නූතන ආහාර සංස්කෘතිය
මිනිස් හිස කෙස්, සත්ත්ව මළ මුත්‍ර සහ ඇට කටු අනුභව කරන
නූතන ආහාර සංස්කෘතිය
නූතන ආහාර කර්මාන්තකරුවන් රස කාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, වර්ණ කාරක වැනි එකී නොකී වස කාරක, වඳකාරක, පිළිකා කාරක මෙන්ම මිනිස් හිස කෙස්, ඌරු කටු, සත්ත්ව මළ මුත්‍ර පවා ඊනියා ජනප්‍රිය මොඩ් ආහාර සංස්‌කෘතියේ නාමයෙන් අපගේ ආමාශගත කරවමින් සිටින බව ඔබ දන්නවාද...."
අද මෙන් එකල, වෙළඳ දැන්වීම් වල පෙනී සිටින, මිසිස් පෙරේරලා, සිල්වලා, සුපිරි ක්‍රිකට් තරු, නළු නිළියන්, ඊනියා උපදේශකයන්, සූපවේදීන් මේ, මේ කෑම ජාති කන්න කියා උපදෙස් දුන්නේ නැති නිසා, පැරැන්නන් ගමේ ගොඩේ හැදෙන වස විස නොයෙදූ කෑම බීම ජාති යහමින් අනුභව කළහ. එහෙත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. නූතන ආහාර කර්මාන්තකරුවන් විසින් දැන් ආහාරයක් යනු, වඩා සරල, විද්‍යාත්මක පදනමක් නොමැති, ටොයිස් බඩුවක් බවට පත් කොට තිබේ. පැරැන්නන්ගේ දිවි රැක දීමට ඉවහල් වූ පෝෂණයේ අතිවිශිෂ්ටත්වය වූ රළු, ස්‌වාභාවික ආහාර කිසිදු වැදගැන්මකට නැති තුට්‌ටු දෙකේ ආහාර බවට පත් කර ඇත. එපමණකින් නොනැවතී "ස්‌වභාවික ආහාර අනුභවයෙන් සැඟවුණු පෝෂණ ඌණතාවයන් පවා ඇති විය හැකිය.." යනුවෙන් පැවසීමට තරම් ඔවුන් නිර්භය, අලජ්ජිත වී ඇත.
සකස් කර ගන්නට කාලය වැය වන, රළු පරළු කැවුම්, කොකිස්, කිරිබත් යනාදිය, කොණ්‌ඩෙ බැඳපු චමින්දලාගේ, කෑම විදියට සලකන අපගේ කෑදර කට, දිව සහ හිත පිනවීමට නූතන ආහාර කර්මාන්තකරුවන් රස කාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, වර්ණ කාරක වැනි එකී නොකී වස කාරක, වඳකාරක, පිළිකා කාරක මෙන්ම මිනිස් හිස කෙස්, ඌරු කටු, සත්ත්ව මළ මුත්‍ර පවා ඊනියා ජනප්‍රිය මොඩ් ආහාර සංස්‌කෘතියේ නාමයෙන් අපගේ ආමාශගත කරවමින් සිටින බව ඔබ දන්නවාද?
වැනිලා, ස්‌ට්‍රොබෙරි, ඇපල් එසන්ස් ද, මළ නොකන තීන්ත ආලේපනද?
බොහෝ දෙනෙක් කේක්, බිස්‌කට්, අයිස්‌ක්‍රීම්, පුඩින්, වටලප්පන්, ආදී පර කෑම වර්ග වලින් තම අවුරුදු කෑම මේස සරු නොකළොත් මහත් මදි පුංචි කමක් ලෙස සලකන්නට පුරුදුව සිටිති. දේශීය රසකැවිලි වලට ඖෂධීය ගුණයෙන් අනූන එනසාල්, වසාවාසි, සාදික්‌කා ආදී ස්‌වභාවික සුගන්ධකාරක එක් කළ ද, මේ විජාතික ආහාර තැනීමට භාවිත කළ යුත්තේ වැනිලා, ස්‌ට්‍රොබෙරි, ඇපල්, අන්නාසි ආදී කෘත්‍රිම සුගන්ධකාරකයන්ය. බෝතල් වල අසුරා වෙළෙඳපොළේ විකිණීමට ත්sබෙන මේ සුගන්ධකාරක වර්ග වල තිබෙන්නේ ඇත්තම වැනිලා, ස්‌ට්‍රොබෙරි හෝ ඇපල් යෑයි විශ්වාස කරන පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු ඒවායේ තිබෙන පිළිකාකාරක සහිත කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන්ගේ ආදීනව නොදනිති.
මෙම රසකාරක සහ සුවඳකාරක තැනීම සඳහා භාවිත කරනුයේ විවිධ අනුපාතයන්ට මිශ්‍ර කළ ඇල්කොහොල්, ග්ලිසරෝල් හෝ ප්‍රොපිලීන් ග්ලයිකෝල් ද්‍රdවකයන්ය. මේ බොහොමයක් රසායනික ද්‍රව්‍යයන් අපගේ ශරීර සෞඛ්‍යයට අතිශයින්ම අන්තරාදායක වන අතර, මේවා අතුරින් "ප්‍රොපිලීන් ගලයිකෝල්" (Propylene glycol)) වැනි රසායනික ද්‍රව්‍යයන් ලෝහ විඛාදනයෙන් වැළැක්‌වීම සඳහා නිෂ්පාදනය කරන තීන්ත ආලේපන වලට සහ සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමට ද භාවිත කරන බව අවධාරණය කරනු කැමැත්තෙමු.
වැනිලා රසකාරකද, බීවරයන්ගේ ගුද ශ්‍රාවයන්ද?
අපේ රටේ සුලභව භාවිත කරන ආහාර සුගන්ධකාරකයක් වන්නේ වැනිලා එසන්ස් ය. නියම වැනිලා එසන්ස් නිෂ්පාදනය කරනුයේ වැනිලා ශාකයේ බීජ සාරයෙන් වුවද ස්‌වභාවික වැනිලා මිල අධිකය.
බීවරයාදී නමින් හැඳින්වෙන විශාල ඌරු මීයෙකු වැනි සත්ත්වයෙකු යුරෝපා රටවල සිටී. මෙම සත්ත්වයාගේ ගුද මාර්ගය සහ මුත්‍ර මාර්ගය ආශ්‍රිතව “Castoreum” නමින් හඳුන්වනු ලබන ඉන්ද්‍රියයක් ඇත. මෙයින් ශ්‍රාවය කෙරෙන ශ්‍රාවය වැනිලා සුවඳට සමානය. එබැවින් මෙම ශ්‍රාව මුසු වුණු බීවර මළ මුත්‍ර ද ඇතැම් වැනිලා එසන්ස් නිෂ්පාදකයන් භාවිත කරනු ලබයි. එබැවින් ඔබ ආහාරයට ගනු ලබන ස්‌වභාවික ආහාර සුගන්ධකාරක (වැනිලා) යනුවෙන් සඳහන් ආහාර වල බීවර මළ මුත්‍ර ද තිබිය හැකි බව අවධාරණය කරමු.
මිනිස් කෙස්, තාරා පිහාටු වලින් වැඩි දියුණු කළ කේක්, පාන්.
බේකරි නිෂ්පාදන වල තත්ත්වය වැඩි දියුණු කිරීමටත්, ඒවා කල් තබා ගැනීම වැඩි කර ගැනීමටත්, නූතන බේකරි නිෂ්පාදකයන් විසින් සුලභව භාවිත කරනු ලබන ජනප්‍රිය ආහාර ආකලන වර්ගයක් වෙයි. මෙය භාවිත කිරීම නිසාවෙන් පාන්, කේක් වැනි බේකරි නිෂ්පාදන වලට මෘදු, පුලුන් වැනි උසස් වයනයක් ලැබෙයි. L-cysteine, යනුවෙන් හැඳින්වෙන (\o "E number" E number - E920) මෙම ආහාර අකලනය වානිජව නිෂ්පාදනය කරනු ලබන්නේ තාරා, කුකුල් පිහාටු සහ සත්ත්ව රෝම වලිනි. (
http://en.wikipedia.org/wiki/Cysteine).
