සංචාරකයෙක් විදියට ලංකාවේ අනිවාර්යෙන්ම යන්න ඕනේ කියලා හිතාගෙන හිටිය තැනක් තමා කච්චතිව් දූපත. කච්ච දූව කියලා සිංහල ජනවහරේ කියවෙන්නේ කච්චතිව් දූපතයි. මේ දූපතේ අයිතිය සම්බන්ධව ඉන්දියාවත් එක්ක පොඩි ගැටලුවක් තියෙනවා කියලා ඔයලා දන්නවා ඇති. 1974 වෙනකන් මේ දූපතේ අයිතිය තිබුනේ ඉන්දියාවට. මේ දූපත බොහෝම වැදගත් උනා මුහුදු මාර්ගයෙන් භාන්ඩ ප්‍රවාහනය කරන කාලයේ. ඒවගේම තමා මන්නාරම් මුතු පරයේ සක්‍රීයව මුතු කැඩීම සිද්ධ කරන කාලයේදීත් කච්චතිව් නන් දෙසින් පැමිනි අයගේ නවාතැන්පොලක් උනා කියලා අනුමාන කරන්න පුළුවන්. කොහොම හරි 1974න් පස්සේ ඉන්දියාව තීරණය කරනවා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ තියෙන කච්චතිව් දූපතේ අයිතිය ලංකාවට පවරන්න. නමුත් මෑත කාලයේදී ආයෙත් ඔය ගැටලුව පොඩ්ඩක් මතු වෙන්න පටන් ගත්තා. අද වෙනකොට කච්චතිව් දූපතට යන්න සාමාන්‍ය ජනතාවට යන්න පුළුවන් වෙන්නේ කච්චතිව් මංගල්ලේ දවස් දෙකට විතරයි. මංගල්ලේ ඉවර වෙන දවසේ දවල් දෙකෙන් පස්සේ කිසිම කෙනෙකුට දූපතේ ඉන්න බෑ.
සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටිය සංචාරයක්. කොහොම හරි ඉෂ්ඨ කරගන්න පුළුවන් උනා 2015 අවුරුද්දේ. මේ ගමන තමා මගේ ජීවිතේ ත්‍රාසජනකම, අමාරුම වගේම හොඳම ට්‍රිප් එකත්..
ගමන පටන් ගත්තේ කොළඹින්. කොළබ ඉඳන් මන්නාරමට වෙනකන් කාර් එකේ. මන්නාරමේ කිරී බීච් එකේ නාවුක හමුදා කඳවුරේ ජැටියෙන් අපි ඩිංගියකට ගොඩ උනේ මහ මුහුදේ කිලෝමීටර 38ක් දුරින් තියෙන කච්චතිව් වලට යන්න.. උදේ 6.00යි හරියටම පිටත් වෙනකොට
මන්නාරමට ඉර නගින විදිය මන්නාරම් මුහුදේ ඉඳන් පේන්නේ මෙහෙමයි.
උදේම රස්සාවේ යනවා.
අපේ ගමන් මාර්ගය වැටිලා තියෙන්නේ ආදම්ගේ පාලම මැදින්. මේ පේලියට පේන්නේ ආදම්ගේ පාලමේ දූපත්.
මේ තියෙන්නේ කච්චතිව්... පැය දෙකහාමාරක ගමනක්.
තවමත් රුවල් ඔරුවෙන් කච්චතිව් වන්දනාවේ එන බැතිමතුන් ඉන්නවා කියන්න මෙන්න සාක්ෂි..
මන්නාරමේ කීරි වෙරලෙ ඉඳන් ආදම්ගේ පාලම හරහා ගමන් කරලා කච්චතිව් වලට එන්න අපිට ඩිංගියක පැය දෙකහාමාරක් විතර ගියා. කිලෝමීටර 38ක්විතර මන්නාරම් මුහුදෙයි, Open sea එකෙයි. අපේ බොට්ටුවේ ඇන්ජිම අශ්ව බල 25 එකක්. කච්චතිව් වලට කිට්ටු වෙනකොට රාමේශ්වරම් ටිවී කුලුන එහෙම පැහැදිලිව පේනවා
ඉන්දියානු බැතිමතුන් පිළිගන්න සියල්ල සූදානම්
ශ්‍රී ලංකා නාවුක හමුදාව ඉතා විශාල කාර්යභාරයක් කච්චතිව් මංගල්ලය වෙනුවෙන් සිදුකරනවා.
