රෑ සමනලියන්ගේ සහ බාලවයස්කාර පෙම්වතුන්ගේ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රෑ සමනලියන්ගේ සහ බාලවයස්කාර පෙම්වතුන්ගේ

    රෑ සමනලියන්ගේ සහ බාලවයස්කාර පෙම්වතුන්ගේ පාරාදීසයක් වූ පුරවරයක්..



    විතය නම් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක්කේ විවිධ ආකාරයටය. ඒ නිසාම එම පිළිතුරු සොයා ගැනීමේ මාර්ගද විවිධය. එහිදී දරිද්‍රතාව නම් ප්‍රශ්නය නිසා සමාජයේ පැන නගින සමාජ ප්‍රශ්න බොහෝය. අධ්‍යාපනය අඩු වීම, විරැකියාව, හා ද්‍රරිද්‍රතාවය යන ගැටළු මත ගැහැණිය රැකියා සඳහා යොමුවන ඉඩ ප්‍රස්ථා වැඩි වී ඇත.ශ්‍රී ලංකාවේ නීති ගත නොවූවත් ලෝකයේ පැරණිම රැකියාව කුරුණෑගල හා තදාසන්න ප්‍රදේශ වල ඉතා හොර රහසේ ඉතා සරුවට කෙරී ගෙන යයි. විදේශීය කතුන් සේම ජංගම ගණිකා සේවා පිළිබඳව පොලීසියට හසු වූ වාර බොහෝමයකි. ඒ කොපමණ වැටලීම් සිදු වූවත් තවමත් ජයටම මේ ජාවාරම කෙරීගෙන යයි. මීට මාස කිහිපයකට පෙර කුරුණෑගල අවට බොහෝ හොර ගබ්සා තිබූ බව බොහෝ දෙනෙකුට රහසක් වූවත් විශ්වවිද්‍යාල හා පාසල් සිසුවියන්ට එය රහසක නොවීය. අද ගවේශනයට පසුබිම වනුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සම්භාහන ආයතන හා කාමර පහසුකම් ලබා දෙන ආයතන වල හොර රහසේ සිදු වන කාම වෙළඳාමයි.
    කුරුණෑගල ඔරලෝසු කණුවේ සිට මැල්සිරිපුර දක්වා ප්‍රදේශයේ අතුරු මාර්ග රාශියක් ඇති අතර මිනිසුන් මෙන්ම රථවාහන ද බහුල ලෙස එහා මෙහා යන මාර්ගය මෙම මාර්ගයයි. මේ වපසරයෙහි සම්බාහන මධ්‍යස්ථාන 20 කට වඩා ඇති අතර කාමර පහසුකම් ලබා දෙන ආයතන සිය ගණනකි.
    ආයුර්වේද මධ්‍යස්ථානයකට අවු 18 – 30 ත් අතර පුහුණු නුපුහුණු තෙරපිවරියන් අවශ්‍ය බවත් කෑම බීම නවාතැන් ලබා දී නුපුහුණු තරුණියකට මසකට රුපියල් 75000 – 125000 ත් දක්වා වූ වැටුපක් ගෙවන බවට පුවත් පත් වල දැන්වීම් පලකර සුරූපි ළඳුන් තෝරාගන්නා සම්බාහන අයිතිකරුවන් රජයේ විධායක ශ්‍රේණියටවත් නොගෙවන මෙතරම් වැටුපක් ගෙවනු ලබන්නේ කෙසේදැයි දැන ගැනීමට කවුරුත් අකමැති නොවනු ඇත. හර්බල් නාමයට ඉදිරියෙන් ගත පිනවන නම් යොදා ගනිමින් පවත්වාගෙන යනු ලබන මෙම සම්භාහන මධ්‍යස්ථානවලින් 99% කම කෙරීගෙන යන්නේ ගණිකා සේවනය බව කවුරුත් දන්නා දෙයකි. මෙම මධ්‍යස්ථාන වලට වැඩි වශයෙන්ම පැමිණෙන්නේ සුපිරි ව්‍යාපාරිකයින් විධායක නිළධාරින්, වැනි අතමිට යහමින් මුදල් ගැවසෙන පුද්ගලයන්ය. එයට හේතුව වන්නේ විවාහ වී මුළු ජීවිත කාලයක් එකට ජීවත් වන සහකාරිය සමග ලිංගික ක්‍රියාකාරකම්හී නිරතවීම වෙනවාට වඩා කෙටි හඳුනා ගැනීමකදී හඳුනාගත්, ඇතැම්විට රූපයට වශිවී ආශාවන් තෘප්තිමත් කර ගැනීමට කැමති පුද්ගලයෝය.
