සතුටින්ද නුඹ පෙරටත් වඩා.. මගේ ඉපැරණි පෙම්ව#
ගොඩාක් කාලෙකට පස්සෙ හදවතේ පතුලම අතගාපු සින්දුවක් ඇහුවා...
මගේ ජීවිත කථාවට අතිශයින්ම සමාන කථාවක් කියවෙන සින්දුවක්... මම කථාව කියල ඉන්නම්..
ඇයට අපි කියමු දේවිකා (සත්‍ය නම නොවෙයි..) කියලා.. මට වඩා අවුරුදු 02ක් බාලයි.. මගේ ගමේමයි.. ඉස්කෝලෙ යන කාලෙ අපි හොඳ යාළුවො.. කාලයක් යද්දි නොදැනීම හිතවත්කම ආදරයකට පෙරලුණා... මම 12 වසරෙ.. ඇය 11 වසරෙ.. බෙහොම අහිංසක සහ නිර්මල විදියට අපේ ආදරයත් ගලාගෙන ගියා.. පාසැල් වයසෙ ආදරේ බොහොම සුන්දරයි.. කොහොම හරි මට ඇයගෙන් තොර වූ සහ ඇයට මගෙන් තොරවූ ලෝකයක් තිබුණෙ නෑ.. ඒ නිසාම වෙන්න ඇති ඇය සාමාන්‍යෙපළ විභාගයත් පළමු පාර අසමත් උණා.. මාමා කෙනෙක් ගෙ ගෙදර නතරවෙලා දෙවෙනි පාර විභාගෙ සමත් උණා.. කාලය මෙහෙම ගෙවිල යද්දි අපේ ගෙදරටත් ඇයිහොඳැයිය ආරංචි උණා.. මොනවද ඉතිං.. ප්‍රශ්ණ විතරමයි.. ගමේ වීම, දුප්පත් වීම, රූපශ්‍රියෙන් අඩු වීම වගේ නොයෙකුත් හේතු දැක්වුවා අපේ ගෙදරින්.. කොහොම උණත් අපේ ආදරය නැවතුණේ නෑ.. මාව නාවික ඉංජිනේරු ඩිප්ලොමාවක් හදාරන්න තේරුණා.. මම ගමෙන් ආවා.. ඒ වෙනකොට අපේ සම්බන්ධයට අවුරුදු 03ක් ඉවර වෙලා.. ඒ කාලෙ ජංගම දුරකථන අපි දෙන්නටම නෑ.. ලියුම් කරදහියකින් තමයි තොරතුරු හුවමාරු කරගත්තෙත්.. ඒත් හවස එක ලෙක්චර් එකක් හරි නැත්නම් මම ගෙදර දුවගෙන එනවා.. ඇයව බලන්න.. ගඟට නාන්න යද්දි තමයි වචනයක් හරි කථා කරන්නනෙවත්...
මෙහෙම ගතවෙද්දිත් අපේ ගෙදරින් ආපු ප්‍රතික්‍ෂේප කිරීම නැවතිලා හෝ අඩුවෙලා තිබුණෙ නෑ.. තව තවත් වැඩි උණා විතරයි.. මට වරායෙ පුහුණුවීම් වලට යන්න ත්බුණා.. ගෙදර ඉඳන් ගියේ.. ඒ යද්දි ගෙදරින් තමයි සල්ලි ඉල්ලගන්නේ බස් එකට එහෙම.. ටිකෙන් ටික සල්ලි දෙන්නත් අදිමදි කරන තත්ත්වයක් ආවා.. මොකද මගෙත් එක්ක ගෙදර අය තරහ වෙලා ඉන්න නිසා... මට තෝරාගැනීම් දෙකයි තිබුණේ.. එක්කො කෙල්ල... නැත්නම් නාවික ඉංජිනේරු කම.. මම තෝරගත්තෙ කෙල්ලව.. මම නතර උණා.. (දැන් බැණපල්ලා මෝඩයා කියල මට.. ඒ කාලෙ බුද්ධි මට්ට අනුව සහ පත්වෙලා හිටපු තත්ත්වය අනුව මට තිබුණු තෝරාගැනීම උණේ ඒක විතරයි) මෙහෙමත් කාලයක් ගෙවිල ගියා..
2006 මම රජයේ රැකියාවකට තේරුණා... පළමු පත්වීම කොළඹ.. ඒ වෙනකොට අපේ ආදරයට අවුරුදු 07ක් වෙලා.. ඒත් ෆිල්ම් ඒකක් බලන්න හෝල් එකකට ගියා ඇරෙන්න කුපාඩි වැඩ කරේ නෑ.. මම අපි දෙන්නගෙ ජීවිත ගැන නැවත කල්පනා කරන්න ගත්තා.. අවුරුදු 05කටත් වැඩි කාලයක් තිස්සෙ අපේ ගෙදරින් ආපු ප්‍රතික්‍ෂේප කිරීම නතර උණේම නැත්තෙ ඇයි සහ මගේ හිතුමතේට ඇයව විවාහ කරගත්තොත් ඇයට මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද කියන එක ගැන.. මට තේරුණා අපේ ගෙදරින් ඇයව කවදාවත් පිළිගන්නෙ නැති බව.. ඒ වගේම මට ආර්ථික වශයෙන් කිසිම ස්ථාවරත්වයකුත් නෑ.. ඉන්න ගෙයක් දොරක්, තැන්පත් ධනයක් මුකුත් නෑ.. ගෙයක් කුළියට හරි අරන් ඉන්න පුළුවන්.. ඒත් ඇය මම නිසා දුක් විඳිනව බලන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. අන්තිමට මම අපි දෙන්නගෙම කුළුඳුල් ආදරයට තිත තිබ්බා.. (දැන් ආයෙමත් බැණපල්ල.. කොන්දක් සහ මොළයක් නැති එකෙක් කියලා.. ඒත් ඒ තත්ත්වයට වැටුණොත් උඹලටත් තේරෙයි පණ වගේ ආදරේ කරන කෙල්ලට යන එන මං නැති වෙලා වේලක් ඇර වේලක් කාලා හිඟන්නෙක් වගේ ජීවත් වෙනව බලන්න හිත ඉඩ දෙනවද කියලා)..
දැන් මම වගේම ඇයත් විවාහකයි.. ඇය දැන් කොළඹට නුදුරුව ජීවත් වෙනවා සැමියත් එක්ක.. මම දැන් තාත්ත කෙනෙක්.. මගේ කෙල්ලට වඩා ඇයගෙ කෙල්ල බාල උණේ දවස් 4කින් හෝ 5කින්.. ඒත් තනි වෙච්ච හැම වෙලාවකම හිත දුවන්නෙ පළමු ආදරේ මතකසටහන් හොයාගෙන.. ඉතින් කරුණාරත්න දිවුල්ගනේ මහතා ගයන ඒ සින්දුව තනිකරම මගේ හැඟීම් ගීයකට නංවල වගෙයි මට හිතෙන්නෙ..
අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ ඔබ උරුමැතී....
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී....
මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ලඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟඋණාවේ...
අතරමඟ සුණුවිසුණු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරඋණත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ...
(පසු සටහන : හිතේ තියෙන පරවූ ආදරයේ මතකසටහන මගේ බිරිඳට හෝ දරුපැටියට මොනම ආකාරයක වත් ගැටළුවක් වෙන්න නම් කවදාවත් දීල නෑ.. දෙන්නෙත් නෑ.. )