කට ගඳ ගහනවට දේශීය අමුද්‍රව්‍ය වලින් අත්ද&#3540

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කට ගඳ ගහනවට දේශීය අමුද්‍රව්‍ය වලින් අත්ද&#3540

    කට ගඳ ගහනවට දේශීය අමුද්‍රව්‍ය වලින් අත්දුටු පානයක්

    With-Green-Drink-Against-Bad-Breath-600x426.jpg


    tecknews.lk වෙතින් පෙර ගෙන ආවේ ලොවවටා විවිධ තාක්ෂණික තොරතුරුය. වෙනසකටත් එක්ක අද මම කියා දෙනවා කට ගඳ ගහන එකට පිලියමක්. එදිනෙදා ජීවිතයේදී බොහෝ දෙනා මහත් අපහසුතාවයකට ලක් වන දෙයක් තමා කට ගඳ ගහන එක. mouth wash ඕනෑ තරම් තිබුනත් බඩ අභ්‍යන්තරයෙන් එන දුර්ගන්ධයනම් නතර කිරීමට නම් මගක් එයින් සැලසෙන්නේ නැත.

    පිෂ්ඨය සහිත සහ මස් මාංශ නිතර අනුභවය, ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය නිසියාකාරව සිදු නොවීම සහ මුඛ සෞඛ්‍ය නිසි ලෙස පවත්වාගෙන නොයාම යන හේතුන් මත කට ගඳ ගැසීම සිදුවන බව ඔබ දන්නවාද ? tecknews.lk වෙතින් මා ඔබව දැනුවත් කරන්නේ මේ සඳහා දේශීය පිළියමකි.

    කුරුඳු කියන්නේ කට ගඳ ගැසීම සිදු කරන උගුරේ වර්ධනය වන බැක්ටීරියාවන් විනාශ කරන දිව්‍යමය දෙයකි. දෙහිවල සිට්‍රික් ඇසිඩ් මගින් දත්වල රැඳී තියෙන ආහාර අවශේෂයන්ගේ ක්‍රියාකාරිත්වය නතර කිරීමට පුළුවන් බව ඔබ දන්නවාද ? එසේම පස්ලි සහ නිවිති වල ඇති රසායනිකයක් වන ක්ලොරෝෆිල් වලට බැක්ටීරියා සහ දුර්ගන්ධය නැති කිරීමේ ගුණය තිබෙනවා. මේ සියලුම ඉහත කී ද්‍රව්‍ය මි පැණි සමග මිශ්‍ර කර පානය කලොත් ඔබගේ කට ගඳ ගැසීමෙන් සිදුවන අපහසුතා වලට ක්ෂණික ප්‍රත්‍යක්ෂ සහනයක් ගෙනදෙයි.

    මෙය සාදා ගන්නේ කෙලෙසදැයි අපි බලමු

    අමුද්‍රව්‍ය

    කුරුඳු කුඩු මේස හැඳි භාගයක්
    මී පැණි මේස හැඳි එකහමාරක්
    නිවිති ග්‍රෑම් 100ක්
    පාස්ලි ග්‍රෑම් 100 ක්
    දෙහි ගෙඩියක්
    උණු වතුර මිලිලීටර 50ක්

    සාදාගන්නා අයුරු

    නිවිති සහ පාස්ලි එකට හොඳින් අඹරා ගන්න. එසේ අඹරා ගත නිවිති පාස්ලි මිශ්‍රණයට දෙහි යුෂ සහ උණුවතුර එක් කරන්න. එය හොඳින් මිශ්‍ර කර මි පැණි සහ කුරුඳු කුඩු මිශ්‍ර කරගන්න. එසේ තනා ගත පානය උදෑසන හිස්බඩින් පානය කරන්න. පාස්ලි කියන්නේ වකුගඩු පිරිසිදු කාරකයක් නිසා මෙය වකුගඩු නිරෝගිව පවත්වා ගැනිමටද හොඳ පානයකි.
    .
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    කට ගඳ ගහනවට දේශීය අමුද්‍රව්‍ය වලින් අත්දුටු පානයක් -ela ela
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔච්චර දඟලන්න ඕනෙ නෑ බන්. කට ගඳ ගහනවා කියන්නෙ හරියට දිව මැදලා නෑ කියන එක.

    මොකද දිව මුල තමයි බැක්ටීරීයා වර්ධනය වෙන්න පටන් ගන්නෙ, එහෙම වර්ධනය වෙලා වැඩි උනහම තමයි ඔය ගඳ එන්නෙ.

    දවසම fresh එකෙ ඉන්න ඕනෙ නම් උදේට දත් මදින කොට මතක අතුව දිවත් හොඳට මැදගනිල්ලා, උගුරත් හොඳට හෝදපල්ලා.

    තව දවස ගත කරද්දි කෑම එහෙම කාපුවහම හොඳට කට හෝද ගනිල්ලා උගුරත් එක්ක. එතකොට දිවත් නිකම්ම පිරිසිදු වෙනවා.

    බයියෝ මේවා දන්නෙ නෑ ඉතින්...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔච්චර දඟලන්න ඕනෙ නෑ බන්. කට ගඳ ගහනවා කියන්නෙ හරියට දිව මැදලා නෑ කියන එක.

    මොකද දිව මුල තමයි බැක්ටීරීයා වර්ධනය වෙන්න පටන් ගන්නෙ, එහෙම වර්ධනය වෙලා වැඩි උනහම තමයි ඔය ගඳ එන්නෙ.

    දවසම fresh එකෙ ඉන්න ඕනෙ නම් උදේට දත් මදින කොට මතක අතුව දිවත් හොඳට මැදගනිල්ලා, උගුරත් හොඳට හෝදපල්ලා.

    තව දවස ගත කරද්දි කෑම එහෙම කාපුවහම හොඳට කට හෝද ගනිල්ලා උගුරත් එක්ක. එතකොට දිවත් නිකම්ම පිරිසිදු වෙනවා.

    බයියෝ මේවා දන්නෙ නෑ ඉතින්...

    mama nam diwa madinawa hamadaama :yes: ugura hodanne kohomada ban? ara sem gedi awama api lunu wathuren hodanawa wageda?