ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව ඉන්දියන් කාරයන්ට කඩේ යන්නවත් ඉන්දියන් වාහන හොඳයි කියන්නවත් නෙවෙයි. ජපන් වාහනයක් ගන්න ඕනෙ එවුන් ජපන් එකක් ගනිල්ලා. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ඇල්ටෝ එකක් ගන්න ඉන්න එව්න් ටික දැනුවත් කිරීමයි..

    ගොඩක් කස්ටිය තමන්ගේ පලවෙනි වහනේ විදියට තොරාගන්නේ ඉන්දියන් වාහනයක්. ඉන්දියන් කිව්වම ඉතින් අපේ රටේ වැඩිපුරම තියෙන්නේ ඇල්ටෝ සහ මරුටි 800 තමා...

    ලන්කාවට ඇල්ටො ප්‍රධාන වශයෙන් 3ක් එනවා.

    1. ඇල්ටො 800 Lxi පරණ
    2. ඇල්ටො 800 Lxi සහ Vxi අලුත්
    3. ඇල්ටො K10 Vxi


    හරි. දැන් අපි මේ වර්ග ගැන වෙන වෙනම බලමු.

    1. ඇල්ටො 800 Lxi පරණ

    Maruti-Suzuki-Alto.png
    maruti-alto-india.jpg


    ඔය තියෙනේ ඇල්ටො 800cc පරණ එක.

    මේ තියෙන්න ඔකේ විස්තර

    Seating Capacity
    5 Person
    Displacement
    796 cc

    Max Power
    47 bhp @ 6200 RPM
    Max Torque
    62 Nm @ 3000 RPM

    Mileage
    19.7 kmpl
    Transmission Type
    Manual
    No of gears
    5 Gears
    Drivetrain
    FWD
    Air Conditioner
    Yes
    Power Steering
    Yes
    Power Windows
    Front
    Airbags
    No
    Alloy Wheels
    No

    මේ මොඩල් එක ලන්කාවෙ ගොඩක් ජනප්‍රියයි. පාරක් අයිනේ විනාඩි පහක් හිටගෙන හිටියොත් ඔවා කීපයක් බලාගන්න පුලුවන්. මේ වාහනේ වරදක් කියලා කියන්න මහා ලොකු දෙයක් නම් නැහැ. පෙට්‍රොල් සිටි ලිමිට් එකේ නම් 11 - 15 අතර කරනවා. ලොන්ග් ඩිස්ටන්ට් 13 -18 . ඔයිට වඩා පෙට්‍රල් කරනවා කියන අයත් ඉන්නවා. හැබැයි ඉතින් තමන් ඩ්‍රයිව් කරන ව්ධියට තමා. කුලප්පු වෙච්ච කුලු මීමෙක් වගේ රෙව් කරන්න ගියොත් ඉතින් සොරිම තමා.

    මාකට් එක ගැන කිවොත් බ්‍රෑන්ඩ් නිව් එන්නේ නෑ දැන් මේක. 2012 වගේ සෙකන්ඩ් හෑන්ඩ් හොඳම කන්ඩිශන් එකක් 10 - 13 ත් අතර හොයගන්න පුලුවන්. මේක ගොඩක් සරල වාහනයක්. සැප පහසුව ගැන හිතලා හදපු වාහනක් නෙවේයි. නඩත්තුව නම් ගොඩක් ලෙසියි. එච්චර වියදමක් යන්නේ නෑ. මැනුවල් 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තියෙන්නේ. කියන්න ඕනේ ඔටෝ මොඩල් එකක් එන්නේ නෑ. ඔටෝ එන්නේ ජපන් ඇල්ටො එකේ. ගියර් බොක්ස් එකනම් තදයි. ජිම් යන්න ඔනේ නෑ අත හදාගන්න. 5 දෙනෙකුට යන්න පුලුවන් වුනාට ෆුල් ලෝඩ් දලා කැන්ඩි වගේ යනකොට පවර් මදි ගතියක් දැනෙනවා..


    ඉන්ටීරියර් එක නම් බොහොම සරලයි. ප්වර් ස්ටියරින් තිබේ. ප්වර් ෂටර්ස් ඉස්සරහට විතරක් තියනවා. එත් 2006 වගෙ පරණ මොඩල් වල එක නෑ. ඩෑෂ් බෝර්ඩ් එකේ ප්ලාස්ටික් එහෙම ගොඩක් බාලයි. එත් ඉතින් ගෙවන ගාන එක්ක බැලුවහම අවුලක්මත් නෑ.

    රයිඩ් එක ගැන කියනවනම්, 80ට අඩුවෙන් යනවානම් කිසිම අවුලක් නෑ. එතනින් එහාට වාහනේ ක්න්ට්‍රොල් ගතිය ගොඩක් අඩුයි.

    2. ඇල්ටො 800 Lxi සහ Vxi අලුත්

    images_alto800-banner.jpg
    628x429xMaruti-Alto-Official-Pictures-31.jpg.pagespeed.ic.BeXN6B2zuo.jpg


    ඔය තියෙනේ ඇල්ටො 800cc අලුත් එක.

