දුක හිතුන... මේක දැකලා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දුක හිතුන... මේක දැකලා

    කැමරාව ගිනි අවියකැයි සිතා කුඩාදැරිය දෑත් ඔසවා යටත්වෙයි!:(:(


    2728ADFB00000578-3019198-image-a-16_1427789602689-720x340.jpg



    සිරියා – තුර්කි දේශසීමාවේ පිහිටා තිබෙන ඇට්මෙන් සරණාගත කදවුරට මාධ්‍යවේදී ඔස්මන් සගිර්ලි පැමිණියේ ලියමින් සිටි අලූත්ම පුවත්පත් වාර්තාවට ඡායාරූප කිහිපයක් ලබාගැනීමටය.

    මවගෙන් මිදී ඈතට දිවයමින් සිටි කුඩා දැරියක ඔහුගේ ඇස ගැටුණේ එක්මනමය.තමාගේ පුවත්පත් වාර්තාවට ඇයගේ ඡායාරූපයක් කදිම වනු ඇතැයි සිතා ඔහු ඇය පසුපසින් වැටුණි.

    කැමරාවත් ඔසවාගෙන තමා දෙසට එන මාධ්‍යවේදියා දුටු කුඩා දැරිය ගල්ගැසුණාක් මෙන් නතර වූවාය.දෙඅතම ඉහළට ඔසවා යටත්වන බව ඇගවූවාය.ඇයගේ දෑසේ කදුළු පිරී තිබුණි.

    ඇයගේ හැසිරීම ඔස්මන් සගිර්ලිට ප‍්‍රහේළිකාවක් විය.කැමරාවක් රැගෙන පැමිණි තමන් දැක ඇය දෑත් ඉහළට එසවූයේ ඇයුරු මද වේලාවක් ගතවෙද්දී ඔහුට එය වැටහිණ.කුඩා දැරිය සිතා ඇත්තේ කැමරාව ගිනි අවියකැයි කියාය.ඇය දෑත් තම ඔසවා යටත්වන බව පෙන්වූයේ ඒ නිසාය.

    එම අවස්ථාවේ ඔස්මන් ගත් ඡායාරූපය මේ වන විට ලොව පුරා මහත් ප‍්‍රසිද්ධියක් අත්කරගෙන ඇත.බොහෝදෙනා ලෝකය ගැන උපන් කළකිරීමෙන් යුතුව ඡයාරූපය ගැන අදහස් පළකර තිබෙනු දැකගත හැකිය.වැඩිහිටියන්ගේ වුවමනාවට සිදුවන යුද්ධයෙන් විනාශවී ඇත්තේ කුඩා දරුවන්ගේ අනාගතය බව ඔවුන් පවසන්නේය.

    වසර 5 කට අධික කාලයක් දිවෙන සිරියාවේ සිවිල් යුද්ධයෙන් මේ වන විට ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව සදහන්ය.සහන සේවා සංවිධාන ඉදිරිපත් කර තිබෙන වාර්තා වලට අනුව ඉන් දස දහසක් පමණ කුඩා දරුවන්ය.

    ලක්ෂ 120 ක පමණ මහා ජනාකායක් අවතැන්ව සිටින අතර ආහාර සපයාගත නොහැකිව ඔවුන් බහුරතය සිටින්නේ හා මත්වය.තත්ත්වයට පිළියම් වශයෙන් පිටි ආනයනය කිරීමට සිරියා රජය පියවර ගෙන ඇත.

    මෙසේ විදේශයක සිට පිටි ආනයනය කිරීම අතීතයේ ස්වයංපෝෂිත ආර්ථිකයකට උරුමකම් කී සිරියාවට නුහුරු දෙයක් වන අතර රට වැටී තිබෙන ආගාධය කෙතරම් ගැඹුරුදැයි එයින්ම පෙනෙන බව විශේෂඥයෝ කියති.



    http://lankaevoice.com/?p=5714
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සිරාවටම කලකිරෙනවා.. කොහෙවත් ඉන්න උන් හිතන දේවල් නිසා තවත් කොහෙවත් ඉන්න අහිංසක ජිවිත දුක් විදිනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    sirawtama duka hithuna machn

    ඔව් බන්. මොන හු### අපි කරන්නේ මොකටද බන් මිනිස්සු කකල්ල්නි වගේ මරාගන්නේ කියල හිතුන
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒ දරුවට අනිවාර්යෙන්ම තුවක්කුකාරයො ඉස්සරහ අත් උස්සල යටත් උන අත්දැකීමක් හරි ඒ වගේ සිදුවීමක් කිහිප පාරක් දැකපු අත් දැකීමක් තියනව,නැත්නම් ඔය තරම් පොඩි දරුවෙක්ගෙන් ඔය වගේ රියැක්ට් එකක් එන්නෙ නෑ.පවු වැඩේ.දුක් විදින මිනිස්සු කොයිතරම් ඉන්නවද ලෝකෙ පුරා.