ඇමැති රාජිතගේ පුතා දැරිය පැහැර ගත්තා යහ පš
රටේ පවතින නීතියට පවා පටහැනි ලෙස බාලවයස්‌කාර දැරියක් මෙසේ සඟවාගෙන සිටින්නේ. මගේ දරුවා දෙපාරක් පැහැරගත්තා. ඉගෙන ගන්න දක්‍ෂ දරුවෙක් මගේ දරුවා. පැහැරගත්ත දරුවා ගැන දෙමාපියන් ලෙස අපට විශාල බියක් තිබෙනවා. දරුවා ජීවතුන් අතර ඉන්නවද කියලත් අපිට දැන් සැකයි. දරුවා පැහැරගත්තේ ඇමැති රාජිත සේනාරත්නගේ පුත්‍රයා වන එක්‌සත් සේනාරත්න නැමැති අයයි. බලපුලුවන්කාර කම් වලට මුවාවෙලා අද අපට මරණ තර්ජන පවා කරනවා. අවසාන මොහොත දක්‌වාම මම මේ සටන මගේ දරුවා වෙනුවෙන් කරනවා. අනේ.... අපට... නීතිය.... සාධාරණත්වය ඉෂ්ඨ කරගන්න මාධ්‍ය මගින් උදව් කරන්න. ඒක මාධ්‍යයට කළ හැකියි. එහෙම කරලා මගේ දරුවා සොයා දෙන්න යෑයි එම පැහැරගත් දැරියගේ මව වන දමිනි රුද්‍රිගු මහත්මිය මාධ්‍යයෙන් විවෘත ඉල්ලීමක් කළාය.
දිනිති ආලෝකා රණසිංහ නැමැති පාසල් ශිෂ්‍යාව පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටියදී ඇමැති පුතු එක්‌සත් සේනාරත්න නමැති අය එම දැරිය පැහැර ගැනීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (15 වැනිදා) පෙරවරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි. එහිදී එම දැරියගේ මව එසේ පැවැසුවාය.
එහිදී එම දැරියගේ පියා වන ගාමිණී රණසිංහ මහතා මෙසේ පැවැසීය.
අපේ... දියණිය දිනිති ආලෝකා රණසිංහ 2014 පෙබරවාරි 24 වැනිදා පාසල නිමවී ගෙදර එද්දී ඇමැති රාජිත සේනාරත්නගේ දෙවැනි පුතා එක්‌සත් සේනාරත්න යන අය රැගෙන ගොස් තිබුණා. මේ පිළිබඳව අපට තොරතුරු දැන ගැනීමට ලැබුණු පසු අපි ඇමැතිවරයා පෞද්ගලිකව හමුවී එය දැනුම් දුන්නා. කාලයක සිටම රාජිතලගේ පවුලේ හිතවතුන් ලෙස සම්බන්ධකමක් අපි අතර තිබුණා. අපි ඉල්ලීම් කළා දරුවා අපට ලැබුණේ නැහැ. ළමයා අපට භාර නොදී වෙනත් ස්‌ථානයක රඳවා තැබුවා.
පසුව කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර විමර්ශනයක් පැවැත්වූවා. ඒ අනුව මාදිවෙල ළමාරක්‍ෂණ අධිකාරියට යොමුකළා. ඉන් අනතුරුව දරුවා අපගේ කැමැත්ත මත අපගේ පුංචි අම්මාගේ නිවසේ තාවකාලිකව නතර කළා. එම තීරණය ගත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට දියණිය පෙනී සිටීමට සූදානම්ව සිටි නිසයි. දරුවා එහි සිට පාසල් ගියා. 2014 අප්‍රේල් මස 6 වැනි දින දියණිය නැවතත් එක්‌සත් සේනාරත්න කියන තරුණයා විසින් නිවසින් රැගෙන ගියා. ඒ පිළිබඳව අපේ පුංචි අම්මා පිළියන්දල පොලිසියට පැමිණිලි කළා.
එසේ රැගෙන ගොස් රාජිත සේනාරත්න සහ ඔහුගේ බිරිඳ වන ප්‍රමිතා සේනාරත්න යන අයගේ පූර්ණ අනුදැනුම මත එක්‌සත් සේනාරත්න කියන අය දියණිය ඔවුන්ගේ නිල නිවසේ රඳවා ගත්තා.
අපි දිගින් දිගටම ඇමැතිවරයාට සහ එයාගේ බිරිඳට කිව්වා දරුවා මුදාහරින්න පාසල් යන්න දෙන්න කියලා. නමුත් ඊට කිසි තැකීමක් කළේ නැහැ.
දැරියගේ මව දමිනි රුද්‍රිගු මහත්මිය මෙසේ කීවාය.
"පාගොඩ පාරේ කාන්තා හා ළමා කාර්යාංශයට 2014 ඔක්‌තෝම්බර් මස 12 වැනිදා පැමිණිලි කළා. කිසිදු අයුරකින් සාධාරණ පරීක්‍ෂණයක් කළේ නැහැ. ඊට පසුව අපි පොලිස් මූලස්‌ථානයට 2015 ජනවාරි 3 වැනිදා පැමිණිලි කළා. නමුත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නෑ. මේ සියලු පරීක්‍ෂණ යටගසාගෙන අපට අපේ දරුවා බලන්න තියෙන අයිතියවත් නැතිකර දමා දරුවා බලෙන් රඳවාගෙන ඉන්නවා. පසුගිය ලෝක ළමා දිනය දවසේ නිල නිවසේ ගේට්‌ටුව ළඟ කෑකෝ ගහලා. අන්තිමට චුට්‌ටක් දරුවා පෙන්නුවා.
http://www.divaina.com/2015/03/16/news42.html