යහපාලනයේ සහකරුවෝ රටට එරෙහිව කොටින්ට කඩේ &#3514

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනයේ සහකරුවෝ රටට එරෙහිව කොටින්ට කඩේ &#3514

    11008613_362738037247326_868329791834761370_n.jpg

    ජිනීවා මානව හිමිකම් සමුළුවේ අප්‍රසන්න ජවනිකා
    මගීන් 48 ක්‌ රැගත් ලයන් එයාර් යානාව මිසයිල ප්‍රහාරයකින් විනාශ කළේ කොටි සංවිධානයයි. එහෙත් එකී යානාව විනාශ කිරීමේ සත්‍යය කොටි නායකයා පිළිගත යුතු යෑයි මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පැවසුවේ නැත. එහෙත් මේ සතියේ දිනෙක. මන්නාරම රදගුරුවරයා පැවසුවේ අවසන් සටනේදී සුදුකොඩි රැගෙන පැමිණි කොටි ත්‍රස්‌තයන් ඝාතනය කළ බව රජය පිළිගත යුතු බවයි. රායප්පු ජෝශප් මේ ප්‍රකාශය කර පැය 24 කට පසු චැනල් ෆොa රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ ද ඊට සමාන ප්‍රකාශයක්‌ කර ඇත. මැක්‌රේ දැන් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට තීන්දු කර තිබේ. ද්‍රවිඩ ජනතාවට යුක්‌තිය ඉටු කිරීම සඳහා යුද අපරාධ සිදු කළ අයවලුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරන්නැයි ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා කර ඇත. තමා ශ්‍රී ලංකා රජය පවත්වන දේශීය පරීක්‍ෂණය කෙරේ විශ්වාස කරන්නේ නැති බවද මැක්‌රේ කියා සිටී.
    සිය නෝපයර් සෝන් චිත්‍රපටයෙන් ශ්‍රී ලංකා හමුදාව මිනිස්‌ ඝාතන සිදු කළ බවට සාක්‌ෂි ඇතැයිද මැක්‌රේ තවදුරටත් දක්‌වා ඇත. මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කමිටුවේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ දිනය අමතමින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණයේ වාර්තාව හෙට වුණත් ප්‍රකාශයට පත්කිරීමට තමා සූදානම් බවද කියා සිටියේය.
    යුද අපරාධ පරීක්‍ෂණයේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සති කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කරනවා. තීන්දුව ඇත්තේ මා ළඟයි. මට අවශ්‍ය නම් මා එය ප්‍රකාශයට පත් කරන බව කිව යුතුයි. එම වාර්තාව කවදා නිකුත් කරන්නේ දැයි මා තීන්දු කරනවා යෑයි සෙයිද් රාද් හුසේන් දැඩි ප්‍රකාශයක්‌ කරමින් පළ කළේය.
    ඒ වන විට කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීහු පිරිසක්‌ මානව හිමිකම් කොමසාරිස්‌වරයා හමු වී ජාත්‍යන්තර පරීක්‍ෂණ කණ්‌ඩායමට ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නොදෙන බව වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව දක්‌වමින් ගිනි ඇවිලවීමට ක්‍රියා කළහ.
    ඊට ප්‍රතිචාරය දක්‌වා ඇති සෙයිද් රාද් හුසේන් යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව තවදුරටත් ශක්‌තිමත් කිරීම සඳහා ඉදිරි මාස තුළ තවත් තොරතුරු එකතු කිරීමට ක්‍රියා කරන බව අනාවරණය කර ඇත.
    එහෙත් ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව කෙටුම්පත් වී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මිත් සූකා සහ ජිනීවාහි සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු වූ වු සුනන්ද දේශප්‍රිය හෙවත් රංජිත් සහ කොටි ඩයස්‌පෝරාව එක්‌ වී සකස්‌ කළ සුදු කොඩ් සිද්ධිය නමැති පිටු 48 ක වාර්තාව ආශ්‍රිතවය.
    මෙකී වාර්තාවෙන් ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට පෙන්නුම් කර ඇත්තේ නිරායුධ කොටි නායකයන් 103 ක්‌ භාර වූ බවයි. මෙලෙස භාර වූ කොටි ත්‍රස්‌තයන්ට මෙහෙය වන ලද්දේ කතෝලික පියනමක්‌ වූ ප්‍රැන්සිස්‌ ජෝශප් පියනම යනුවෙන්ද සඳහන් කර ඇත.
    කතෝලික පියනමක්‌ කොටි හමුදා නායකයන් රජයේ හමුදාවට භාර දීමට ගෙන ආ බව අනාවරණය වූයේ මුල්වරටය. එසේම එකී පිටු 48 ක වාර්තාවට හිටපු හමුදාපති ජගත් ජයසූරිය, ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ඩයස්‌ යන මේජර් ජනරාල් වරුන්ගේ නම්ද ඇතුළත් කර ඇත.
    මෙහිදී බොරු සාක්‌කිකරුවකු ගැනද හෙළි වී තිබේ. ඒ කොටි සමග සබඳතා පැවැත් වූ නැගෙනහිර ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයකු වූ රොහාන් චන්ද්‍ර නේරුයි.
    පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකු තමාට සුදුකොඩි සිද්ධිය ගැන තොරතුරු සැපයූ බවද චන්ද්‍රනේරු පැවසුවේ යෑයි එකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
    මෙලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරු කිරීමට තීන්දු කර තිබියදී ශ්‍රී ලංකාවෙන් මානව හිමිකම් සමුළුවට ගොස්‌ ගිනි අවුළුවන දේශපාලකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ගැන අනාවරණය විය.
    ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම් සහ කල්මුණේ නගරාධිපති නිෂාම් කාරියප්පර් ඉන් එක්‌ අයෙකි.
    ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ප්‍රජාවට ප්‍රහාර එල්ල වනවා. බොදු බල සේනාව ඊට සම්බන්ධයි. ශ්‍රී ලංකාව තුළ අර්බුදයක්‌ පවතින බවද කිව යුතුයි. මුස්‌ලිම් විරෝධී ක්‍රියා ගැන රජය වගකීම භාරගත්තේ නැත. රජය කිසිම පාඩමක්‌ ඉගෙන ගෙන නැහැ. පසුගිය ආණ්‌ඩු මුස්‌ලිම් හා ද්‍රවිඩ ප්‍රජාව එකිනෙකා අවුළුවනු ලැබුවා යෑයි කාරියප්පර් නමැත්තා කියා සිටියේය.
    මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් දේශපාලන පක්‍ෂයක්‌ වූ මුස්‌ලිම් කොන්ග්‍රසයට මානව හිමිකම් සමුළුවක්‌ ඇමතීමට ඉඩ ලැබීමයි. ඒ සඳහා ඕනෑම රටක අයකුට ප්‍රකාශයක්‌ කිරීම සඳහා අවස්‌ථාව දෙන විවිධ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු සමුළු ශාලාව තුළ රැඳී සිටී. එය සනාථ වූයේ 2014 මාර්තු මස මොරොක්‌කෝ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ප්‍රජාව හිංසනයට ලක්‌වන බවට නිවේදනයක්‌ නිකුත් කිරීමත් සමඟය.
    මානව හිමිකම් ක්‍රියාකාරිකයකු යෑයි හඳුන්වා ගන්නා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු වූ රුකී ප්‍රනාන්දු නමැත්තා සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාව තුළ බුද්ධාගමට මුල් තැන ලැබී ඇතැයි කීවේය.
    2009 න් පසු හමුදාවේ සහාය මත උතුරේ බෞද්ධ විහාර ස්‌ථාපිත කර ඇති බවත් කිතු දහමට එරෙහිව ප්‍රහාර එල්ල වී ඇති බවත් පැවසූ මෙම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයා ආගමික ගැටුම්වලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන නැති බවට චෝදනා නැඟීය.
    මානව හිමිකම් ක්‍රියාකාරීන්ට බෞද්ධ භික්‌ෂූන් තර්ජනය කරනවා. එහෙත් රජය ඒ සම්බන්ධව තමන්ගේ අත් සෝදා ගන්නවා. යෑයිද ඔහු තවදුරටත් කියා සිටියේය.
    එසේම ඔහු කොටි ඩයස්‌පෝරා සංවිධාන වෙනුවෙන්ද හඬ නැඟීය රජය නීත්‍යනුකූල ඩයස්‌ පොරා සංවිධාන අපරාධකාරීන් කිරීම අහෝසි කළ යුතු යෑයි රුකී ප්‍රනාන්දු පළ කළේය. ඉමාඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානය මෙහෙයවන නිමල්කා ප්‍රනාන්දු නමැත්තිය ද මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකා හමුදාවේ ආශිර්වාදය මැද උතුර සිංහලකරණයට සහ බෞද්ධකරණයට ලක්‌ වී ඇති බවට චෝදනා නැඟුවාය.
    මෙවර මානව හිමිකම් සමුළුවේදී විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ කොටි ඩයස්‌ පෝරා ක්‍රියාකාරීන් පසුපස යමින් උපදෙස්‌ දෙන ප්‍රධාන චරිතය දක්‌නට නොලැබීම මවිතයට හේතුවක්‌ විය.
    ඒ හිටපු කැරලිකරුවකු වූ සුනන්ද දේශප්‍රිය නමැත්තායි. මොහු ස්‌විස්‌ රජය ලබාදුන් නිවස තුළ හදිසි අනතුරකට ලක්‌ වී ඇති බවට ප්‍රචාරය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් අතර පැතිරගොස්‌ තිබිණි.
    විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් තමා ළඟට ගෙන්වා ගැනීම සඳහා බරපතල තත්ත්වයෙන් යුක්‌තව ප්‍රතිකාර ලබා ගන්නා බවට පිළිබිඹු කිරීම පිණිස ඡායාරූපයක්‌ද විකාශනය කිරීමට ඔහු ක්‍රියා කළේය. එහෙත් කොටි වෙබ් අඩවි ඔහු ගැන තැකීමක්‌ කළේ නැත.
    මේ අතර පසුගිය සඳුදා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කොටි උද්ඝෝෂණයක්‌ පැවැත්විණි. එක්‌සත් ජාතීන්ගේ සංක්‍රමණික කාර්යාලය ඉදිරියේ සිට ආරම්භ වූ මෙම උද්ඝෝෂණයට හා පෙළපාලියට ස්‌විස්‌ පොලිසිය අවසර දී තිබුණි.
    ප්‍රභාකරන් ඝාතකයාගේ පිළිරුවක්‌ද එකී උද්ඝෝෂණයේ ගෙන යනු ලැබීය. ස්‌විට්‌සර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැත. එහෙත් අල්කයිදානායක බින් ලාඩන්ගේ පිළිරුවක්‌ ගෙන යැමට ජිනිවාහී ප්‍රදර්ශනය කිරීමට ස්‌විස්‌ පොලිසිය ඉඩ නොදේ.
    ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියට පැමිණ කොටි ඩයස්‌ පෝරාව ශ්‍රී ලංකාවේ ජාති ඝාතනයක්‌ හෙවත් ද්‍රවිඩයන් සංහාරය වී ඇති බවත් ඒ ගැන පරීක්‍ෂණයක්‌ මෙන්ම ස්‌වයංපාලනය ලබාගැනීමට ජනමත විචාරණයක්‌ අවශ්‍ය බවත් කියමින් කෑගැසූහ. මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අවස්‌ථාවේ ඊට යාර 300 කට ඈතින් මානව හිමිකම් සමුළුව ආරම්භ වී තිබිණි.
    මෙකී උද්ඝෝෂණයේදී උතුරේ ද්‍රවිඩයන් පස්‌ දෙනෙකුට එක්‌ සිංහල සොල්දාදුවකු සිටින බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ද දියත් විය. එසේම ජාතික ධජයද අවමානයට ලක්‌ කර ඇත.
    මෙම කොටි උද්ඝෝෂණයට පෙර උතුරු පළාත් සභාවේ මන්ත්‍රී සිවාජිලිංගම් යුරෝපයේ ස්‌ට්‍රාස්‌බර්ග් නගරයට ගොස්‌ ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. තමා යුරෝපයට පැමිණියේ දෙමළ ජාතික ඝාතනයට යුක්‌තිය ඉල්ලා සිටීමට බව ස්‌වාජිලිංගම් පවසා තිබේ. ඔහු යුක්‌තිය ඉල්ලන්නේ කා වෙනුවෙන්ද? ඒ බිහිසුණු ඝාතකයෙක්‌ වූ ප්‍රභාකරන් සහ කොටි ත්‍රස්‌ත කල්ලිය වෙනුවෙනි.
    ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතියකු වූ සිවාජිලිංගම් ඉල්ලීම් පහක්‌ ඇතුළත් සංදේශයක්‌ යුරෝපා පාර්ලිමේන්තුවට භාර දී ඇත. එම ඉල්ලීම් පහ මෙසේයි.
    1 යුද අපරාධ වාර්තාවට සාධාරණය ඉටු කිරීම සඳහා අන්තර් ජාතික අධිකරණය ලවා පරීක්‍ෂණයක්‌ සිදු කළ යුතුයි.
    2. ඊළම නිසා රඳවාගෙන සිටින සියලු දේශපාලන රැඳවියන් (කොටි) නිදහස්‌ කළ යුතුයි.
    3. උතුරේ සිංහල හමුදාව ඉවත් කර ස්‌වයංපාලනය ලබාදිය යුතුයි
    4. උතුර නැගෙනහිර සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු අතර ඊට විදේශ ගත ද්‍රවිඩ ජනතාවට ද සම්බන්ධ වීමට ඉඩදිය යුතුයි.
    5. අපේ මාතෘභූමිය ආරක්‍ෂා කළේ දෙමළ ඊළාම් විමුක්‌ති කොටි සංවිධානයයි දෙමළ ජනතාව සඳහා වන එකම විසඳුම ස්‌වාධීන දෙමළ ඊළමයි.
    මෙම ඉල්ලීම ඉදිරිපත් කළ සිවාජිලිංගම් ඊලම්වාදීන් අමතා ප්‍රකාශ කළේ සිය ප්‍රදේශවල සිටින යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වී දෙමළ ජනතාවගේ එකම විසඳුම ස්‌වාධීන දෙමළ ඊළමක්‌ බ පවසන ලෙසයි.
    අනතුරුව සිවාජිලිංගම් විසින් විග්නේශ්වරන්ගේ ද්‍රවිඩ ජාති ඝාතන යෝජනාව ජිනීවා වෙත ගෙන ගියේය. ජිනීවා මාධ්‍ය සමාජ ශාලාවේ මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූ සිවාජිලිංගම්ට එකී ජාති ඝාතන යෝජනාව ගැන කරුණු දැක්‌වීමට උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිරන්ද දායක විය.
    එසේම ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ද ඊට සහභාගි විය. සිවාජිලිංගම් හා ආනන්දි මෙහිදී " කොටි" ගැන වචනයක්‌වත් පැවසුවේ නැත.
    ශ්‍රී ලංකා හමුදාව වන්නියේ සංහාරයක යෙදුන බවට ඔවුහු සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කළහ. එහෙත් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූවෝ නුඹ එලිලන් නමැති කොටි මිනීමරුවාගේ බිරිය නොවේද යෑයි ප්‍රශ්න කළේ නැත.