    කුරුණෑගල වැනි අතිශය ජනාකීර්ණ නගරයක මෙපමණ කාමර පහසුකම් සම්භාහන මධ්‍යස්ථාන තිබෙන්නේ ඇයි දැයි කිසිවෙකු සිතා නොතිබෙන්නට පුළුවන. මේ සියල්ලම දේශීය පෙම්වතුන් ඉලක්ක කරගත් ඒවාය. ඇත්කඳ විහාරය, ඇතුගල, සීගිරිය, දඹුලු මහා විහාරය වැනි බෞද්ධාගමික වශයෙන් ප්‍රචලිත මේ නගර සීමාවේ මෙවැනි ආයතන ස්ථානගත වී ඇත්තේ කුමන හේතු කාරණා සඳහා දැයි සෙවීමට මා හට දින කීපයක් ගත විය.
    මෙහි සැඟවුනු තොරතුරු සෙවීමට මා ඉබ්බාගමුවට නුදුරු සම්භාහන මධ්‍යස්ථානයකට ගොඩවූවෙමි. මෙහිදී පිළිගැනීමට සිටියේ සාරියකින් සැරසී සිටි සුරූපි තරුණියෙකි. ඇය මාගේ අවශ්‍යතාවය මුල පිරුවේය. මා සමඟ ඔවුන් දැන හඳුනන අයෙකු නොපැමිණි නිසා ඇය මදක් විමසිලිමත් විය. ගුඩ් මොර්නිං සර් යනුවෙන් ඇය මා ඇමතිනි. ඊට මා ප්‍රතිචාර ලබාදීමෙන් අනතුරුව මා පැමිණි කාරණය මෙලෙස පැවසූවෙමි. “මිස් මට සම්භාහනයක් කරගන්න ඕන”.”සර් මීට පෙර අපේ ආයතනයට ඇවිත් නැහැ නේද? සර් කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ?” ඇයගෙන් ප්‍රශ්න වැලකි. “මිස් මම නිමි ඇදුම් වෙළෙඳ සැලක අයිතිකරුවෙක්. මගේ ෂොප් එක නාරම්මල තියෙන්නේ. ඉරිදට ෂොප් එක වහනවනේ. ඉතින් අපි එදාට නිදහසේ ඉන්න එපැයි. මෙන්න මගේ ජාතික හැඳුනුම් පත. මට මේ ගැන කිව්වේ ත්‍රීවිල් රියදුරෙක්. ඔවුන්නේ අපි වැනි අයට උදව් කරන්නේ” යනුවෙන් මා ඇයට පැවසුවෙමි. ඇයගේ කුතුහලය නිමා විය. “සොරි සර් මම ඒ ගැන වැඩියෙන් ඇහුවේ අපිට එන කස්ටර්මර්ස්ලා අපි හොඳට හඳුනනවා. ඔබතුමා අලුත්. ඒ නිසයි ඇහුවේ. ඒත් අද ඉදන් ඔබතුමාවත් අපි හඳුනනවානේ නේද?
    “සර් සම්භාහනයට රූම්ස් 6ක් තියෙනවා. දැනට තුනක් බුක්. මේ ඇල්බමයේ ඉන්න තරුණියෝ තිදෙනා තමයි දැනට ඉන්නේ. තිදෙනාගෙන් ඕන කෙනෙකුගෙන් සම්භාහනය ලබා ගන්න පුළුවන්” කොහොමද මිල ගණන්? මා විමසුවෙමි. විනාඩි 45 ක මසාජ් එකකට රු 1300 යි. පැයේ ඉතිරි විනාඩි 15 ට රු 1000 යි. ඊට අමතර වශයෙන් ඔවුන්ගේ සේවය ලබාගන්නවා නම් පැයට 5000යි. හැබැයි තරුණියෝ පිටතට ගෙන යාමට අවසර නැහැ. ඊටත් අපේ තැන් 100% ක් ආරක්ෂිතයි. කිසිම තැනකින් පනින්නේ නැහැ. එම නිසා බිය විය යුතු නැහැ. ඊටත් අපි මේ මධ්‍යස්ථානය පටන් අරන් වසර 8 ක් වෙනවා. ඉතින් ආරක්ෂා නැත්තන් අවුරුදු 8 ක් පවත්වාගෙන යන්න පුළුවන්ද? ඒ කතා බහ අතරතුර ඇයට දුරකථන ඇමතුමක් එන ලදී. එයින් ප්‍රයෝජන ගත් මා මාගේ ජංගම දුරකථනයෙන් මිස් කෝල් එකක් මගේ මිතුරාට ගැසුවෙමි. මෙම ස්ථානයට පැමිණීමට පෙර මා සමග පැමිණි මිතුරා නොපෙනෙන දුරකින් මා නතර කර පැමිණි අතර සිය්ළු කතා බහ අවසන් වූ පසු ඔහුගේ දුරකථනයට මිස් කෝල් එකක් දෙන බවත් ඒ සමගම මා අමතන ලෙසත් එවිට මා ස්පීකර් යොදා කතා කරන බවත් මාගේ පියා හදිසි අනතුරකට ලක්ව ඇති බවත් මා හට පවසන මෙන්ම මා ඔහුට උපදෙස් දී තිබිණ. වෑයම සාර්ථක ය. මිතුරාගෙන් ඇමතුමක් මා හට ලැබුණි. කාරණය ස්පීකර් මගින් මා හට ලැබුණි.
    මිස් මාර වැඩේනේ, තාත්තට හදිසි කරදරයක් ලු. ඒක තමයි සර්. මටත් ඒ ගැන ඇහුනා. සර්ට ඉතින් මෙච්චර කරදරයක් වෙලත් නොයා බැහැනේ. දැන් ඉතිං සර් විස්තර දන්නවනේ. ඕන දවසක මේ කාඩ් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා එන්න. හැබැයි උදෙන්ම එන තරමට තමයි සර් ට අවශ්‍ය කෙනා ලේසියෙන්ම ලබා ගන්න පුලුවන්. ඕකේ මිස්. මම මේ විදියට කරන්නම්. සී යූ යනුවෙන් ඇයට සමු දී මා නැවත යතුරු පැදියට ගොඩ වී ප්‍රධාන මාර්ගයට පැමිණියෙමි.
    පසුව බඩ ඉරිඟු කරල් දෙකක් රැගත් මම මිතුරා සමඟ දඹුලු පාරේ කාමර කුලියට දෙන රෙස්ට් එකක් ඉදිරිපිට මහා රූස්ස ගසක් අසල යතුරු පැදිය නවතා ගිමන් හැරීමට සූදානම් විය, එක් වරම දෙපස කර්ටර්න් වලින් වැසී ගිය ත්‍රීවිල් රථ දෙකක් පවනට බඳු වේගයකින් පැමිණ රෙස්ට් එකට ඇතුළු වූයේ හරියට හින්දි චිත්‍රපටයක ජවනිකාවක් මෙනි. එයින් බැස ගත්තේ පොත් බෑග් තුරුලු කරගත් අමතර පංති යාමට පැමිණි බාලවයස්කාර කටේ කිරි සුවඳ වත් නොගිය ලපටි ජෝඩු හතරකි. ඔවුන් ආයතනයට ගොඩ වූයේ හුරු පුරුදු තැනකට යනවාක් මෙන් ප්‍රබෝදයෙනි. මෙම වයස් වල ආදරවන්තයන් කිසිම විටක තරුණියකට ලං වන්නේ උතුම් මානුෂීය බැඳීමකින් නොව. ලිංගික ආශාවන් පහත් කාම සිතුවිලි අත් හදා බැලීමටයි.
    ආරක්ෂක අංශ නිසි පරිදි මෙම ආයතන නිරීක්ෂණය කරන්නේ නම් මෙම මල් කැකුළු ආරක්ෂා කිරීමට නොහැකිවන්නේදැයි සිතුවිල්ල සිතේ දරා ගෙන කුරුණෑගල පොදු බස් නැවතුම්පළෙහි පිහිටි ත්‍රීවිල් රථ ගාලට මා පැමිණියේ හිතවත් ත්‍රීවිල් රියදුරෙකු හමුවීමටය. හලෝ මචං ප්‍රසන්නයෝ.. එම ශෛලීය මා හිතවත් රියදුරු ගෙනි. හලෝ මචං යනුවෙන් මා ද ඔහු ආමන්ත්‍රණය කලෙමි. මොකද මෙහේ? ඔහු මාගෙන් විමසුවේය.. මගේ යාලුවගේ ගර්ල් එනවා කිව්වා අද ඔහුව හමුවෙන්න. ඉතින් යාලුවන්ට අපි උදව් කරන්න එපැයි. නේද? හුඟ කාලෙකින් හමූ වූ නිසා යමුද පොඩි ප්ලේන් ටී එකක් ගහන්න යැයි මා යෝජනා කළෙමි. මාත් හිටියේ ඒ අදහසේම තමයි. යමු සෙනඟ අඩු හෝටලයකට යැයි ඔහු පැවසූ අතර අප තිදෙනා හෝටලයකට ගොස් ෂෝටීස් කා සිසිල් බීම පානය කලෙමු. සැනකින් මාගේ හිතේ තැන්පත් කරුණු මා හිතවත් ත්‍රීවිල් රියදුරුට මුදා හරින ලදී. මචං අද ඉරිදා නිසා හොඳ ලව් හයර් එහෙම ඇති නේද? අපිට ඉතින් මුලු සතියෙම හම්බ කරන්න තියෙන දින දෙක සෙනසුරාදයි ඉරිදායි. එකේ තේරුම මොකද්ද මචං. මා ඔහුගෙන් විමසුවෙමි. ගැටවර කොල්ලො, කෙල්ලොන්ට නිදහසේ ලව් කරන්න තියෙන දවස් දෙක තමයි ඒ දවස් දෙක. උන්ගේ වයස 18 ට අඩු නිසා ගෙවල් වලින් ප්‍රශ්ණ. ඇයි මුන් ලව් කරනවා තියා සූප්පූ බෝතලෙන්නේ කිරි බොන්නෙත්.
    ඉතින් අපි දන්න හඳුනන හෝටල් දහයක් පමණ තියෙනවා. මේ ටවුමේ ඉදන් ඒ හෝටල් වලට වැඩිම දුර ඕන නම් 5km විතර වෙන්න ඇති. ඉතින් මේ පොඩි එවුන් පන්ති එනකොට මෝඩ දෙමව්පියන් ඉල්ලන ඕන ගානක් දෙනවා. මොකද පන්ති ගාස්තුවම මාසෙට රු 500 නම් මුන් ගෙදරට කියන්නේ 3000 යි කියලා. ඉතින් ඒ අය අපේ පාර්ක් එකට ඇවිත් අපෙන් අහනවා අයියේ මගේ කෑල්ලත් එක්ක නිදහසේ කතා කරන්න පුලුවන් හොඳ පොට් එකක් තියෙනවද කියලා. ඉතින් අපි කියනවා කවදාවත් පොලීසියෙන් පනින්නේ නැති පොට් එකකට එක්කන් යන්නම් කිසි දේකට බය වෙන්නෙපා කියලා. එහනම් යමු කියනවා. හැබැයි කාටවත් නොපෙනෙන්න දෙපැත්තේ රෙදි දාන්න කියනවා. ඉක්මනින් යමු කියලත් කියනවා. මුන් හරියට සුද්දෝ වගේ ත්‍රීවිල් ගාස්තුවවත් හෝටල් ගාස්තුවවත් අහන්නේ නැහැ. ඉතින් වෙන අයෙකුට යන රු 150 හයර් එක මුන්ගෙන් අපි 500 ක් වත් ගන්නව. හෝටල් වලට දැම්මම එක ජෝඩුවකට රු 500 ක් ඒ හෝටලෙන් අපිට ගෙවනවා. ඉතින් හෝටලේ නියමිත ගස්තුව රු 1200 නම් 1700 ක් ගන්නව අපේ ගානත් අල්ලලා. හෝටලේට ගිහින් පැය දෙකකට විතර පසු නැවත අපේ දුරකතනය අමතනවා. ඉතින් දිනකට සාමාන්‍ය මිනිස්සු සමග හයර් 50 ක් යනවට වඩා මේ වගේ ජෝඩු දෙකක් රැගෙන ගියා නම් ඒ මුදලට වැඩියෙනුත් අපිට මුදල් ලැබෙනවා. ඒ වගේ ද හෝටල් ආදායම. සාමන්‍ය මනුස්සයෙකුට දිනකට රු 1200 දෙන එක කාමරයකින් දිනකට 12000 වඩා හොයනවා. ඉතින් අපි දෙගොල්ලන්ටම අතමිට සරුයි. ඔහුගේ එම ප්‍රකාශයත් සමග වැදගත් තවත් ප්‍රශ්නයක් මා ඔහුට යොමු කරන ලදී. මචං කුරුණෑගල මෙච්චර කාමර දෙන තැන් අනවසර සම්භාහන ස්ථාන තිබ්බත් මොකද ආරක්ෂක අංශ මේවා වටලන්නේ නැත්තේ? මේ ඔහුගේ පිළිතුරයි. ” මචං උන් ගැන කියන්න තියෙන ඒවා කිව්වොත් දවසක් මදි. උනුත් හරියට හිඟන්නෝ වගෙයි. උන්ගැන කතා කරලා වැඩක් නෑ.” යි පැවසුවේ.
    පසුව ඔහුගෙන් සමුගත් මා යතුරු පැදිය පසෙක නවතා කුරුණෑගල පොදු නැවතුමේ සිට මහ රෝහල දක්වා වූ මාර්ගයෙහි පියමං තැබුවෙමි. කුරුණෑගල කොළඹ පුරවරයට දෙවෙනි නත. බස් නැවතුම්වල ඉදිරිපිට දෙපා වල නිය ආලේපන යොදා දෙතොල් රතු කරගත් අඩියක පමණ සායවල් සහ දිගු ඩෙනිම් කලිසම් ඇඳගත් තරුණ කතුන් රැසකි. ඔවුන් දෙස බැලූ බල්මට ඔවුන්ගේ ශරීරයෙන් සරාගී ලක්ෂණ මනාවට පිළිඹිමුවේ. ඔවුන්ගේ මේ සූදානම ආයතනයක රැකියාවට යාමට නම් නොවේ. යහමින් මුදල් ඇති පුද්ගලයෙකු ඩැහැ ගැනීමටයි. රජයේ රෝහල ඉදිරිපිටද එවැනිම කතුන් කිහිප දෙනෙකි. ඒ රෝහල් ගත වීමට නම් නොවේ. ලෙඩුන් බැලීමට රෝහලට පැමිණෙන පුද්ගලයෙකු ඩැහැ ගැනීමටය.
    රෝහල ඉදිරිපිට සිටින මා හට අවශ්‍යම පුද්ගලයා හමු විය. ඒ මා හිතවත් වෛද්‍යවරයෙකි. හලෝ ඩොක්ටර්. මා ඔහු ආමාන්ත්‍රණය කළෙමි. කොහොමද ප්‍රසන්න? මොකෝ අද හොස්පිටල් එක පැත්තේ? ලෙඩෙක් බලන්න ආවද නැත්නම් වාර්තාවක්වත් ගන්න ආවද? ඔහුගේ ප්‍රශ්ණ හමුවේ මා පැමිණි සත්‍ය කාරණය් පැවසුවෙමි. මේ ඔහු දුන් ප්‍රතිචාරයයි. ” අද තමයි අපේ රෝහලේ සමාජ රෝග සායනය තිබ්බෙත්. ඉතිං මේ සඳහා වැඩි වශයෙන් යොමු වෙන්නේ වයස 16- 30ත් අතර තරුණ තරුණියෝ. ඉතිං හුඟක් තරුණියන් අසම්මත ප්‍රේම වලින් ගැබ් ගෙන අනවසරයෙන් ගබ්සා කරගෙන එනවා. වැඩේ උග්‍ර වූ විට තමයි ඔවුන් රජයේ රොව්හල් කරා එන්නේ. අප රටේ නීතියට අනුව ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නීති විරෝධී වුවත්, දිනකට දහසකට වැඩි ගබ්සා ප්‍රමාණයක් මෙරට සිදු වන්නේ ඉතා අවාසනාවන්ත ලෙසයි. ගැබ් ගැනීම් වලක්වන්න ඖෂධ, ලිංගික උත්තේජක ඖෂධ තමයි තරුණියන් වැඩි පුරම ලබා ගන්නේ. එලෙස හිතුමතේ ලිංගික උත්තේජක භාවිතයෙන් රුධිර පීඩනය ක්ෂණිකව අඩු වීම, ඇස් පෙනීම දුර්වල වීම, ඇසීම දුර්වල වීම, පමණක් නොව හදිසි මරණයන් පවා ඇතිවිය හැකියි. අද වෙනකොට මුළු කුරුණෑගලම වෙලාගෙන තියෙන්නේ රෑ සමනළියන්ගෙන්. ඔවුන්ගෙන් 90%ක්ක්ම ගොනෝරියා, සිපිලිස්,හර්පිස්,ලිංගික ඉන්නන්,ක්ලැම්ඩියා, මුත්‍රා ප්‍රදානය යන භයානක රෝග වලින් පීඩා විඳින බව අපි හොඳින් දන්නා කරුණක්. ඉතිං අපි සමාජයට දෙන එකම ඔවදන තමයි. තමන් විවාහ දිවියට තෝරාගත් සහකාරිය සමඟ පමණක් ලිංගිකව හැසිරෙන්න කියලා. රූපට, වර්ණයට, ශරීරයට වශීවී තම ජීවිතය කාළකණ්නි කර ගන්න එපා කියලා.
    ඔහුගෙන් සමුගත් මාගේ ගවේෂණය නිමා කළ අතර , මෙම සිතිවිල්ල මාගේ සිතට ඇති වුණි. එනම්, අරුම පුදුම වූ ජීවිතයේ සොඳුරු ආදරය, රැකවරණය, විශ්වාසය ඔබ මතින් පළමුව බලාපොරොත්තු වන පුද්ගලයා ඔබමය. එහෙයින් ඔබ පළමුව ඔබට ආදරය කළ යුතුය. මන්දයත් තමාටවත් ආදරය නොකරන්නා සමාජගත වෛරක්කාරයෙකු බවට පත් වන්නේ නිරායාසයෙන් වන නිසාය.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    -ප්‍රසන්න චන්ද්‍රසිරි-http://news.malwarusa.com/?p=2441
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea thatvaya---Galle area eke----UNAVATUNA----HIKKADUVA--vage tourist area valath thiyenava. Anivarryen Tourist lagen boa una AIDS samaja rogaya thiyena aya athi.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආදරය කියන්නේ සෙක්ස් නෙවේ සෙක්ස් කියන්නේ

    ආදරයමද නෙවේ

    අවාසනාව කියන්නේ ලංකාව වගේ රටක ලිංගික අධ්‍යාපනය අවම වීමයි
    එයින් කරදර ගොඩකට

    මූණපාන්න වෙනවා

    ගහන එකා කොහෙත් ගහනවා ඇරගන්න ඕන එකී කොයිත් ඇරගන්න
    ලොවෙත් වෙනස් කරන්න පුලුවන්

    දේවල් නෙවේ

    අනාගතයට ඒවායේ බලපෑම වක්‍රාකාරව අන් අයටද අත්වීම දුකට කරුණකි :yes:

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    ඕන තරං හු.. ගත්තට අපිට ප්‍රශ්නයක් නෑ.. ඒත් ගබ්සා කරනව කියන්නෙ මොන තරං පව් වැඩක්ද ? ඒක දැං සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.. :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Athinuth daala wage liyala nam thiyenne. Apith Kurunegala awata nisa owa gena nodannawama newi. Oya kiyana tharam nam wenne na. Namuth sidda wenawa. Kurunegala witharak newi oka wenne. Anika class walata yana kello ohoma me kollo ekka magule yan na kiyana tharam. Laksha ganak class yanawa sati anthe. Ungen 10k - 15k withara owata yanawa ethi ona nam. Hugak un dura palath walin ena nisa patta bayai kollek ekka kata karannawath kohewath yanawa thiya. :yes: