යුතු නැහැ “ඔහු පැවසුවේය.

    “වීසල් (weasel) සිත් ගන්නා සුළුයි. මේ සතුන්ට තමන්ට වඩා විශාල සතුන් මරා දමන්නත් හැකියි. ඉතින් ප්‍රමාණය ගැන සිතන විට මේ පුංචි සතුන් හරිම අපූරුයි” වන ජීවී වැඩසටහන් ඉදිරිපත් කරන ස්ටීව් බැක්සෙල් තවදුරටත් පැවසුවේය.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    මම මේ පොටෝ එක මගේ කම්පියුටරේට සේව් කරගන්ඩ, නෙට් එක සර්ච් කරන කොට තමා සිද්ධිය දැක්කෙ.. :baffled:
    ඉතිං මං සේව් කරගත්තෙ නෑ..