    උතුරු පළාත් සභාවේ බෙදුම්වාදී කල්ලිය මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහිදී අප්‍රසන්න ජවනිකා ඉදිරිපත් කරන අවස්‌ථාවේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාදාමයක්‌ දැඩිව ක්‍රියාත්මක විය. ඇමරිකාවේ සිටින කොටි ක්‍රියාකාරිනියක්‌ වූ කැරන් පාකර් මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලනය සඳහා හිමිකම් ඇතැයි කියා සිටියාය.
    මෙම ස්‌වයංපාලන හිමිකම ජාත්‍යන්තර ප්‍රජාව නොසලකා ඇති බවට ඇය චෝදනා කළාය.
    මෙයට සමානව ජාත්‍යන්තර ඊළාම් කවුන්සිලයේ සභාපති ශ්‍රී රංජන් සහ ලන්ඩනයේ සිට පැමිණි කොටි ක්‍රියාකාරිකයකු වූ සිවනාම් රාජමනෝහරන්, ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු ඊළාම් වාදීහු පිරිසක්‌ ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජාති ඝාතනයක්‌ සිදු වී ඇති බව කියමින් සම්මන්ත්‍රණයක්‌ද පවත්වනු ලැබීය.
    එහෙත් මේ සාවද්‍ය මෙහෙයුම්වලට ශ්‍රී ලංකාවෙන් කිසිදු ප්‍රතිචාරයක්‌ නොතිබිණි. මේ අතර ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියෙන් ගමන් කළ ශ්‍රී ලාංකිකයන් කීපදෙනකුට සාරි ප්‍රදර්ශනයක්‌ දැක ගැනීමට ලැබිණි.
    මේ සාරි ප්‍රදර්ශනය මෙහෙයවනු ලැබුවේ ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයයි. ශ්‍රී ලංකාවේ සිට ජිනීවා ගිය සන්ධ්‍යා එක්‌නැලිගොඩ ඇතුළු මන්නාරම සහ මඩකලපු කාන්තාවන් පිරිසක්‌ අතුරුදන් වූවන් ගැන සඳහන් වැකි රැගත් සාරි එකී ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.
    ජිනීවා මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙන සමයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවමාන කිරීමට ද කොටි ක්‍රියාකාරීහු ක්‍රියා කළහ.
    ඔවුහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අනුරුවක්‌ද පුළුස්‌සා දැමූහ. මෙලෙස ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාගේ අනුරුවක්‌ පුළුස්‌සා දැමීමට ස්‌විස්‌ පොලිසිය ඉඩදෙනු ඇතැයි කිව හැකිද?
    එහෙත් මෙරට ස්‌විස්‌ තානාපති සීඩිපර් බර්ක්‌හෝල්ටර් ජනාධිපතිවරයා හමු වී යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශව සමග පුළුල් සංවාදයක්‌ පවත්වන්නැයි ඉල්ලා සිටියේය.
    එසේ වුවත් ජිනිවාහිදී සිදු වීම් වසන් කිරීමට මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු දැඩි උත්සාහයක්‌ දියත් කර ඇත. හිටපු අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම යටතේ මාධ්‍ය තනතුරක්‌ ලබා දැන් රජයේ මාධ්‍ය ආයතනයකට රිංගාගෙන සිටින පඬියෙක්‌ ඊට දායක වී තිබේ. එහෙත් ජිනිවාහි අප්‍රසන්න ජවනිකා වසන් කළ හැකිද?
    මේ අතර චැනල් ෆොa අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ මෙවර ජිනීවා මානව හිමිකම් බලධාරීන්ට හා කොටි ඩයස්‌පොරාව වෙත සිය අලුත්ම සොයා ගැනීම ඉදිරිපත් කර ඇත.
    ඒ ප්‍රභාකරන්ට ආසන්නයේ සිට වෙඩි තබා ඇති බවට සාක්‍ෂි ඇතැයි පැවසීමයි. තාක්‍ෂණික ක්‍රමවේදය මත තමා එය සොයාගත් බවද ඔහු කියා සිටියි.
    මේ පසුබිම මැද ජිනීවා ගිය උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සසිතරන්ද සාවද්‍ය තොරතුරු රැසක්‌ ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ළමුන් විශාල සංඛ්‍යාවක්‌ දකුණට පැහැරගෙන ගොස්‌ ඇතැයි ඇය දක්‌වා ඇත.
    http://www.divaina.com/2015/03/22/defence.html
     
    • Like
    Reactions: upCountry

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,936
    113
    -~උලක් උඩ-~
    ඇත්තනෙ බන් ..මන් අහන්නෙ,, හා අපි මොකටද අච්චර සාමකාමීව හිටපු කොටින්ගෙ දේශය ආක්‍රමණය කරලා ඒ අයගෙ බස් වල බෝම්බ පුපුරවලා ඒ අයව මැරුවෙ., මම නම් කියන්නෙ. LTTE එකට සම්බන්ද දෙමල සංවිදාන තහනම් අයින් කරලා. ජාත්‍යන්තර පරීක්ෂනයක් කරලා දඬුවම් දෙන්න ඔනෙ ප්‍රභාකරන් මහත්තයා මැරුවට...:no:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇත්තනෙ බන් ..මන් අහන්නෙ,, හා අපි මොකටද අච්චර සාමකාමීව හිටපු කොටින්ගෙ දේශය ආක්‍රමණය කරලා ඒ අයගෙ බස් වල බෝම්බ පුපුරවලා ඒ අයව මැරුවෙ., මම නම් කියන්නෙ. LTTE එකට සම්බන්ද දෙමල සංවිදාන තහනම් අයින් කරලා. ජාත්‍යන්තර පරීක්ෂනයක් කරලා දඬුවම් දෙන්න ඔනෙ ප්‍රභාකරන් මහත්තයා මැරුවට...:no:
    :(:lol:

    ඔව ගොටාවයි මහින්දවයි එල්ලන්න ඔන
     
    • Like
    Reactions: upCountry

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්තනෙ බන් ..මන් අහන්නෙ,, හා අපි මොකටද අච්චර සාමකාමීව හිටපු කොටින්ගෙ දේශය ආක්‍රමණය කරලා ඒ අයගෙ බස් වල බෝම්බ පුපුරවලා ඒ අයව මැරුවෙ., මම නම් කියන්නෙ. LTTE එකට සම්බන්ද දෙමල සංවිදාන තහනම් අයින් කරලා. ජාත්‍යන්තර පරීක්ෂනයක් කරලා දඬුවම් දෙන්න ඔනෙ ප්‍රභාකරන් මහත්තයා මැරුවට...:no:
    කියල වැඩක් නැ බන්. යසට තිබුණ උතුර ලේ විලක් කරාට අනිවා දඩුවම් දෙන්න ඕන. අපේ විදේශ ඇමති මංගල සමරවීර මහත්තයා මේ ඒකට තමයි සුදානම් වෙන්නෙ. දැන් බිම් මට්ටමේ වැඩසටහන සැහෙන දුරට කරල ඉවරයි. එතුමා විශේෂ නියෝජිතයේ 2 දෙදෙනෙක් මේ වනවිට ජිනිවා යවල තියෙන්නෙ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න
     
    • Like
    Reactions: MaxFunMan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජිංතක ජිල්ලබකිට;18083283 said:
    බයියා මලා! පැරදුනා නං අඬන්නේ නැතුව හිටපල්ලා!

    කව්ද බන් මෙතන බයියෙක් ගැන කතාකරේ.