ගණිකා නිවසකින් කෙළවර වූ දැරියකගේ සිහිනය
චතුරිකා තවමත් දහහතර හැවිරිදි පාසල් දැරිවියකි. ඇය අකුරු කර ඇත්තේ මාතර ප්‍රදේශයේ පාසලක හත වසරේය. ඇය කුඩා කාලේ සිටම පාසල් ගියේ පොල්හේන ආත්තම්මාගේ නිවසේ සිටය. එහෙත් චතුරිකා වැඩිවියට පත් වී රූප සොබාවෙන් හැඩ වැඩ වන විට ජයන්තිට තම දියණිය ගැන බයක් දැනිණි. එහෙයින් ඇය තම එකම දියණිය පොල්හේන පාසලෙන් ඉවත් කරගෙන ගමේ පාසලට ඇතුළත් කිරීමේ අදහසින් නිවසට කැඳවාගෙන ආවාය. එහෙත් ජයන්තිගේ සිතුවිලි යථාර්ථයක් බවට පත් කරගැනීමට ඔවුන් පදිංචි වී සිටි ඇඹිලිපිටිය කලාපයේ කිසිම පාසලකින් ඉඩක් නොලැබිණි. චතුරිකාට අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම නොමැතිව ගෙදරට සීමා විය. දරුවන් සය දෙනකුගෙන් යුත් පවුලේ තෙවැනියා වුණේ චතුරිකාය. ඇයට වැඩිමහල් පිරිමි සහෝදරයන්
දෙදෙනෙකි. චතුරිකාට බාල තවත් පිරිමි සහෝදරයන් සිව්දෙනෙකි. ඔවුන්ගෙන් එක් අයෙක් ආබාධිත දරුවෙකි. චතුරිකාගේ පියා ද මානසික රෝගියෙකි. පාපිසි මසා විකිණීම ජීවන වෘත්තිය කරගත් ඇයගේ මව පවුල ජීවත් කරවීමට නොවිඳිනා දුක් විඳින්නීය. ආබාධිත දරුවා රැකබලා ගැනීමත්, ජීවන අරගලය කරගෙන යැමත් ජයන්තිට ලේසි පහසු නොවිණි. පාසලක් නොමැතිව චතුරිකා ගෙදර නතර වීම නිසා ජයන්තිගේ වැඩ කටයුතුවලට නම් තරමක සහනයක් ලැබිණි. චතුරිකා නිවසට කොටු වී අවුරුදු දෙකක් ද ගෙවී ගියාය. එහෙත් ඇයට අලුත් පාසලක් ඇඹිලිපිටියෙන් සොයාගැනීමට නොහැකි විය. ඔය අතරේ ජයන්තිට චතුරිකාගේ හොරයක් හසු වූවාය. ඒ චතුරිකා තම ඥාති තරුණයකු සමග ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධය ගැනය. කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙන් තම දියණිය පෙම් පලහිලව්වක වැටීම ජයන්තිට දරාගැනීමට නොහැකි දුකක් විය. විටෙක ඇයගේ සිත පතුලේ පත්තු වන දුක තුනී කරගැනීමට ආදර සම්බන්ධය නතර කරන්නැයි කියා චතුරිකාට බැණ වැදුනාය. චතුරිකාගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා ද ආදර සම්බන්ධය නතර කරන්නැයි කියා නැඟණියට තරවටු කළ අවස්‌ථා බොහෝය. එහෙත් චතුරිකාට තම මවගේ, සහෝදරයන්ගේ අවවාද අනුශාසනාවලට වඩා ආදරය ලොකු විය.
චතුරිකාගේ පෙම්වතා වී සිටියේ ගාල්ල හබරාදුව ප්‍රදේශයේ ඔවුන්ගේ ඥාති තරුණයකු වන චානකය. චතුරිකා කොහේ සිටියත් ලැබෙන ඇසිල්ලට තම පෙම්වතාගේ ජංගම දුරකථනය අමතමින් කතාබහ කළාය. ආදර බස් දෙඩුවාය. චතුරිකා තම ආදරවන්තයාට දුරකථනය ඔස්‌සේ කතා කරන බව දැනගත් විට ජයන්ති කෝපයෙන් පුපුරන්නීය.
මම මේ දහදුක් විඳිනවා… බොලාට යන්තම් කරදඬු උස් මහත් වෙනකොට මඟුල්… මම ඉන්න කං උඹට ඕක කරන්න දෙන්නේ නෑ… දැම්මම නවත්ත පං…’ ජයන්ති කේන්තියෙන් චතුරිකාට එසේ කී වාර අනන්තය.
ආදරයෙන් මත් වී සිටි චතුරිකාගෙ පුංචි සිතට ජයන්තිගේ අවවාද මහ වදයක් විය.
‘මට පාඩුවේ ඉන්න දුන්නෙ නැත්නම් කොහේ හරි යනවා යන්න…’ චතුරිකා තරමක් මුරණ්‌ඩුය.
හොරෙන් හොරෙන් කෝල් ගන්න එක නතර කරන්නැයි කියා පසුගිය 03 වැනිදා රාත්‍රියේ ද ජයන්ති චතුරිකාට බැණ වැදුණාය. එදින නම් දෙදෙනා අතර ඇති වූ කතාව තරමක් දිග්ගැසිණි.
‘හැමදාම මේ වදේ විඳින්න බෑ… හෙට උදේම මම යනවා…’ චතුරිකා ඉකි ගසා හඬන්නීය.
ඕනැ තැනක පලයං… මෙහේ ඉන්නවා නම් ඔය මඟුල් නතර කරපං…’ ජයන්ති එසේ කීවේ චතුරිකාව ගෙදරින් යවන්න නොව, ඇයගේ සම්බන්ධය කඩා ගැනීමේ අදහසින්ය. එහෙත් සිදු වූයේ ජයන්ති හීනෙන්වත් නොසිතූ දෙයකි. ඇය උදේ අවදි වෙන්නටත් කලියෙන්a චතුරිකා නැඟිට පැදුරටත් නොකියා ගෙදරින් ගිහින්ය.
‘අනේ මගෙ කෙල්ලට මොකද වුණේ… කොහේ ගියාද දන්නෙ නෑ…’ හිමිදිරි උදෑසන ජයන්ති විලාප දෙමින් චතුරිකාව සෙව්වාය. කොළඹ රැකියා කරන ලොකු පුතුන් දෙදෙනාට ද නංගි ගෙදරින් ගිය බව දැන්නුවාය.
චතුරිකා ඇඳුම් කිහිපයකුත් බෑගයකට දමාගෙන යන්න ගියේ පෙම්වතා ළඟටය. හොර රහසේම ගෙදරින් පිට වූ චතුරිකා ගාල්ලට පැමිණ බස් නැවතුම්පොළේ දුරකථන කුටියකින් පෙම්වතාගේ දුරකථනයට ඇමතුමක් ගත්තාය. එහෙත් චතුරිකාගේ ඇමතුමට පෙම්වතාගේ දුරකථනයෙන් ප්‍රතිචාර නොදැක්‌විණි. ඇය යළිත් උත්සාහ කළාය. එහෙත් නාද වූයේ පරණ තැටියමය. ‘මොකක් කරන්නද’ කියා ඇය දුරකථන කුටි වටා කරකැවෙමින් විටින් විට කිහිප වතාවක් පෙම්වතාගේ දුරකථනය හා සම්බන්ධ වීමට උත්සාහ කළාය. එහෙත් ඵලක් නොවිණි. ඒ වන විටත් හිමිදිරියේම ගාලු බස් නැවතුම්පොළට පැමිණ සිටින හැඩකාර පුංචි කිරිල්ලිය දෙස සල්ලාල බඹරෙක් ඇස ගසාගෙන සිටියේය.
‘නංගි මොකද ප්‍රශ්නෙ… කෝල් එක ගන්න බැරිද… ආ මේ පෝන් එකෙන් ගන්න බලන්න…’ බලා සිටි තරුණයා චතුරිකාට කිට්‌ටු වී එසේ සත්ව කරුණාව පෑවේය.
චතුරිකා බියෙන් ඇඹරිණි.
‘බය වෙන්න එපා නංගි කෝල් එකක් අරගෙන බලන්න’ වෙස් වළාගත් අනුකම්පාවකින් තරුණයා එසේ කීවේය.
තරුණයාගේ පෙරැත්ත කිරීම නිසා චතුරිකා දුරකථනය අතට ගෙන අංකය ඔබා කණේ තියා ගත්තාය. එහෙත් ප්‍රතිචාරයක් නැත.
‘වැඩ කරන්නේ නෑ අයියේ’ චතුරිකා නැවත පෝන් එක තරුණයාට දුන්නාය.
‘තව පාරක් ට්‍රයි කරලා බලන්න…’ තරුණයා බලෙන්ම නැවත දුරකථනය චතුරිකාට දුන්නේය.
‘එපා අයියෙ… මම තව ටිකකින් බොක්‌ස් එකෙන් ට්‍රයි කරන්නම්’ චතුරිකා එසේ කීවාය.
එහෙත් තරුණයා චතුරිකා ළඟින් ඈත් නොවිණි. ඔහු ජංගම දුරකථනයේ සටහන් කළ දුරකථන අංකය හොඳින් බැලුවේය.
‘නංගි මේ නම්බර් එක මට හොඳට මතකයි… අනිවාර්යයෙන්ම මේක මගෙ යාළුවකුගෙ වෙන්න ඕනා… නම්බර් එක අයිති කෙනාගෙ නම මොකක්‌ද…’ තරුණයා උපායශීලීව චතුරිකාව කොටු කරගැනීමට හතර වටේටම දැල එලන්නේය.
චතුරිකා කිසිදු පැකිළීමකින් තොරව ආගන්තුක තරුණයාට පෙම්වතාගෙ නම කීවාය.
‘හරි මම කිව්වේ… චානා මගෙ හොඳ පිට් එකක් නේ…’ තරුණයාගේ සටකටප දැලේ චතුරිකා පැටලීගෙන එන්නේය.
‘තව ටිකක් වෙලා යනකොට පොන් එක ඔන් කරයි… නංගි මෙතැන ඉන්න එපා… කොටුව පැත්තට ගිහින් වාඩි ගෙන ඉන්න’ තරුණයා බොහෝම ළෙන්ගතු අයුරින් චතුරිකාව උගුලට කොටු කරගැනීමට අර අදින්නේය.
‘තම පෙම්වතා හොඳින් දන්න කෙනෙක්‌නෙ…’ චතුරිකාගේ හිතට පුංචි අස්‌වැසිල්ලක් දැනිණි. එමෙන්ම ඔහු දුන් උපදෙස ද පිළිගෙන චතුරිකා ගාලු කොටුව දෙසට යන්නට එකඟ විය. දෙදෙනා කතාබහ කරමින් කොටු බැම්ම දෙසට ගමන් කළහ. ඒ අතරේ තරුණයා උපක්‍රමශීලීව කතා කර චතුරිකාගෙන් සියල්ල දැන ගත්තේය. ගාලු කොටුවේ කොනක බංකුවක් මතට බර දුන් දෙදෙනා තවත් බොහෝ දේ කතා කළහ. ඒ අතරේ විටින් විට තරුණයාගේ දුරකථනයෙන් පෙම්වතාගේ දුරකථනයට ඇමතුම් ලබාගන්නට චතුරිකා අමතක නොකළාය. හිමිදිරිය ගිනියම් විය. ගිනියම සිසිල් විය. උදේ දවල් දෙකටම චතුරිකාගේ කුසගිනි නිවීමට ආගන්තුක තරුණයා ද අමතක නොකළේය. චතුරිකාට නොදැනීම ක්‍ෂිතිජයේ ඉර ගිලෙන්නට ආසන්න විය.
‘නංගි දැන් ඔයාට ගෙදර යන්න බෑනෙ… ඔයාගෙ කොල්ලත් දන්න තැනක් තියෙනවා… ඔයා අද එතැන ඉඳලා හෙට උදේ පාන්දරින්ම ගෙදර යන්න…’ චතුරිකාට ඒ යෝජනාවට කැමති වෙනවා හැරෙන්නට වෙන කරන්නට කිසිවක් නැත. ඒ වන විටත් ගාලු කොටු පවුරට අඳුර ගලමින් තිබිණි. එහෙයින්ම ඇය අකැමැත්තෙන් හෝ ඒ යෝජනාවට එකඟ විය.
