සතුටින්ද නුඹ පෙරටත් වඩා.. මගේ ඉපැරණි පෙම්ව&#35

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සතුටින්ද නුඹ පෙරටත් වඩා.. මගේ ඉපැරණි පෙම්ව&#35

    ගොඩාක් කාලෙකට පස්සෙ හදවතේ පතුලම අතගාපු සින්දුවක් ඇහුවා...

    මගේ ජීවිත කථාවට අතිශයින්ම සමාන කථාවක් කියවෙන සින්දුවක්... මම කථාව කියල ඉන්නම්..

    ඇයට අපි කියමු දේවිකා (සත්‍ය නම නොවෙයි..) කියලා.. මට වඩා අවුරුදු 02ක් බාලයි.. මගේ ගමේමයි.. ඉස්කෝලෙ යන කාලෙ අපි හොඳ යාළුවො.. කාලයක් යද්දි නොදැනීම හිතවත්කම ආදරයකට පෙරලුණා... මම 12 වසරෙ.. ඇය 11 වසරෙ.. බෙහොම අහිංසක සහ නිර්මල විදියට අපේ ආදරයත් ගලාගෙන ගියා.. පාසැල් වයසෙ ආදරේ බොහොම සුන්දරයි.. කොහොම හරි මට ඇයගෙන් තොර වූ සහ ඇයට මගෙන් තොරවූ ලෝකයක් තිබුණෙ නෑ.. ඒ නිසාම වෙන්න ඇති ඇය සාමාන්‍යෙපළ විභාගයත් පළමු පාර අසමත් උණා.. මාමා කෙනෙක් ගෙ ගෙදර නතරවෙලා දෙවෙනි පාර විභාගෙ සමත් උණා.. කාලය මෙහෙම ගෙවිල යද්දි අපේ ගෙදරටත් ඇයිහොඳැයිය ආරංචි උණා.. මොනවද ඉතිං.. ප්‍රශ්ණ විතරමයි.. ගමේ වීම, දුප්පත් වීම, රූපශ්‍රියෙන් අඩු වීම වගේ නොයෙකුත් හේතු දැක්වුවා අපේ ගෙදරින්.. කොහොම උණත් අපේ ආදරය නැවතුණේ නෑ.. මාව නාවික ඉංජිනේරු ඩිප්ලොමාවක් හදාරන්න තේරුණා.. මම ගමෙන් ආවා.. ඒ වෙනකොට අපේ සම්බන්ධයට අවුරුදු 03ක් ඉවර වෙලා.. ඒ කාලෙ ජංගම දුරකථන අපි දෙන්නටම නෑ.. ලියුම් කරදහියකින් තමයි තොරතුරු හුවමාරු කරගත්තෙත්.. ඒත් හවස එක ලෙක්චර් එකක් හරි නැත්නම් මම ගෙදර දුවගෙන එනවා.. ඇයව බලන්න.. ගඟට නාන්න යද්දි තමයි වචනයක් හරි කථා කරන්නනෙවත්...

    මෙහෙම ගතවෙද්දිත් අපේ ගෙදරින් ආපු ප්‍රතික්‍ෂේප කිරීම නැවතිලා හෝ අඩුවෙලා තිබුණෙ නෑ.. තව තවත් වැඩි උණා විතරයි.. මට වරායෙ පුහුණුවීම් වලට යන්න ත්බුණා.. ගෙදර ඉඳන් ගියේ.. ඒ යද්දි ගෙදරින් තමයි සල්ලි ඉල්ලගන්නේ බස් එකට එහෙම.. ටිකෙන් ටික සල්ලි දෙන්නත් අදිමදි කරන තත්ත්වයක් ආවා.. මොකද මගෙත් එක්ක ගෙදර අය තරහ වෙලා ඉන්න නිසා... මට තෝරාගැනීම් දෙකයි තිබුණේ.. එක්කො කෙල්ල... නැත්නම් නාවික ඉංජිනේරු කම.. මම තෝරගත්තෙ කෙල්ලව.. මම නතර උණා.. (දැන් බැණපල්ලා මෝඩයා කියල මට.. ඒ කාලෙ බුද්ධි මට්ට අනුව සහ පත්වෙලා හිටපු තත්ත්වය අනුව මට තිබුණු තෝරාගැනීම උණේ ඒක විතරයි) මෙහෙමත් කාලයක් ගෙවිල ගියා..

