ලංකාවේ තියන විශාලතම අවාරේ පලතුරු වත්ත

gepa

Well-known member
  • ලංකාවේ තියන විශාලතම අවාරේ පලතුරු වත්ත

    අද මම කියන්න යන්නේ ලංකාවේ තියන විශාලතම අවාරේ පලතුරු වත්ත ගැන. මේක විවිධ පලතුරු ලංකාවට හඳුන්වදීමට විශාල වශයෙන් පරීක්ශන පවත්වන කෘශි පරීක්ශන මද්‍යස්ථානයක්.මේ ස්ථානය අයිහි වෙන්නේ හිටපු කෘශි කර්ම අධයක්ශක දයානන්ද මත්තයට. ඔහු ගේ දැනුමෙන් තමයි මේ අවාරේ රඹුටන් ලංකාවට හඳුන්වාදෙන්න ඉඩ විවර වෙන්නේ..

    rabutan.jpg



    මේ පලතුරු වත්තට එන හැටි කියනව නම් කොලඹ බදුල්ල පාරේ ඇත් බෙරගල හන්දියෙන් දකුනට හැරිලා වැල්ලවාය පැත්තට එනකොට හම්බෙන කැලිපනාවෙල කියන හන්දියෙන් වම් අත පැත්තට ගමට එන්න ඕනි.. අක්කර 16ක් පුරා විසිරිලා යන විදියට විව්ද වර්ගයේ පලතුරු මෙහි වවලා තියනවා..



    මූලිකවම දයානන්ද මහත්තයගේ අරමුන වෙලා තියෙන්නේ සාම්ප්‍රදායී නොවන පලතුරු වර්ග ලංකාවට අදුන්වා දෙන්න..විශේශයෙන් වියලි කාලගුනයක් සහිත අතරමැදි කලාපයන්ට.පලතුරු වත්තේ වැඩි වශයෙන් වගා වෙලා තියෙන්නේ අවාරේ හැදෙන රඹුටන්..ඒක හන්දාම රඹුටන් ගෙඩියකට ලොකු වටිනාකමක් ලැබෙනවා..

    මීට අමතරව මෙහි කොහොල්ලෑ රහිත වරකා විශේශයක් සාර්ථකව හන්දුන්වා දීල පලදාවත් අරන් තියනවා.. මේ සඳහා දැනටමත් විශාල වශයෙන් ඉල්ලුමක් පවතිනවා.. විශේශයෙන් ගහ වැඩි උසක් නැති වීමත් ඊට හේතුවක්..

    මීට අමතරව පැනි සියඹලා ඇට නැති පේර ගොද නෙල්ලි වගේ මැලේශියානු පලතුරු වර්ගත් ඔබ මෙහි ආවොත් දෙකගන්න පුලුවන්..ඒ වගේම උඩරට ප්‍රදේශයේ වවන්න පුලුවන් මැලේශියන් පලතුරක් වන ලිචී කියන පලතුරත් ලංකාවට හදුන්වාදීම ගවුරවය දයානන්ද මහත්තයට හිමි වෙනවා..


    මීට අමතරව තවත් බොහෝ පලතුරු ජාති මේ වත්තේ ප්ලදරනවා.. ඔයාලටත් ආවොත් මේ දේවල් ගැන කියා දෙන්න දයානන්ද මහත්තයා කැමැත්තෙන් ඉන්නවා..

    මේ පලතුරු වත්ත ගැන පත්තර පල උනු ලිපි කිහිපයක්.

    pic-7-1024x739.jpg



    pic-2-1024x817.jpg


    පහලින් වත්තේ පලතුරු වල ෆොටෝ ටිකක් දාන්නම්..

    ලිචී පලදාව

    licheee.jpg


    lihee.jpg



    යෝධ නෙල්ලි

    nelli.jpg



    ඇට නැති පේර

    pera.jpg



    peraa.jpg



    කොහොල්ලෑ නැති වරකා

    waraka.jpg


    warakaa.jpg


    ජම්බු

    jambu.jpg


    දුරියන්

    duriyann.jpg



    duriyan.jpg



    පැල තවාන

    nursery1.jpg


    ටයිප් කරන්න කම්මැලියි..කාට හරි වැඩි විස්තරයක් දැනගන්න ඕනි නම් මට පී එම් එකක් දාන්න..

    ඒ වගේම වැඩි විස්තර www.dayasagro.com එකෙනුත් බලාගන්න පුලුවන්..හැමෝටම ජය


     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපිට මෙතනින් පැල ගන්න පුලුවනිද සල්ලි වලට? සතියේ දින හතම විවුර්තයිද?
     

    gepa

    Well-known member
  • අපිට මෙතනින් පැල ගන්න පුලුවනිද සල්ලි වලට? සතියේ දින හතම විවුර්තයිද?

    රඹුටන් දොඩම් වගේ පැල නම් තියන්වා මචන් ඕනි වෙලේක ගන්න... ඒත් ගොඩක් මැලේශියන් පලතුරු තාම පරීක්ශන මට්ටමේ.. ඒවා නම් බලන්න විතරයි පුලුවන්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රඹුටන් දොඩම් වගේ පැල නම් තියන්වා මචන් ඕනි වෙලේක ගන්න... ඒත් ගොඩක් මැලේශියන් පලතුරු තාම පරීක්ශන මට්ටමේ.. ඒවා නම් බලන්න විතරයි පුලුවන්

    මට ඕන ඇට නැති පේර සහ ලීච් ... ලීච් කන්න ගත්තාම ඇබ්බැහිවෙන පළතුරක්.. එකක් කෑවාම ඉවරවෙනකම්ම කන්න හිතෙනවා..