ශාන්ත අන්තෝනි මුනින්දානන්ගේ දේවස්ථානය
කච්චතිව් වල ටික වෙලාවක් ඉඳලා ඩෙල්ෆ්ට් වලට යන්න අපි පිටත් උනා. මේ මගේ ගමන් සගයා. අමිත අයියා..
ඩෙල්ෆ්ට් වලට කච්චතිව් වල ඉඳන් යන්න පැයක විතර කාලයක් යන්න ඇති. මුහුද සෑහෙන්න සැරයි. හුලඟ නිසා. කිලෝමීටර 12ක් විතර මම හිතන්නේ..
ඩෙල්ෆ්ට් වල ගමන් පහසුකම් සලසගන්න විදියක් තිබුනේ නෑ. ඒකට හේතුව වෙල්ෆ්ට් වල සෑහෙන පිරිසක් කච්චතිව් වන්දනාවේ යන්න පිටත් වෙලා තිබීමයි. ඒ නිසා පොඩ්ඩක් වටපිටේ ඇවිදලා එන්න විතරයි පුළුවන් උනේ.
ඩෙල්ෆ්ට් ජැටිය
මේ මහ බෝට්ටුව යන්නේ කච්චතිව් වලට. ගමන් ගාස්තුව රුපියල් 500යි. පැය තුනක් යනවා මේකට කච්චතිව් යන්න.
ඔහොම කෙලින්ම ගියාම කුරිකට්ටුවාන් ජැටිය. ලඟ නම් නෑ. සෑහෙන්න දුරයි.
ඩෙල්ෆ්ට් ජැටියට එන පාර. පේනවද දකුණු පැත්තේ තියෙන ගොඩනැගිල්ලේ උඩ ඉන්න අශ්ව රූප දෙක. ඩෙල්ෆ්ට් වලට කියන්නේ "Land of the Horses" කියලා. යටත් විජිත සමයේ ලංකාවේ පාලකයන්ගේ අශ්ව ගාල උනේ ඩෙල්ෆ්ට් දිවයින. අශ්වයන් පුහුණු කිරීම, බෝ කිරීම, දෙමුහුන් කිරීම සියල්ලක්ම සිද්ධ උනේ ඩෙල්ෆ්ට් වලයි.
ඩෙල්ෆ්ට් වලටම ආවේනික කොරල් තාප්ප. මේවා සෑහෙන්න ශක්තිමත්. කොරල් එකින් එක බැඳලා නෑ. ගොඩක් ශක්තිමත්.

ඩෙල්ෆ්ට් වල ගමන් පහසුකම් ප්රශ්නය නිසා අපිට අකමැත්තෙන් උනත් හැරිලා එන්න සිද්ධ උනා. එහෙම නැත්තම් ඩෙල්ෆ්ට් කියන්නේ සම්පූර්ණ දවසක ගමනක්.. සෑහෙන්න දේවල් තියෙනවා බලන්න.
මේ අවස්ථාව නම් සල්ලි ගෙවලා මුහුදට යන සංචාරකයන්ටත් සමහර වෙලාවට නොලැබෙන අවස්ථාවක්. 200ක විතර ඩොල්ෆින් රෑනක් අපේ බෝට්ටුව වටේ සෙල්ලම් කරන්න ගත්තා
මගේ ලෙන්ස් එකයි, මුහුදේ තත්වයයි එක්ක වැඩි දෙයක් කරගන්න පුළුවන් කමක් ලැබුනේ නෑ
කච්චතිව්!!!
මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ශොට් එකක්. අපි ඉන්නේ මෙතන.
අපි හවස 04 විතර වෙනකොට ආයේ කච්චතිව් ආවා.
මංගල්ලෙට ලංකාවේ වගේම ඉන්දියාවෙනුත් මාධ්‍ය ආවරණය
කලින් දවසේ ඉඳන් නිදි මරලා හිටිය නිසා මහන්සියට නිදියගත්තා ගහල් යටට වෙලා. පාන්දර 03ට විතර නැගිටලා මූණකට හෝදගෙන පල්ලිය පැත්තට ගියා. දේවමෙහෙයට සියල්ල සූදානම්..
9000කට වැඩි පිරිසක් 2015 ශාන්ත අන්තෝනි මංගල්‍යට ඇවිත් තියෙනවා. ඉන්දියාවෙන් 4500ක් විතර ඇවිත් තියෙනවා නාවුක හමුදාවේ වාර්ථා වලට අනුව. වෙන වතාවන් වල 10,000 පන්නනවාලු. මේ පාර අඩුයි.
ගොඩබිමේදියි මුහුදෙදියි අපිට උදවු උනේ මේ දෙන්නා..
දේව මෙහෙය ආරම්භ වෙලා
එලිය වැටුනට පස්සේ තමා හරියටම සෙනඟ දැක්කේ
ලංකාවේ වගේම ඉන්දියාවෙත් මුහුදු රස්සාව කරන දුප්පත් මිනිස්සුන් බොහෝම භක්තියෙන් ශාන්ත අන්තෝනි මුනින්දා අදහනවා. මුහුදේ වගේම ගොඩබිමේදීත් එයාලාට එන කරදර වලට එතුමා පිහිට වෙනවා කියලයි ඔවුන්ගේ විශ්වාසය.
කච්චතිව් වලට යන්න පුළුවන් මංගල්ලේ දවස් දෙකට විතරයි. සාමාන්‍යයෙන් පෙබරවාරි, මාර්තු අතර කාලයේ තමා කච්චතිව් මංගල්ලේ පැවැත්වෙන්නේ. ඒකට හේතුව කච්චතිව් අවට මුහුදේ තත්වය හොඳ වෙන්නේ ඔය කාලෙටයි. ඒ ඇරෙන්න අවුරුද්දේ වෙන කිසිම දවසක සාමාන්‍ය ජනතාවට කච්චතිව් වලට යන්න තහනම්. නාවුක හමුදාවේ කඳවුරක් කච්චතිව් වල තියෙනවා. මේ තියෙන්නේ ඒ කඳවුර. මංගල්‍යය දවසේ හවස 02 වෙනකොට සාමාන්‍ය ජනතාව හැමෝම දූපතෙන් පිටත් වෙන්න ඕනේ. ඒක තමයි නීතිය.
ලංකාවේ දෙරණ, ස්වර්ණවාහිනී, සිරස, ITN හැමෝම මාධ්‍ය ආවරණය ලබා දීලා තිබුනා.
ශාන්ත අන්තෝනී දේවස්ථානය - කච්චතිව්
පැය 24කටත් වඩා වැඩි කාලයක් අපේ ගෙදර තමා මෙතන. මේ ගහ යට
සිකුරාදා රෑ ඉඳන් ඉරිදා රෑ වෙනකන්ම ප්‍රධාන ආහාරය..
පොලිසියක් විතරක් නෙමෙයි, ලංකා බැංකුවෙත්, ශ්‍රී ලංකා රේගුවෙත් තාවකාලික කාර්යාල කච්ච්තිව් ව්ල විවෘත්ත වෙනවා.
දූපතෙන් පිටවෙන්න කලින් අවසාන වතාවටත් පල්ලියට ඇවිත් පඬුරු දාලා ආශිර්වාද ලබාගත්තා
අපි ආයෙත් මන්නාරමට එන්න පිටත් උනා. මේ පාර නම් මුහුද සෑහෙන්නම දරුණුයි... හුලඟත් එක්ක ඩිංගිය බොහොම තදින් උඩ ගහන්න ගත්තා.
කිලෝමීටර 110ක් විතර මහ මුහුදේ අතුරු ආන්තරාවක් නැතුව අපිව එක්කගෙන ගිය කාරුණික හිනාව.
මේ ඔහුගේ ගෝලයා..

Last edited: