~ බිල් ගේට්ස් ~

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ...........................................................................................................................................
    bill-gates.jpg

    අපි ඉස්කොලේ යනකාලේ අපිට උගන්වන්නේ විභාග කරන හැටියි එව්වා සමත් වෙන හැටියි සහ ලකුණු ගන්න හැටියි විතරයි .මොන විෂය මොන විදියට කළත් අන්තිමට නවතින්නේ විභාගවලින් .ඒ හින්දම අපිට ඇත්ත ජීවිතේදි සිද්ධ වෙන දේවල් සහ මුහුණ දෙන දේවල් ගොඩක් ඉස්කොලේ උගන්වන්නේ නැහැ .විශ්වවිද්‍යාලවලත් මේ කතන්දරේම තමා .වැඩි උදාහරණ ඕනෙ නැහැ .හිතලා බලන්න ඉස්කොලේ යන කාලේ අපි ඇත්ත ජීවිතය ගැන හිතාගෙන හිටපු කීයක් දේවල් වෙනස් වුණාද කියලා .කීයක් සිහින බොඳ උනාද කියලා .මට නම් එහෙම උණා .මොකද මම ඉස්කොලේ යනකොට ඇත්හ කියලා හිතන් හිටිය 90% දේවල් වෙනස් කරගන්න උනා .එහෙම අපිට වෙන්නේ අපිට ඉස්කොලේන් ඇත්ත ජීවිතය ගැන ඉගැන්විය යුතු කරුණු උගන්වන්නේ නැති නිසා .ඉස්කොලේන් අපිට උගන්වන්නේ ලකුණු ගන්න හැටියි ,විභාග පාස් කරන හැටියි විතරයි .ඉතිං මේ කතන්දරේ තෙරුම් ගත්ත එක්කෙනෙක් එයාගේ අත්දැකීම් වර්තමාන තරුණ පරම්පරාව එක්ක බෙදාගන්න හිතුවා .ඒ කෙනා තමා බිල් ගේට්ස් .බිල් ගේට්ස් විසින් ඇමරිකාවේ එක්තරා පාසලක දේශනයකට සහභාගී උනහාම ඒ දේශනයේදී කියලා තියෙනවා එයා විසින් ඉස්කොලෙන් ඉගෙන ගත්තේ නැති එහෙත් ඇත්ත ජීවිතයෙන් ඉගෙන ගත්ත පාඩම් 11 ක් .​

    ඒ මෙව්වා ,​

    අංක 1

    අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
    ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න.


    අංක 2

    අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ.
    ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින්
    ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක්
    ඔබෙන් බලාපොරොත්තුවෙනවා.


    අංක 3

    ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන්
    අවුට් වෙච්ච ගමන් ඉලක්කම් 6 ක පඩියක් හම්බවෙනවා නම් හොඳයි.
    නමුත් එහෙම වෙන්නේ නැහැ.මොකද ඔබ
    කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක
    ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,
    අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.


    අංක 4

    ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල,
    කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න.


    අංක 5

    ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන
    එක (Part-Time-Jobs)තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා.
    ඔයාගේ සීයලා ඕකට කිව්වේ වෙන නමක්.
    ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “.


    අංක 6

    ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි.
    එක ගැනාඬ අඬ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල බලලා ,
    වැරදි හදාගන්න.


    අංක 7

    ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
    අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
    බැරි තාලේ අය කියල?
    ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
    එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
    ඔබගේ රෙදි හෝදලා,
    ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
    එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
    විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
    තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.


    අංක 8

    ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි.ඒත් ඇත්ත ජීවිතයේ එහෙම අය නැහැ
    සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න
    අවස්ථා දෙන්න ඇති.
    මතක තියාගන්න. කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා මේ කිව්ව එව්වා සමාන වෙන්නේ නැහැ.


    අංක 9

    ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල
    බෙදල වෙන් කරලා නැහැ.
    අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්.
    ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි,
    ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ.


    අංක 10

    ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි.
    ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ.
    රස්සාව කරන්න යන්න වෙනවා.


    අංක 11

    ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,
    පොත් ගුල්ලෝ ඉන්නවා නේද?
    ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,
    කව්ද දන්නේ ඔය පොරකට
    කවද හරි බොස් කියන්න වෙයිද කියල?


