මුතු කර්මාන්තය - Pearl fisheries (මන්නාරම)
ප.ලි.
අතීතයේ මෙච්චර සශ්‍රීකව කෙරුනු මුතු කැඩීම දැන් ඇයි කෙරෙන්නේ නැත්තේ කියන එක ගොඩක් අය අහන ප්‍රශ්ණයක්. ඒකට හේතුව තමා ගෝලීය උණුසුම ඉහල යාම නිසා මුහුදේ උෂ්ණත්වය ඉහල යාම. මේක මන්නාරම් මුහුදටත් බලපානවා නේ. ඒ නිසා මන්නාරම ආශ්‍රිත කොරල් පර වල මුතුබෙල්ලන්ට වාසය කිරීමට සුදුසු පරිසරයක් නෑ. ඒ වගේම තමා මල්වතු ඔය මගින් මුහුදට එකතුවෙන ජලයේ පවතින කෘෂි රසායණික ද්‍රව්‍ය. ඒ නිසා බෙල්ලන්ට ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් මේ වෙනකොට මන්නාරම අවට නෑ. ඒත් තවමත් මුතු නැතුවා නොවෙයි..
ඒ වගේම තමා කච්චතිව් කියන්නේ ඉස්සර මුතුපර රස්සාවට ඉන්දියාවෙන් ආපු සේවකයන්ගේ තාවකාලික ගිමන්හල. ඩෙල්ෆ්ට්, යාපනේ වගේ ප්‍රදේශ වල ජීවත් වෙච්ච මිනිස්සුත් ඔය කාලෙට මන්නාරම් එනවා රස්ස හොයාගෙන. හිතා ගන්න පුළුවන්ද ඉස්සර සිලාවතුරේ ඩොරික් බංගලාව ආශ්‍රිත ප්‍රදේශය කොහොම තියෙන්න ඇතිද කියලා..
ඔය ඈතින් පේන සුදු පාට කුළුන පාවිච්චි වෙලා තියෙන්නේ මුහුදේ ඉන්න අයට ගොඩ බිම තියෙන දිශාව පෙන්වන්න. ඩොරික් බංගලාව 1804 ඉදිවෙන්නේ ලංකාවේ පළවෙනි ආන්ඩුකාරයා වෙච්ච පෙඩ්‍රික් නෝර්ත්ගේම සැලසුමකට අනුවයි. එයාගේ ගෙදර, එයාගෙම ප්ලෑන් එක. ඒ කාලේ ලංකාවේ තිබුන ලස්සනම සුඛෝපභෝගීම බංගලාව මේක කියලා 1807ලියවෙච්ච Description of Ceylon පොතේ කියවෙනවා. ඔච්චර කර්කෂ පැත්තක පෙඩ්‍රික් නෝර්ත් නිකන් ආසාවට ගෙයක් හදන්නේ නෑ නේද? හේතුව මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..
විස්ථර සියල්ලක්ම අන්තර්ජාලයේ ලිපි කීපයක් ඇසුරෙන් හොයාගත්තේ. ඒ ලිපි ලියූ සුරත් සමරකෝන් මහතාටත්, නිපුණ චතුරංග දුනුවීර ආරච්චි මහතාටත් ගෞරව පූර්වක ස්තුතිය. හරි අපුරු පින්තූර එකතුවක් හම්බවුනා මන්නාරම් මුතු කර්මාන්තය ගැන.
මේ ලින්ක් එකට ගිහින් බලන්න. පෝස්ට් කරන්න බෑ ඒවා..
Pearl fishing in the Gulf of Mannar
Click Here
මන්නාරම් මුතු කර්මාන්තය - Pearl fishing in the Gulf of Mannar
මුතු කිමිදීම ඉතා ප්‍රසිද්ධ වශයෙන් පැවතියේ වසරේ ඉතා දිගු කලක් නියඟය පවතින මන්නාරම සහ ඒ අවට මුහුදු ප්‍රදේශවලයි.එසේම මල්වතු ඔය මුහුදට වැටීම නිසා කරදිය සහ මිරිදිය මුසුවීමත්, මුතු බෙල්ලන්ට වාසය කිරීමට සුදුසු ප්‍රමානයේ ගැඹුරකින් කොරල් පර පිහිටා තිබීමත්, ඒ කොරල් පර ආශ්‍රිත ජලයේ උෂ්ණත්වය මුතු බෙල්ලාට බොහෝ හිතකර වීමත්, මල්වතු ඔය ආශ්‍රිතව මිරිදිය හා එක්වී වැලි කැට මුහුදට එකතු වීමත් මන්නාරම හා ඒ ආශ්‍රිතව මුතු කර්මාන්තය අතිතයේ බොහෝ ප්‍රචලිත වීමට හේතු සාදක විය.
