තරුත් වැලපුණා නම්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තරුත් වැලපුණා නම්

    තරුත් වැලපුණා නම්
    බලා ඉන්නට තිබුණා..
    අමාවක වසාගත් රාත්‍රිය
    පිනි හිරු සිඹින තුරාවට
    අනේ ඔබ දැන සිටියානම්
    සඳක් මට අවැසි නොවන වග
    දුරලන්න ඝණ අඳුර
    එකම එක පහන් සිලක්
    නෙත් මානයේ දඟ කලානම්
    අනේ දැල්වුණානම්...
    ඉකිගසන හදවතට
    ඇසිල්ලක විරාමයක් දී
    නොපහන් දිවිය පුරාවට
    බලා ඉන්නට තිබුණා...
    නෙතු පියන් අවදි කර
    අමාවක ගෙවෙන තුරාවට....


    [email protected]


     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    2.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතේ තියන කෑළි කැපිය හැකි මට්ටමේ වේදනාව වචනවලට පෙරලීමේ දී තවමත් මුළු ආවේගය ම වචනයට පෙරලන්න බෑ වගේ නේ.....

    තව තව ලියමු....
    ශතතාභ්‍යාසය තමා හොද කවීත්වයක් හදන්නේ....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හිතේ තියන කෑළි කැපිය හැකි මට්ටමේ වේදනාව වචනවලට පෙරලීමේ දී තවමත් මුළු ආවේගය ම වචනයට පෙරලන්න බෑ වගේ නේ.....

    තව තව ලියමු....
    ශතතාභ්‍යාසය තමා හොද කවීත්වයක් හදන්නේ....
    9.gif
    බොහොම ස්තූතියි අයියෙ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හිතේ තියන කෑළි කැපිය හැකි මට්ටමේ වේදනාව වචනවලට පෙරලීමේ දී තවමත් මුළු ආවේගය ම වචනයට පෙරලන්න බෑ වගේ නේ.....

    තව තව ලියමු....
    ශතතාභ්‍යාසය තමා හොද කවීත්වයක් හදන්නේ....

    kibul talk elama thamayi.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තරුත් වැලපුණා නම්
    බලා ඉන්නට තිබුණා..
    අමාවක වසාගත් රාත්‍රිය
    පිනි හිරු සිඹින තුරාවට
    අනේ ඔබ දැන සිටියානම්
    සඳක් මට අවැසි නොවන වග
    දුරලන්න ඝණ අඳුර
    එකම එක පහන් සිලක්
    නෙත් මානයේ දඟ කලානම්
    අනේ දැල්වුණානම්...
    ඉකිගසන හදවතට
    ඇසිල්ලක විරාමයක් දී
    නොපහන් දිවිය පුරාවට
    බලා ඉන්නට තිබුණා...
    නෙතු පියන් අවදි කර
    අමාවක ගෙවෙන තුරාවට....



    [email protected]



    මහා සයුරක් කුමට
    පවස නිවනට
    ඇල් දිය පොදක් නොමැතිව...............

    නියමයි මචන්,ලියන එක දිගටම කරගෙන පලයන්,
    උඹට හොඳ හැකියාවක් තියෙනවා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලස්සන නිර්මාණයක්..හිතට වදින විදිහට ලියලා තියේ..තවත් මේ වගේ ලියන්න..:D
     
    • Like
    Reactions: crazyasa