චීනය, බාබර් සාප්පු වලින් ඉවත ලන මිනිස් කෙස් එකතු කර මහා පරිමානව "එල් - සිස්‌ටීන්" නිෂ්පාදනය කිරීමට කුප්‍රකටය. චීනයේ නිෂ්පාදනය කෙරෙන කසි කබල්, සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදන වලින් අපේ රට පිරී ඉතිරී යමින් තිබෙන නිසා තාරා පිහාටු කෙසේ වෙතත් මිනිස් හිස කෙස් වලින් අපගේ ආහාර සරු වීම නම් නිසැකය. ඉදින් බත් පිඟානේ බිරි`දගේ කෙස් ගසක් වැරදිලාවත් තිබුනොත් මෝල් ගස් උස්‌සන චණ්‌ඩින් දැන් කළ යුත්තේ ඒ මෝල් ගස් අරන් බේකරි වලට සහ විජාතික ආහාර ආනයනකරුවන් බැහැ දකින්නට යාම ය. නොඑසේනම්, කේක් ගෙඩියක් ඉදිරියේ තබා ගෙන කෙනෙකුට පිළිකුල් භාවනාව වුව වැඩිය හැකිය.
ජෙලි, චුවින්ගම්, ජුජුබ්ස්, මාස්‌මෙලෝස්, අයිස් ක්‍රීම් සමග හරක් කටු, ඌරු කටු.
සාමාන්‍යයෙන් අවුරුදු කෑම මේසයක තිබෙන අළුවා කෑල්ලක්, තල කැරැල්ලක් කෑමට අකමැති බොහෝ දෙනෙක් මාස්‌මෙලෝස් කෑල්ලක් කෑමට ගිජු වෙති. සෙමට හොඳ නෑ, ඌෂ්ණයි කියමින් මුදවපු කිරි කෑම ප්‍රතික්‌ෂේප කරන ඇත්තෝ අතුරු පසට ජෙලි, අයිස්‌ක්‍රීම් කප් එකක් (යහමින් තිබුනොත් දෙකක්) දෙපාරක් නොසිතාම කා දමති. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන ඇතමෙක්, ඔරිජිනල් මුහුදු පැළෑටි සාරයෙන් නිපදවා ඇතැයි කියමින් ජෙලි, වළඳති.
ඉහත කී ආහාර වර්ග බොහොමයක් සෑදීමට භාවිත කරන, අපේ රටේ බොහොමයක් ගෙවල් වල ශීතකරණ විවෘත කර බැලුවාම ද දකින්නට තිබෙන, ආහාර ආකලනයකි ජෙලටීන්. (\(o "E number" E number E441) මේ ජෙලටීන් නිෂ්පාදනය කරන්නේ මස් පිණිස මරා දැමෙන හරකුන්, ඌරන්, බැටළුවන් වැනි සතුන්ගේ කටු වලිනි.