    මේ තියෙන්න ඔකේ විස්තර


    Seating Capacity
    5 Person
    Displacement
    796 cc

    Max Power
    47 bhp @ 6200 RPM
    Max Torque
    69 Nm @ 3000 RPM

    Mileage
    22.7 kmpl
    Transmission Type
    Manual cable shift mechanism
    No of gears
    5 Gears
    Drivetrain
    FWD
    Air Conditioner
    Yes
    Power Steering
    Yes
    Power Windows
    Front
    Airbags
    Yes (Optional)
    Alloy Wheels
    No

    මේ තියෙන්නෙ අලුත් අල්ටො 800 එක. පෙනුම නම් ගොඩක් වෙනස්. ඔය බෝල්ඩ් කරල තියෙන්නේ වෙනස් කම්. එන්ජින් එක පරන එකම තමා. එත් ටියුනින් එක වෙනස්. ගියර් බොක්ස් එක කේබල් ට්යිප්. පරණ එකේ රොඩ් ට්යිප්. මොකක් උනත් පොඩි වෙනසක් තියනවා ගියර් මාරු කරද්දි. පරණ එකට වඩා ස්මූත් විදියට මාරු වෙනවා. ක්ලච් එකත් ටිකක් තද ගතිය අඩුයි.

    ඉන්ටීරියර් එකත් වෙනස්. සීට්ස් සෙට් එක පොඩ්ඩක් සැපයි පරන එකට වඩා. ඩෑෂ් එක නම් තාමත් හදලා තියෙන්නේ බාල ප්ලාස්ටික් වලින්ම තමා. මුන් මේ බාල ප්ලාස්ටික් කොහෙන් හොයාගන්නවද දන්නේ නෑ. මඟුල.. ඩිජිටල් ට්‍රිප් මීටර් එකක් තියනවා. පෙට්‍රල් ගේජ් එකත් ඩිඩිටල්. සෙන්ට්‍රල් ලොකින් තාමත් මැනුවල් තමා. ආ... කියන්න අමතක උනා. ටයර් සයිස් එක පොඩියි කලින් මොඩල් එකට වඩා. කේක් එකක් කපන්න පුලුවන් ටයර් එකෙන්.
    කම්පැනි කාරයෝ කියන්නේ කිලෝමිටර් 25ක් කරනවලු ලීටරේට. අමු පච. කලින් එකට වඩා පොඩ්ඩක් හොඳයි. සිටි ලිමිට් එකේ 12- 16.5 වගේ තමා. කලින් කිව්වා වගේ හරකෙක් වගේ එලෙව්වොත් ඉතින් බඩුම තමා.

    එයාර් බෑග් ඩ්‍රයිවර් සයිඩ් එකට විතරක් ගන්න පුලුවන්. හැබැය් වෙනම ගෙවන්න ඔනේ. ගාන ගැන කතාකරනවනම් බ්‍රෑන්ඩ් නිව් 1475000. මේකේ ස්පොර්ස්ට්ස් කියලා එකක් එනවා 1625000 කට. ගන්නනම් එපා පුතෝ. කම්පැනි කාරයන්ගෙ උගුල්. ඔය ස්පොර්ට්ස් එකේ තියන ඔප්ෂන්ස් පිටින් ගොඩක් අඩුවට සෙට් කරන්න පුලුවන්. බැජ් එක රු.350යි. පරණ එකට වඩා බූට් එකේ ඉඩ අඩුයි. පාර්සල් ට්‍රේ එකක් තියනවා. අනිත් ඒවා ඔක්කොම පරණ එක වගේම තමා.


    3. ඇල්ටො K10 Vxi

    ok1p6whbbidce_medium.jpg
    1280889160A2355.jpg


    ඔය තියෙනේ ඇල්ටො K10 Vxi.

    මේ තියෙන්න ඔකේ විස්තර


    Seating Capacity
    5 Person
    Displacement
    998 cc

    Max Power
    67 bhp @ 6200 RPM
    Max Torque
    90 Nm @ 3500 RPM

    Mileage
    20.2 kmpl
    Transmission Type
    Manual cable shift mechanism
    No of gears
    5 Gears
    Drivetrain
    FWD
    Air Conditioner
    Yes
    Power Steering
    Yes
    Power Windows
    Front
    Airbags
    No
    Alloy Wheels
    No

    ඇල්ටො K10 කියන්නෙ අල්ටො පවුලේ ලොකු අයියා. එන්ජින් එක අලුත් 1000cc සුසුකි KB10 all ඇලුමිනම්. අල්ටො 800 එකේ තියන පවර් අඩුව මේකේ දැනෙන්නෙ නෑ. මේකෙත් එන්නේ මැනුවල් විතරයි. එත් ගියර් බොක්ස් එක 800 එකට වඩා ගොඩක් හොඳයි. ක්ලච් එකත් ස්මූත්. ඉස්සරහා සහ පස්ස දෙකම අල්ටො 800 වලට වඩා වෙනස්. ෆ්‍රන්ට් බොනට් එක 800 වලට වඩා දිගයි. මේක ගොඩක් මරුටි සෙන් කාර් එකට සමානයි. ඉන්ටීරියර් එක නම් ගොඩක් වෙනසක් නෑ. ඩිජිටල් ට්‍රිප් සහ පෙට්‍රල් ගේජ් එකක් තියනවා. ආ..තව RPM මීටර් එකක් තියනවා. ඒසී එකට හීටර් එකකුත් එනවා වගේම පරන එකට වඩා එසී එක ප්වර්ෆුල්.

    ලන්කාවට ගෙන්නුවෙ Vxi කියන වෙරීයන්ට් එක විතරයි. ගාන ගැන කියනවනම් මෙකත් බ්‍රෑන්ඩ් නිව් එන්නේ නෑ දැන්. සෙකන්ඩ් හෑන්ඩ් 2012 එකක් 13 - 15 වගේ ගානකට හොයාගන්න පුලුවන්. පෙට්‍රල් කෙරුවාවනම් ටිකක් අඩුයි. සිටි ලිමිට් 10 - 15 වගේ. දුර නම් 13 - 18 වගේ.

    දැන්නම් ටයිප් කරලා ඇති වගේ. අල්ටො ගන්නවානම් පුලුවන්න්නම් ඛ්10 එකක්ට යන්න. වෙන මොනවාහරි දැනගන්න ඔනේනම් කොමෙන්ටුවක් දාලා යන්න. අනික් අයට පේන්න බම්පියක් වත් දාල ගියාට කිසිම අමනාපයක් නෑ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    පචද කොහෙද නේ ඕව තීන උන් කියන්නේ පැට්‍රොල් 22-25 වැඩ කරනව කියල
    ප්ලාස්ටික් වලටත් වඩා මම ඕවගේ දකින දුර්වලකම තමයි බාල යකඩ වලින් හදන නිසා හෝ ගාල දිරන එක
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    GOOD post machan
    machan maruti 800 ewage G no walata japan engin ekkada enne 5 speed
     

    wisedude3

    Member
    Apr 6, 2015
    86
    5
    0
    Mamath oya parana model ekak aurudu 5k pedda aluthin aragena kisima aulak ne.
    Economical and Comfortable(Gewana Gane hetiayata)
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    පචද කොහෙද නේ ඕව තීන උන් කියන්නේ පැට්‍රොල් 22-25 වැඩ කරනව කියල
    ප්ලාස්ටික් වලටත් වඩා මම ඕවගේ දකින දුර්වලකම තමයි බාල යකඩ වලින් හදන නිසා හෝ ගාල දිරන එක

    25ක් නම් කොහොමත් කරන්නේ නෑ මචන්.. බොරු.. ඒසී ඕෆ් කරලා වාහන නැති කෙලින් පාරක බ්‍රේක් ගහන්නේ නතුව ගියොත් නම්... එත් සුවර් නෑ..:no::no:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    පචද කොහෙද නේ ඕව තීන උන් කියන්නේ පැට්‍රොල් 22-25 වැඩ කරනව කියල
    ප්ලාස්ටික් වලටත් වඩා මම ඕවගේ දකින දුර්වලකම තමයි බාල යකඩ වලින් හදන නිසා හෝ ගාල දිරන එක

    eka ithin Alto witharak newei ape rate okkoma wahana karayo kiyanne pacha thama fuel gana :P wahane aran use karanna gaththama therenewa
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    GOOD post machan
    machan maruti 800 ewage G no walata japan engin ekkada enne 5 speed

    මචන් මම දන්න විදියට F7 800 cc 3rd jen එන්ජින් එක සුසුකි Kei කියල අවෙ. මරුටි සුසුකි නෙවේ.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    nf1yrb.jpg


    x6l7p5.jpg


    මේ තියෙන්නෙ K10 අළුත් මොඩෙල් එක. මේක තාම ලංකාවෙ නෑ දන්න තරමට. පෙනුම වෙනස්. ඉන්ටීරියර් එක පරණ මොඩල් එකට වඩා හොදයි. ඔටෝමෙටඩ් මැනුවල් ට්‍රාන්ස්මිශන් මොඩල් එකකුත් එනව( AMT) ... :)
    මා ගාව පරණ K 10 එකක් තිබ්බා. (2011 ගත්තේ ) දැන් සෙලෙරියෝ එකක් තියෙනව.. :)

    More information : http://www.marutisuzuki.com/altok10.aspx
     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මේ තියෙන්නෙ K10 අළුත් මොඩෙල් එක. මේක තාම ලංකාවෙ නෑ දන්න තරමට. පෙනුම වෙනස්. ඉන්ටීරියර් එක පරණ මොඩල් එකට වඩා හොදයි. ඔටෝමෙටඩ් මැනුවල් ට්‍රාන්ස්මිශන් මොඩල් එකකුත් එනව( AMT) ... :)
    මා ගාව පරණ K 10 එකක් තිබ්බා. (2011 ගත්තේ ) දැන් සෙලෙරියෝ එකක් තියෙනව.. :)

    More information : http://www.marutisuzuki.com/altok10.aspx

    මෙක එනවලු ලඟදිම. අලුත් අල්ටො800 ටාර්ගට් ඉවර වෙනකම්ලු ඉන්නේ....