මුතු ඇටය නිර්මාණය වන ආකාරය දන්නවාද?
කිසියම් වූ ආකාරයකින් බෙල්ලාගේ කුස තුළට වැලිඇටයක් පිවිසේ. එසේ පිවිසුනු වැලි කැටය බෙල්ලාගේ මස් අතර කැවෙමින් රිදුම් දෙමින් මහත් වේදනා දනවයි. එම වේදනාවෙන් මිදීමට බෙල්ලා තම සිරුරේ ඇති කැල්සියම් කාබනේට් මිශ‍්‍රිත රිදී පැහැති ශ‍්‍රාවයක් වැලි කැටය වටා ගල්වාගනී. ඉතා දිගු කලක් තිස්සේ බැඳෙන මෙම ශ‍්‍රාවය කෙමෙන් ඝණ වී බෝලයක හැඩයෙන් නිර්මාණය වේ. අපි මුතුඇටය යනුවෙන් හඳුන්වන්නේ එයයි.
මුතු කර්මාන්තය වූ කලී නවීන තාක්ෂණික විධි කිසිවක් නො පැවති එ කල මිනිසාගේ ශක්තියත්,පරිචයත් පරිසරයට හැඩ ගැසීමෙන් ලබා තිබූ නිපුණත්වයත් උපයෝගී කරගෙන කළ කර්මාන්තයක් වූ හෙයින් එයට වඩා ගැඹුරින් තම ග්‍රහනයට නතු කර ගැනීමටද මිනිසාට නො හැකි වී ඇත.
කෝට්ටේ සහ කන්ද උඩරට රාජ්‍ය බලය පැවති වකවානුවල රජතුමා සහ ප්‍රාදේශීය පාලකයන් යටතේත්, මුහුදු බඩ ප්‍රදේශයන්හී ඕලන්ද පාලනය පැවති වකවානුවල ඔවුගේ පාලනය හා අධීක්ෂණය යටතේත්, මුතු කිමිදීම සිදු වී ඇති අතර රජයේ අයිතිය ලබාගෙන මුතු කිමිදීම සිදු කළ වෙළඳුන්ද සිටි බව පෙනේ.
වී ගොවිතැන් කිරීමේදී අඳ ගොවියාට අස්වැන්නෙන් හතරෙන් එකක් ගෙවන්නා සේ මුතු කිමිදුම් කරුවන්ටද තමන් නෙළා ගන්නා මුහුදු අස්වැන්න කොටස් හතරකට ගොඩ ගැසූ පසු එක් කොටසක් ශ්‍රමනියුක්තියට ප්‍රදානය වශයෙන් හිමි වී ඇත.අවශ්‍ය නම් එම කොටස ගැනුම් කරුවෙකුට විකිනිය හැකි වූ අතර නොඑසේ නම් මුතු ලබා ගෙන විකිනීමටද හැකියාවක් තිබිණි.
මුතු කිමිදීමට යාම ඉතා ආකර්ෂණීය දසුනක් බව සමකාලීන තොරතුරු විමසීමේදී පෙනේ.ඉතා සංවිධානාත්මක ක්‍රමයක් යටතේ මුතු කිමිදීම සිදු කර ඇති අතර අඩුම තරමින් 5000ක් හෝ 6000ක් අතර පිරිසක් එකවර මෙයට සහභාගී වී ඇත.මධ්‍යම රාත්‍රියෙහි කිමිදුම් කරුවන් මුතු කිමිදීම සඳහා ඔරු මගින් සයුරු ගත වූ අතර ගමනට සූදානම් කිරීමට ඔවුන් පුබුදුවා ඇත්තේ බෙර හොරණෑ ආදිය වැයීමෙනි.අනතුරුව මුහුදු ගමන ඇරඹීමට කාලතුවක්කු වෙඩි හඬ මඟින් සංඥා නිකුත් කර ඇති අතර ආපසු ගොඩ බිමට පැමිනීම සඳහා සංඥා නිකුත් කර ඇත්තේද එවැනිම කාලතුවක්කු වෙඩි හඬකිනි.