    මේ කිව්ව එව්වා ගැන ඔබ ආයෙත් හිතලා බලන්න .මොකද මේව්වා කියන්නේ mama නෙමේ .මේ ලොකේ ඉන්න ශ්‍රේෂ්ඨ වැඩ කරපු කෙනෙක් .මොකද අද ඉන්න් අපේ පරම්පරාවෙ අයයි iita පොඩ්ඩක් බාල පරම්පරාවල අයයි හිතන් ඉන්නේ KFC ,Mc Donal වගේ එව්වට ගිහින් යාළුවොත් එක්ක සෙට් වෙලා කාලා බීලා ජොලි කරල එන එක ,සැවොයි එකේ 3D ෆිල්ම් බලලා ජොලි කරන එක ,බීච් එකට ගිහින් ෆන් ගන්න එක අතේ තියෙන I phone එකෙන් බාත‍් රූම් එකේ කණ්නාඩිය ගාවට ගිහින් ෆොටෝ ගහල එව්වා ෆෙස්බුක් දාලා පොෂ් කම පෙන්නන එක ,අම්මා තාත්තා ගෙනත් දුන්න ලැප්ටොප් එක ,ෆෝන් එක ෆොටෝ ගහලා ෆේස් බුක් දාන එක ,ඇමරිකන් TV Series බලලා ඇවිල්ලා යාළුවොත් එක්ක එව්වයේ කොටස් ගැන කියවන එක තමා ජීවිතේ කියලා .මතක තියාගන්න මේ ඔක්කොම දේවල් අපි කිසිම බරක් නැතුව අපි කරන්නේ අපිට තාම ගෙදරින් ඇඳුම් අන්දලා එවන නිසා .ඒත් ඇත්ත ජීවිත යේදී මේ දේවල් කරන්න රස්සාවක් කරන්න වෙනවා හම්බ කරන්න වෙනවා .සමහර විට හම්බකරද්දි ඔය ආතල් ෆන් ගන්න එව්වයෙන් භාගයක් වත් කෙරෙන්නේ නැහැ .ඒක තමා යථාර්තය .තව දෙයක් ..සමහර තරුණ කට්ටිය ලව් කරන්නේ හින්දි ෆිල්ම් වල හොලිවුඩ් ආදර චිත්‍රපටවල ,නවකතාවල ඉන්න මනන් කල්පිත චරිත අනුකරණය කරමින් .මතක තියාගන්න හින්දි ෆිල්ම් ව්ල ,හොලිවුඩ් චිත‍්රපටවල ලව් කරන අයට ඒ ෆිල්ම් එකේ නිෂ්පාදක තුමා හොඳට ගෙවනවා ලව් කරනවට.ඒත් ඇත්ත ජීවිතේදි ලව් කරනවට අපිට කවුරුවත් ගෙවන්නේ නැහැ .එව්වට අපිම හොයාගන්න ඕනේ .ඉතිං මේ කිව්ව එව්වා හොඳට හිතට අරං වැඩ කරන්න .​

    source - siyalladath.com
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    "මේ කිව්ව එව්වා ගැන ඔබ ආයෙත් හිතලා බලන්න .මොකද මේව්වා කියන්නේ mama නෙමේ .මේ ලොකේ ඉන්න ශ්‍රේෂ්ඨ වැඩ කරපු කෙනෙක් .මොකද අද ඉන්න් අපේ පරම්පරාවෙ අයයි iita පොඩ්ඩක් බාල පරම්පරාවල අයයි හිතන් ඉන්නේ KFC ,Mc Donal වගේ එව්වට ගිහින් යාළුවොත් එක්ක සෙට් වෙලා කාලා බීලා ජොලි කරල එන එක ,සැවොයි එකේ 3D ෆිල්ම් බලලා ජොලි කරන එක ,බීච් එකට ගිහින් ෆන් ගන්න එක අතේ තියෙන I phone එකෙන් බාත‍් රූම් එකේ කණ්නාඩිය ගාවට ගිහින් ෆොටෝ ගහල එව්වා ෆෙස්බුක් දාලා පොෂ් කම පෙන්නන එක ,අම්මා තාත්තා ගෙනත් දුන්න ලැප්ටොප් එක ,ෆෝන් එක ෆොටෝ ගහලා ෆේස් බුක් දාන එක ,ඇමරිකන් TV Series බලලා ඇවිල්ලා යාළුවොත් එක්ක එව්වයේ කොටස් ගැන කියවන එක තමා ජීවිතේ කියලා .මතක තියාගන්න මේ ඔක්කොම දේවල් අපි කිසිම බරක් නැතුව අපි කරන්නේ අපිට තාම ගෙදරින් ඇඳුම් අන්දලා එවන නිසා .ඒත් ඇත්ත ජීවිත යේදී මේ දේවල් කරන්න රස්සාවක් කරන්න වෙනවා හම්බ කරන්න වෙනවා .සමහර විට හම්බකරද්දි ඔය ආතල් ෆන් ගන්න එව්වයෙන් භාගයක් වත් කෙරෙන්නේ නැහැ .ඒක තමා යථාර්තය .තව දෙයක් ..සමහර තරුණ කට්ටිය ලව් කරන්නේ හින්දි ෆිල්ම් වල හොලිවුඩ් ආදර චිත්‍රපටවල ,නවකතාවල ඉන්න මනන් කල්පිත චරිත අනුකරණය කරමින් .මතක තියාගන්න හින්දි ෆිල්ම් ව්ල ,හොලිවුඩ් චිත‍්රපටවල ලව් කරන අයට ඒ ෆිල්ම් එකේ නිෂ්පාදක තුමා හොඳට ගෙවනවා ලව් කරනවට.ඒත් ඇත්ත ජීවිතේදි ලව් කරනවට අපිට කවුරුවත් ගෙවන්නේ නැහැ .එව්වට අපිම හොයාගන්න ඕනේ .ඉතිං මේ කිව්ව එව්වා හොඳට හිතට අරං වැඩ කරන්න ."​



    http://siyalladath.com

    මේ ටික නම් සහතික ඇත්ත මචං....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාරම වටිනා ත්‍රෙඩ් එකක්...පුළුවන් නම් විතරක් කොළ පාට ටික වෙන පාටකින් දාන්න...ටිකක් අමාරුයි කියවන්න
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාරම වටිනා ත්‍රෙඩ් එකක්...පුළුවන් නම් විතරක් කොළ පාට ටික වෙන පාටකින් දාන්න...ටිකක් අමාරුයි කියවන්න

    next thread ekedi color change karannam.thank.:D:yes: