පුරුෂ_ලිංග_බද්ධය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පුරුෂ_ලිංග_බද්ධය

වෛද්‍ය විද්‍යාවේ තවත් හාස්කමක්

150314134927_penis_transplant_512x288_stellenboschuniversity_nocredit.jpg

එම තරුණයාට නැවත ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් සිදුකළ බවයි වෛද්‍යවරු පවසන්නේ


දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ලෝකයේ ප්‍රථම පුරුෂ ලිංග බද්ධ කිරීම සාර්ථකව කළ බව වාර්තා වේ.
විසි එක් වියැති තරුණයෙකුට ඔහුගේ පුරුෂ ලිංගය අහිමි වූයේ සම්ප්‍රදායික ලිංග ඡේදනයක දී සිදු වූ අත් වැරදීමකින්.
කේප් ටවුන් හි වෛද්‍යවරුන් පවසන්නේ ශල්‍යකර්මය සාර්ථක වූ අතර රෝගියා සතුටින් සහ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
හදවත් බද්ධ කිරීම වැනි ජීවිත බේරා දෙන සැත්කමක් නොවන බැවින් මෙම ලිංග බද්ධ සැත්කමේ වෛද්‍ය විද්‍යාත්මක සදාචාරය පිළිබඳව විශාල කතිකාවතක් පැවති බවයි වාර්තාවන්නේ.
මෙයට පෙර මෙවැනි පුරුෂ ලිංග බද්ධ කිරීමේ උත්සාහයන් සිදුවී තිබුණු සාර්ථක වී නැති අතර චීනයේ සිදුකළ එවන් එක් සැත්කමක් හොඳින් නිමා කිරීමට හැකි වුවද පසුව ලිංගය අකර්මණ්‍ය වී තිබේ.


150314135126_penis_transplant_512x288_afp_nocredit.jpg


සුන්නත් කිරීමේ චාරිත්‍රයකට එක වූ දකුණු අප්‍රිකානු තරුණයන් පිරිසක්


ගැටවර වියේ සිට වැඩිහිටි බවට

දකුණු අප්‍රිකාවේ ඇතැම් පළාත් වල දී සිදුවන මෙම සුන්නත් කිරීම පිරිමියකු ගැටවර වියේ සිට වැඩිහිටි බවට මාරුවන අවස්ථාව පිළිබිඹු කෙරෙන සම්ප්‍රදායක් ලෙස සැලකෙන අතර එසේ සාම්ප්‍රදායික සුන්නත් කිරීමට ලක්වන විට මෙම තරුණයා 18 වෙනි වියේ පසුවී තිබේ.
සුන්නත් කිරීමේ අත් වැරදීමක් හේතුවෙන් එම තරුණයාගේ ස්වභාවික ලිඟුවෙන් සෙන්ට්මීටරයක පමණ කොටසක් පමණයි ඉතිරිව තිබී ඇත්තේ.
ලෝකයේ අනෙක් හැම රටකටම වඩා පුරුෂ ලිංග බද්ධ කිරීම් අවශ්‍යවන්නේ දකුණු අප්‍රිකාවට බවයි වෛද්‍යවරු පවසන්නේ.
එරට සිදුවන එවැනි සම්ප්‍රදායික ලිංග ඡේදන හේතුවෙන් ඇතැම්විට සිය ගණනක් පිරිමි ළමුන් අංගවිකල භාවයට හෝ මරණයට පත්වේ.
ස්ටේලන්බොෂ් විශ්වවිද්‍යාලයේ සහ ටිගර්බර්ග් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් පැය නමයක කාලයක් තුළ කළ ශල්‍යකර්මයකින්ය ඉන්ද්‍රිය පරිත්‍යාගයකින් ලැබුණු වෙනත් අයෙකුගේ ලිංගයක් ඉහත කී තරුණයාට බද්ධ කර ඇත්තේ.
ඉතා අමාරු වැඩක්

ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරුන්ගෙන් අයෙකු වන, සාමාන්‍යයෙන් වකුගඩු බද්ධ කිරීම් සිදුකරන අන්ද්‍රේ වැන්-ඩර්-මර්වේ වෛද්‍යවරයා බීබීසී ප්‍රවෘත්ති අන්තර්ජාල අඩවියට පැවසුවේ “නිසැකයෙන්ම මේක ඉතා අමාරු වැඩක්. රුධිර නාලිකා මිලිමීටර 1.5 යි පළල. වකුගඩුවක නම් රුධිර නාලිකාවක් සෙන්ටිමීටරයක් විතර පළලයි” යනුවෙනි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී සිදුකරන ලද ශල්‍යකර්මයෙන් පසු රෝගියා ඉතා ඉක්මනින් සුව අතට හැරෙමින් සිටින බවයි වෛද්‍යවරුන් ගේ අදහස.
රෝගියාගේ ලිඟුවේ සම්පුර්ණ සංවේදනය යථාතත්වයට පත්වී නැති අතර ඒ සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවියහැකි බවයි පැවසෙන්නේ.
එසේවුවද, මුත්‍රා කිරීම කළ හැකි අතර , ලිඟුව උත්තේජනය වීම හා ශුක්‍ර මෝචනය වැනි දේ ඉතා හොඳින් සිදුවන බවයි වාර්තා වන්නේ.
මෙම ශල්‍යකර්මයේ සදාචාරාත්මක බව ගැන අදහස් දක්වන වෛද්‍ය වැන්-ඩර්- මර්වේ පවසන්නේ පුරුෂ ලිංගයක් නැති පිරිමියෙකු මළ ගිය අයෙකු හා සමාන බවත් ඔහුට ලිංගයක් ලබා දීම නැවත ඔහුට ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් බවයි.
මාස තුනකින් පසු තවත් මෙවැනි පුරුෂ ලිංග බද්ධ කිරීමේ සැත්කම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පුරුෂ ලිංගයක් නැති පිරිමියෙකු මළ ගිය අයෙකු හා සමාන බවත් ඔහුට ලිංගයක් ලබා දීම නැවත ඔහුට ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් බවයි...:(
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    දැන් උඹට බය වෙන්ඩ දෙයක් නෑ...

    දැන් වත් පුරුෂ ලිංගයක් බද්ධ කරගන මයිත්‍රී ට රෙද්ද උස්සන එක නවත්තහන් බං (http://www.elakiri.com/forum/showthread.php?t=1665138)

    පේනවා නේද වෙලා තියෙන දේ? දැන් උඹ වැඩිය කඩේ යන්නේ නැත්තේ හොරට හදපු එළකිරි එකේ අයිඩි එකක් කියල කියපු හින්ද බය වෙලා නිසා නේද?
    එදා ඉඳන් තමා උබ මේ වගේ ත්‍රෙඩ් දාන්ඩ ගත්තේ :rolleyes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් උඹට බය වෙන්ඩ දෙයක් නෑ...

    දැන් වත් පුරුෂ ලිංගයක් බද්ධ කරගන මයිත්‍රී ට රෙද්ද උස්සන එක නවත්තහන් බං (http://www.elakiri.com/forum/showthread.php?t=1665138)

    පේනවා නේද වෙලා තියෙන දේ? දැන් උඹ වැඩිය කඩේ යන්නේ නැත්තේ හොරට හදපු එළකිරි එකේ අයිඩි එකක් කියල කියපු හින්ද බය වෙලා නිසා නේද?
    එදා ඉඳන් තමා උබ මේ වගේ ත්‍රෙඩ් දාන්ඩ ගත්තේ :rolleyes:


    ගොන්නුත් එක්ක කතා කරලා වැඩක් නැහැ. උබට ලිංගයක් නැති බව දන්නවා. එකනේ වෝල් එක බ්ලොක් කලේ. අනේ නොදකින් සොන්න්යා.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    ගොන්නුත් එක්ක කතා කරලා වැඩක් නැහැ.

    අවුලක් නෑ උඹටත් තේරුණ එක හොඳයි මචං ගොඩක් කොල්ලොන්ට දැන් තේරිලා තියෙන්නේ.
    විහිළුවක් කලේ තරහ ගන්ඩ ඕනේ නැහැ. උඹේ ත්‍රෙඩ් එක කන්නේ නැතුව මන් කැපුන. ;)
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    This is a penis implantation sugary.

    Penis is essential for a man, but not testicles.
    When there are no testicles a man can live freely without any sexual feelings.
    He looks well attractive to women also , but no sexual feelings or women get pregnant.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පුරුෂ ලිංගයක් නැති පිරිමියෙකු මළ ගිය අයෙකු හා සමාන බවත් ඔහුට ලිංගයක් ලබා දීම නැවත ඔහුට ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් බවයි...:(

    Of course he is. But not a man without testicles.
    Testicles are not an essential part of human body.
    If we are prefect already then why need to generate sperms for a new generation.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පුරුෂ ලිංගයක් නැති පිරිමියෙකු මළ ගිය අයෙකු හා සමාන බවත් ඔහුට ලිංගයක් ලබා දීම නැවත ඔහුට ජීවිතය ලබා දීම වැනි කටයුත්තක් බවයි...:(

    ඒ කියන්නේ උඹත් මල මිනියක් වගේ නේ බන්. :sorry:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    වලතර උලමාට අප ඔය ශල්‍යකර්මය කොලේ මීට ශතක දෙකකට ඉහත .. උගේ සරුවාන්ගයට උචිත පුරුෂ ලිගුවක් සොයා ගත නොහැකි කල්හි අප හූනු බිජුවක දෙකොන කපා ලඝු කොට උගේ උපත්තියෙන් උරුම වූ මන්න පහර මත රෝපණය කළෙමු ..නමුත් අද දින දක්වා එහි කොන ලියලා නොමැති වග ඛේදජනකය