ඔන්න බාර් එකක හිටියලු bartender කෙනෙක්. මෙයා ඒ ගමේම තියෙන අනිත් බාර්වල ඉන්න bartenderලාට වඩා හරි දක්ෂයිලු දෙහි ගෙඩියක තියෙන යුෂ අන්තිම තිත වෙනකන් මිරිකලා ගන්න. ඉතින් මේ බාර් එකේ ඔට්ටුවක් තිබ්බලු, මෙයා සම්පූර්නෙන්ම යුෂ මිරිකලා ගත්තු දෙහි ගෙඩියක පුලුවන්නම් තවත් යුෂ අරන් පෙන්නන කෙනෙකුට සල්ලිවලින් 10,000ක් ගෙවනවයි කියලා. ඉතින් මෙහෙට ආපු චන්ඩියෝ, පොලිසියේ ලොක්කෝ, ලොකු ලොකු වැඩකාරයන්ට එහෙම බැරි උනාලු ඔට්ටුවෙන් දිනන්න.
ඔන්න ඔහොම තියෙද්දී දවසක් මේ බාර් එකට ආවලු කලිසම බුරියටත් උඩින් ඇඳපු ටයි සූට් කාරයෙක්. ඉතින් මේ මිනිහටත් ඔට්ටුව ගැන දැනගන්න ලැබිලා කිව්වලු "මටත් ඔය දෙහි යුෂ වැඩේ කරන්න ඕනේ" කියලා. මෙයා මෙහෙම කියද්දී බාර් එකේ හිටපු හැමෝම වගේ බඩ අල්ලන් හිනා උනාලු. මොකද මේ මිනිහා කැහැටු , මොංගල් පෙනුමට ඉන්න නිසා හැමෝම හිතුවේ මේකා විහිළුවක් කරනවයි කියලා.
ඒ අස්සේ bartenderත් ඔට්ටුවට එකඟ වෙලා දෙහි ගෙඩියක් මිරිකලා යුෂ ටික අයින් කරලා දෙහි ලෙල්ල දුන්නලු මේ මිනිහගේ අතට. එතන හිටපු අනිත් අයගේ හිනාව ඉබේම නැවතුනා දෙහි ලෙල්ලෙන් දෙහි යුෂ බින්දු 5ක් 6ක් වීදුරුවට වැටෙනවා දකිද්දී. හැමෝම වගේ අන්දුන් කුන්දුන් වුනාලු මේ මිනිහගේ දක්ෂකම දැකලා. පොරොන්දු වුණු විදිහට රු.10,000ත් දීලා ඔට්ටුවෙන් පැරදුනු අපේ bartender පුදුම වෙලා ඇහුවා මෙයාගෙන් " හරි පුදුමයි.. මෙහෙට ආපු හැම චන්ඩි.. නොන්ඩිලා වගේ ලොකු ලොකු වැඩකාරයොත් පැරදුනා මේ ඔට්ටුවෙන්. ඇත්තටම ඔයා කව්ද, කොහේ ඉඳන්ද අවේ ?" කියලා. ඉතින් අර මොන්ගල් මිනිහ මේකට කිව්වේ
" මම ආවේ Income Tax එකෙන්" කියලා

:lol
hondai nam bump ekak dagenama yannakoo

:lolhondai nam bump ekak dagenama yannakoo

ha 