low power devices වලට licence ගන්නෙ මෙහෙමයි.

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    low power devices වලට licence ගන්නෙ මෙහෙමයි.

    low power devices වලට licence ගන්නෙ මෙහෙමයි.

    මුලින්ම යන්න ඕනෙ TRC(Telecommunications Regulatory Commission) 1ට.මතක් කරලා ID එක අරන් යන්න. ID එක දීලා පාස් 1ක් ගන්න ඕනෙ ඇතුලට යන්න. නැත්තම් ඇතුලට යන්න දෙන්නෙ නෑ.
    ඕක තියෙන්නෙ නාරාහෙන්පිට ඔය පහලින් දාලා තියෙන්නෙ මැප් එක.



    zVvsPf7.jpg



    මෙතන වැඩේට තමා ටිකක් වෙලා යන්නෙ.
    අපි ඇප්ලිකේශන් 1 පුරවලා ගිහින් දුන්නොත් ලේසියි. නැත්තම් එතනට ගිහින් ෆීල් කර කර ඉන්න තමා වෙන්නෙ.

    http://spectrum.trc.gov.lk/Low%20Power/Low%20power%20application%20form.pdf

    ඔය තියෙන්නෙ ඇප්ලිකේශන් එක.

    මුලින් ඒවා ඉතින් පුරවන්න දන්නවනෙ.අන්තිම කොලේ පුරවද්දි අපි දෙන විස්තර වලට අදාලව ඩොකියුමන්ට්ස් අමුනන්න ඕනෙ.ඒ කියන්නෙ අපේ ඩිවයිස් එකේ Instruction manual එකෙන් පොටෝ කොපි කරගත්තනම් හරි. අපේ ID කොපියකුත් අමුනන්න ඕනෙ. මතක ඇතුව ID කොපියකුත් අරන් යන්න, මොකද ඔය ලඟා පාත පොටෝ කොපි ගහන්න තැනක් නෑ. අන්තිම කොලේ පොඩ්ඩක් සැලකිල්ලෙන් පුරවන්න.
    (2) Equipment Type/උපකරණ වර්ගය
    ගන්න හදන ලෝ පවර් ඩිවයිස් එක මොකක් ද කියන එක මෙතන දාන්න.
    eg - camera quadcopter

    (3) Purpose/අරමුණ
    ඔයා මේක ගේන්න හේතුව මොකක් ද කියලයි මෙතන දාන්න ඕනෙ. පොඩි හෙලිකොප්ටරයක් වගේ 1ක් නම් personal use කියලා දාන්න.
    මොකක් හරි ලොකු 1ක් නම් එස්කියුස් 1ක් හම්බෙන හේතුවක් දියන්.

    (4) Make/හදලා තියෙන්නෙ මොකෙන් ද?
    eg - syma

    (5) Model/වර්ගය
    eg - x5c quadcopter

    (6) Frequency(MHz) මෙගා හර්ට්ස් වලින් දෙන්න ඕනෙ.
    eg - 2400

    (7)Tx. Output Power
    මෙතනදි 135 dBm හරි 200m ට අඩු පවර් වලට තමා අවසර දෙන්නෙ. ඊට වැඩි ඒවට ගන්න ඕනෙ නම් Deputy Directer/ Spectrum policy & New Technologies සම්බන්දව ඉන්න කෙනාව හම්බවෙන්න ඕනෙ. මෙයා ඉන්නෙ TRC 1 3න් වෙනි තට්ටුවෙ. මෙයත් එක්ක කතාකරන්න ඕනෙ. පොඩ්ඩක් පවර් 1 වැඩි උනාට අවුලක් නෑ, Deputy Directer ට කියලා ෂේප් පාරක් දාගත්තැහැකි.
    මට අමුනන්න කියලා කිව්වෙ මේවා. උදාහරනත් එක්ක මෙතන දාලා තියෙනවා.

    ඔය වගේම අනිත් ඒවට අදාල ඒවත් අමුනන්න. Instruction manual එකේ නැත්තම සෙලර් ගෙන් ඩිටේල්ස් ඉල්ල ගන්න.

    1OJFogK.jpg



    මේක පුරවල ගිහින් දෙන්න ඕනෙ. Deputy Directer/ Spectrum policy & New Technologies ට. තුන් වෙනි තට්ටුවෙ ඉන්නෙ මෙයා. ඕනෙනම් මෙයාට දෙන්න ඉස්සරවෙල 3න් වෙනි තට්ටුවෙ වම් කෙලවරේ ඉන්නවා තුශාර කියලා සර් කෙනෙක්. එයාට දීලා පොඩ්ඩක් චෙක් කරගන්න.
    දැන් මේ වැඩේ ඉවරයි. ඉතින් ඊට පස්සෙ මෙයාල අපි දුන්න විස්තර දාල ලියුමක් හදලා defence ministry ට යවනවා. ඒ යවන ලියුමෙන් කොපියක් අපිටත් එවනවා.
    ඊට පස්සෙ defence ministry එකෙන් අව්ලක් නැත්තම් එයාල ලියුමක් යවනවා TRC 1ට. ඒ ලියුමෙන් කොපියකුත් අපිට එවනවා. ඒ ලියුම අපුවාම ඒක අරන් අපි TRC එකේ 3වෙනි තට්ටුවෙ වම් කෙරෝලෙ ඉන්න සර්(තුශාර සර්) ට බාර දෙන්න ඕනෙ. (උදෙන්ම යන්න නැත්තම් වැඩේ කරගන්න බැරුව යයි.)
    දැන් එයාල ඉන්වොයිස් එක හදන්න පටන් ගන්නවා. Deputy Directer/ Spectrum policy & New Technologies ගාව තමා අපිට එවපු ලියුම තියෙන්. එයා අපේ ලියුමයි එයාල ගාව තියෙන ලියුමයි ගැලපෙනවද කියලා බලලා (අත්සන එහෙම චෙක් කරනවා) වැඩේ පටන් ගන්නවා. ඔය අතරෙ අපිට බිල් එක ගෙවන්න කතා කරනවා. රු.125 ගෙවලා අපේ රිසිට් එක අරන් දෙවෙනි තට්ටුවෙ ඉන්වොයිස් 1 හදන තැනට වෙලා ඉදන් එන්න ඕනෙ අපි බිල් එක ගෙවපු තැනින් කොපියක් එතනට එවනකම්. ඉන්වොඉස් එක හදන්න ආරම්භ කරන්නෙ ඔය බිල් එකේ කොපිය එතනට ලැබුනට පස්සෙ. බිල් කරන තැන ඉන්න පියන් ගෙනියන්නෙ බිල් 3, 4ක් එකතු උනාට පස්සෙ. මා ලග නො 1ක් තියෙනවා බිල් කරන තැන ඉන්න කෙනෙක්ගෙ, එයාට කිව්වනම් ඒ වැඩේ ඉක්මනට කරගත්තැහැකි. එයගෙ නොම්බරේ ඕනෙ නම් PM කරන්න.
    ඊට පස්සෙ හදපු ඉන්වස් 1ක අර 3න් වෙනි තට්ටුවෙ ඉන්න සර්ට යවනවා චෙක් කරන්න. එයා විස්තර හරිද කියල බලලා ඒක Deputy Directer/ Spectrum policy & New Technologies ට යවනවා ඉන්වොඉස් 1ට අත්සන් කරන්න.
    දැන් අපිට ඉන්වොඉස් 2ක් හම්බෙනවා. 1ක් කස්ටොම් එකට. අනික ඉම්පොර්ට් කොන්ට්‍රෝල් 1ට. අපි ඔය දෙකේම තියෙන යට කොලේ ගලවගන අරන් තියාගන්න ඕනෙ. මේ වැඩ ඉවර වෙද්දි පැය 3ක් වත් යනවා. ඒකයි උදෙන්ම යන්න ඕනෙ.


    දැන් තියෙන්නෙ ඉම්පොර්ට් කොන්ට්‍රෝල් එකට යන්න. ඕක තියෙන්නෙ හේමාස් බිල්ඩින් එකේ. එතනින් දෙවෙනි තට්ටුවට යන්න ඕනෙ. දෙවෙනි තට්ටුවට යද්දිම දොර ලග ඉන්න කෙනාට විස්තරේ කිව්වාම එයා කියනවා කී වෙනි කවුන්ටරේට ද යන්න ඕනෙ කියලා. මෙතන වැඩේට නම් උපරිම පැයක් වගේ යයි. මෙතනදිත් ඇප්ලිකේශන් 1ක් පුරවන්න තියෙනවා. මෙතනදි අපි ගෙන්නන ලෝ පවර් ඩිවයිස් 1ට අදාලව ඇප්ලිකේශන් 1ත් වෙනස් වෙනවා. මේකත් ඉන්ටර්නෙට් 1න් හොයාගෙන පීල් කරගෙනම ගියොත් වැඩේ ලේසියි. අපේ ID කොපියකුත් ඉල්ලනවා මෙයාල. ID කොපියකුත් ගහගෙනම ගියානම් වැඩේ තවත් ලේසියි.
    මේක එයාලා හදනකන් අපිට ඉදගෙන ඉන්න තියෙන්නෙ. මෙතනදි TAX එක ගෙවන්න කියලා කතා කරනවා අපිට. ඒක ගෙව්වම අපිට මෙතනින් ලයිසන් 1ක් හම්බෙනවා.

    ඔන්න ඉතින් වැඩේ හරි. අවුලක් තියෙනවනම් PM කරන්න.:yes:
    මේ පොස්ට් එක දාන්න Feedback සහෝදරයා ගොඩක් උදව් කලා.:yes:
    කට්ටියටම ජය වේවා එහෙනම්.
    :D
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    ඉස්සරහට මේවගේ දේවල් ගෙන්නන ඉන්න කාටත් ගොඩක් වැදගත්වෙන ත්‍රෙඩ් එකක්.....
    11.gif

    උබ මේක ගන්න පට්ටම කට්ටක් කාල තියනවා
    ගොඩක් ස්තුති දැනුවත් කලාට....!
    REP!
     
    • Like
    Reactions: Rukaef