චතුරිකාගෙ කැමැත්ත ලැබුණු සැණින් ආගන්තුක තරුණයා ඇයව ත්‍රිරෝද රථයකට නංවාගෙන ඔහු යන්න සැලසුම් කරගෙන සිටි හික්‌කඩුව ප්‍රදේශයේ පන්සලකට කැඳවාගෙන ගියේය. පෙර සිට සූදානම් කළ අයුරින් චතුරිකා වෙනුවෙන්ම ඒ පන්සලෙ සුවපහසු කාමරයක් වෙන් විණි. චතුරිකාගේ ජීවිතයේ මූසලම රාත්‍රිය එය වීමට වැඩි වේලාවක් නොගියාය. පසුදාට එළිය වැටෙන විට ආගන්තුක තරුණයා සහ චීවරධාරියකු විසින් වරින් වර කිහිප විටක්‌ම චතුරිකාව කෙළෙසූහ. එහෙත් කිසිවක් නොවුණු ගානට පසුදා හිමිදිරියේම ආගන්තුක තරුණයා චතුරිකාව නැවත ගාල්ල බස් නැවතුම්පොළට ගෙනත් ඇරලුවේය. බස් නැවතුම්පොළට පැමිණි චතුරිකා මාතර බස් රථයකට ගොඩ වී පොල්හේන ආච්චි අම්මලාගේ ගෙදර ගියාය. චතුරිකාගේ අතුරුදන්වීම දැනගෙන සිටි ඒa ගෙදර උදවිය ඇය නිවසට ගොඩ වූ සැණින් ඇයගේ පැමිණීම දුරකථනය ඔස්‌සේ ජයන්තිට දැන්නුහ.
‘අනේ දුවේ උඹ කොහෙද… උඹට මොකද වුණේ… ඊයේ රෑ කොහෙද හිටියේ…’ ජයන්ති එක දිගට තම දියණියගෙන් ප්‍රශ්න වැලක් අසුවාය. එහෙත් තම මවගේ ප්‍රශ්න ඉදිරියේ චතුරිකා ගොළු විය.
‘එකත් එකටම මේකි ඊයේ රෑ අරුත් එක්‌ක යන්න ඇති…’ ජයන්තිගෙ සිතට නැවත යකා ආරූඪ විය.
‘කොල්ලෙක් එක්‌ක රෑක් හිටපු කෙල්ලෙක්‌ව නිකම්ම ගෙදරට ගන්න බෑ. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න ඕනා. වෛද්‍ය පරීක්‍ෂණයක් කරන්න ඕනා. ඔහොම හිටපන්. අපි හෙට එන්නම්…’ කියා ජයන්ති කෝපයෙන් දුරකථන ඇමතුම විසන්ධි කළාය.
තම මව පොලිසි යන්න අවැසි බව කීයූ විට චතුරිකා බියට පත් විය. ඇය ආච්චි අම්මාට ගෙදර යන බව පවසා නැවත ගාල්ලට පැමිණ පෙරදා පහන් කළ තරුණයාගේ දුරකථනයට ඇමතුමක් ගෙන ගෙදර යන්න බැරි බව කීවාය. චතුරිකාගෙ මුවින් වචනය පිට වූ ඇසිල්ලට සල්ලාල බඹරා පියඹා විත් ඇයව නැවත කැඳවාගෙන ගොස් තවත් සල්ලාලයකුට භාර දුන්නේය. ඔහු ද දිනක් පුරා චතුරිකාව හෝටල් කාමරයක තනි කරගෙන කෙළසුවේය. පසුදා පාන්දරම ඒ සල්ලාලයා චතුරිකාව ලැගුම්හලක් මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා තිප්පොළකට භාර දුන්නේය. හබරාදුව මිහිරිතැන්න හන්දියේ පවත්වාගෙන යන මේ ලැගුම්හල විදේශිකයන් ද නිතර යන එන ප්‍රසිද්ධ ගණිකා තිප්පොළකි. දහන් ගැට දමා චතුරිකාව කොටු කර ගත් තරුණයන් දෙදෙනාම ඒ තැනට කාන්තාවනAව හඳුන්වා දෙන තැරැව්කරුවන්ය. කෙසේ හෝ චතුරිකා ළමාවියේදීම ගණිකා මඩමකට ගාල් විය. එම ගණිකා තිප්පොළේදී දින දෙකක් තුළදී චතුරිකාව විදේශිකයන් දෙදෙනකුට සහ දේශීය ගනුදෙනුකරුවන් තිදෙනකුට රුපියල් පන්දහසකට සහ තුන්දහස් පන්සිය බැගින් මුදලකට අවස්‌ථා පහකදී විකිණිනි. ඊට අමතරව චතුරිකා එම හෝටලයේ අයිතිකරු සහ වැඩ කරන සේවකයාගේ ද අවස්‌ථා කිහිපයකදීම ගොදුරක් බවට පත්ව තිබිණි. චතුරිකා නිවසින් පිට වී අතුරුදන්ව සිටි දින හතර තුළදී කාමාතුරයන් එකොළොස් දෙනකු අතින් දූෂණය විය.
