හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 2

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,887
    11,637
    113
    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 2

    free-vector-helicopters.jpg


    පලවෙනි ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාර හම්බුන නිසා සහ ලැබුණු දිරිමත් කිරීම මත දෙවෙනි එකත් ලියන්න ඕනේ කියලා හිතුවා. එළකිරි ජනයාගේ හිතසුව පිණිස ෂෙහාන් ගිවන්තගේ දෙවෙනි පාඩම මෙසේ දිගහැරෙන වගෛ.......:P


    පලවෙනි ත්‍රෙඩ් එක බලපු නැති කට්ටිය මුලින් මේක බලල ඉන්න.

    හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක1
    http://www.elakiri.com/forum/showthread.php?t=1669469

    අපි මුලින්ම බලලා ඉමු ලෝකේ මුලින්ම හදපු හෙලිකොප්ටරේ මොනවගේද කියල. මේ තියෙන්නේ බාන්ඩේ. කොහොමද ආතල් නේද?

    sik_vs-300_5.jpg


    මගේ පලවෙනි පාඩමෙන් එක එක කොටස් වල අවශ්‍යතාවය මතු උන හැටි මේ හෙලිකොප්ටරෙන් ලස්සනට පේනවා නේද? මේක හැදුවේ Igor Sikorsky කියන රුසියාවේ ඉපදුනු aircraft designer කෙනෙක්.

    9381-004-9207AE9E.jpg

    Igor Sikorsky

    මෑන්ස්ගේ වැඩ වලට රුසියාවෙන් කිසිම සහයක් හම්බුනේ නැති හින්ද ඇමෙරිකාවට ගියා. ඇමෙරිකන් කාරය ඉතින් කවදත් දක්ෂයට තැන දීල පුරවැසිකම දීල වැඩේ ලස්සනට කරගන්න දක්ෂ නිසා ලෝකේ පලවෙනි හෙලිකොප්ටරේ හැදුවේ ඇමරිකාවෙන් කියලා ඉතිහාසයේ රන් අකුරින් සටහන් උනා.
    :yes:


    අද මං කියන්න යන්නේ මේ ලෝකේ හදලා තියෙන හෙලිකොප්ටර් ජාති කොටස් වලට බෙදන්නන පුළුවන් සරල විදියක් ගැන.
    එක එක නිර්මාණකරුවෝ එක එක ජාතියේ ඒවා හදල තියෙනවා මේවා අඉති වෙන්නේ මොන ගොඩටද කියල කල්පනා කරන්න ගියාම අපේ මොලේ කුරුවල් වෙන නිසා මන් ලේසි ක්‍රමයක් කියන්නන්.

    ප්‍රදාන වශයෙන් හෙලිකොප්ටර් ජාති 4ක් තියෙනවා.

    1. Gyro-plane

    super-sport-gyroplane_48.jpg


    මේක main rotor එක ආධාරයෙන් උඩ යනවා. ඉස්සරහට යන්න බලය දෙන්නේ propeller එකකින්.

    2. Pure Helicopter

    mi-17_transport_and_attack_helicopters_thumb.jpg


    මේක ඉතින් අපි දන්නා කියන සාමාන්‍ය හැඩය තියන එක.(ඔය දාල තියෙන්නේ අපේ air force එකේ පාවිච්චි වෙන Mi-17 එකක්.)

    3. Compound Helicopter

    97798_800.jpg


    මේකත් සාමාන්‍ය හෙලිකොප්ටරයක් වගේ. හබෛ තටු වලිනුත් lift එක යම් ප්‍රමාණයකට හම්බෙනවා. වැඩි වේගයක් ගන්න propeller 1ක්/2ක් පාවිච්චි කරනවා.

    4. Convertible Helicopter

    Osprey_V22-2.jpg
    f0179-01.jpg


    මේ තියෙන්නේ ඇත්තටම හෙලිකොප්ටරෙකෛ ප්ලේන් එකකෛ හෛබ්‍රිඩ් එකක් කියන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමෛ හෙලිකොප්ටරයක් වගේ hover කරලා take off එක අරගෙන rotor 2 සාමාන්‍ය ගුවන්යානයක propeller 2ක් වගේ ඉස්සරහට අරගෙන හෙලිකොප්ටරයකට වඩා වේගයෙන් යන්න පුළුවන් හැකියාවක් තිබීම.


    ඊළඟට අපි හෙලිකොප්ටරේ main rotor configuration එක අනුව බෙදෙන හැටි බලමු.

    ජාති 6කට බෙදන්න පුළුවන්.

    kbcFotJ.png


    # Side by side inter meshing, Co-axial contra-rotating සහ Tandem කියන ඒවගේ rotors 2 කැරකෙන්නේ දෙපැත්තට. ඒ ඇඉ කියල දැන් දන්නවනේ.

    # Co-axial contra-rotating design එකෙන් හෙලිකොප්ටරේට ලොකු maneuverability එකක් ලැබෙනවා. මේ design එක සාමාන්යෙන් පාවිච්චි කරන්නේ ප්‍රහාරක හෙලිකොප්ටර් වල. උදා: Ka-50, Ka-52

    # Tandem design එකෙන් හෙලිකොප්ටරේට ලොකු lift එකක් ලැබෙනවා. මේ design එක සාමාන්යෙන් පාවිච්චි කරන්නේ භාණ්ඩ හා මගී ප්‍රවාහන හෙලිකොප්ටර් වල. උදා: Chinook

    # Tandem overlapping එක හදලා තියෙන්නෙ fuselage එකේ දිග අඩු කරගන්න කියලා කාට හරි හිතුනනද?

    මචන්ලා මේවා මං ඔයාලට තේරෙන විදියට ගොඩක් හිතලා බලලා වෙලාව අරන් තමෛ ලියන්නේ. හරියටම ගැලපෙන පින්තුර එහෙම හොයා ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනේ. එළකිරියත් හරිම user friendly site එකක්නේ :rofl: ඒ නිසා මේවා වෙන වෙන බ්ලොග් වල දාන්න එපා. මගේ කලින් ත්‍රෙඩ් එහෙමත් එහම දාල තිබුනා. එහෙම උනොත් මම අයෙත් ලියන්නේ නැහැ. පුළුවන්නන් මෙහෙම සිංහලෙන් හෙලිකොප්ටර් ගැන ලියල තියෙන site එකක් හරි පොතක් හරි පෙන්වන්න. කවුරුත් එහෙම කරන්නේ නෑ. මොකද හෙන කැටයක් සිංහලෙන් මේවා මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට තේරෙන්න ලියන එක. එහෙනං කට්ටියගේ අදහස් කියන්නකෝ බලන්න. (හොඳ නං රෙප් එහෙම දෙන්න අමතක කරන්න එපා කුකුලනි. අඩුම ගානේ බම්ප් එකක්වත් දාල යන්න)



    සිංහල ජාතියට ජය වේවා !!!
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජයවේවා.උබේ ත්‍රෙඩ් මාර වටින ඒව.කුකුල්ලුන්ට තේරෙන විදියට ලියනව.ඒවියේශන් ගොඩක් උන් අස සබ්ජෙට් එකක්.දිගටම ලියපන්.ජය.
     
    • Like
    Reactions: arsehole-froce

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,887
    11,637
    113
    ජයවේවා.උබේ ත්‍රෙඩ් මාර වටින ඒව.කුකුල්ලුන්ට තේරෙන විදියට ලියනව.ඒවියේශන් ගොඩක් උන් අස සබ්ජෙට් එකක්.දිගටම ලියපන්.ජය.

    e gana danna nisa thamai kukulo liyanne :lol:
     
    • Like
    Reactions: BadBlueGenius