    2006 මම රජයේ රැකියාවකට තේරුණා... පළමු පත්වීම කොළඹ.. ඒ වෙනකොට අපේ ආදරයට අවුරුදු 07ක් වෙලා.. ඒත් ෆිල්ම් ඒකක් බලන්න හෝල් එකකට ගියා ඇරෙන්න කුපාඩි වැඩ කරේ නෑ.. මම අපි දෙන්නගෙ ජීවිත ගැන නැවත කල්පනා කරන්න ගත්තා.. අවුරුදු 05කටත් වැඩි කාලයක් තිස්සෙ අපේ ගෙදරින් ආපු ප්‍රතික්‍ෂේප කිරීම නතර උණේම නැත්තෙ ඇයි සහ මගේ හිතුමතේට ඇයව විවාහ කරගත්තොත් ඇයට මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද කියන එක ගැන.. මට තේරුණා අපේ ගෙදරින් ඇයව කවදාවත් පිළිගන්නෙ නැති බව.. ඒ වගේම මට ආර්ථික වශයෙන් කිසිම ස්ථාවරත්වයකුත් නෑ.. ඉන්න ගෙයක් දොරක්, තැන්පත් ධනයක් මුකුත් නෑ.. ගෙයක් කුළියට හරි අරන් ඉන්න පුළුවන්.. ඒත් ඇය මම නිසා දුක් විඳිනව බලන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. අන්තිමට මම අපි දෙන්නගෙම කුළුඳුල් ආදරයට තිත තිබ්බා.. (දැන් ආයෙමත් බැණපල්ල.. කොන්දක් සහ මොළයක් නැති එකෙක් කියලා.. ඒත් ඒ තත්ත්වයට වැටුණොත් උඹලටත් තේරෙයි පණ වගේ ආදරේ කරන කෙල්ලට යන එන මං නැති වෙලා වේලක් ඇර වේලක් කාලා හිඟන්නෙක් වගේ ජීවත් වෙනව බලන්න හිත ඉඩ දෙනවද කියලා)..

    දැන් මම වගේම ඇයත් විවාහකයි.. ඇය දැන් කොළඹට නුදුරුව ජීවත් වෙනවා සැමියත් එක්ක.. මම දැන් තාත්ත කෙනෙක්.. මගේ කෙල්ලට වඩා ඇයගෙ කෙල්ල බාල උණේ දවස් 4කින් හෝ 5කින්.. ඒත් තනි වෙච්ච හැම වෙලාවකම හිත දුවන්නෙ පළමු ආදරේ මතකසටහන් හොයාගෙන.. ඉතින් කරුණාරත්න දිවුල්ගනේ මහතා ගයන ඒ සින්දුව තනිකරම මගේ හැඟීම් ගීයකට නංවල වගෙයි මට හිතෙන්නෙ..

    අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
    ලොව කාට හෝ ඔබ උරුමැතී....
    සතුටින්ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී....

    මමද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ලඟ නිවන සරතැස
    කාලයේ වැලි තලාවේ
    සබඳකම් සැඟඋණාවේ...

    අතරමඟ සුණුවිසුණු පැතුමක
    මතක මිහිරියි තාම හිත යට
    පරඋණත් මල් අතීතේ
    සුවඳ හදවත සමීපේ...



    (පසු සටහන : හිතේ තියෙන පරවූ ආදරයේ මතකසටහන මගේ බිරිඳට හෝ දරුපැටියට මොනම ආකාරයක වත් ගැටළුවක් වෙන්න නම් කවදාවත් දීල නෑ.. දෙන්නෙත් නෑ.. )
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    ela mcn . මොනා උනත් වංචාවක් නොවුන අවංක ආදරයක් ඔයාලට තිබුනනේ, සුබපතනවා මම. එත් දැන් ඉන්න පවුල එක්ක සතුටින් ඉන්න බලන්න.

    මොකද ඔයාට මතක් උනාට ඒ කෙල්ලට නම් මතක් වෙන්නේ නෑ බං වැඩිය

    Anyway Respect!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    .. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්!
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    heart touching මචන්,මමත් ඉස්කොලෙ යනකාලෙ කෙල්ලෙක්ට love කලා,අවුරුදු හතක් පස්සෙන් ගියා බන්.වචනයක් කතා කරන්න පුලුවන් උනෙ නෑ.දැන් එය පේරා ඉන්නෙ.හැබැයි fb එකෙන්,මගෙත් එක්ක ගොඩක් ෆිට් උනා.එයාට දැන් bf කෙනෙක් ඉන්නවලු.ඊට පස්සෙ මට තාම වෙන කෙල්ලෙක්ට හිත ගිහින් නෑ බන්.මම එලකිරි එකේ ත්‍රෙඩ් කියවන්න පටන් ගත්තෙත් ඔය හේතුව නිසා.සෑහෙන හිත හදා ගත්ත EK එකෙන්.උඹලට ගොඩක් ස්තූතියි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow ban first love eka tama mind eka kawe..tama oluwata nivanak ne.fun ekak damoth matak wenawa itin fun ekama ivarai.:growl::frown:
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    හිතේ තියෙන පරවූ ආදරයේ මතකසටහන මගේ බිරිඳට හෝ දරුපැටියට මොනම ආකාරයක වත් ගැටළුවක් වෙන්න නම් කවදාවත් දීල නෑ.. දෙන්නෙත් නෑ..:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට පෞද්ගලිකව මේ අත්දැකීම ලැබිල නෑ මචං..
    නමුත් මාත් දැන් විවාහකයි....
    උඹේ කතාව කියවල මේ සින්දුව අහනකොට මට මතක් උනේ ඉස්කෝලෙ යන කාලෙ මං අවුරුදු හතරක් ඒක පාර්ශවිකව හිත පතුලෙන්ම ආදරේ කරපු ගැහැණු දරුවව.... එයත් දැන් අම්මා කෙනෙක් , බිරිඳක් වෙලා කොහේ හෝ ඇති කියල හිතුන මේක අහනකොට....
    උඹේ අත්දැකීමට සමාන නැ
    ති උනත් මාත් ඒ විරහව මේ සිංදුව හරහා විඳගත්තා.....
    විරහව කියන සිතුවිල්ලත් පුදුමාකාර විදියට හදවත පිරිමදින සිතුවිල්ලක් නේද බං......ඒකෙත් පුදුම රසයක් තියෙන්නෙ.. ඒ සිතුවිල්ල විඳින්න හිතෙන වෙලාවට අහන්න
    සිංදුව ඩවුන් කර ගත්තා ....
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මට පෞද්ගලිකව මේ අත්දැකීම ලැබිල නෑ මචං..
    නමුත් මාත් දැන් විවාහකයි....
    උඹේ කතාව කියවල මේ සින්දුව අහනකොට මට මතක් උනේ ඉස්කෝලෙ යන කාලෙ මං අවුරුදු හතරක් ඒක පාර්ශවිකව හිත පතුලෙන්ම ආදරේ කරපු ගැහැණු දරුවව.... එයත් දැන් අම්මා කෙනෙක් , බිරිඳක් වෙලා කොහේ හෝ ඇති කියල හිතුන මේක අහනකොට....
    උඹේ අත්දැකීමට සමාන නැ
    ති උනත් මාත් ඒ විරහව මේ සිංදුව හරහා විඳගත්තා.....
    විරහව කියන සිතුවිල්ලත් පුදුමාකාර විදියට හදවත පිරිමදින සිතුවිල්ලක් නේද බං......ඒකෙත් පුදුම රසයක් තියෙන්නෙ.. ඒ සිතුවිල්ල විඳින්න හිතෙන වෙලාවට අහන්න
    සිංදුව ඩවුන් කර ගත්තා ....

    අනිවා මචන්.... :)
     

    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    මගේ කතාවත් මුල් ටික උඹේ කතාව වගෙ නැති උනාට අවසානය එකවගෙයි.
    දැන් මම වගේම ඇයත් විවාහකයි.. ඇය දැන් කොළඹට නුදුරුව ජීවත් වෙනවා සැමියත් එක්ක.. මම දැන් තාත්ත කෙනෙක්.... ඒත් තනි වෙච්ච හැම වෙලාවකම හිත දුවන්නෙ පළමු ආදරේ මතකසටහන් හොයාගෙන..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    මගෙත් තියනව කතාවක් ඔයිට වඩා ගොඩාක් වෙනස් එකක්. එයාට ප්‍රශ්නයක් වෙයි කියල දාන්න බයයි. හැබැයි අවුරුදු හතක වගේ ගොඩ කාලයක් ආදරය කරලා ගොඩක් ලොකු මතකයන් ගොඩක් එකතු වෙන්න කලින් එක නවත්තන්න උන එක ගැන මන් සතුටු වෙනවා.

    විරහව තියෙන්නෙත් එක්තරා ආකාරයක සොදුරු අත්දැකීමක් මට නම්.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තනි වෙච්ච හැම වෙලාවකම හිත දුවන්නෙ පළමු ආදරේ මතකසටහන් හොයාගෙන..
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මගෙත් තියනව කතාවක් ඔයිට වඩා ගොඩාක් වෙනස් එකක්. එයාට ප්‍රශ්නයක් වෙයි කියල දාන්න බයයි. හැබැයි අවුරුදු හතක වගේ ගොඩ කාලයක් ආදරය කරලා ගොඩක් ලොකු මතකයන් ගොඩක් එකතු වෙන්න කලින් එක නවත්තන්න උන එක ගැන මන් සතුටු වෙනවා.

    විරහව තියෙන්නෙත් එක්තරා ආකාරයක සොදුරු අත්දැකීමක් මට නම්.

    :yes:
     
    • Like
    Reactions: .::J@S::.

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    (පසු සටහන : හිතේ තියෙන පරවූ ආදරයේ මතකසටහන මගේ බිරිඳට හෝ දරුපැටියට මොනම ආකාරයක වත් ගැටළුවක් වෙන්න නම් කවදාවත් දීල නෑ.. දෙන්නෙත් නෑ.. )


    ela machn