‘අනේ බලපං අක්‌කේ පුංචි කෙල්ලෙක්‌ව ගෙනත් ඉන්නවා. ඇඹිලිපිටියෙලු. හරිම ලස්‌සනයි බං. මගෙ දරුවගෙ වයසෙලු. දැක්‌කම බඩ පපුව පිච්චෙනවා…’ එම ගණිකා තිප්පොළේ ලොව පැරැණිම වෘත්තියේ නියෑළෙන එකියක් ඇය දැන හඳුනන ඇඹිලිපිටියේ තවත් එකියකට දුරකථනය ඔස්‌සේ චතුරිකාගේ පැමිණීම එසේ සැළ කර සිටියාය.
දුරකථන ඇමතුම විසන්ධි විය. විදුලියක් මෙන් කතාව එකිනෙකාගෙ සවන් අතරින් ඈතට ගියාය. චතුරිකා පෙර කළ පුංචිම පුංචි පිනකට මෙන් ඇයගේ ඥාති කාන්තාවකගේ කනට ද ආරංචි වැටිණි. ඇය ද ඒ වන විටත් චතුරිකාගේ අතුරුදන් වීම දැනගෙන සිටියාය. එසැණින් චතුරිකාගේ මවට කතා කර සිද්ධිය විස්‌තර කළාය.
චතුරිකාගේ මව දුවගේ අතුරුදන් සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය, ගාල්ල පොලිසිවල පැමිණිලි සටහන් කළාය. මන්දගාමීව ක්‍රියාත්මක වූ ගාල්ල පොලිසිය ගණිකා තිප්පොළ වටලා චතුරිකා ඇතුළු තවත් කාන්තාවක් පොලිසියට රැගෙන ආහ. පොලිසිය උපක්‍රමශීලීව චතුරිකාව ගණිකා තිප්පොළට රැගෙන ගියා තරුණයාව ද අත්අඩංගුවට ගත්තේය. ලැගුම්හලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා තිප්පොළේ වැඩ කළ සේවකයෙක් ද පොලිස් අත්අඩංගුවට පත් විය. එතැනින් එහාට පොලිස් පරීක්‍ෂණ අලසය. මේ අපරාධය සිදු වී අදට මාසයකට ආසන්නය. පුංචි දැරිවියක් අනාථ කළ චීවරධාරියා සහ බලහත්කාරයෙන් සිර කරගෙන ගණිකා වෘත්තියේ යෙදවූ ලැගුම්හල් අයිතිකරු ඇතුළුව බාලවයස්‌කාර දැරිවියක් සමග යහන්ගත වූ ගනුදෙනුකරුවන් පස් දෙනා ගැන අදටත් හෝඩුවාවක් නැත.
චතුරිකාට වෙන්න ඕනා සියල්ලම දැන් සිදු වී හමාරය. පොලිසිය දැන් ඇයව ගාල්ල අනාථ මඩමකට භාරදී ඇත. එහෙත් ජීවිතයේ හිස් වූ තැන පුරවන්නට ඇය තවම පොඩි වැඩිය… වයසින් මුහුකුරා යන විට වැරදුණු තැන ඇයට තේරේවි. එවිට වැරැදි නිවැරැදි කරගැනීමට ඇය ප්‍රමාද වැඩිය. චතුරිකාට අත්ව ඇති ඉරණමට ඇයගේ මවුපියන් ද වගකිව යුතුය. එමෙන්ම මේ අපරාධය කළ මේ අවලම් කුපාඩි හැත්ත කඩිනමින් අත්අඩංගුවට ගෙන නිතීය ක්‍රියාත්මක කළ යුතුව තිබුණද පොලිස් පරීක්‍ෂණ තවමත් අලසය. රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවන තැන ජනතාව අලුත් ආණ්‌ඩුවක් ද පත් කර ගත්තේය. මේ ආණ්‌ඩුව නිතීය අකුරටම ඉටු කරන බවට ජනතාව ඉදිරියේ පොරොන්දු දුන්නේය. එසේ නම් චතුරිකාව කෙළසූ එකෙකුටවත් නීතියෙන් සැඟ වී සිටීමට කොහෙත්ම නොහැකිය. අද වගේම හෙටත් අපි මේ ගැන අවධානයෙන් සිටින්නෙමු.
සත්‍ය කතාවක්… නම් ගම් මන(කල්පිතයි…
http://news.malwarusa.com/?p=2699

ahanna dekuth na ithin..iskolen as karana awrudu deka gedara thiyan idalane...igena ganna kale lamainta hodata ugannanna ona kiyanne ekai 