මුතු කිමිදීමට යොදා ගත් ලොකු සහ කුඩා වශයෙන් ඔරු වර්ග දෙකක් තිබී ඇත.ලොකු ඔරුවක් මඟින් කිමිදුම් ආම්පන්න සහ කිමිදුම් කරුවන් ගමන් කර ඇත.එවැනි ඔරුවකට ප්‍රමාණයෙන් කුඩා පරිවාර ඔරු හතරක් ද අයත් වූ අතර අනෙකුත් නැවියෝත් කම්කරුවෝත් ඒවායේ ගමන් ගත්හ.
රජය හෝ අධිකාරියක් මගින් යොදවනු ලැබූ නියාමක ඔරුවක් පෙරමග ගමන් කිරීමෙන් සිය ගණනක් වූ අනෙකුත් ඔරුවලට නියමිත ගමන් මග සහ නැංගුරම් දමා කිමිදිය යුතු ඉසවුව නිශ්චිත කර දෙන ලදී.කිසිවෙකු හට එම වපසරියෙන් බැහැරව කිමිදුම් කටයුතුවල නිරත වීම සපුරා තහනම් කටයුත්තක් විය.
මෙසේ එක් කණ්ඩායමකට ඔරු පහක් අයත් වූ අතර මෙවැනි කණ්ඩායම් සිය ගණනක් එක් වූ විට දහස් ගණනක පිරිසකගේ සහභාගීත්වය නිසා එහි ඇති වන කලබලකාරී බව , ඝෝශාව ඉතා අධික වූ අතර මෙයින් කිමිදුම්කරුවන් අතර උද්‍යෝගය හා තරගකාරීත්වය ඉස්මතු වූවා පමණක් නොව එහි තිබූ ආකර්ශනීයබාවයද ඉහල නැංවිණි.නියමිත ස්ථානය කරා කිමිදුම් ඔරු ලඟා වූ පසු හබල් හරහට බැඳීමෙන් එක් එක් ඔරු අතර සම්බන්දතාවයක් ඇති කිරීමෙන් අනතුරුව කිමිදුම් කටයුතු ආරම්භ කෙරේ.සෑම ලොකු ඔරුවකම කිමිදුම් කරුවා මුහුදට බැස්සවීමට කඹයක ගැට ගසන ලද පැතලි ගලක් උපයෝගී කරගෙන ඇත.කිමිදෙන්නා මුහුදට බසිනු ලබන්නේ එම ගලෙහි පය තබා ගෙනය.එසේම කිමිදුම් කරුවාගේ ඉනෙහි කඩන ලද බෙල්ලන් දැමීමට මල්ලක් හෝ කූඩයක් වැනි යමක් එල්ලාගෙන ඇති අතර එයද ලණුවකින් සම්බන්ධ කර ඇත.කිමිදුම්කරුවා බෙල්ලන් කැඩීම නිරාවරණය වූ දෙ අතින් සිදු කරනු ලැබ ඇත.එබැවින් ඇතැම් විට අත් සීරීම් , කැපීම් , තුවාල වීම් ආදියද සිදු වන අවස්ථා ඇත.
බෙල්ලන් කඩා මල්ල පුරවාගත් පසු කිමිදුම්කරු ලණුව ගස්සා හෝ සොලවා සංඥාව දුන් පසුව නැවියන් විසින් ඔහු උඩට ගනු ලැබේ.මල්ල හිස් කළ පසු ඔහු නැවත කිමිදේ.බොහෝ විට නැවතීමට අණ දෙන තුරුම නැවත නැවත කිමිදෙමින් මුතු බෙල්ලන් නෙලා මලු පුරවා පෙර පරිදිම ඔරුවලට අස්වැන්න දමයි.මෙය අතිදුෂ්කර ක්‍රියාවක් වූව පමණක් නොව මනා පුහුනුවක් නැති කිසිවෙකුට කළ නොහැකි කාර්යක් විය.
බඹ හතක් හෝ අටක් කිමිදෙන කිමිදුම්කරුවන්ගේ ඇස් මුහුදු ජලය නිසා නිතරම් දැඩි රක්ත වර්ණ වූ අතර ඇතැම් විට නාසයෙන් හෝ කන්වලින් ලේ ගැලීමද ජලයේ දැඩි පීඩනය නිසා ඇති වී තිබේ.නො එසේ නම් දැඩි ඔක්කාරයද ඇති වූ අවස්ථාද විය.
ඔරුවල පටවාගත් මුතු බෙල්ලන් වෙරළේ තනා ගත් කූඩාරම් වෙත ගෙනයනු ලබන්නේ දැඩි ආරක්ෂාවක් යටතේය.පිහියා තුඩු ,ඉරටු වැනි දෑ උපයෝගී කරගෙන බෙල්ලන්ගේ ඇති මුතු සොරකම් කිරීම වැළැක්වීම එහි අරමුණ විය.
කොතෙක් තහංචි තිබුනද එවැනි සොරකම් බහුලව සිදු වී ඇත.ඇතැම් නැවියන් මුතු ගිලීම හෝ ආවරණය වූ ස්ථානයක සඟවා ගැනීම සිදු කළහ.ගොඩබිමට ගිය පසු සියලු දෙනා දැඩි පරීක්ෂාවට ලක් කරන ලද්දේ මේ නිසා වන අතර ඇතැමුන්හට විරේක බෙහෙත් දීමේ අවස්ථා දක්වා එකී පරීක්ෂණ දුර දිග ගිය අවස්ථාද තිබී ඇත.සොරකම් කර අසු වූවන් හට දඩ හෝ දඬුවම් දී ඇති අතර බොහෝ විට පහර දීම සිදු කරනු ලැබීය.ඇතැම් වෙළෙඳුන් නෙළාගත් මුතු බෙල්ලන් කල් නොයවාම පරීක්ෂාවට ලක් කළ අතර බොහෝ අය ඒවා දැඩි උනුසුම ඇති වැල්ලේ ගොඩ ගසා තැබූහ.මාස දෙකක් පමණ එසේ තබන විට කුණු වන බෙල්ලන්ගේ පියන්පත් දුරස් වූවිට ඉතා පහසුවෙන් මුතු ඉවතට වැටේ.
මෙම මුතු බොහොමයක් රවුම් හඩයෙන් යුතු විය.කලාතුරකින් විවිධ හැඩවලින් යුත් මුතු ඇටද ලැබේ.වර්ණය , දිස්නය , බර සහ ප්‍රමාණය අනුව මේවායේ වටිනාකමද අධික වේ.අබ ඇට තරමේ සිට කඩල ඇට ප්‍රමාණය දක්වා විහිදෙන මෙම මුතු ඇට මිලෙන්ද ඉතා අධික විය.
ලබා ගන්නා ලද මුතු ඇට එක් එක් ප්‍රමාණයට වර්ග කිරීම සඳහා ඒවා ගැරීමට ප්‍රමාණයන් දොලහකින් පමණ සමන්විත සිදුරු හෙවත් හිල් සහිත පෙනේර විශේෂයක් උපයෝගී කර ගෙන ඇති අතර ලොකුම ප්‍රමාණයේ පෙනේරයට ප්‍රථමයෙනුත් අනතුරුව ඊට වඩා කුඩා සිදුරු ඇති පෙනේරයෙනුත් ආදී වශයෙන් පෙනේර එකිනෙක උපයෝගී කර ගනිමින් හලා ගන්නා මුතු ඇට වර්ණය , ප්‍රමාණය හා හැඩ අනුව වෙන් කළ පසු සෝදා පිරිසිඳු කරනු ලැබේ.එවිට එය වෙළඳාමට සුදුසු මුතු ඇට සේ සැලකේ.
ඇතැම් ගනුදෙනු කරුවන්ට මාල වැනි දෑ අවශ්‍ය වුවහොත් එකම වර්ගයෙනුත් , එකම ප්‍රමානයෙනුත් හැඩයෙනුත් යුත් මුතු ඇට මැදින් සිදුරු කර මාල තනා දී ඇත.මේ සඳහා ලී කැබලි කිහිපයක් උපයෝගී කරගෙන තනා ඇති යන්ත්‍රයක බුරුමයක් මගින් එය සකස් කර ඇත.එය කෙතරම් සියුම් කර්මාන්තයක් වීද යත් , අබ ඇට තරම් කුඩා මුතු ඇටද මැදින් විද මාල තනා ඇත.ඒ තරමටම එකල සිටි කර්මාන්තකරුවන් දක්ෂ විය. වසරේ උණුසුම් කාලයත් මුහුදේ නිසල බවත් ඇති කාලයේ ඇරඹෙන මුතු කිමිදීමත් සමග වෙරළේ දැඩි සසල බවක් ඇති වේ.මන්නාරම , අරිප්පු යන ප්‍රදේශවල සිය ගණනින් වැල්ලේ ඉදිවන පැල්පත් , මුතු ගබඩා , වෙළඳසැල් , නෘත්‍යශාලා හා ආපනශාලා , නවාතැන් පොළ යනාදියෙන් පිරී ඉතිරී යන සංකීර්ණ වණිජ්‍ය සමාජයක් බිහි වෙයි.විවිධ ජාති , ආගම් කුලවලට අයත් විදේශිකයින්ගෙන් සහ දේශවාසීන්ගෙන් සැදුම් ලත් පිරිසකගේ සම්ප්‍රාප්තිය නිසා මෙය අදහා ගත නොහැකි තත්වයට පත්වේ.
වෙළඳුන් , විවිධ පූජකයන් , හමුදා පිරිස් , වෙසඟනන් , සූදු කාරයින් , හොරුන් සහ මංකොල්ලකරුවන් , පාදඩයන් , නැකැත් කරුවන් , මැජික් කරුවන් යනාදී වශයෙන් මෙම කාල සීමාවේ බිහි වන පිරිස් විවිධ තත්වයන්ගෙන් යුත් අය වෙති.
එසේ වුවත් දැඩි අව් රැසට වේලෙමින් කිසි නින්දක් හෝ විවේකයක් නොමැතිව රළු ජීවිතයකට හුරු වූ මුතු කිමිදුම් කරුවන් හා අවශේෂ කම්කරු පිරිස් දැඩි දුක්බර ජීවිත ගත කළවුන් බව පෙනේ.
මෙසේ ඔවුන්ගේ ලෙයින් දහදියෙන් ශ්‍රමය පුදා මුහුදු පත්ලෙහි සැඟවුනු බෙල්ලෙකුගේ ශරීර අභ්‍යන්තරයෙන් සොයා ගත් අගනා මුතු කැට අප රටේ හෝ ඈත එපිට රටක සුකොමළ ළඳකගේ සිරස, නළල් තලය හෝ ගෙල සරසා ලීමට දායක වී ඇත. නො එසේ නම් ඔටුන්නක් රාජාභරණයක් හෝ වස්ත්‍රයක් අලංකාර කිරීමට යෙදී ඇත.
ඊසාන දිග මෝසමත් සමග මන්නාරම්,අරිප්පු වැනි පෙදෙස්වලට දැඩි වැසි ඇති වේ.මුතු කිමිදීම නැවතී වෙළඳසැල් වැසී ජන ශුන්‍ය පෙදෙසක් බවට පත් වේ.නැවත මුතු වාරය පැමිනීමත් සමග නව ජීවයකින් මුළු පෙදෙසම වෙලී යයි.මේ අතීතයේ පැවති තත්වයයි.වර්තමානය වන විට එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.විවිධ හැඩයන්ගෙන් හා වර්ණයන්ගෙන් යුත් කෘතීම මුතුවලින් කාන්තා ගෙල සැරසේ.එමෙන්ම මන්නාරම සහ අරිප්පු වැනි පෙදෙස් තව දුරටත් මුත් කර්මාන්තය මත රඳා පවතින මිනිසුන්ගේ තාවකාලික වාසස්ථාන නොවේ.එහෙත් අතීතයේ පැවති මුතු කිමිදීම සහ වෙළඳාම ඉතිහාසයේ වර්ණවත් සටහනක් ශේෂ කර ඇත.

Last edited: