කටු අනෝදා ගුණ දැනගනිමු.......

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    කටු අනෝදා ගුණ දැනගනිමු.......

    කටු අනෝදා ගුණ දැනගනිමු.......

    annona-muricata1.jpg


    කටු අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප්‍රෙද්ශවලට ආවේණික ශාකයකි.
    එම ශාකයේ සියඑ කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක්වීම විශේෂ ලක්ෂණයකි.

    ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන කටු අනෝදා ශාකයේ ඵලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප්‍රමාණයෙන් වැඩෙන කොළ පැහැති පලතුරකි. ඵලයේ මධ්‍යස්ථය සුදු පැහැති මදුඑවලින් සමන්විත වන අතර කඑ පැහැති බීජ දරයි. මෙහි සුදු පැහැති මදුඑවලින් සමන්විත කොටස මිහිරි පානයක් ලෙස මෙන්ම රසකාරකයක් (flavoring agent) ලෙස භාවිතා කරයි.

    ශ්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය.

    වර්ථමානයේ වාර්තාවන ඉතා ප්‍රදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10 000 ගුණයකින් ප්‍රභල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආභාධවලින් තොර නිරෝගී සෛල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.

    කාබෝහයිඩ්‍රේට, පෘක්ටෝස්, විටමින් C, විටමින් B1 මෙන්ම විටමින් B2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය ‘annonacin’ ලෙස හදුනා ගෙන ඇත. මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත්‍රික පණුවන්ට හා ක්ෂුද්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප්‍රතිකාරකයක් ලෙස සදහන් වේ.

    Graviola_Sliced-Fruit-300x300.jpg


    විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාර,

    · පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයක් ලෙසද

    · මාරාන්තික ආසාදන වලක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන බවද

    · ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද

    · දරු ප්‍රසූතියෙන් බසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවන බවද

    · පාචනය හා උණ වලක්වන ප්‍රතිකාරකයක් ලෙසද.

    කටු අනෝදා බීජ වල සාරය,

    · අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද.

    කටු අනෝදා පත්‍ර වල සාරය,

    · අතන්ද්‍රතාවය හෙවත් insomnia රෝගීන් සදහා ප්‍රතිකාරකයක් ලෙසද වැදගත් වන බව අනාවරණය වී ඇත.
    තවද ඝර්භනී මවිවරුන් මෙම ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසු වබද විශේෂයෙන් සදහන් කලයුතුවේ.


    FVDC6KKI55MWCMD.MEDIUM.jpg


    ගත්තේ මුහුණු පොතෙන්
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    එල එල සහෝ...
    අපේ ගෙදරත් ගහක් තිබ්බා, අනෝදා හැදෙද්දි හැදෙනව ගහ පිරෙන්න.
    අව්ල උනේ ගහ තිබ්බෙ වෙල ලග, ගිය ටිකේ වැස්ස වැඩි නිසා මැරිල ගියා බන්.
    ගෙඩි ඉදුන ගමන්ම වැටෙනවනෙ, මට බිම වැටිල චප්ප චිරිප්පන් වෙලා තියෙනවා දැකලම අප්පිරිය උනා බන්.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    එල එල සහෝ...
    අපේ ගෙදරත් ගහක් තිබ්බා, අනෝදා හැදෙද්දි හැදෙනව ගහ පිරෙන්න.
    අව්ල උනේ ගහ තිබ්බෙ වෙල ලග, ගිය ටිකේ වැස්ස වැඩි නිසා මැරිල ගියා බන්.
    ගෙඩි ඉදුන ගමන්ම වැටෙනවනෙ, මට බිම වැටිල චප්ප චිරිප්පන් වෙලා තියෙනවා දැකලම අප්පිරිය උනා බන්.

    ඔව් මචෝ, හොදම දේ තමයි ගෙඩිය හොදට මොරපුවම කඩලා ගෙනත් ගෙදරින් තියන්න ඕන ඉදෙන්න. එතකොට හරි.......