ජෙලටීන් හරහා උමතු ගව රෝගය ((Mad Cow disease) වැනි ඇතැම් භයානක සත්ත්වසාදන (Zoonotic) රෝග මිනිසුන්ට බෝ විය හැකිය යන සැකය නිසාවෙන් යුරෝපා සංගමය සහ ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය විසින් ජෙලටීන් නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි තත්ත්ව පාලනයන් සහ නීති රෙගුලාසි වලට යටත් කර තිබේ. එමෙන්ම සත්ත්ව කටු වෙනුවට ශාක මූලාශ්‍ර පදනම් කර ගත් ජෙලටීන් නිෂ්පාදනද ලෝකයේ ඇතැම් රටවල විකිණීමට තිබෙන මුත්, අපේ රටේ අළෙවි කෙරෙන නිෂ්පාදන ස්‌වභාවික දැයි, හෝ පෙර කී යුරෝපා රටවල ක්‍රියාත්මක වන, අපේ රටේ නොමැති ශක්‌තිමත් නීති රීති වලට අනුකූලව නිෂ්පාදනය කෙරුණු ඒවා දැයි සහතික කර ගැනීමට මගක් නොමැති නිසාවෙන් නිෂ්පාදකයා හෝ තුට්‌ටු දෙකේ වෙළෙඳ දැන්වීම් කරුවන් ඇද බාන ඕනෑම ගජ බින්නයකින් ස්‌වයං තෘප්තියකට පත් වනු විනා කළ හැකි අන් යමක් නැත.
කුරුමිණි සාරයෙන් සාදන රස කැවිලි.
ටොෆි, සීනි බෝල, ලොලිපොප් වැනි රසකැවිලි වල මතුපිට දක්‌නට ලැබෙන දිළිසෙන ඉටිමය ස්‌වරූපයට හේතුව වන්නේ, ඒවායේ ආලේප කර තිබෙන රෙසිනයක් නිසාවෙනි. සේලැක් (Shellac) නමින් හඳුන්වන (ජාත්‍යන්තර අංකණ ක්‍රමයෙන් E 904 ) මෙම ආහාර ආකලනය රසකැවිලි නිෂ්පාදන වල ලේබල් මත “confectioner’s glaze”, “confectioner’s resin” , “candy glaze”, “pure food glaze” , “natural glaze”ී යන නම් වලින් ද සඳහන් කර තිබිය හැකිය.
මෙම සේලැක් නිස්‌සාරනය කරනු ලබන්නේ ඉන්දියාව, තායිලන්තය වැනි රටවල ජීවත් වන “lac bug” නමින් හඳුන්වන කුරුමිණි විශේෂයේ නිස්‌සාරයෙනි.
කරවල හොද්දෙත් චිකන් රසය සොයන ඇත්තන්ගේ දැන ගැනීම පිණිසයි.
මෙරට ජනතාව අනුභව කරනු ලබන, සකස් කළ ආහාර වර්ග බොහොමයක පාහේ අඩංගු වන, එක්‌තරා රසායනික ද්‍රව්‍යයක්, දැන් දැන් ලංකාවේ ගෘහණියන් බොහෝ දෙනෙකුගෙA මුළුතැන්ගෙයි අත්‍යවශ්‍ය ආහාර රස කාරකයක්‌ව ඇත. ලෝකේ විශිෂ්ටතම ස්‌වභාවික ආහාර රස කාරක තිබුණු, තිබිච්ච රටක, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු නොහඳුනන වර්තමාන ගෘහණියන්, තුට්‌ටු දෙකේ රසකාරිකයන් ගේ බයිලා අසා, රස සාගරයක වල්මත් වී ඇත.
විද්‍යාත්මකව "මොනො සෝඩියම් ග්ලුටමේට්" නැතිනම්, MSG කියලා කෙටියෙන් හඳුන්වනු ලබන මෙම රසායනිකය, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවයට හේතු විය හැකි බවත්, ප්‍රබල ස්‌නායූ විෂ කාරකයක්, (Neurotoxin) පිළිකා කාරකයක් සහ සෞඛ්‍ය ආබාධ බොහොමයක් සඳහාත් හේතු විය හැකි ආහාර ආකලනයක් බවත්, පර්යේෂකයන් අවධාරණය කොට තිබේ. ඇමරිකාවේ නෝර්ත් ඊස්‌ටර්න් සරසවියේ කර ඇති පර්යේෂණයක දී, MSG මගින් පුරුෂ ශුක්‍රාණු වල සරුභාවය සියයට 50 කින් සහ කාන්තාවන් ගැබ් ගැනීමේ හැකියාව සියයට 50 කින් පමණ අඩු කරන බව, සොයා ගෙන ඇත.