උපත් පාලන ක්‍රම සහ විධි 18+ (1)

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    උපත් පාලන ක්‍රම සහ විධි 18+ (1)


    මුලින්ම මේ ටික කියල ඉන්න ඕන. නැත්නම් හැමෝම මගේ ඇඟට කඩන් පනිවී.
    මේ thread එක දන්නේ නොදන්නා අයගේ දැන ගැනීම සඳහා පමණි. මෙය බාවිතය ඔබට අවශ්‍ය පරිදි සිදු කරන්න, මා මෙය පළකරනුයේ දැනුම සඳහා පමණි. කිසිවෙකුට බල කිරීමට නොවේ :).



    මුලින්ම බලමු ඇයි උපත් පාලනයක් අවශ්‍ය කියල.

    • අනවශ්‍ය ගැබ් ගැනීම් වැලක්වීමට.
    • 16 - 19 වයස් වලදී ගැබ් ගැනීම් වැලක් වීමට
    • දරුවන් අතර පරතරය පවත්වා ගැනීමට

    උපත් පාලන ක්‍රම වර්ග කරන්න පුළුවන් ක්‍රම කිහිපයකට

    1. ස්වබාවික ක්‍රම​
    2. වෛද්‍ය-විද්‍යාත්මක ක්‍රම​

    ස්වබාවික ක්‍රම

    මේකට අයිති වෙන්නේ,
    ආරක්ෂිත කාල සිමාවේදී පමණක් ලිංගිකව එකතු වීම.
    ශුක්‍රානු පිට වීමට පෙර ශිෂ්ණය ඉවතට ගැනීම වගේ දේවල්.
    නමුත් මේවා එතරම් සාර්ථක නැහැ.

    වෛද්‍ය-විද්‍යාත්මක ක්‍රම

    මෙහි කොටස් දෙකක් තියෙනවා, තාවකාලික හා ස්ථිර කියල. නමුත් මම තාවකාලික ක්‍රම ගැන විතරක් කතා කරන්නම්.

    Condoms

    මෙය ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම තියෙනවා. නමුත් ලංකාවේ තියෙන්නේ නම් පිරිම් ඒවා විතරයි. මම මේක ගැනත් වැඩිය කතා කරන්න යන්නේ නැහැ, මේ ගැන ගොඩක් thread ගියපු නිසා.


    condom-female.gif



    Combined Oral Contraceptive pills (OCP)

    147570-004-9B882DD9.jpg


    දැනට තියෙන ගොඩක් සාර්ථක ක්‍රමයක්.
    වර්ග කිහිපයක් තියෙනවා. monophasic , biphasic , triphasic විදියට. වෙනස්කම් කියන්න ගියොත් thread එක දිග වැඩි වෙනවා. ඕන අය ඉන්නවා නම් අහන්න.

    මේක menstrual cycle එකේ පලවෙනි දවසෙම ගන්න ඕන. හැබැයි ඉතින් 5ස වෙනි දවස වෙනකම් පුළුවන්. පලවෙනි දවසේ ගන්න එක තමා වඩා හොඳ.
    එහෙම ගන්න බැරි වුනොත් තව අමතර ක්‍රමයකුත් බවිත කරන්න, ඊළග cycle එක පටන් ගන්නකම්.

    කිරි දෙන මවක් නම්, දරු ප්‍රසුතියෙන් මාස 6ක් යනකම් මේ ක්‍රමය පටන් ගන්න බැහැ.

    මිග්‍රේන් තියෙන අයට, stroke හදුනා අයට සහ පියයුරු පිලිකා තියෙන අයට මේ ක්‍රමය නුසුදුසුයි.

    මේකේ ක්‍රියාකාරිත්වය පටන් ගන්න දවස් 7 ක් වත් යනවා. මුල් දවස් 7 අනාරක්ෂිතයි කියන එක.
    සම දිනකම පෙති ගැනීම අනිවාර්යයෙන් ම අමතක නොකර කරන්න ඕන.


    හදිස්සියෙවත් ගන්න බැරි වුනොත්?


    එකක් විතරක් ගන්න බැරි වුනොත් ගන්න බැරි වෙච්ච එක හැකි ඉක්මනින් අරගෙන ඉතුරු ඒවා නියමිත් විදියටම ගන්න ඕන. බය වෙන්න දෙයක් නැහැ.

    හැබැයි 2ක් හෝ ඊට වඩා ගන්න බැරි වුනොත් නම්, නැවතත් අනාරක්ෂිතයි.

    මේ කාලය ඇතුලත ලිංගිකව එකතු වුනා නම් emergency pills ගන්න වෙනවා. ඒ ගැන මම පස්සේ කියල දෙන්නම්.
    OCP pills අපහු හැකි ඉක්මනට ගන්න ඕන. දවස් 7 යනකම් වෙන ක්‍රමයක් බාවිතා කරන්නත් වෙනවා. වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් යෝග්‍යයි.



    DEPO (Depo Medroxy Progesterone Acetate)


    54c2c25832dc3.jpg


    මේක මාස 3කට සැරයක් ගහන injection එකක්.
    (මට හරියටම මතක නැහැ, මේකේ fails වැඩි නිසා නැවැත්තුවා වගේ ලාවට මතකයි. හරියටම බලල පස්සේ කියන්නම් )



    Copper T (Intra-Uterine Contraceptive Device )

    paraguard-copper-t-iud-birth-control-method.jpg.jpg



    මේක තඹ කම්බියක් ඔතපු "T" හැඩේට තියෙන ප්ලාස්ටික් එකක්. මේක යෝනි මාර්ගය ඇතුලට දල තියන එක තමයි කරන්නේ. එකට clinic එකකට වගේ යන්න වෙනවා. (සාමාන්‍ය අයට කරන්න බැහැ)

    අවුරුදු 10 ක් විතර මේකේ ඉෆෙක්ට් එක තියෙනවා.
    මේක අවශ්‍ය නම් හදිසි පිළිසිඳ ගැනීම් වළක්වන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ ක්‍රියා කාරිත්වය පැය 24කින් පටන් ගන්නවා.
    ඒ වගේම ඉවත් කරලා ටික වේලාවකින්ම (දිනක් ඇතුලත) සාමාන්‍ය කෙනෙක් (පිළිසිඳ ගැනීමක් කල හැකි අයෙක්)බවට පත් වෙනවා

    උපත් පාලනයට ඉතාමත් හොඳ ක්‍රමයක්, මේක වැඩිපුරම බාවිතා වෙන්නේ ළමුන් අතර පරතරය පවත්වා ගන්න.
    ඒ වගේම කිරි දෙන මව් වරුන්ටත් බවිත කරන්න පුළුවන්. (ප්‍රසුතියෙන් සති 6කට පස්සේ)




    දැනටමත් post එක ගොඩක් දිග නිසා. මෙතනින් නවත්වනවා. ඉතුරු ටික වෙලාව ලැබුනම දැන්නම්. හිතනවා වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල. එහෙම නම් මම යනවා. :yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    thama marry korala na,me year eke koranna inne,2 years wath yanakam babala hadanna idea ekakuth na,honeymoon eka dawasata rabar kali oba gannath ba :P marru karanna 7 days walata kalin idanma kellata petta ganna kiyannada wenne :eek:
    poddak kiya dipanko marry karanna inna api wage podi un ta makkada koranne kiyala owata :P birth control pills aragena,kalayak gihin babala hadanna hadanakota loke wate inna doctors lage pihita pathanna wei da :confused: 2 eyars withara oya wage tablets gattata kamak nadda?
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    thama marry korala na,me year eke koranna inne,2 years wath yanakam babala hadanna idea ekakuth na,honeymoon eka dawasata rabar kali oba gannath ba :P marru karanna 7 days walata kalin idanma kellata petta ganna kiyannada wenne :eek:
    poddak kiya dipanko marry karanna inna api wage podi un ta makkada koranne kiyala owata :P birth control pills aragena,kalayak gihin babala hadanna hadanakota loke wate inna doctors lage pihita pathanna wei da :confused: 2 eyars withara oya wage tablets gattata kamak nadda?
    Owa ohoma hamadama bonna hoda na side effects wadi...
    Methana thiyena godak thread ubata wadagath wei :)
    http://www.elakiri.com/forum/search.php?searchid=16697750
     
    • Like
    Reactions: pc kush

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ලූප් හදිසි පිළිසිඳ ගැනීම් වළක්වන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ ක්‍රියා කාරිත්වය පැය 24කින් පටන් ගන්නවා.

    ඒ කියන්නෙ අනාරක්ෂිත එක්වීමකින් පසුවත් පාවිච්චි කරල පිලිසිඳ ගැනීමක් වලක්වන්ඩ පුලුවන්ද ? :shocked:
    මම කවදාවත් එහෙම දෙයක් අහල නෑ.. ඒක වෙන්ඩ බෑ නේ..

     
    Last edited: